ඉන්න බෑ රස්නෙයි ඒත් හරියට නිදහසේ නාල ෆෑන් එක දාගෙන බුදියගන්න නෑ උදේට නැගිටිද්දි හෙම්බිරිස්සාව ඔලුව රිදෙනව
ඉස්සර මෙහෙම තිබ්බෙ නෑ දෙසැම්බර් වල අනික් අය මූණ හෝදගෙන ඇවිල්ලත් වෙවුලනව කියද්දි මං එවෙලෙම මෝටරේ දාල ලිඳෙං හීතල වතුර ටැංකියට පුරෝගෙන පැයක් විතර නාල ආයෙ කාමරේට ඇවිල්ල ෆෑන් එකත් දාගෙන ගැහි ගැහි නිදාගත්ත ඒ කාලෙ මරුඒත් මෙලෝ හෙම්බිරිස්සාවක් නෑ අගේට හිටිය
පහුගිය දවස් වල උණක් හැදිල හොඳ වුනාට පස්සෙ දැන් මෙච්චර රස්නෙ වෙලත් ඔහොම කලොත් පහුවදාට හොඳටම අමාරුයි
ඉතිං මං කරන්නෙ කකුල් දෙකයි අත්දෙකයි විතරක් සබං ගාල වෙනම හෝදගෙන, ටක් ගාල විනාඩි 5කිං වගේ ඔලුවයි ඇඟයි තෙමල සබං ගාල හෝදගෙන පිහගන්න එක.
ඒ ඇවිල්ලත් පෑන් එක දාං ඉන්න නෑ ඒකත් පුලුවන් තරං හරෝල කකුල් දෙක හරියට හුලං එන්න දාගන්නෙ.
මේ කරුමත් පලදෙන්න තැම්බෙන්න රත් වෙනකං ඉන්නව
උඹලටත් මෙහෙමද ?
සෝමාලියාවෙ ඉතියෝපියාවෙ උන්ට නාන්න වතුර නෑ.
අපිට වතුර තිබිල හරියට නාගන්න පින නෑ![]()
මටත් ඔහොම තියනව බං. කොච්චර දාඩිය උනත් ෆෑන් එක කෙලින්ම ඇඟට දාගෙන නිදාගන්න බෑ. ඒ නිසා අහකට හරෝල තමා නිදාගන්නෙ. නැත්තං ඇහැරෙද්දි නහය බර වෙනව.
තද ඒ සී වල ඉද්දි නියපොතු නිල් වෙනවද?

ඒත් මෙලෝ හෙම්බිරිස්සාවක් නෑ අගේට හිටිය 

හෙම්බිරිස්සාව හැදෙන එක තමා අවුල 
ආයෙ හිටිය දාක බලන්න ඕනෙ 

කෙහෙල් කැවෙන්නෙත් සතියකට ගෙඩි දෙක තුනක් වගේ ඒත් මෙහෙමයි
ඉතිංබං කෑමෙන් එන වස විස ආහාර ජීර්ණ පද්ධතියෙ තියෙනවයැ ශරීරෙ අනික් තැන් වලට යනවනෙ. මාස 6න් 6ට බඩ යන්න බෙහෙත් බිව්ව කියල ඒව අයිං වෙන්නැනෙ 
