ගමේ ඉස්කෝලේ පොල් අතු වහල වෙනුවට උළු වහළක් හදා දෙන්නට ඉදිරිපත් වෙන එකෙක්වත් ඉඳියි ද?
ගමේ ඉස්කෝලෙක සාහිත්‍ය සමිතියක හරි වාර්ෂික උත්සවයක දී මතුවෙන නියම දක්ෂතා දිරිගන්වන්නට කාලය සහ දහස් ගණනින් මුදල් යොදවන්න ඉදිරිපත් වෙන්නෙ නැති ඒ එෆ්.එම්. මේ එෆ්.එම් මාධ්‍ය කුපාඩින් විසින් කොළඹ උසස් පාසල් වල “ඇනුවල් ඕල්ඩ් බෝයිස් ගෙට් ටු ගෙදර්”, “කානිවල්”, “ඩීජේ පාටීස්” වෙනුවෙන් වැය කරන්නට ලක්ෂ ගණනින් හෝ කෝටි ගණනින් සල්ලි ගලා එන්නේ, “ඉස්කෝලේ නම ඉස්සරහින් තියාගෙන වැජඹෙන” අය අදාල ආයතන වල පරිපාලන කටයුතු කරන නිසයි..
ඇත්තෙන්ම මේක හරිම අවාසනාවන්ත තත්වයක්.
කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?
බොහෝවිට කොළඹ උසස් පාසල් වගේම ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර වල තියෙන පාසල් එකක දෙකක ඉගෙන ගත්තු කෙනෙක් කොහේ හරි සමාගමක සේවය කරනව නම්, සමාගමට අළුතින් සේවයකන් බඳවා ගන්නකොට ඉස්සෙල්ලම බලන සාධකය “තමන්ගෙ ඉස්කෝලෙ ඔල්ඩ් බෝයි හෝ ගර්ල්” කෙනෙක් ද කියන වග.. තමුන් ඉගෙන ගත් ඉස්කෝලෙට ගරු කරන එක වගේම ඒ ඉස්කෝලෙ දියුණුවට හැකි අයුරින් දායක වීම හොඳ දෙයක්.. ඒත්, රටේ අනිත් ඉස්කෝල වල උගන්නන්නෙත් එකම විෂය මාලාව.. ඉස්කෝලෙ අනුව නෙමෙයි දක්ෂයා බිහි වෙන්නෙ.. පුද්ගල හැකියාවන් මත විතරක් කියන දේ මේ අයට අමතක යි.. ඉතිං තමංගෙ ඉස්කෝලෙන් එන අය හැර සෙසු ඉස්කෝල වලින් එන හැමෝටම අන්තිමට වැටෙන්නෙ “බින්දුව” ම විතරයි.. තමන්ගෙ ඉස්කෝලෙන් ආපු එකා කොච්චර නිකමෙක් උනත්, හරකෙක් උනත්, මදාවියෙක් උනත් ඉස්කෝලෙ නමට ඌට “එක” වැටෙනව..