කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?

    1545002_734755369925121_283967570812750084_n.jpg

    කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?

    සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන් කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

    “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක්.

    එනම් වර්ෂ බිලියන බිලියන මිලියනයකටත් වඩා දිග සිතා ගැනීමටවත් නොහැකි කාල පරාසයකි. බලන්න සංඛයාත්මකව පැවසීමට වඩා උදාහරණයක් පැවසීම කොතරම් උචිත ද කියා)
    අද වසර 100 ක කෙටි ආයු කාලයක් ඇති අපට මෙය දීර්ඝ කාලයක් ලෙස පෙනුනත් මනුෂ්‍යයාගේ ආයු කාලය වසර 80,000 ක් වන කාලයකුත් ඇති බව මතක තබා ගන්න. තවද පරනිම්මිත වසවර්තියේ ආයු කාලය වසර බිලියන 9 කි. ප්‍රථම ධ්‍යාන භූමියක් වන මහාබ්‍රහ්මයේ ආයු කාලය කල්පයකි.

    තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි එන කසීසළු හෙවත පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ.

    සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්‍රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද? යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා. “බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලූ ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ.

    ඒ ලෝකවිදු බුදුරජාණන් වහන්සේ සරණ යමු.
    සාදු සාදු සාදු
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?
     
    thanujaka

    Well-known member
  • ඔන්න ඔතන තමයි බන් මට බොක්කෙන්ම පැටලෙන තැන...
    ඒවා ගැන ඉතිං වැඩිදුර කතාකරන්න බෑනේ මොකෙක් හරි හම්බයෙක් ඕක බලන් ගිහිං ඊට පස්සේ ත්‍රෙඩ් දාගෙන දගලන්න හදනවනේ..
    එක නිසා බුද්ධ දර්ශනය සම්බන්දයෙන් එලකිරිය ඇතුලේ කතාබහ කරලා දැන් කිසිදෙයක් දැනගන්න බැරි තරං..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඔතන තමයි බන් මට බොක්කෙන්ම පැටලෙන තැන...
    ඒවා ගැන ඉතිං වැඩිදුර කතාකරන්න බෑනේ මොකෙක් හරි හම්බයෙක් ඕක බලන් ගිහිං ඊට පස්සේ ත්‍රෙඩ් දාගෙන දගලන්න හදනවනේ..
    එක නිසා බුද්ධ දර්ශනය සම්බන්දයෙන් එලකිරිය ඇතුලේ කතාබහ කරලා දැන් කිසිදෙයක් දැනගන්න බැරි තරං..

    අනීවා බන්. ඇත්තම කතාව. තේරුම් ගන්න තියනව සෑහෙන්න දෙයක්. හරක් එක්ක බෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?

    මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. ඉන්දියාව නෙවි මහද්වීප ඔක්කොම එකට තිබිල තියෙන්නේ ඉස්සර පැන්ජියාව කියල ද කොහෙද කියන්නේ. ඔය කියන කාලෙට කලින් පෘතුවිය බිහිවෙලත් නෑ
    දැන් ඉතිං කෝකටත් කියයි ඒ අපි දන්නා ටික විතරයි තව දේවල් තියේ කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අනීවා බන්. ඇත්තම කතාව. තේරුම් ගන්න තියනව සෑහෙන්න දෙයක්. හරක් එක්ක බෑ..

    ඔව් බං කසිප්පු කාරයොන්ට මේ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං කසිප්පු කාරයොන්ට මේ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද

    තෝ අහුවෙයන්කෝ.. දෙකට නමලා කිහිල්ලෙ ගහගන්නවා..:angry:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?

    ඔන්න ඔතන තමයි බන් මට බොක්කෙන්ම පැටලෙන තැන...
    ඒවා ගැන ඉතිං වැඩිදුර කතාකරන්න බෑනේ මොකෙක් හරි හම්බයෙක් ඕක බලන් ගිහිං ඊට පස්සේ ත්‍රෙඩ් දාගෙන දගලන්න හදනවනේ..
    එක නිසා බුද්ධ දර්ශනය සම්බන්දයෙන් එලකිරිය ඇතුලේ කතාබහ කරලා දැන් කිසිදෙයක් දැනගන්න බැරි තරං..

    මටත් මච්න් ඔය ප්‍රශ්නය තියෙනවා..දන්න කෙනෙක් ඉන්නවනම් කියල්ලා දෙන්න..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?

    kalpayak kiyanne 4.32 billion years neda,maha kalpayak kiyanne
    1.28 trillion years,wiki eke tiyenne ehema,sarasa kalpa kiyanne mokadda ban ayu kalpada?

    http://en.wikipedia.org/wiki/Kalpa_(aeon)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?

    මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. ඉන්දියාව නෙවි මහද්වීප ඔක්කොම එකට තිබිල තියෙන්නේ ඉස්සර පැන්ජියාව කියල ද කොහෙද කියන්නේ. ඔය කියන කාලෙට කලින් පෘතුවිය බිහිවෙලත් නෑ
    දැන් ඉතිං කෝකටත් කියයි ඒ අපි දන්නා ටික විතරයි තව දේවල් තියේ කියල

    කවුද කිවුවේ ඔය කතා? සාක්ෂි සහිතව විද්‍යාත්මකව ඔප්පු කරලද තියෙන්නේ ඕක? :D නිකන් දැන ගන්න අහන්නේ! :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද කිවුවේ ඔය කතා? සාක්ෂි සහිතව විද්‍යාත්මකව ඔප්පු කරලද තියෙන්නේ ඕක? :D නිකන් දැන ගන්න අහන්නේ! :P

    ඔව්, කාබන් කාළ නිර්නායකය අනුව. එච්චර යන්න ඕනේ නෑ, ක්‍රීටේසි‍යස් යුගයට කලින් ඩයිනෝසෝරයන් ඉදලා තියෙන්නේ. අනික මිනිස්සු බිහිවෙන්න ගත්තේත් අවුරුදු මිලියන 6 කට කලින් වගේ ඊට කලින් හෝමෝසේපියන්වරුන් ඉදලත් නෑ. හිතන්න පරිණාම තියරි එක වැරදියි කියල නමුත් කාබන් කාළ නිර්නායකය වැරදි නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    kalpayak kiyanne 4.32 billion years neda,maha kalpayak kiyanne
    1.28 trillion years,wiki eke tiyenne ehema,sarasa kalpa kiyanne mokadda ban ayu kalpada?

    http://en.wikipedia.org/wiki/Kalpa_(aeon)

    මට හිතෙන්නේ වෙනත් සක්වලක් වෙන්න ඕනේ නමුත් ඉන්දියාව ගැන කියනවා අපණ්නක ජාතකයේදි (විශේෂයෙන්ම තාර් කාන්තාරය ගැනත්) එතකොට වෙනත් සක්වලක ඒවා එහෙමම තියෙන්න පුලුවන්ද? :confused: මම බුද්ධාගම ඉගෙන ගන්නේ පොඩිකාලේ ඉදලමයි ,දහම් පාසැල් ගියත් මටත් සමහර ප්‍රශ්ණ වලට උත්තර නෑ මොකද කවුරුත් ඒවාට හරියට උත්තර දෙන්නේ නෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත් මිසක් වෙන අය උත්තර දෙන්න සුදුසුකම් ලබයිද කියලත් ෂුවර් නෑ. මොකද ගොඩක් අය උත්තර දෙන්නේ ශ්‍රාද්ධාව මුල්කරගෙන මිසක් ප්‍රඥ්ඥාව මුල්කරගෙන නෙවෙයි. ශ්‍රාද්ධාව මුල්කරගෙන උත්තර හෙව්වොත් අපිත් මුස්ලිම් ගාණට වැටෙන්නේ මොකද එතකොට ප්‍රශ්ණ කරන්නේ නෑ නේ. අමුලීකා ශ්‍රද්ධාවේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද ඒකයි. ප්‍රශ්ණ කරොත් එක්කෝ හම්බ ලේබල් අලවයි නැත්නම් ඕවා මොනවටද අහන්නේ කියලා නිකම් ඉදියි.
     
    Last edited: