කල්පය කියන්නේ මොකක්ද

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කල්පයක් කියන්නේ ඉතා දීර්ග කාලයකටය. බුදු රජාණන් වහන්සේ කිහිප පොලකදිම කල්පය පිළිබද අර්ථ දක්වා ඈත. එක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගෙන් ස්වාමිනි කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියා විමසුවා. එවිට උන්වහන්සේ මහණනි එසේ කල්පයකට පවතින කාලය වසර සියය හෝ දහසක් හෝ ලක්ෂයක් ලෙස කිව නොහෙකි බව පැවසුවා. එවිට එම ස්වාමින් වහන්සේ එසේ නම් ස්වාමිනි උදාහරණයකින් පැවසිය හැකිද යයි විමසුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසිය. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුන උස මැද කුහර නැති විශාල කළු ගල් පර්වතයක් පිළිබධ සිතන්න. එය වසර සියයකට වරක් එක මිනිසෙක් ඇවිත් සිනුදු රෙදි කඩකින් එක් වරක් පමණක් පිරිමදිනවා කියල සිතන්න. එවිට එම කළු ගල් පර්වතය කවද හෝ දවසක ගෙවී යනවද එම කාලයටත් වැඩ කල්පය විශාලයි. තවත් උදහරණයකදී මෙසේ සදහන් වේ. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස නගර ප්‍රකාරයක් සිතන්න. එම නගර ප්‍රකාරය සම්පුර්ණයෙන්ම අබ ඇට වලින් පුරවල වසර සියයකට වරක් එක අබ ඇටය ගන්නේ ගන්නවා නම් කවද හරි අබ ඇට ගණන ඉවර වෙනවද එම කාලයටත් වැඩ කල්පය දිගයි. මෙසේ බලන විට අපිට කල්පයක් කියන්නේ කොච්චර දීර්ග කාලයක්ද කියල තේරෙනවා. අතීතයේ කල්ප කියක් හිටියද කියල අපි දන්නේ නේ. ඒ වගේම අනාගතයේ තව කොච්චර කල්ප ගානක් ඉන්න වෙයිද කියලත් අපි දන්නේ නේ. එක නිසා හොදම වැඩේ මේ ගෞතම බුද්ධ ශාසනේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එකයි. සමහර අපාය වල ආයුෂ කලාපයක් විතර වෙනවා. ආනන්තරිය පාප කාර්ම කරපු කෙනෙක් කල්පයක් නිරයේ දුක් විදිනවා. මේ සසරේ තියෙන බයානක කම පෙනේව අපිට මේකෙන්ම. එක නිසා මේ ලැබුණු අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගෙන මේ ආත්මයේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරමු.

    14.gif
    වටිනවා මචන්......

    3+

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    සසර භායානක නෑ තමන් කරන වැඩ ආපස්සට ලැබෙනවා ඉතින් නරක වැඩ කරලා තියෙන අයට සසර භායානකයි තමයි.

    ඔයා හොඳට බුද්ධාගම ගැන දන්න කෙනෙක්ද? තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔයා හොඳට බුද්ධාගම ගැන දන්න කෙනෙක්ද? තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ඒක හරිම සරලයි බෞද්ධ දර්ශනයට අනුව තියෙනවා realms නැත්නම් කේෂත්‍ර කිහිපයක්
    ඒවා පහළ සිට ගත්තම අපාය, සත්ව ලෝකය, ප්‍රේත ලෝකය, මනුෂ්‍යය ලෝකය, දිව්‍ය ලෝකය,
    බ්‍රහ්ම ලෝකය. මෙතන ඇත්තටම ලෝකය කියලා සිංහලෙන් කිව්වට ඒක වැරදියි මොකද ලෝකය
    කියන්නේ ග්‍රහයෙක් වගේ දෙන අර්ථ්යක් වෙන්නේ හිතන්න අපි දැන් ගියා කියලා අගහරුට
    නමුත් ඒත අපි දැන් ඉන්නේ මනුෂ්‍යය ලෝකයේම තමයි ඒකට පෘතුවියේ ඉන්නෙ ඕනේම නෑ.
    මේකට English වලින් කියන්නේ realms කියලයි. ඉතින් මේ realms වල ඉපදීම තීරණය වන්නේ තමන් කරලා තියෙන කර්ම අනුවයි. ඒකට හොද කර්ම නරක කර්ම දෙකම බලපානවා.
    මෙතන කර්ම කරන්න/ගෙවන්න පුලුවන් මනුෂ්‍යය ලෝකයේ විතරයි අනෙක් ඒවා වල ඒවා ගෙවනවා නැත්නම් වෙන අය දෙන ඒවා ලබාගන්නවා තමන්ට කරන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් තමන් යන realms එක තීරණය කරන්නේ මනුෂ්‍යය ලෝකයේ ඉදලයි. මනුෂ්‍යා ස්භාවයෙන්ම ප්‍රචණ්ඩකාරි සත්වයෙක් නිසා අකුසල කර්ම කිරිමේ සම්භාවිතා වැඩියි ඒක නිස හැම කෙනාගේම අතින් අකුසල කර්ම දහස් ගණන් හැම දාම වෙනවා.
    මේක වචන‍යේ ඉදලම වෙන දෙයක්. ඔයා හරියට යම් කිසි කෙනෙක්ට කථා කරන්න දන්නේ නැත්නම් අන්න එතන අකුසලයක් ඒක ස්වක්‍රියව වෙනවා. සංසාරය කියන්නේ මේ realms වල ඉපද ඉපද දිගටම මැරි මැරි යන එකයි ඉතින් තමන්ට පුලුවන් නම් කුසල කර්ම විතරක් කරන්න කවදාවත් මනුෂ්‍යය ලෝකයෙන් පහළ වැටෙන්නේ නෑ. ඒක හරියට exam එකක් වගේ exam එකකින් fail වෙන්න ලේසියි පාඩම් නොකර ඉන්නව නමුත් පාස් වෙන්න නම් හොදට පාඩම් කරන්න ඕනේ නමුත් ස්භාවයෙන්ම මිනිස්සු කම්මැලි නිස ගොඩක් අය fail වෙනවා මොකද ඒ ගොල්ලෝ කම්මැලිකමට ඉඩදීලා නිකම් ඉන්න නිසා නමුත් ධෙර්‍යවන්තයා කොහොම හරි පාඩම් කරලා ගොඩ වෙනවා ඒකෙන් ඉතින් මේකත් ඒ වගේ ස්භාවයෙන් තමන් ළග තියෙන ආශාවන්ට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කරන්න පුලුවන් නම් දුකට වැටෙන්නේ නෑ. මිනිස්සු තමන්ගේ ඉරණම හදාගන්නේ හැම විටම තමන් විසින්මයි. තමන්ගේ පාර තීරණය කරන්නේ තමන් විසින්මයි.
     
    එතකොට මේ ආත්මයේදි ධර්මය තේරුම් අරගන්න එක තේරුමක් නැති වැඩක්ද? මේ ආත්මයේදී වැරදි කරල තිබුනෙ නැතත් මේ ආත්මයට ඉස්සෙල්ල ඉපදිච්ච ලක්ෂ සංඛ්‍යාත ආත්ම බව වලදි කරල තියෙන වැරදි හින්ද ලබන ආත්මයෙදි බුද්ධියෙන් කටයුතු කරන්න බැරි ආත්මයක ඉපදුනොත් මොකද වෙන්නෙ? මේ ආත්මයේදි උනත් නොදැන සහ බුද්ධ ධර්මය තේරුම් ගන්න ඉස්සෙල්ල කොච්චර වැරදි අපි කරල ඇතිද? ඒ හින්ද දැන් මේ ලැබිල තියෙන අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න එක නේද හොඳ?
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    එතකොට මේ ආත්මයේදි ධර්මය තේරුම් අරගන්න එක තේරුමක් නැති වැඩක්ද? මේ ආත්මයේදී වැරදි කරල තිබුනෙ නැතත් මේ ආත්මයට ඉස්සෙල්ල ඉපදිච්ච ලක්ෂ සංඛ්‍යාත ආත්ම බව වලදි කරල තියෙන වැරදි හින්ද ලබන ආත්මයෙදි බුද්ධියෙන් කටයුතු කරන්න බැරි ආත්මයක ඉපදුනොත් මොකද වෙන්නෙ? මේ ආත්මයේදි උනත් නොදැන සහ බුද්ධ ධර්මය තේරුම් ගන්න ඉස්සෙල්ල කොච්චර වැරදි අපි කරල ඇතිද? ඒ හින්ද දැන් මේ ලැබිල තියෙන අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න එක නේද හොඳ?

    දැන් ඒක ඔය කරනවද ඉතින්? නෑ නේ.
    ඒක නිවැරදි ලෙස කරනවා නම් ඔයා අද මේ සියල්ල අත් හැරලා සමධිය වඩලා
    විපස්සනාව වඩන්න ඕනේ නැත්නම් අර දමිත් කාරියවසම් වගේ මම රහත් වෙලා කියාගෙන එන
    අය වගේ හොද නම් ගන්න විතරයි උත්සහා කරන්නේ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපි මේ කල්ප එකක් ගැන ගනන් හදනවා.....
    බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු.
    කල්පයක් මෙහෙම නම් උන් වහන්සේ ලෝක සත්වයාට හිත සුව ලබා දීම වෙනුවෙන් මොන තරම් කාලයක් කැප කලාද.....
    එවන් දහමක් සුලුවෙන් හරි තේරුම් ගන්න උනත් පිං කරලා තියෙන්න ඕන.:):)

    rep ++++
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka

    සහතික එත්ත මචන්. උන් වහන්සේ අසන්ක්‍ය කල්ප ලක්ෂ හතරක් පාරමී දම් පිරුවා සසර සත්වය දුකෙන් මුදවා ගන්න. ඉතින් අපි එකෙන් නියම ප්‍රයජෝන ගන්න ඕනේ නේද. නැත්තන් මේ ලැබුණු අවස්ථාව අපතේ යනවනේ.
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අපි මේ කල්ප එකක් ගැන ගනන් හදනවා.....
    බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු.
    කල්පයක් මෙහෙම නම් උන් වහන්සේ ලෝක සත්වයාට හිත සුව ලබා දීම වෙනුවෙන් මොන තරම් කාලයක් කැප කලාද.....
    එවන් දහමක් සුලුවෙන් හරි තේරුම් ගන්න උනත් පිං කරලා තියෙන්න ඕන.:):)

    rep ++++

    :):):)
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    ධර්මයේ සදහන් වෙන පරදී කාරණා හතරක් ලැබීම ඉතා මතම දුර්ලබ දෙයකි. එම කරනා නම්,
    1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම. ( ධර්මය අවබෝද කර ගත හැකි )
    2.බුද්දෝත්පාදී කාලයක ඉපදීම.
    3.සද්දර්ම ශ්‍රවනය.
    4. සම්පුර්ණ අංග සහිතව උපත ලබා ගැනීම.

    මේ කරනා හතරම කෙනෙකුට ලැබෙනවා නම් එයා තරම් වාසනාවන්ත කෙනෙක් තවත් නම් නැ. මේ අවස්ථා හතර ඇතිව කෙනෙක් උපත ලබන්නේ එය පෙර සසර පුරා කරන ලද පින් නිසාය. එක නිසා අපි කව්රුත් මේ කාරණා පරිපුර්ණ වෙලා තියෙන්නේ අපිත් පෙර සසරේ කරන ලද පින් නිසාය. අපි ඒ පිනෙන් අවස්ථාව උද කරගන්න උත්සහ කර ගන්න ඕනේ.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එක දවසක් චන්දන ( අර තාරකා විද්‍යාඥයා ) රුපවාහිනි වැඩසටනහකදී පැහැදිලි කරලා දුන්නා කල්පයකට තියන වසර ගණන . මට හරියට වසර ගණන නම මතක නැහැ . එත් කල්පයක් කියන්නේ අපේ සෞර ග්‍රහමණ්ඩලය අපේ මන්දාකිනිය වටා ගමන් කර නැවත මුල් පිහිටි ස්ථානයට ඒමට ගතවන කාලයලු ‌‍

    :shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට වැදගත් වන්නේත් , මම අගය කරන්නේ ඔබ මේ ත්‍රෙඩ් එකෙන් දිමට හදන පණිවුඩයයි......!!! කල්පය නොවේ......!!!
    ඔබට මේ සසර කතරින් එතෙරවීමට ලැබේවා.....!!!!

    ප.ලි.
    මට ටොප ගදක් දැනේ....!!!!:baffled: