කලුවෝ ඇතුලට වරෙල්ලා - කුනු ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    මචන්ලා, නගර සබාවෙ උන් දිරන කුනු ඒ කියන්නෙ ඉඳුල්, උයනකොට අයින් වෙන ඒවා, කොල අතු වගේ ඒවා අයින් කරන්නේ දවස් තුන හතරකට පාරක්, ඉතින් ඉඳුල් එහෙම ගඳ ගහනවා පනුවො ගහනවා. පට්ට චොරයි ඉතින්

    උඹලා ඔය වගේ දේකට මොකද කරන්නෙ? dispose කරන වෙන විදි තියෙනවද?
     
    Last edited:

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    163
    270
    63
    මෙහෙනම් දවසක් ඇර දවසක් එනවනේ.. අනික අපිටනම් අවුලක් නෑ වත්ත තියන නිසා කුනුවලක් හදල පුච්චනව.
     
    • Like
    Reactions: tharakaf

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,402
    3,403
    113
    කොම්පෝස්ට් බින් එකක් තමා ,කොහොමත් දවසක් වගේ යද්දි දාපු ටික කොම්පෝස්ස්ට් වෙනවා
    , වතුර අහු වෙන්න දැම්මොත් නම් ගද ගහනවා ටිකක් , ඒ නැත්තං ශේප් , පොඩි ඉඩක් නම් තියෙන්නෙ මේක හරියන එකක් නැ
     
    • Like
    Reactions: tharakaf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    අර කෙමිකල් එන තඩි නිල්පාට කළුපාට එන ප්ලාස්ටික් ලිඩ් එක ලොක් කරන්න පුළුවන් බැරල් දෙකක් අරන් ඉන්නෙ, පාට දෙකකින්, ඒ ලිඩ් එක ලොක් වෙනවා යකඩ ලොක් වලින්.
    යකඩ කඩේකින් ගත්තෙ 1500ය ගානේ. ගඳ පොඩ්ඩක්වත් එන්නෙ නෑ. කැරියො ට්‍රැක්ටරේ උඩ ඉදලා විසී කරනවා. ඒත් අවුලක් නෑ. ගෙනිච්චට පස්සෙ වතුර එකක් ගහනවා.

    අනික භූමිතෙල් ටිකක් පතුලට දාලා තියපන්. පණුවො එන්නෙ නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,420
    6,200
    113
    වහන්න බැරල් එකක් ගෙනල්ල දාපන් ඒකට.. ගොඩ අය දැන් කරන්නේ ඕක.
     
    • Like
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,064
    113
    සේදවත්ත
    බයෝ ගෑස් යුනිට් එකක් හදන්න .
    ප්‍රථිලාභ
    කොම්පොස්ට් සහ දියර
    ස්වාභාවික ගෑස් ඉවීමට
    කුනු ප්‍රශ්ණය විසදීම
     
    • Like
    Reactions: tharakaf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ආපිකෝ එකෙන් කොම්පෝස්ට් බින් එකක් ගනිං
    තව කොම්පෝස්ට් 10/20kg එකක් ගනිං
    හැමදාම ඉදුල් දාලා උඩට කොම්පෝස්ට් ටිකක් හලපං
    එතකොට මැස්සො නෑ ගඳ නෑ
    ටික කාලෙකින් යටින් පොහොර ගත්තා
    හැබැයි මෙහෙමයි..
    කලින් පත්තෑයෙක් හිටියා
    දැන් පොඩි මී පැටියෙක් ඉන්නවා 😄
     
    • Haha
    Reactions: tharakaf