මේ චරිතය ගොඩක්ම පෙනෙන්න ගන්න එක් කොට්ඨාසයක් තමයි තරුණියෝ, තරුණ කාන්තාවෝ, මැදිවියේ කාන්තාවෝ. මේ අතර සමහර කාන්තාවන්ට මේ කළු කුමාර චරිතය සිහිනෙන් දකිනවා පමණක් නොවෙයි ඔහු තමන් සමඟ ඇඳේ සිටිනවා වගේත් දැනෙනවා. එසේ දකින අවස්ථාවලදී සමහර වෙලාවට ඇහැරුණොත් කවුරුන් හෝ තමා ළඟ සිටියාක් මෙන් දැනෙන්න පුළුවන්. ඒ වගේම තම කාමරය තුළ සැරිසරනවා වගේත්, තවත් සමහරුන්ට ඇඟපත අතගානවා, කකුල්වලින් අදිනවා, ඇඳෙන් පහළට ඇදලා දානවා, යම්කිසි බලවේගයකින් තමන් තද කරගෙන බැඳගෙන ඉන්නවා වගේ හැඟීම් දැනෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට මෙම සිදුවීම වැඩිදුරටත් ගොස් මොහු තමන්ගේ ශරීරය අතගානවා, ස්පර්ශ කරනවා වගේත් දකිනවා.
ඒ වගේම විවාහ වී දරුවන් නොමැති මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවනුත් මෙවැනි ලක්ෂණ සහිතව කළු කුමාරයාව දකිනවා. මෙම තත්ත්වයන් පිළිබඳ මනෝ විද්‍යාත්මකව බැලුවහොත් මේ චරිතය මඟින් සංකේතවත් වෙන්නේ මේ තරුණියන්ගේ හිතේ තියෙන ආශාවන්. ඒ දේවල් ඉටුකරගන්න ඇතැම් විට ඔවුන්ට මාර්ගයක් නැහැ. කල වයසට විවාහ නොවීම මේ තත්ත්වයන්ට හේතු වෙනවා. ජීවිත අත්දැකීම් නොමැති තරුණ ගැහැනු ළමයින්ටත් යම් යම් ආශාවන් ඇති වෙනවා. ඒ ඇති වෙන ආශාවන් ඒ අයට සිහිනෙන් නින්දෙදි ඇති වෙන්න පුළුවන්.
https://www.lankadeepa.lk/sunday/thaksalawa/ඉස්සර-වගේ-අද-යුවතියන්ට-කළු-කුමාරයා-වැහෙන්නේ-නැද්ද-/55-600185