කලු කෙල්ලක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    ආපෝ ඒ කෙල්ල කලුයි.

    දරුවො ඉන්න සහ නැති හැම ගැහැනු කෙනෙක්ම තේරුම් ගන්න ඔනෙ දෙයක් මම අද කියන්නෙ.මම පොඩි කාලෙ ඉදන්ම ගොඩක් පොත් පත්තර කියවපු කෙනෙක්. මම පොඩි කාලෙ ඉදන්ම බලපු ටෙලි නාට්‍ය , චිත්‍රපට , කියවපු නව කතා හැම එකකම ගැහැනු කෙනා එහෙම නැත්නම් වීරවරිය ඉතාම ලස්සන සුදු කෙනෙක්. ඒක නිසා මම හිතාගෙන හිටියෙ මට කවදාවත් කාගෙවත් ආදරය දිනා ගන්න බැරි වෙයි කියලා. මම වටින කෙනෙක් නෙමෙයි කියලා. මොකද මම සුදු පාට හමක් තියෙන කෙනෙක් නෙමෙයි . මන් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් දක්ශයි නටන්න, සින්දු කියන්න, රග පාන්න එහෙම. ඒත් සමහර ටීචර්ස්ලා මාව ගන්නෙ නැහැ . "මෙයා නම් හොදයි . ඒත් මේන් රෝල් එකට දාන්න බැ කලුයි නේ. " මන් ගොඩාක් අඩලා තියනවා මගෙ හමේ පාට ගැන හිතලා. මන් ගොඩක්ම කලුත් නැ. තලෙලු කෙනෙක්. හැබැයි සුදුයි කියන්නත් බෑ. ගොඩක් තැන්වල පොඩි කාලෙ ඉදන් කට්ටියක් අතරෙ ඉද්දි මාව මිනිස්සු අදුන්වනවා කලු ලමයා, කලු කෙල්ල කියලා. එයාලට පේන්න මන් අහින්සක විදියට හිනා වුනාට මට ගොඩාක් දුක හිතෙනවා. මෙහෙම තමයි මම ලොකු වෙන්නෙ. ඒත් අද වෙද්දි මම මන් ගැන ආඩම්බර වෙනවා. මම විශ්ව විද්‍යාලයේ සිව්වෙනි වසරෙ ශිශ්‍යාවක්. මම මගෙ පව්ලෙ අයට සමාජයට වටින දේවල් කරන කෙනෙක්. මම හැමොටම උදව් කරන කෙනෙක්. මට මන් ගැන සතුටක් තියනවා.☺️මන් පොඩ්ඩක් වත් මගේ පාට ගැන හිත හිත ඉන්නෙ නෑ. මන් සුදු වෙන්න ක්‍රීම් ජාති උලන්නෙත් නෑ.ඒත් මගෙ කැම්පස් එකේ ගැනු ලමයි ගොඩක් සුදු වෙන්න දගලනව මන් දැකල තියනවා. එයාල සුදුත් වෙනවා . මන් ඒකට වරදක් කියන්නෙත් නැ. ඕනෙම ගෑනියෙක් උපතිනම ලස්සනයි. පිරිසිදුවට , පිලිවෙලට , ප්‍රසන්න විදියට ඉන්න පුලුවන්නම් මට අනුව රූපෙ ගැන ඒ ඇති. රටට ලෝකෙට තමන්ගේ පව්ලට සේවයක් කරන්න. ආදරය දෙන්න. මේක ඔයාලගෙ පුන්චි දුවලට දැන්ම ඉදන් උගන්නන්න ඔයත් අම්මා කෙනෙක් නම්. මන් පොඩි කාලෙ වගේ හිත ඇතුලෙ තියන් දුක් විදින්න එයාලාට දෙන්න එපා. ගැනු කියන්නෙ ලොකෙට මල් වගේ ලස්සන පෙන්නන්න ඉපදුනු ජාතියක් කියලා හිතන්න එයාලට දෙන්න එපා. හදවත ලස්සන කරගන්න හැටි උගන්නන්න. මන් හරිම චාම් විදියට අදින පලදින කෙනෙක්. මන් දිග ගවුම් එහෙම අදින්නෙ මන් ඒවට ආස නිසා. මගේ යාලුවො ගොඩක් කියනව අනේ ඔයා පොශ් මදි , පොශ් විදියට අදින්නකො කිය්ලා. මට ලගදි කෙනෙක් කියනවා ඔයා කොන්ඩෙ කලර් කරලා ස්ට්‍රේට් කරලා ෆෙයානස් ක්‍රීම් එකක් ගාල කෑල්ලක් වගේ ඉන්නකො ඔයාට කොල්ලෙක් වත් සෙට් වෙයිනේ කියලා. මන් හිත ඇතුලෙන්ම එයාට හිනා උනා. මගෙ අනාගත සහකාරයා ආදරේ කරන්න ඔනේ මගෙ පොශ් කමකට නම් මට එහෙම කෙනෙක් ඔනෙ නෑ. මාව ගැහැනියෙක් විදියට කව්ද කියල තෙරුම් ගන්න , මාව එයාගෙ දරුවන්ට හොද අම්ම කෙනෙක් වෙය්ද කියලා හිතන්න පුලුවන්, සරල චාම් , ආදරනීය හිතක් මට ඇති. මට ගෙදර වාහනයක් තියනවා. ඒත් මන් ආසයි කසාද බැදල මගෙ මහත්තයා එක්ක පාරෙ බස් එකේ කොච්චියේ ගමන් යන්න. බාට කෑලි දෙකක් දාගන අතේ එල්ලිල ඔහේ අවිදින්න. පොලට ගිහින් එලවලුවක් එහෙම අරන් එන්න. ඒත් මේ සරුවපිත්තල ලෝකෙ මගෙ යාලුවො අතරමන් වෙලා. එයාල බෝය් ෆ්‍රෙන්ඩ් මීට් වෙන්න යන්නෙ මේක් අප් කරගන. නහය කඩාගෙන යන පර්ෆියුම් දාගන ලෝකෙ නැති කොන්ඩ මෝස්තර දාගෙන තනිකරම වෙනස් අය වෙලා. මම වැරැදි කියන්නෙ නෑ ඒක. මන් ආස මාවම මන් විදියට එයාට පෙන්නන්න.මන් දකිනව අදටත් පත්තරවල මන්ගල යෝජනාවලට දාන්නෙම ඉතා පැහැපත් රූමත් කතක් පතමි කියලා. මට ඒවට හිනා යනවා. රූප රාජිනියො පව්ල් ජීවිත විනාස කරගන්නකොට ලස්සනට ජීවත් වෙන කැත ගැනුත් මම දැකල තියනවා. ලන්කාවෙ මිනිස්සු ලස්සනෙන් , සල්ලි වලින් තමයි හැම දෙයක්ම මනින්නේ . අපි ඒ වගෙ තැනක ජීවත් වෙද්දි වටිනාකමට අපෙම මිනුම් දඩු හදාගන්න ඕනේ. අපිටම වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න ඕනේ.
    මම හැම සති අන්තයකම තනියම ඇවිදින්න යනවා. මාවම සතුටු කරගන්න පොඩි පොඩි දේවල් කරනව. ආස කෑම ජාති කනවා. පොඩි දෙවල් වලට හය්යෙන් හිනාවෙනවා. ලස්සන මල්පැල හිටවලා මල් එනව බලලා සතුටු වෙනවා. චිත්‍ර ඇදලා පාට කරලා දොරවල් වල අලවනවා. 😉පොඩි ලමයි වඩාගන්නවා, හුරතල් කරනවා, රෙසිපී හොයාගෙන කැම ජාති හදල හැමොටම කන්න දීල ආසාවෙන් බලන් ඉන්නවා. ලස්සන මලක් දැක්කොත් ඒක එක්ක සෙල්ෆියක් ගන්නව. ඒ මම මගේ හිත සතුටු කරන්න කරන දේවල්. මම මගෙ පාට ගැන හිත හිත රූපෙ ගැන වද වෙවී අඩන්නෙ නැ. මාව වටින කෙනෙක් මගේ ලෝකෙට එනකන් මන් මාවම සතුටින් තියාගන්නවා.
    අද කාලෙ ගොඩක් ගැනු සහ ගැනු ලමයි හිතන විදිය දන්න නිසයි මම මෙහෙම ලියන්න හිතුවෙ. නන්ගිලා අක්කලා නැන්දලා හැමොම තමන්ව අගය කරගන ඉන්න මුලින්ම. අපි ගැනු විදියට කොච්චර දේවල් කරනවද? අපිට වඩා අනුන් වෙනුවෙන්... ඒත් අපිට වටිනාකමක් , වචනයක් අගයකිරීමක් ලැබෙන්නෙ නැ නේද? අපෙ හිත් වලට ආදරය අවශ්‍ය නැද්ද? ඇයි අපිටම බැරි අපිට ආදරය කරගන්න මුලින්ම. උදේට හදාගන්න තේ එකේ ඉදල ජීවිතය විදින්න අපි පුරුදු වෙන්න ඔනේ. මෙච්චර දේවල් කරන අපිට ඒක බැරි නෑ. තුන් වේල අපි උයලා දෙන දේ පව්ලේ අය කන දිහා බලලත් ඕනෙනම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුලුවන්. පුන්චි පුන්චි දේවල් වලින් ජීවිතය ඇහිදින්න අපිට පුලුවන්.
    මම මේ කිව්වෙ ලස්සන වැඩක් නැ කියල නම් නෙමෙයි යාලුවනෙ. ලස්සනට ඉන්න. ඒත් රූපෙ නෙමෙයි ජීවිතෙ කියන්නෙ. කවුරු ඔයාගෙ රූපෙට නිර්වචන දුන්නත් ඔයාට වටිනාකමක් ඔයාම දෙන හැටි ඉගනගන්න.ආ...... තව දෙයක් ඔයාග රූපෙ ට වඩා හදවතට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් හොයාගන්න. අම්මෙක් නම් චූටි දුවලට මේක කියල දෙන්න. 🎀🎀🌷
    -- නිර්මාණි උත්පලා--
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    පිරිමි ආසයි ලස්සන ගැහැණුන්ට,ඒත් විවාහයට තෝර ගන්නෙ ගෞරවණීය කාන්තාවක්ව, ඒක තමයි ඇත්ත
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif