ඔන්න තත්ත්වේ. පවුල් පිටින් ඉදලා හරි කමක් නැහැ වැඩක් හරියට කරනවා නම්. ඒත් මොන.

පවුල් හවුල් තිබිලා සාර්ථක වෙච්ච රටවල් තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. ශී‍්‍ර ලංකාව මොන කොටසේ ද, ඉන්නේ කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.

වැරැද්ද තියෙන්නේ පාර්ලිමේන්තුව කියන ආයතනයේ නෙවෙයි. පාර්ලිමේන්තුවට මිනිස්සු පත්කරලා යවන අයගෙන් බහුතරයක් අතේ. ඒත් අනිත් පැත්තටම බලපුවහම, ඒ බහුතරය ඒ තත්ත්වයට පත්කරලා තියෙන්නෙත් ඒ අය තමන් වෙනුවෙන් පත්කරලා යවන පුද්ගලයෝම තමයි. එකෙක් නැතිව අනිකට ජීවත්වෙන්න බැරි තත්ත්වයක්.

_ B U M P _