කවි මඩුව

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කන කැස බුවා වියසිදුරෙන් අහස .......බලන්
    ඉන්නා විටදී සද දුටුවා විලස ..............රබන්
    කිවුවොත් කවිය නැට්ටත් උබ පු# .......ගසන්
    ගස් කොලුවාගේ වැඩ දන්නවා වවොම ...මචන්

    ඉස්සර වගේ වැඩ පෙන්නපු කාලේ ..........ගැන
    මතක් කරන් උඩ පැන්නොත් වැටෙයි .........බිම
    නවකයෝ බිහි වෙනවා හැම හැම ......දශමෙටම
    නාකියෝ නැට්ට කපනවා එය ...........දැක්කාම :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්සර වගේ වැඩ පෙන්නපු කාලේ ..........ගැන
    මතක් කරන් උඩ පැන්නොත් වැටෙයි .........බිම
    නවකයෝ බිහි වෙනවා හැම හැම ......දශමෙටම
    නාකියෝ නැට්ට කපනවා එය ...........දැක්කාම :sorry:

    බලපන් කොලුවෝ මම එළකිරි ආපු ...........දිනේ
    වැඩිකල් නැහැනේ අපි සම ...............කාලයිනේ
    කැලේ ඉන්න රොබින්ගේ ඇස් පොට්‌ට ........උනේ
    යනවිට වැදිලා විස හීයක් මේකා ..............වනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;15747931 said:
    අඩෝ charter හොදේ මන් නැතුව කවි මඩුවක් පටන් අරන්

    හප්පා බන්චියෝ උබ හට මෝකා .......උනේ
    මාස ගණනකින් උබ හමු උනේ ......නැහැනේ
    කාලය කෙමෙන් ගත වීගෙන ..........ගියානේ
    කවි ලියන්න කවුරුත් නැති ...........උනානේ
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර

    rexa කොහෙද ඌ කවි මඩුවේ නැතිද
    රකුසා කොහේද කොහෙවත් දුටුවේ නැතිද
    ගාසෝ මගේ හිතවත් යුව රජු මැතිද
    මම වෙමි මඩුවේ රජු සැකයක් හෙම ඇතිද

    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;15748055 said:

    rexa කොහෙද ඌ කවි මඩුවේ නැතිද
    රකුසා කොහේද කොහෙවත් දුටුවේ නැතිද
    ගාසෝ මගේ හිතවත් යුව රජු මැතිද
    මම වෙමි මඩුවේ රජු සැකයක් හෙම ඇතිද

    :P

    සිටි බව සැක නැතේ දිගු කල් උබ ......වනයේ
    දන්නේ නැද්ද ඔටුන්න මට හිමි ...........වුයේ
    rexa නොමග ගොස් උගේ හිස ........ගැසියේ
    රකුසා පාලිකාවක් රජ ගේ ..............කුටියේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනූ හයේ කුසලානේ අපට .............ගෙනා.......
    ෆයිනල් එකේ සෙන්චරියක් ගහපු ......කෙනා.....
    අර්ජුනගේ පෙරමුන පසුපස .............සිටිනා......
    අරවින්දගේ ජන්ම දිනය අද ............යෙදෙනා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි කවි ලියනවා ඉදහිට මෙය ........දැකලා.....
    දැක්කම පෙනෙනවා උගතුන් බව .....ඔබලා....
    ඔබ්බලා එලිසමය නිසි පදමට .........බැදලා......
    බැන්දට පස්සෙ කොයි කවියත් මග ...හිටලා......
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    මඩුවේ රජ වෙන්න කවුරුත් දඟලන්නේ
    ඒ ගැන දුකක් මට නම් නෑ ඇතිවෙන්නේ
    රජවරු කොතෙක් හිටියත් මේ කවි මඩුවේ
    එක සක්විති රජයි ඇත්තේ ඒ මම වෙන්නේ

    :D:D
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර


    බිය නොමැතිව ගෑනියගෙන් ගුටිත්............නොකා
    ගෑනි උයන පින් බත් එක කටට.............. කකා
    " මැරියන් " යයි ගෑනිට කී මැරුම්............. නොකා
    රොබින් තමයි ජීවත් වෙන එකම.............. එකා

    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන්නම් මගේ ඇස් බාගෙට ....පියවෙනවා
    බරියාව මහා නින්දේ ...........පසුවෙනවා
    යාමය 2කයි ඔරලෝසුව හඩ .......දෙනවා
    තිසරනෙම සරණයි මේ මම ........යනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මඩුවේ රජ වෙන්න කවුරුත් දඟලන්නේ
    ඒ ගැන දුකක් මට නම් නෑ ඇතිවෙන්නේ
    රජවරු කොතෙක් හිටියත් මේ කවි මඩුවේ
    එක සක්විති රජයි ඇත්තේ ඒ මම වෙන්නේ

    :D:D
    නව මිනි රන් මුතු ඔපවාලා.......
    සිංහාසන මත නංවාලා..........
    කවියේ එලිවැට මලවාලා.....
    මොකටද සක්විති රජෙකු වෙලා.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බන්චි පුතා;15748149 said:


    බිය නොමැතිව ගෑනියගෙන් ගුටිත්............නොකා
    ගෑනි උයන පින් බත් එක කටට.............. කකා
    " මැරියන් " යයි ගෑනිට කී මැරුම්............. නොකා
    රොබින් තමයි ජීවත් වෙන එකම.............. එකා

    :P

    පිටට ලස්සනයි වාගේ .........පෙනුනාට
    කුරුළු කුඩුවක් වාගේ ...........තිබුනාට
    වෙනසක් නෑ හැම සුදු ............උනාට
    කොයි කාගේත් වගේ ඇත බය ....ගෑනීට
    :rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මන බදින සිත් බදින ඔබේ කවිය
    ලියමුකො හෙද වැඩ දලා
    අපි ඉන්නවා පස්සට විලා
    ගෙලපුමක් නැතත් මේ කවියේ
    දෙන්නට සිතුවේ bump එක මගේ ගානෙ[/RIGHT]​
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වැඩියෙන් දුක දැනෙන දවසක් මගෙ.....දිවියේ
    ආවොත් ඒ දවස මව මියයන.............දිනයේ
    යෙදෙනව කියල හිතුනම ඇස් කඳුළු.....දියේ
    ගිලෙනව උඹලටත් එහෙමද...............Elakiriයේ
    2.gif


    උදේ ගොසිප් සයිට් එකේ නිව්ස්.........බලා
    මගේ ඇඟේ මයිල් තාම කෙලින්.........වෙලා
    හොර සැමියෙක් නිසා ආලෙන් උමතු.....වෙලා
    අම්මව මරල වැසිකිලි වලකට.............දාලා
    2.gif


    ykjqc.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;15748055 said:

    rexa කොහෙද ඌ කවි මඩුවේ නැතිද
    රකුසා කොහේද කොහෙවත් දුටුවේ නැතිද
    ගාසෝ මගේ හිතවත් යුව රජු මැතිද
    මම වෙමි මඩුවේ රජු සැකයක් හෙම ඇතිද

    :P

    කලෙකින් මෙහි ඇවිත් අප බන්චී.......මැතිද
    කියනා ලෙසට කිරුලක් ඌ හට...........ඇතිද
    කටුසු ගෙලේ රන් මාලාවක්...............බැන්ද
    දොඩවන වහසි බස් බල කොතරම්....කැතද
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මඩුවේ රජ වෙන්න කවුරුත් දඟලන්නේ
    ඒ ගැන දුකක් මට නම් නෑ ඇතිවෙන්නේ
    රජවරු කොතෙක් හිටියත් මේ කවි මඩුවේ
    එක සක්විති රජයි ඇත්තේ ඒ මම වෙන්නේ

    :D:D

    ආවා කුමක් වන්නෙද බලනට...............විමසා
    දුටුවා රැලක් ලියනා කවි පද..................සකසා
    නිරුදක කතරෙ කවියෙන් මහ වැසි......වස්සා
    වැඩියා කවි රජිදු මම වෙමි දිය.............රකුසා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර

    ආවද රකුසෝ දිය බරියෝ මඩුව........... වෙත
    රජකම දෙන්නේ නෑ කාටත් මගෙන්............ පිට
    මහ වැසි වැස්සුවත් නිරුදක කතර............... තුළ
    රජකම ගත හැකිද මේ දිය බරියෙ......................කුට