කවි සංකල්පනා

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටම පුදුමයි
    අච්චර ලොකු හඳකුත්
    තියන අහසේ,
    පුංචිම පුංචි
    තරුවක් උන
    උබව,
    හිතේ ගැබුරටම
    කාවැදුන හැටි,
    අමතක නොවන්නම

    චා.වි
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මටම පුදුමයි
    අච්චර ලොකු හඳකුත්
    තියන අහසේ,
    පුංචිම පුංචි
    තරුවක් උන
    උබව,
    හිතේ ගැබුරටම
    කාවැදුන හැටි,
    අමතක නොවන්නම

    චා.වි

    :love:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ දන්නේ නෑ හිත හැඩුව තරම්
    රෑ තිස්සේත් උබ මට පෙනුන තරම්
    හිත අස්සෙත් උබ දග කෙරුව තරම්
    දන්නවනම් ඉන්නෑ උබ ඔහෝම නිදන්

    පෙරදාක මගේ ලග ගුලි උන මැනික
    මගේ ලෝකේ මුල් තැන අරගත් රැජින
    රෑ නින්දෙම සොරු අරගත් විලස
    පරඋනේ ඇයි අකලට මගේ කුසුම

    සුනු විසුනු කලා එක නිමේෂයන්
    මැවූ සිහින මාලිගා ජීවිතයෙන්
    බීමත් මරුවා ආපු රියෙන්
    අරංගියා උබ තප්පරයෙන්

    පිය පදවිය මට ගෙනදුන් මැනික
    මගේ ලෝකෙට පායපු තනි තරුව
    නිවනට යන තෙක් හැම බවයක්ම
    මගේම වෙයන් මගේ දෝණි සිගිත්ත
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    උබ දන්නේ නෑ හිත හැඩුව තරම්
    රෑ තිස්සේත් උබ මට පෙනුන තරම්
    හිත අස්සෙත් උබ දග කෙරුව තරම්
    දන්නවනම් ඉන්නෑ උබ ඔහෝම නිදන්

    පෙරදාක මගේ ලග ගුලි උන මැනික
    මගේ ලෝකේ මුල් තැන අරගත් රැජින
    රෑ නින්දෙම සොරු අරගත් විලස
    පරඋනේ ඇයි අකලට මගේ කුසුම

    සුනු විසුනු කලා එක නිමේෂයන්
    මැවූ සිහින මාලිගා ජීවිතයෙන්
    බීමත් මරුවා ආපු රියෙන්
    අරංගියා උබ තප්පරයෙන්

    පිය පදවිය මට ගෙනදුන් මැනික
    මගේ ලෝකෙට පායපු තනි තරුව
    නිවනට යන තෙක් හැම බවයක්ම
    මගේම වෙයන් මගේ දෝණි සිගිත්ත

    ඒකට නම් කදුලුත් ආව මචන් :frown:
     
    Last edited:

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    කවදාවත්ම හිතුනෙ නෑ මට
    මේ තරම් නුබ වටිනව කියා
    සුදු දුවේ නුබ හැම ආත්මෙම
    දැවටියන් මා සනසලා

    බෝනික්කි වගේ හුරතලේට
    දග කෙරුවට ආදරෙන්
    සැර කෙරුවම අම්ම ඇවිත්
    දුවන් එන්නෙ මන් ගාවට

    කවුද ඉතින් හෙට උදේට
    වඩා ගන්නෙ ආදරේට
    මාත් එනව නුබත් එක්ක
    යන තැනකට බලාගන්න:frown::frown::frown::frown::frown:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කවදාවත්ම හිතුනෙ නෑ මට
    මේ තරම් නුබ වටිනව කියා
    සුදු දුවේ නුබ හැම ආත්මෙම
    දැවටියන් මා සනසලා

    බෝනික්කි වගේ හුරතලේට
    දග කෙරුවට ආදරෙන්
    සැර කෙරුවම අම්ම ඇවිත්
    දුවන් එන්නෙ මන් ගාවට

    කවුද ඉතින් හෙට උදේට
    වඩා ගන්නෙ ආදරේට
    මාත් එනව නුබත් එක්ක
    යන තැනකට බලාගන්න:frown::frown::frown::frown::frown:


    Patta
    Mama kalekin ban oya kavi liuwe
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    Patta
    Mama kalekin ban oya kavi liuwe

    දිගටම ලියපන්, පුලුවන් වෙලාවට මාත් ලියන්නම්
    මේකෙ අයිතිකරයට වැඩ වැඩ්ද කොහෙද මෙ දවස්වල
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පද හතර ගලපා කවි ..............කියන්නට
    එලිසමයද ගලපා කවි .............ගොතන්නට
    සිතුනද පහසු නෑ මේ කවි .......ලියන්නට
    සිත කියනවා අද මට කවි ........කියන්නට

    එලකිරියේ වල්මත් වී සිටින ..................විට
    කවි මණ්ඩපේ දැක්කයි මා යනෙන .........විට
    උඩින් යටින් එක දෙක කවි බලන ..........විට
    කවි සිතුවිලි මතුවෙයි මගේ හදේ ..........සිට

    සරාගේ කවි හනි හනිකට ..................කියවන්නේ
    ඇයගේ ගති ටික ටික දැන් මතු ............වන්නේ
    නගරේ ඉපදුනත් මා හට දැන්...............සිහිවන්නේ
    ඇය ගජමන් නෝනාදෝ නෑ ................දන්නේ

    සඳ

     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සාරියට නෝන වුන
    කලිසමට මහත්තය වුන
    මල් ගවුමට අහිංසක වුන
    සරමට ගොඩය වුන
    ශෝට් එකට බඩුව වුන
    බාට දෙකට රස්තියාදු කාරය වුන
    ඩෙනිමටයි කොන්ඩෙටයි ගංජ කාරය වුන
    ඒක මහ අමුතු මිම්මක් මචන්
    ලංකාවම අතරමං වුන
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සාරියට නෝන වුන
    කලිසමට මහත්තය වුන
    මල් ගවුමට අහිංසක වුන
    සරමට ගොඩය වුන
    ශෝට් එකට බඩුව වුන
    බාට දෙකට රස්තියාදු කාරය වුන
    ඩෙනිමටයි කොන්ඩෙටයි ගංජ කාරය වුන
    ඒක මහ අමුතු මිම්මක් මචන්
    ලංකාවම අතරමං වුන

    22.gif


    පට්ට...!!.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උකුණු ආදරය



    "ඔයා හැමදාම මේ වගේ මාත් එක්ක ඉන්නව නේද?"

    උකුණි එහෙම ඇහුවේ අලුත පීරපු කොණ්ඩ ගහකට මුවාවෙන ගමන්.

    "ඔව් බබා... ආත්මයක් ආත්මයක් ගානේ මං ඔයා එක්කමයි ඉන්නේ"

    උකුණා ආදරෙන් තුරුළුවෙන ගමන් එහෙම කිව්වා.

    "මට ඔයා වගේම චූටි ලේඬි පැටියෙක් ඕන... ඔයාගේ ඇස්දෙකම තියන... හා ද? හා කියන්නකෝ.."
    උකුණි හුරතල් විදියට ඇසිපිය ගහන ගමන් එහෙම ඇහුවා.

    "ඒ ඇස්පිය ගැහිල්ලට පුළුවන් උකුණෙක්ව පිස්සු වට්ටන්න.." උකුණා එහෙම හිතුවා...

    "ඒවට තව කල් තියෙනවනේ මැණික.." උකුණා ආදරෙන් උකුණිගේ නළල සිපගන්න ගමන් එහෙම කිව්වා... ඒ ආත්මීය පුසුඹ එක්ක සංසාරයක් වුණත් ඇවිදගෙන යන්න පුළුවන් කියල උකුණිට හිතුණා.

    ඒත් ජීවිතේ අපි හිතන තරම් ලස්සනට හැමදේම සිද්ද වෙනව නම් මොනව කරන්න බැරි ද?

    එකපාරටම මහවිසාල කම්පනයක් එක්ක උකුණයි උකුණියි හිටපු කෙස් කැරැල්ල කැරකිලා අහසට ගියා. මහා යෝධ අතකින් එළියට විහිදිච්ච යෝධ අතැඟිලි පහකින් උකුණයි උකුණියි හිටපු කෙස්රොද කරකවල අරගෙන ඈත ආකාසේට දමල ගහන්න වගේ කරකැව්වා...

    "බ..බා....!"

    උකුණි කෑ ගැහුවා.

    ඒ වුණාට ඒ වෙද්දීත් උකුණිගේ ආදරණීය උකුණා කොහේදෝ නොපෙනෙන ඈත ආකාසේකට විසිවෙලා ගිහිං තිබුණා.. :(





    -සුජීව පස්කන්න ආරච්චි

    -උපුටා ගන්නා ලද්දකි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහම්බෙන් ගොඩ වැදුනෙ මාස ගණනකින්, සරා වැඩේ රහයි. දිගටම කරගෙන යන්න. මෙන්න මගේ ගානෙ පරණ කවියක්,

    ඉස්සර වගේ දැන්, කවි වල හංඟලා
    ඔයා ගැන ලියන්නට හිතක් නෑ
    අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම
    වැහි මිසක ඉර එලිය වැටෙන් නෑ...

    ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
    උන් නම් කියන දේ ඇහුවෙ නෑ
    නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා
    ඒ උනත් තවම උන් මැරුනෙ නෑ...

    ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු
    ඉඳිකටු පාර නම් මැකෙන් නෑ
    ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා
    දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ...

    සඳ කිඳුරු ජාතකේ, කින්නරිය මරුනාට
    කවුරුවත් ඒ වගේ මැරෙන් නෑ
    ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
    ජීවිතේ ගෙවන එක ලේසි නෑ...

    WW (Dewrangi)
    20 May 2018

    අනෙ අම්මො දෙව්රංගි අක්කෙ..පිස්සු හැදුනා අන්තිම පද ටික කියවනකොට.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    image.jpg

    "ඉටි පිච්චෙන හැටි"
    (2018 උපුල් සංජය)
    පොතෙන් උපුටාගන්නා ලදි

     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මහමෙරක් තරමට ලොකු
    නුබේ ආදරේ තරම
    තේරුම් ගන්න මට
    කොයි කාලයක් ගියාද

    නුබ ආච්චි උන දවසෙ
    ඔය ඇස් වල තිඋනු
    ඒ ආදරේ තරම
    මන් දුට කියදෙන

    දවසට මගෙ අම්මෙ
    කදුලක් හලන්නෙ නැතුව ඉන්න
    පුලුවන් වේයිද මට
    දැනුත් අඩනවනෙ මම:rolleyes::rolleyes::rolleyes:
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    ඇසී කිරි කිරියක්
    නුඹ නිදන ඇඳ දෙසින්
    තිගැස්සී ඇහරුනෙමි
    බලාසිටියෙමි තවත් ඇසෙනතුරු
    කන් යොමා පා හඬක්

    හමා ආ සැර සුළගක්
    දැවටුනා සිහිල් කරමින්
    දාහයෙන් පෙඟුනු ගත
    නිහඬ විය මුලු ලොවම
    සුනඛ බිරුමක් සමග

    මර නින්ද සුව ඇති නුඹට
    දැවටෙනවාට වඩා මා සමග