මටම පුදුමයි
අච්චර ලොකු හඳකුත්
තියන අහසේ,
පුංචිම පුංචි
තරුවක් උන
උබව,
හිතේ ගැබුරටම
කාවැදුන හැටි,
අමතක නොවන්නම
චා.වි

උබ දන්නේ නෑ හිත හැඩුව තරම්
රෑ තිස්සේත් උබ මට පෙනුන තරම්
හිත අස්සෙත් උබ දග කෙරුව තරම්
දන්නවනම් ඉන්නෑ උබ ඔහෝම නිදන්
පෙරදාක මගේ ලග ගුලි උන මැනික
මගේ ලෝකේ මුල් තැන අරගත් රැජින
රෑ නින්දෙම සොරු අරගත් විලස
පරඋනේ ඇයි අකලට මගේ කුසුම
සුනු විසුනු කලා එක නිමේෂයන්
මැවූ සිහින මාලිගා ජීවිතයෙන්
බීමත් මරුවා ආපු රියෙන්
අරංගියා උබ තප්පරයෙන්
පිය පදවිය මට ගෙනදුන් මැනික
මගේ ලෝකෙට පායපු තනි තරුව
නිවනට යන තෙක් හැම බවයක්ම
මගේම වෙයන් මගේ දෝණි සිගිත්ත
ඒකට නම් කදුලුත් ආව මචන්![]()
කවදාවත්ම හිතුනෙ නෑ මට
මේ තරම් නුබ වටිනව කියා
සුදු දුවේ නුබ හැම ආත්මෙම
දැවටියන් මා සනසලා
බෝනික්කි වගේ හුරතලේට
දග කෙරුවට ආදරෙන්
සැර කෙරුවම අම්ම ඇවිත්
දුවන් එන්නෙ මන් ගාවට
කවුද ඉතින් හෙට උදේට
වඩා ගන්නෙ ආදරේට
මාත් එනව නුබත් එක්ක
යන තැනකට බලාගන්න![]()
Patta
Mama kalekin ban oya kavi liuwe
සාරියට නෝන වුන
කලිසමට මහත්තය වුන
මල් ගවුමට අහිංසක වුන
සරමට ගොඩය වුන
ශෝට් එකට බඩුව වුන
බාට දෙකට රස්තියාදු කාරය වුන
ඩෙනිමටයි කොන්ඩෙටයි ගංජ කාරය වුන
ඒක මහ අමුතු මිම්මක් මචන්
ලංකාවම අතරමං වුන

අහම්බෙන් ගොඩ වැදුනෙ මාස ගණනකින්, සරා වැඩේ රහයි. දිගටම කරගෙන යන්න. මෙන්න මගේ ගානෙ පරණ කවියක්,
ඉස්සර වගේ දැන්, කවි වල හංඟලා
ඔයා ගැන ලියන්නට හිතක් නෑ
අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම
වැහි මිසක ඉර එලිය වැටෙන් නෑ...
ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
උන් නම් කියන දේ ඇහුවෙ නෑ
නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා
ඒ උනත් තවම උන් මැරුනෙ නෑ...
ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු
ඉඳිකටු පාර නම් මැකෙන් නෑ
ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ...
සඳ කිඳුරු ජාතකේ, කින්නරිය මරුනාට
කවුරුවත් ඒ වගේ මැරෙන් නෑ
ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
ජීවිතේ ගෙවන එක ලේසි නෑ...
WW (Dewrangi)
20 May 2018