ත්‍රෙඩ් 1 නැගලම යනවා නේ. මන් මුලින්ම කිව්වා වගේ ආදරේ කරද්දී දෙගොල්ලොම අවංකයි, මට හිතෙන විදියට. එක නිසා තමයි ආදරෙකදී ගර්ල් බෝයි කියන ඕන දෙයක් කරන්නේ. සමහරවිට අකමැත්තෙන් උනත්. බෝයි නුත් එහෙමයි , මොන කට්ට කෑවත් ගර්ල් ගේ ලගින්ම ඉන්නවා. සම්බන්දයක් කැඩුනහම තමයි තිබ්බේ ආදරයක් ද නැද්ද කියල හරියටම බලාගන්න පුළුවන්.
ආදරේ කරද්දී පාර මාරු වෙන්නෙත් අතින්ම අල්ලාගෙන. කතා කරන්නෙම සුදූ, පන, මැණික ඔහොම දෙපැත්තේම අය. හැබැයි සම්බන්දෙ නැති උනාම 95% ම කොල්ලෝ නන් අරකි, අර බැල්*, ඕකිට මන් මෙහෙමත් කරා මචන්, ඒකිට අරක ඕන මචන්.. ඔන්න ඔහොමයි. කෙල්ලොත් 95% කම බල්* , පොන්**, බුරුව, උට මොනවත් බෑ. ඔන්න ඔය වගේ. ඔතන පැටලිලා තියෙන්නේ ආදරෙයි ආකර්ශනෙයි. එකයි අද වෙද්දී ජිවිතේට දැකල නැති අය එක්ක පවා යාලු වෙන්නේ 1 දවසෙන්. ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් 1 හොද නන් පැය ක් ක් චැට් කර නන් ගොඩක් විට යාලු වෙනවා.
කොච්චර උනත් පිළිගන්න වෙන දේ තමයි අපි ඔක්කොම මිනිස්සු. මන් වගේ නෙවේ තව කෙනෙක්. යාලු වෙද්දී අපි ඉපදුන දවසේ ඉදන් බයෝ ඩේට 1 බලල යාලු වෙන්නේ නෑ නේ. සමහර විට අපේ සමහර ගති ගුණ පුරුදු අනිත් කෙනාට රුස්සන්නේ නැති වෙන්න පුළුවන්. එක යාලු උන ගමන වෙන දෙයක් නෙවේ. ගොඩක් විට අවුරුද්දක් 2 ක් යනකොට තම ඕව වෙන්න ගන්නේ. ඉතින් සමහරවිට මන් හිතන්නෙවත් නැති මගේ මොකක් හරි වැරද්දක් නිසා මන් යාලු වෙලා ඉන්න කෙනා මගෙන් අයින් වෙන්න පුළුවන්.
--------------------------------
අනිත් ගොඩක් ම ලොකු ප්‍රශ්නේ තමයි කොල්ලෝයි කෙල්ලොයි 2 ක් කියල අපිට පැටලෙන 1. එක ඩ්,.න්.ඒ. වල හැටි. අපි හිතන විදියට නෙවෙයි ගර්ල්ස් ල හිතන්නේ. එයාල හිතන විදියට නෙවේ අපි හිතන්නේ. අපි ගොඩක් වෙලාවට ඉස්සරහ ගැන හිතනවා ආදරෙකදී උනත්. එත් ගෑනු ළමයෙක් එහෙම නෙවේ. අපි හිතන්නෙවත් නැති සමහර පොඩි දේවල් එයාලට සෑහෙන්න හිතන්න දේවල්. අපි හිතුවට බුට් තියන 1 කෙල්ලෙක් ට සිම්පල් වැඩක් කොල්ලෙක් ට තමයි එක ඉවසන්න අමාරු කියල එක වැරදි. අපිට නන් දුකක් උනහම යාළුවො ඕන තරං ඉන්නවා. බොන්න පුළුවන්. රැ එලි වෙනකන් දුක යන්න යාලුවෝ එක්ක කතා කරන්න පුළුවන්. වැඩි වැඩියෙන් රස්තියාදු ගහන්න පුළුවන්. ත්රෙඩ්ස් දාන්න පුළුවන්. ( මේකේ බුට් සීන් මන් නන් 1 ක් දැකල නෑ කෙල්ලෙක් දාපු එකක්. දාපු ඔක්කොම දැම්මේ කොල්ලෝ.) ගර්ල් කෙනෙක්ට ඔය 1 දෙයක් වත් කරන්න බෑ. බොහෝ විට ගර්ල් කෙනෙක් කරන්නේ ඉක්මනටම තව කෙනෙක් එක්ක යාලු වෙන 1 , නැත්නං ගෙදර අයත් එක්ක වැඩිපුර වෙලාව ගත කරන 1. එක ඒගොල්ලන්ගේ ජාන වලින් එන දෙයක් වෙන්න ඇති.
--------------------------------
අනික ආදරේ කරද්දී ගර්ල්ස් ල ගොඩක් මෝඩයි. එයාල අපිව පුදුම විදියට විශ්වාස කරනවා. බෝයි මේ ලෝකේ ඉන්න ලොකුම කුඩ්ඩෙක් උනත් ගර්ල්ට එහෙම හිතෙන්නේ නෑ.
ටිකක් හිතල බැලුවොත් අපි ටිකක් තනි උන ගමන බලන්නේ ගර්ල් ව ලං කරගන්න, කිස්ස් 1 ක් දෙන්න. තව තව දේවල්........ සමහර විට ගර්ල් ට අසනීප උනත් ඔලුව රිදෙනවා උනත් එයාල අපේ හිත රිද්දන්න අකමැති. එයාල හිතනවා අපි දුක් වෙයි කියල. එත් අපිට ඔලුව රිදිල්ලක් ,අසනීපයක් තිබ්බොත් ගර්ල්ට ලං වෙන්න ඕන කිව්වත් අපි ලං වෙන්නේ නෑනේ.( මේක මගේ පුද්ගලික මතය ) . ඉතින් ආදරේ කරද්දී කාමරේකට යන් කිව්වත් ගර්ල්ස් ල දෙපාරක් හිතන් නෑ. අපේ හිත රිද්දන්න අකමැති නිසා එනවා. අපි එළියේ ඉදන් බලද්දී අපිට තේරෙනවා මහා ගොන් වැඩක් මේ කරන්නේ කියල. එත් ආදරේ කරද්දී ගර්ල්ස් ලට ඕක තේරෙන්නේ නෑ. එකයි ගර්ල්ස් ල කියන්නේ.
---------------------------------------------------
අපි ගොඩක් අය අවුරුදු 16 - 25 ඉන්න අය. හැමෝම හිතන්නේ ආදරේ කිව්වා ගමන සෙක්ස්. එක හෝමෝන වල වැරැද්ද. කාලෙත් එක්ක ඒවා හරියයි. මන් විශ්වාස කරන විදිහ අනුව මගේ අත්දැකීම් අනුව මට ඔය දෙකේ වෙනසක් තියෙනවා. සමහර විට තව කෙනෙක් ට එක වෙනස් වෙන්නත් පුළුවන්. ආදරේ කරද්දී තියෙන 1 දෙයක් තමයි සෙක්ස් කියන්නේ. දැන් ගොඩක් වෙලා තියෙන්නේ සෙක්ස් කරද්දී එන 1 දෙයක් තමයි ආදරේ කියන්නේ.![]()
---------------------------------------------------
අන්තිමට ඔන්න මගේ අත්දැකීම් වලින් මන් කියන්නේ මගේ ගර්ල් මේ වෙද්දී මන් ලග නෑ. මන් එයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරලා තියෙනව එයත් මන් වෙනුවෙන් එහෙම කරලා තියෙනවා. අද එය නෑ කියල මන් එයාට කුණුහරුපෙන් බැනල වැඩක් නෑ. ඇසිඩ් ගහල , පිහියෙන් ඇනල වැඩකුත් නෑ. අපි දෙන්න ආදරේ කළා. දැන් එය මගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. මන් කවදාවත් එයට නරකක් වෙන්න හිතන් නෑ, මොකද මන් එයට ආදරේ කරපු නිසා. එයත් මන් ගැන හිතන්නේ එහෙමයි. එයාට ආදරේ කරද්දී මන් අනිත් ගර්ල්ස්ලට ගරු කරා නන් දැනුත් මන් එහෙම වෙන්න ඕන. ගර්ල් මාව දාල ගියා කියල මට ගෑනු සංහතියටම වෛර කරන්නවත් දකින දකින ගර්ල් එක්ක නිදාගන්නවත් බෑ, එහෙම නන් මට මගේ අම්මවත් තව 1 ගෑනියෙක් වෙන්න එඑපැයි. ගර්ල්ස් ලටත් කියන්න තියෙන්නේ එකමයි. සමහර විට මේ ත්‍රෙඩ් 1 දාපු කෙනා බෝයි කෙනෙක්ට ආදරේ කරලා බෝයි දාල ගිය නිසා මෙහෙම කියනවා වෙන්න පුළුවන්. තමන් ආදරේ කරපු කොල්ල දාල ගිය නිසා අනිත් කොල්ලෝ ඔක්කොම එකයි කියල හිතනවා නන් තමන්ගේ අයියල මල්ලිලා, තාත්තල ඔක්කොමත් එකයි වෙන්න ඕන.![]()
අපි හැමෝම මිනිස්සු.අපි හැමෝටම අපිට ආවේනික වෙච්ච ගති ගුණ , පුරුදු ආසාවල් තියෙනවා. එහෙම නොවෙන්න නන් අපි රහත් වෙන්න ඕන, හොද නරක කියන්නෙත් සාපේක්ෂ දෙයක් නේ, ගොඩක් හොද පිරිමිත් ඉන්නවා නරක පිරිමිත් ඉන්නවා. ගොඩක් හොද ගර්ල්ස් ලත් ඉන්නවා නරක අයත් ඉන්නවා. අපිට වෙන අයව හදන්න බෑ, අපිට පුළුවන් අපි ඉන්න මට්ටමින් ටිකක් හරි හොද වෙන්න තමයි.
------------------------------------------------------
ආදරය කියන්නේ ඕක නෙවෙයි.
ඔයා කෙල්ලත් එක්ක කරලා තියෙන්නේ හුදෙක්ම ඇලීමක් විතරයි.
ආදරය කියන්නේ මෛත්‍රියට මිසක් වෙන එකකට නෙවෙයි.
මෛත්‍රිය කියන්නේ අනෙකාට යහපතක් පැතීම ,විපතේදි උදව් කිරීම ,යහමාර්ගයට යොමු කිරීම, ධර්මය දේශනාවට යොමු කිරීම සහ ඒවා කියා දීමයි. එහෙම බලද්දී ඔයාට හැමෝටම ආදරය කරන්න පුලුවන්. කෙල්ලෙක්/කොල්ලෙක් ඕන නෑ ඒකට. ඔය කියන දේට කියන්නේ වර්ගයා බෝකිරීම පිණිස එකතු වීමයි ඒක හුදෙකිම ඇලීම මතයි රදා පවතින්නේ. එතන ආදරයකුත් තියෙන්න පුලුවන් නමුත් යටි අරමුණ හුදෙක්ම ස්භාව ධර්මයාගේ තවත් එක් උපක්‍රමයක් වන වර්ගයා බෝකිරීමට ඇලීම ඔස්සේ එකතූ වීමයි.
මට දැන් කියන්න බලන්න ඇලීමක් නැතුව කොතනකවත් ඔය කියන ජාතියේ සම්බන්ධයක් තියෙනවද කියලා? ඒ කොහේවත් නෑ. මිනිස්සු රැවටිලා ඉන්නේ මායාවකට.තණ්හාව වර්ධනය කිරීමෙන්
සසර ගමන දිගු කරගැනිමට අඩිතාලමක් දැනිමේ තවත් එක් මාර්ගයක් තමයි ඕක.මම හිතන්නේ වසවර්ති දිව්‍ය ලෝකයේ අය ඕකට ගොඩක් කැමති වෙයි.

( මේක මගේ පුද්ගලික මතය ) . ඉතින් ආදරේ කරද්දී කාමරේකට යන් කිව්වත් ගර්ල්ස් ල දෙපාරක් හිතන් නෑ. අපේ හිත රිද්දන්න අකමැති නිසා එනවා. අපි එළියේ ඉදන් බලද්දී අපිට තේරෙනවා මහා ගොන් වැඩක් මේ කරන්නේ කියල. එත් ආදරේ කරද්දී ගර්ල්ස් ලට ඕක තේරෙන්නේ නෑ. එකයි ගර්ල්ස් ල කියන්නේ.
උබ එහෙම හිතල කාට හරි මයිත්‍රී කරපන්. මන් කිව්වේ මට හිතෙන විදිය. එක වෙනස් වෙන්න පුළුවන් කියල මන් කිව්වනේ. 


