X කණ්ඩායම හිටපු රොහාන්.
ගෑනු ගැනයි ස්ත්‍රිවාදයයි ගැන කප් ගැහුවා වගේ බොරුව දාපු ඉන්ට්‍රවර්ට් ලා සෙට් එකක්, අන්තිමේදි ගැනු වගේ රන්ඩු වෙලා වෙන්වුනා. දිප්තයා තාමත් ඇදන් යන්නේ ඔය එදා වෙච්ච කැලලේ පාර.
අනික යම් ෆිලසොෆියක් විස්වාස කරපු එකකු මරනයෙන්ම පසුව නම් ඌ ගැන ලොකුම වාදය වෙන්නේ, මට අනුව ජිවිත කාලය තුල තමනටම හරි වටිනාකම දෙන්න ඌට බැරිවුනා. මැරුනාම හොද කියන්නෙ මුනිච්චාවට.
හරියට හරි බං, අර මූනෙ ලේ බිඳක් නැති අමු කාලකන්නියෙක් ඉන්නවා විදර්සන කන්නංගර කියලා, එකම ටයිප් එවුං,, උට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ.. කරපු පුකකුත් නෑ අන්තිමට
රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්
X කණ්ඩායමේ ඛෙදවාචකය ගැන තවත් විස්තර ඇතැමුන්ට අවශ්‍ය වෙලා. මේ ලිපි ඒ ගැන පමණක් නොව පශ්චාත්නූතනවාදයෙ පශ්චාත්තාපය ගැනත්. එමෙන් ම මගේ X ඛෙදවාචකය ලිපියට මුල් වූ රොහාන් පෙරේරා ගැනත්. මේ ලිපි පසුව තවත් වර්ධනය කෙරෙනු ඇති. මගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් මින්පසු ලිපි ප්රතිචරවලට විවෘත කරන්නේ නැහැ. මගේ ළඟ ම අය කියන්නේ නම් ලිපි ලිවීමත් නවත්වන ලෙසයි. එබැවින් ලිපි ලියන්නේ කඩින් කඩයි.
අපි රොහාන් පෙරේරාගෙන් පටන් ගනිමු. ජාතික චින්තනවාදීන්ට ඔහු කිච කරන්න දෙයක් නැහැ. ඔහුගේ ඥාතීන් ඔහුත් පැරණි X සාමාජිකයනුත් කිච කර අවසන්. රොහාන් පෙරේරා මුස්ලිම් ජනකොටසට අයත් බව මා දැනගෙන ටිකක් කල්. මා ඔහු හඳුනන්නේ නැහැ. ඔහු හමුවී ඇති බවක්වත් මට මතක නැහැ. සමහරවිට හමු වී ඇති. ඔහු මුස්ලිම් බව මා දැනගත්තේ ශ සාමාජිකයකුගෙන්මයි. මා X සාමාජිකයකු ලෙස හඳුන්වන්නේ X කණ්ඩායමේ අනුගාමිකයකු ව සිටි අයකුයි. අද X කණ්ඩායම Y Z වෙලා. ඒ Z වලට පසු ඉංගිරිසි (රෝම) අකුරක් නැති නිසා මිස කල්ලි නැති නිසා නොවෙයි.
රොහාන් පෙරාරාගේ නම ෆස්ලි නිසාර්. මොහොමඩ් කෑල්ලක් ද ඇතැයි සමහරු කියනවා. ඔහුගේ පවුල් පසුබිම වැදගත්. අප කවුරුත් අපේ හැදියාවේ ඵල. හැමට එල පවුල් පසුබිමක් නැහැ. ෆස්ලිගේ පියා ෆස්ලි කුඩා කළ මව අත්හැර ගොස්. ලැබෙන තොරතුරු අනුව ඔහුට බාප්පා කෙනෙකු ලැබී තියෙනවා. ඔහුට කුඩම්මාගේ සැලකිලි ලැබුණා කියා මා කියන්නේ නැහැ. අපේ සංස්කෘතියේ බාප්පාගේ සැලකිලි ගැන කියැවෙන්නේ නැහැ. මා පදනම් වන්නේ මට ලැබෙන ලැබුණු තොරතුරු මතයි.
ඔහු පසු කලෙක එනම් ජ වි පෙ භීෂණ කාලයේ එහි සාමාජිකයකු ව ඉඳ තියෙනවා. 87 -89 භීෂණ කාලයේ ලලිත් ඇතුළත්මුදලිට ජ වි පෙ තහනම ඉවත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවලට ෆස්ලි ද සහභාගි වී තියෙනවා. ඊනියා සාමයික කේන්ද්‍රයේ තිස්ස බාලසූරිය පූජකතුමා ද ඒ සාකච්ඡා සංවිධානයෙහි ඉඳ තියෙනවා. ජ වි පෙ ඇතුළත්මුදලි කෙරෙහි විශ්වාසයක් නොතිබූ හෙයින් සාකච්ඡා සාර්ථක වී නැහැ. නව සමසමාජ පක්ෂයට සම්බන්ධ වී සිටි කාලයෙහි මා ද ඊනියා සාමයික කේන්ද්‍රයට ආ ගිය කෙනෙක්. එය බුදුසමයට හිතවත් වූ සාමයික කේන්ද්‍රයක් නොවන බව මට වැටහී ගියා. මා එහි යෑම් ඊම් නැවැත්තුවා. කොහොමටත් මට බුද්ධිමතුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වුණේ නැහැ.
මගේ ජීවිතයේ මට විවිධ කතෝලික/ ක්‍රිස්තියානි පූජකවරුන් හමු වී තියෙනවා. තිස්ස බාලසූරිය ඉන් එක් අයකු. තවත් අයකු ඉබ්බාගමුව දේවසරණ ආයතනයේ යොහාන් දේවානන්ද. ඔහු තමන් හඳුන්වා ගත්තේ සේවක යොහාන් දේවානන්ද කියා. අපේ ගෙදරට විවිධ අය පැමිණ තියෙනවා. විවිධ අය හැංගී ඉඳලත් තියෙනවා. රාජ්‍ය සේවා ලිපිකරු සංගමයේ ගුණසේන මහානාම එක් අයෙක්. එංගලන්ත මිලිටන්ට් කණ්ඩායමේ ටෙඩ් ග්‍රාන්ට් තවත් අයෙක්. මා ඔවුන් පාවා දීත් නැහැ. එළවා ගෙනත් නැහැ. එහෙත් සේවක යොහාන් දේවානන්දට නම් සුහද පිළිගැනීමක් ලැබුණේ නැහැ.
ඇතැමුන් කියන්නේ ලලිත් ඇතුළත්මුදලි ෆස්ලි සමග සම්බන්ධකම් පැවැත් වූ බවයි. ජ වි පෙ සාමාජිකයන් අතර විවිධ අය ඉඳ තියෙනවා. ඒ කුමක් වුණත් ෆස්ලි විධිමත් අධ්‍යාපනයක් නොලබා ගෙදරින් පිටව ගිය කෙනෙක්. පසුව ඔහු දේශපාලනයට ඇදී ඇවිත්.
ඔහු තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. ජ වි පෙරමුණට පසුව සම්බන්ධ ව සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ඒ ප්‍රශ්නයට ඔහු ජීවත් ව සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.
-නලින් ද සිල්වා -
මොනවා වුනත් නලින් කාරයා, තාරකා විද්‍යාවෙන් පටං අරන්, මාක්ස්වාදය හරහා පශ්චාත් නූතනවාදය පහු කරලා, X කණ්ඩායමටත් පුකේ ඇරලා ක්වොන්ටම් භොතිකය අස්සෙන් රිංගලා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හොයාගෙන සිංහල බුද්ධාගම අස්සෙ නැවතුනා,, පුදුම බුවෙක්..
------
Post added on Apr 16, 2024 at 9:28 PM