කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ ලමයි සෙට් එකකට අයිටී උගන්නල තියෙනවද? එහෙම උනා නන් මම ඔය කියන එක තේරෙනව. පන්තියක ඉන්නෙ බන් ඔය විදියට හිතන අය 20%ක් වගේ තව 20%ක් ඉන්නව මොන මගුල කරත් වැඩක් නෑ කරගන්න නෑ. උගන්න කෙනයි ක්ලාස් එකයි දෙකම සක්සස් වෙන්න අපි කරන්නෙ මැද ලෙවල් එකට පොඩ්ඩක් අඩු සෙට් එක ටාර්ගට් කරල කියල දෙනව එතකොට 70%ක් විතර ක්ලාස් එකෙන්ම ගොඩ යනව.

    මුලු ක්ලාස් එකෙන්ම 40%ක් විතර ඉන්නව සන්කීරණ දේවල් ඔළුවෙ ප්‍රොසෙස් කරන්න ලෝන්ග් ටර්ම් මෙමරි නැති අන්න ඒ සෙට් එක ගොඩ දාගන්න එක තමා මගෙ ටාර්ගට් එක උන්ට වැඩියෙන්ම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ එක එක නම් මතක තියාගන්න එක. දෙයක් එක්ස්ප්ලේන් කරන්න කිව්වම කන්සෙප්ට් එක දන්නව ඒත් කියාගන්න බෑ ඔය නම් මතක නැති නිසා. එතකොට උන් වැඩි හරියක් ෆේල් වෙනව හරි නම කියා ගන්න බැරුව. එහෙම නැතුව එදිනෙදා භාවිතා වෙන දෙයකින් නම් වෙලා තිබ්බ නන් ඕක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ ඒ ළමයිට ඕක කියන්න. දැන් වෙලා තියෙන්නෙ සින්හල නම මතක තියාගන්න අරිට වඩා ගේමක් දෙන්න ඕනි.

    ඔය ප්‍රශ්නෙ සුදු පැටියන්ට නෑ උන්ගෙ මදර් ටන්ගෙ එක නිසා class කිව්ව ගමන් ඒක භාවිතා වෙන වෙන තැන් ඔළුවෙ මැවෙනව එතකොට කරන්න තියෙනෙන් කන්සෙප්ට් එක ගලපන එක විතරයි. ඒ ගැප් එක නිසා මෙහෙ හැලෙන ළමයි ටික අපරාදෙ.
    සිංහලෙන් කිව්වත් දෙමලින් කිව්වත් වැඩක් නෑනේ මොලේ කන්සෙප්ට් එක නැත්නම්. ඒකට සින්හලද දෙමලද අදාල නෑ හිතෙන් රූපේ ඇදෙනවානම්. කන්සෙප්ට් එක ඔලුවට හරියට දාන්න පුලුවන් නම් දෙමළ වචනයකින් තියෙන එකක් උනත් මේක කියලා මොලෙට එනවා. වචනේ ඇහිලා තියෙනවානම්.
    මාත් කාලයක් ලැබ් ඇසිස්ස්ටන්ට් විදියට හිටියා.

    අලුත් අලුත් වචන ඔලුවට දාගෙන ඒවා මැච් කර කර වැඩේ කරනවාට වඩා එකපාරම ගොඩ දාන එක හොදයි. ක්ලාස් එක කි‍යන්නෙ මොකද්ද කියලා දැන ගන්න ඕන නෑ, ඒකේ කන්සෙප්ට් එක දන්නවානම්. වට් ඊස් ද ක්ලාස් ? කියලා ඇහුවම උදාහරනෙන් කියන්න පුලුවන් නම් හරි. අපිට නම් කැම්පස් එකේ සුපිරිම ලෙක්චරර් කෙනෙක් සෙට් උනා. එයා තමා ඔය කන්සෙප්ට් ඔලුවට දැම්මේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    උබ හිතන් ඉන්න විදියට ළමයින්ගෙ ඔලුව වැඩකරන්නෙ නෑ මචන් සුලුතරයකට ඔය කියන විදියට කරන්න පුළුවන් ඉතුරු ටිකට එහෙම බෑ.

    සිංහලෙන් කිව්වත් දෙමලින් කිව්වත් වැඩක් නෑනේ මොලේ කන්සෙප්ට් එක නැත්නම්. ඒකට සින්හලද දෙමලද අදාල නෑ හිතෙන් රූපේ ඇදෙනවානම්. කන්සෙප්ට් එක ඔලුවට හරියට දාන්න පුලුවන් නම් දෙමළ වචනයකින් තියෙන එකක් උනත් මේක කියලා මොලෙට එනවා. වචනේ ඇහිලා තියෙනවානම්.
    මාත් කාලයක් ලැබ් ඇසිස්ස්ටන්ට් විදියට හිටියා.

    අලුත් අලුත් වචන ඔලුවට දාගෙන ඒවා මැච් කර කර වැඩේ කරනවාට වඩා එකපාරම ගොඩ දාන එක හොදයි. ක්ලාස් එක කි‍යන්නෙ මොකද්ද කියලා දැන ගන්න ඕන නෑ, ඒකේ කන්සෙප්ට් එක දන්නවානම්. වට් ඊස් ද ක්ලාස් ? කියලා ඇහුවම උදාහරනෙන් කියන්න පුලුවන් නම් හරි. අපිට නම් කැම්පස් එකේ සුපිරිම ලෙක්චරර් කෙනෙක් සෙට් උනා. එයා තමා ඔය කන්සෙප්ට් ඔලුවට දැම්මේ.
    අනේ මන්ද බං මමත් guest lecturing කරලා තියනවා ඔය හැකර් කියන අදහසම තමයි මාත් කියන්නේ.

    ඉංග්‍රීසි වචනයක් දැක්කම අව්ල් යන එවුන් STEM වලින් කොයි තරමක් දුර යන්නද කියන ප්‍රශ්නේ තියනවා.
     
    • Like
    Reactions: The Hacker

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    අනේ මන්ද බං මමත් guest lecturing කරලා තියනවා ඔය හැකර් කියන අදහසම තමයි මාත් කියන්නේ.

    ඉංග්‍රීසි වචනයක් දැක්කම අව්ල් යන එවුන් STEM වලින් කොයි තරමක් දුර යන්නද කියන ප්‍රශ්නේ තියනවා.
    මේ කියන්නෙ බන් 10,11,12,13 වසර වල ලමයි ගැන බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    මේ කියන්නෙ බන් 10,11,12,13 වසර වල ලමයි ගැන බන්
    උන් තමයි ඉතින්, උන්ටත් වැඩක් නැති ලෝකෙටත් වැඩක් නැති විදිහට උගනල තේරුමක් නැනේ.

    අනිත් එකට කන්සෙප්ට් එකට ලේබල් එක අදාළ නෑ, උන් class කියන වචනෙටම බය වෙනවා නම් එතන තියෙන්නේ වෙනම අව්ලක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    උන් තමයි ඉතින්, උන්ටත් වැඩක් නැති ලෝකෙටත් වැඩක් නැති විදිහට උගනල තේරුමක් නැනේ.

    අනිත් එකට කන්සෙප්ට් එකට ලේබල් එක අදාළ නෑ, උන් class කියන වචනෙටම බය වෙනවා නම් එතන තියෙන්නේ වෙනම අව්ලක්
    ඒක ඩිපෙන්ඩ් වෙනව උන් එච්චර කල් ඉගෙන ගෙන තියෙන විදිය රටාව බාසාව අනුව ඔය 10,11 වසරෙන් හැලෙන ළමයි ටිකක් එක්ක කතා කරල බලපන් මොනව වගේ දේවල් නිසාද ඒක වෙන්නෙ කියල. එතකොට තේරෙනව ඔය ඉන්ග්‍රිස් කෑල්ලක් අහපු ගමන් ලමයි බය වෙන්නෙ ඇයි කියල.

    අනික ඉතින් කන්සෙප්ට් එකට ලේබල් එක අදාල නැත්තන් ඕක තව ටිකක් සරල කරල සින්හලෙන් තිබ්බට අවුලකුත් නෑනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ඒක ඩිපෙන්ඩ් වෙනව උන් එච්චර කල් ඉගෙන ගෙන තියෙන විදිය රටාව බාසාව අනුව ඔය 10,11 වසරෙන් හැලෙන ළමයි ටිකක් එක්ක කතා කරල බලපන් මොනව වගේ දේවල් නිසාද ඒක වෙන්නෙ කියල. එතකොට තේරෙනව ඔය ඉන්ග්‍රිස් කෑල්ලක් අහපු ගමන් ලමයි බය වෙන්නෙ ඇයි කියල.

    අනික ඉතින් කන්සෙප්ට් එකට ලේබල් එක අදාල නැත්තන් ඕක තව ටිකක් සරල කරල සින්හලෙන් තිබ්බට අවුලකුත් නෑනෙ.
    එහෙම ඉගනගෙන වැඩක් නැති එක රටාවට අදාළ නැනේ? ඔතනින් එහාට උන්ට ඕකෙන් වැඩක් නෑ ඉතින් තෙරුමක්ම නෑ.

    කන්සෙප්ට් එකට ලේබල් එක අදාළ නැති නිසා තමයි අලුත් ලේබල් මවන්නේ නැතුව උන්ට අනාගතයටත් ප්‍රයෝජනයක් තියන සහ තව තොරතුරු හොයාගන්න ලේසි ඉංග්‍රීසි ලේබල් උගන්නන කියන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    එහෙම ඉගනගෙන වැඩක් නැති එක රටාවට අදාළ නැනේ? ඔතනින් එහාට උන්ට ඕකෙන් වැඩක් නෑ ඉතින් තෙරුමක්ම නෑ.

    කන්සෙප්ට් එකට ලේබල් එක අදාළ නැති නිසා තමයි අලුත් ලේබල් මවන්නේ නැතුව උන්ට අනාගතයටත් ප්‍රයෝජනයක් තියන සහ තව තොරතුරු හොයාගන්න ලේසි ඉංග්‍රීසි ලේබල් උගන්නන කියන්නේ.
    අපිට කියන්න බෑ බන් වැඩක් ගන්නෙ නෑ කියල ඉගෙන ගෙන අවබෝධ උනාට පස්සෙ IT දැනුමද Art දැනුමද කියල වෙනසක් නෑ නිර්මාණයක් කරන්න ගියාම ඔක්කොම එක ගොඩේ වැඩ කරන්නෙ.

    මගෙ තියෙන එක්ස්පීරියන්සෙ එකෙන් නන් ඔය දෙකම එකට කියල දෙන්න ඕනි මුලදි නැත්තන් දෙකෙන් එකක්වත් වැඩක් නැති කරගන්නව බහුතරයක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    අපිට කියන්න බෑ බන් වැඩක් ගන්නෙ නෑ කියල ඉගෙන ගෙන අවබෝධ උනාට පස්සෙ IT දැනුමද Art දැනුමද කියල වෙනසක් නෑ නිර්මාණයක් කරන්න ගියාම ඔක්කොම එක ගොඩේ වැඩ කරන්නෙ.

    මගෙ තියෙන එක්ස්පීරියන්සෙ එකෙන් නන් ඔය දෙකම එකට කියල දෙන්න ඕනි මුලදි නැත්තන් දෙකෙන් එකක්වත් වැඩක් නැති කරගන්නව බහුතරයක්.
    ඉංග්‍රීසි වචනයක් දැක්ක ගමන් බය වෙන එකක් STEM වලින් වැඩක් ගන්නේ කොහොමද බං? දෙක වසරේ ඉඳන් ඉංග්‍රීසි උගන්නලත් 13 වසරේ ළමයි එතන නම් ඉන්නේ වෙනම ප්‍රශ්නයක් නේද?

    වචන ටික පරිවර්තනය කරන එකෙන් උන්ටම වෙන්නේ හානියක්, අර facebook මුහුණු පොත කරපු එවුන්ව නම් ගහල එලවන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    ඉංග්‍රීසි වචනයක් දැක්ක ගමන් බය වෙන එකක් STEM වලින් වැඩක් ගන්නේ කොහොමද බං? දෙක වසරේ ඉඳන් ඉංග්‍රීසි උගන්නලත් 13 වසරේ ළමයි එතන නම් ඉන්නේ වෙනම ප්‍රශ්නයක් නේද?

    වචන ටික පරිවර්තනය කරන එකෙන් උන්ටම වෙන්නේ හානියක්, අර facebook මුහුණු පොත කරපු එවුන්ව නම් ගහල එලවන්න ඕනේ.

    එහෙම ප්‍රශ්නයක් තියෙනව මචන්. කැම්පස් එකේ ඉන්ග්‍රිස් කෝස් එකේ හොදටම අවුල් සෙට් එකට වෙනම කෝස් එකක් තියෙනවනෙ ඒකට ඔළුව දාල බලපන්කො එතන ඉන්න අයගෙ ලෙවල් එක.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    එහෙම ප්‍රශ්නයක් තියෙනව මචන්. කැම්පස් එකේ ඉන්ග්‍රිස් කෝස් එකේ හොදටම අවුල් සෙට් එකට වෙනම කෝස් එකක් තියෙනවනෙ ඒකට ඔළුව දාල බලපන්කො එතන ඉන්න අයගෙ ලෙවල් එක.
    ප්‍රශ්නයක් තියනවා තමයි මම කියන්නේ ඒකට විසඳුම වචන සිංහලට හරවන එක නෙවෙයි කියල.

    අපි කොච්චර මොනවා කිව්වත් බං ඉංග්‍රීසි වචනයක් දැක්කම බය හිතෙන එකකට STEM වල අනාගතයක් නෑ, ඕක තමයි කටුක ඇත්ත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    ප්‍රශ්නයක් තියනවා තමයි මම කියන්නේ ඒකට විසඳුම වචන සිංහලට හරවන එක නෙවෙයි කියල.

    අපි කොච්චර මොනවා කිව්වත් බං ඉංග්‍රීසි වචනයක් දැක්කම බය හිතෙන එකකට STEM වල අනාගතයක් නෑ, ඕක තමයි කටුක ඇත්ත.
    එහෙම ඉදපු උන්ව ඒකාලෙ කැම්පස් එකෙන්ම හදල අරගෙන දැන් PHD වලට ඇමරිකත් ගිහින් ඉන්නව. ඒ ලෙවල් එකෙ ළමයිව හදන්න මාරම මහන්සියක් ඒ ක්ලාස් එකේ ඉන්ග්‍රීසි උගන්නන අය ගන්නව. එතනට එන්නෙ නැතුව හැලෙන උන් තමා අපරාදෙ වෙන්නෙ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇයි බන් ඕවට සිංහලෙන් තතුබෑම , ගිනිපවුර වගේ කියන්නෙ නැතුව පිශින්, ෆයර්වෝල් වගේ කියන්න බැරි. එහම හදුන්නලා දුන්න නම් කිසි අවුලක් නෑ නේ.
    බලපන් නිකන් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙක බාගත කරනවා උඩුගත කරනවා කියලා ඕලෙවල් අයිටී වලට උගන්නන්නෙ. ඒත් අපේ අල්ලපු ගෙදර පහ වසරේ පොඩි එකා දන්නවා ඩවුන්ලෝඩ් කියන වචනේ. තේරුමත් උට තේරෙනවා මේකයි වෙන්නෙ කියලා ..
    මන් නම් කියන්නෙ ඔය වගේ ගොන් වැඩ නවත්තන්න ඕන .

    පුලුවන් තරම් පාරිභාශිත වචන ඒ භාශාවෙන්ම තියන්න ඕන .. අපි කවදාවත් සිංහල දාගෙන වැඩ කරන්නෙ නෑ නේ. වැඩ කරන්නෙ ඉන්ග්‍රීසි දාගෙන නේ

    හැම වචනයකටම අමුතුවෙන් සිංහල වචන නිර්මාණය කිරීම ප්‍රායෝගික නෑ කියලයි මමත් හිතන්නේ. ඉංග්‍රිසි භාෂාවෙන් වචන තත්සම විදියට සිංහලයට ගන්න එක වඩා ප්‍රායෝගිකයි. ෆිෂින් කිරීම, ෆය‍ර්වෝලය/ ෆයර්වෝල් එක, ස්පෑම් කිරීම වගේ.

    දැනටමත් අපි ඉංග්‍රිසියෙන් ඕනි තරම් වචන තත්සම ආකාරයට අරන් තියෙනවා. බස් එක, ලොරිය, චැනල් එක, රේඩියෝව වගේ වචන විශාල ගණනක් තියෙනවා.
    මොන උගතා අලුත් වචන හැදුවත් වැඩක් නෑ. යම් වචනයක් සමාජ ව්‍යවහාරයේ නැත්තම් ඒ වචනයට පැවැත්මක් නෑ. ඒ වගේම වටිනා කමක් නෑ.
    කුමාරතුංග මුනිදාස රේඩියෝව හදුන්වන්න "රෙදෙව්ව" කියලා වචනයක් හදුන්වා දුන්නා. හැබැයි වැඩැක් වුනේ නෑ. කාටද රෙදෙව්ව කිව්වම තේරෙන්නේ. කවුරුත් භාවිත කරන්නෙත් නෑ. කිසිවෙකුට තේරෙන්නෙත් නෑ. හැට පැනපු ආච්චිලා සීයලා පවා ෆෝන් එක කියනවා මිසක දුරකථනය කියන්නේ නෑ
    .
    IT field එකේ ගොඩක් වචන දැනටමත් සමාජ ව්‍යවහාරයට එක් වෙලා ඉවරයි. ඒ දේවල් වලට අලුත් වචන නිර්මාණය කළත් ඒවා සමාජ ව්‍යවහාරය භාරගන්නේ නෑ. ඕවා දකින කොට අපිට හිනා යන්නෙත් ඒකයි.
     
    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    මේ බලපන් මේ නම් 😂😂....ගුවන්විදුලි පෙට්ටි පාලනය 😂😂

    WhatsApp Image 2021-03-12 at 00.02.07.jpeg
     
    • Haha
    Reactions: vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan wahalek unath kiyala thiyana de hari methananam. Ehema nathnam IT sinhalen ugannanne nathuwa English medium witharak thiyenna ona. Eth gamwala eka lamayekwath IT karanne nathiwei ita passe.

    මම දැක්ක කාලෙකට කලින් අප්ප්‍රිකාවෙ රටක කලු ලැල්ලක ස්කීන් එක ඇදල වර්ඩ් උගන්නන පොටෝ එකක්..අපේ රටේ ඕක කරානම් සමහරක්ට බඩ යනව, හිතන්නෙ මාර පොශ් විදිහටනෙ,
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මෝඩ කතානෙ, මාධය සිoහල නම් සිoහලෙන් නොලිය අහවල් දෙයින්ද ලියන්ඩ කියන්නෙ????, කැම්පස් එකේ උගන්නන මාධය ඇමරිකාවෙ උගන්නන බාෂාව අදාල වෙන්නෙ නැනෙ සිoහල මාධයෙන් ලoකාවෙ පාසලක උගන්නන එකකට, 2500 තිබ්බත් උබල වගේ මෝඩයො බිහිවෙනව ඉතින් සරla සිoහල නොතේරෙන
    ගොන් කතා කියන්න එපා පොන්ස්!!! ලංකාවේ නිදහස් අද්‍යාපනය තිබුනත් ගැමි ළමයින් බොහෝවිට හිරවෙන තැනක් තමයි නියම ඉංග්‍රීසි අද්යාපනයක් නැතිකම. IT වගේ විෂයක් අනිවාර්යයෙන්ම මුල ඉදලම ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි. IT ඉගනගැනීම තුල ළමයින්ගේ ඉංග්‍රීසි දැනීමත් නොදැනීම ඉහල යනවා. 90' දශකය වෙනකම් ඉලෙක්ට්‍රොනික් වලින් ලෝකේ හොල්ලගන හිටපු ජපානේ පරිගණක ලෝකය තුල යම්කිසි පසුබෑමකට ලක්වුණේ ජපානේ තියන ඉංග්‍රීසි දැනුමේ ප්‍රශ්නය හින්ද... ජපානෙට එහෙම උනානම් 69ලක්ෂයක් බයියෝ ඉන්න ලංකාව ගැන කවර කතාද ???? දුරදර්ශි නායකයෙක් වුන රනිල් , ඔය දෙකේ අවශ්‍යතාව මුලදීම දැක්කා.....

    ඈ බෝල එරෝ.... මේ සිංහලෙන් "
    ඇඹරි යුගලය " කියන්නේ මොකේටද බන් ??? අර රාජ-පස්සක් දැක්කහම ඔබේ යුගලයට වෙන වින්නැහියද??????
     
    • Haha
    Reactions: Gunther

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනටමත් HTML, CSS, Javascript, Pascal පුලුවන් මගෙ පොඩි එකාට ඉස්කෝලෙ IT කරන්න එපා කියල මම කියල තියෙන්නෙ ඔය හේතුව නිසා