සිංහලෙන් කිව්වත් දෙමලින් කිව්වත් වැඩක් නෑනේ මොලේ කන්සෙප්ට් එක නැත්නම්. ඒකට සින්හලද දෙමලද අදාල නෑ හිතෙන් රූපේ ඇදෙනවානම්. කන්සෙප්ට් එක ඔලුවට හරියට දාන්න පුලුවන් නම් දෙමළ වචනයකින් තියෙන එකක් උනත් මේක කියලා මොලෙට එනවා. වචනේ ඇහිලා තියෙනවානම්.උබ ලමයි සෙට් එකකට අයිටී උගන්නල තියෙනවද? එහෙම උනා නන් මම ඔය කියන එක තේරෙනව. පන්තියක ඉන්නෙ බන් ඔය විදියට හිතන අය 20%ක් වගේ තව 20%ක් ඉන්නව මොන මගුල කරත් වැඩක් නෑ කරගන්න නෑ. උගන්න කෙනයි ක්ලාස් එකයි දෙකම සක්සස් වෙන්න අපි කරන්නෙ මැද ලෙවල් එකට පොඩ්ඩක් අඩු සෙට් එක ටාර්ගට් කරල කියල දෙනව එතකොට 70%ක් විතර ක්ලාස් එකෙන්ම ගොඩ යනව.
මුලු ක්ලාස් එකෙන්ම 40%ක් විතර ඉන්නව සන්කීරණ දේවල් ඔළුවෙ ප්‍රොසෙස් කරන්න ලෝන්ග් ටර්ම් මෙමරි නැති අන්න ඒ සෙට් එක ගොඩ දාගන්න එක තමා මගෙ ටාර්ගට් එක උන්ට වැඩියෙන්ම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මේ එක එක නම් මතක තියාගන්න එක. දෙයක් එක්ස්ප්ලේන් කරන්න කිව්වම කන්සෙප්ට් එක දන්නව ඒත් කියාගන්න බෑ ඔය නම් මතක නැති නිසා. එතකොට උන් වැඩි හරියක් ෆේල් වෙනව හරි නම කියා ගන්න බැරුව. එහෙම නැතුව එදිනෙදා භාවිතා වෙන දෙයකින් නම් වෙලා තිබ්බ නන් ඕක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ ඒ ළමයිට ඕක කියන්න. දැන් වෙලා තියෙන්නෙ සින්හල නම මතක තියාගන්න අරිට වඩා ගේමක් දෙන්න ඕනි.
ඔය ප්‍රශ්නෙ සුදු පැටියන්ට නෑ උන්ගෙ මදර් ටන්ගෙ එක නිසා class කිව්ව ගමන් ඒක භාවිතා වෙන වෙන තැන් ඔළුවෙ මැවෙනව එතකොට කරන්න තියෙනෙන් කන්සෙප්ට් එක ගලපන එක විතරයි. ඒ ගැප් එක නිසා මෙහෙ හැලෙන ළමයි ටික අපරාදෙ.
මාත් කාලයක් ලැබ් ඇසිස්ස්ටන්ට් විදියට හිටියා.
අලුත් අලුත් වචන ඔලුවට දාගෙන ඒවා මැච් කර කර වැඩේ කරනවාට වඩා එකපාරම ගොඩ දාන එක හොදයි. ක්ලාස් එක කියන්නෙ මොකද්ද කියලා දැන ගන්න ඕන නෑ, ඒකේ කන්සෙප්ට් එක දන්නවානම්. වට් ඊස් ද ක්ලාස් ? කියලා ඇහුවම උදාහරනෙන් කියන්න පුලුවන් නම් හරි. අපිට නම් කැම්පස් එකේ සුපිරිම ලෙක්චරර් කෙනෙක් සෙට් උනා. එයා තමා ඔය කන්සෙප්ට් ඔලුවට දැම්මේ.