කවුරුවත් motivational කතාව (real motivation)

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ තාත්තාට ලොකු ව්‍යාපාර තියෙන, වතුපිටි ගේ දොර ඉඩකඩම් තියෙන ලොකු සල්ලිකාරයෙක්. ඒ වගේම අපේ තාත්තා ගොඩක් දේශපාලන contacts තියෙන, මැති ඇමතිලා ඇතුළු සියලු ප්‍රභූන් අඳුරන well-connected මනුස්සයෙක්. මගේ මුල්ම ව්‍යාපාරය ඇඳුම් බිස්නස් එකක්. ඒක පටන් ගන්න තාත්තා රුපියල් මිලියනයක් දුන්න. තව අපේ ටවුන් එකේ තියෙන තට්ටු දෙකේ බිල්ඩින් එකත් දුන්නා. මාස දෙකක් යද්දී රුපියල් මිලියනයම නාස්තිවෙලා මගේ ව්‍යාපාරය කඩා වැටුනා. ඒක ගොඩ ගන්න තාත්තා මට තව මිලියනයක් දුන්නා. ඒකත් නැතිවෙලා මම අන්තිම අසරණ අඩියකට වැටිලා ව්‍යාපාරය වහලා දැම්මා. දැන් මට සත පහක් නෑ. මම ගෙදරට වෙලා ඉද්දි මට අදහසක් ආවා වැලි ව්‍යාපාරයක් කරන්න. නමුත් ඒක කරන්න රජයේ අවසරය ගන්න ක්‍රමයක් තිබුනේ නෑ. මගේ තාත්තට මේක කිව්වම තාත්තා ඒකට මොකක් හරි කරන්නම් කිව්වා. සති දෙකක් විතර ගියාම දවසක් හදිසියේම ඇමතිතුමා අපේ ගෙදරට ආවා. තාත්තලා උඩ තට්ටුවේ සෙට් උනා. ටික වෙලාවකින් මම එතෙන්ට ගියාම ඇමතිතුමා හිනාවෙලා මම දිහා බලලා

    "ආ.... ජයේ මෙයාද මිනිහා"

    "ඔව් සර්, මිනිහට හොඳ බිස්නස් මොලයක් තියෙන නිසා මම වැඩිය අධ්‍යාපනය පැත්තට push කරේ නෑ. අනිත් එක මම නැති උනාම මේ දේවල් බලාගන්නත් කවුරුහරි ඉන්න ඕනෙනේ"

    "ඔව් අයිසේ අපේ මිනිහත් පිස්සු කෙල කෙල ඉන්නවා, මම කිව්වා ඊළඟ ඡන්දේ පළාත් සබාවට නොමිනේෂන් අරන් දෙන්නම් දැන් ඔය දැඟලුවා ඇති කියලා... මේවගේ පිළිවෙලක් කරලා අපිත් නිදහස් වෙන්න ඕනෙනේ ජයේ"

    මට තේරුනා තාත්තා ඇමතිතුමාට බෝලේ බස්සනවා කියල, සතියකින් මගේ වැඩේ හරිගියා. මට අවසරය හම්බ උනා. අපිට දවසට වැලි කියුබ් 200කට අවසර හම්බ උනා. හැබැයි තාත්තා ෂුවර් නිසා මම කියුබ් 500කින් මෙහා කවදාවත් නැවැත්තුවේ නෑ. ඉක්මනින් මම දියුණු උනා. තාත්තා අඳුරන ඇමැතිලාගේ අමාත්‍යාංශවලින් මට කොන්ත්‍රාත් හම්බ උනා. කෝටි 50ක වැඩේ මම කෝටි 20න් කරලා ඇමතිතුමාට 10ක් දුන්නා. නිලධාරීන්ට 5ක් දුන්නා. ඉතුරු 15 මට. මුකුත් ප්‍රශ්නයක් ආවොත් තාත්තා ඒක ගානට ශේප් කරලා දුන්නා. ටික කාලෙකින් මම කෝටිපති ව්‍යාපාරිකයෙක්.
    ඔහොම ඉද්දි ඇමතිතුමාගේ දුවව මට තාත්තා කතා කරලා දුන්නා. ලොකු ලස්සනක් නැතත් මම බැන්දා. වේදීන් එකටත් කොටි දෙකකට එහා වියදම්. ජනාධිපතිතුමා පවා ආවා. දෑවැද්ද කෝටි 50කට එහා. මේ සිද්දියත් එක්ක මාව ප්‍රසිද්ධ වෙන්න ගත්තා. දවසක් යු ටියුබ් එකේ වීඩියෝ කරන පොඩි කොල්ලෙක් මාව හොයාගෙන ඇවිත් "අපිට් සර්ගේ ඉන්ටර්විව් එකක් ගන්න පුලුවන්ද?" ඇහුව. උන් ආවට පස්සේ මම මගේ ජිවිත කතාව කිව්වා.

    "මල්ලි මම ගොඩක් පොඩි තැනක ඉඳන් ආව කෙනෙක්, මට මතකයි මුලින්ම මම අතේ තිබුන සේසතම දාලා පටන් ගත්ත ඇඳුම් කඩේ මාස දෙකෙන් වහලා දාන්න උනා. මම කියල කාගෙන් උදව් ඉල්ලන්නද? ඉතුරු සේසතම ආයෙත් දැම්මා ඇඳුම් කඩේට. ඒ ටිකත් නැත්තටම නැති උනා. හරිම අමාරුවෙන් රෑ එළිවෙනකල් මඩේ බැහැගෙන වැලි ඇදලා ඇදලා මම දියුණු උනේ. මේ බලන්න තවම අත්වල කරගැට"

    ඒ කතාව බලපු random facebook අවුරුදු 18ක කොල්ලෙක් comment එකක් දානවා "අයියගේ කතාව අහලා මට මාර ගටක් ආවා, මමත් අනිවාර්යෙන්ම ගේමක් ගහලා අයියා වගේ වෙනවා කවදාහරි"
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    එහෙනම් අවබොධ වෙන්න ඔනි ඔය මොටිවෙශනල් කතාවල් ,මොටිවෙෂනල් ස්පීකර්ස් ලා ,සෙල්ෆ් හෙල්ප් පොත් ලියන උන් (කියොසාකි වගේ )
    ටාගට් කරන්නෙ කොයි වගෙ ඕඩියන්ස් එකක් ද කියන එක.

    ලොකෙ නියම සල්ලිකාරයො වෙච්ච මිනිස්සුන්ට ඔය බහුබූත කතා අහන්න බලන්න වෙලාවල් නැහැ මන් හිතන්නෙ.
    සමහරක් විට ජීවිතෙ යම් අවධියක අහලා ඇති.
    එත් සල්ලිකාරයෙක් වෙන තැනට වැඩ කරන්න ගත්ත දා ඉඳන් ඔය බහුබූත අහන්න වෙලාවක් නැහැ .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Motivational kathaa balala loke goda giya ekake na bung

    goda giya hama ekama anith unge life balanne nathuwa mahansi wecha un

    oya Dilina la, Lasantha lath Motivational balala newe bung goda giyee. godak ma 2000n passe un thama oya seen walata ahu wenne
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ කතාව බලලා motivate උනේ නැත්තන් උඹ තිරිසනෙක් :-(
     
    • Haha
    Reactions: asylum

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    133508243_460952115302004_2134187764842013798_o.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙනම් අවබොධ වෙන්න ඔනි ඔය මොටිවෙශනල් කතාවල් ,මොටිවෙෂනල් ස්පීකර්ස් ලා ,සෙල්ෆ් හෙල්ප් පොත් ලියන උන් (කියොසාකි වගේ )
    ටාගට් කරන්නෙ කොයි වගෙ ඕඩියන්ස් එකක් ද කියන එක.

    ලොකෙ නියම සල්ලිකාරයො වෙච්ච මිනිස්සුන්ට ඔය බහුබූත කතා අහන්න බලන්න වෙලාවල් නැහැ මන් හිතන්නෙ.
    සමහරක් විට ජීවිතෙ යම් අවධියක අහලා ඇති.
    එත් සල්ලිකාරයෙක් වෙන තැනට වැඩ කරන්න ගත්ත දා ඉඳන් ඔය බහුබූත අහන්න වෙලාවක් නැහැ .
    කියෝසාකිගේ මුල් පොත ඇත්ත, ඌ ඒක ලිව්වේ ප්‍රසිද්දිය බලාගෙන නෙවෙයි. හැබැයි ඒක හිට් උනාට පස්සේ ඌ කරේ ඒක වටේට ලොකු බිස්නස් එකක් හැදුවා. බිස්නස් එකක් පටන් ගත්තම ඉතින් මිනිස්සු ගෙන්නගන්න ඕනෙනේ. එතකොට ඔන්න මූ ඉස්කෝලේ යන්න එපා, ඒවා ගොබ්බයි වගේ ටෝක් දෙන්න පටන් ගත්තා.

    ඔය ගොඩාක් logically හිතනවා වගේ ඉන්න රැඩිකල් ඩයල් ඉන්නවා නේද? උන්ව අල්ලගන්න හරිම ලේසියි. මොකද උන්ට ඕනේ කොහොමත් වෙනස් විදියට හිතන්නනේ. එතකොට මොකක් හරි ගොබ්බ කතාවක් කියලා ඒක සාධාරණීකරණය කරන්න Logical explanation එකක් දුන්නම උන් ඒකට අහුවෙනවා. ඉස්කෝල කාලකන්නියි කිව්වා ගමන් ඔක්කොම අරූට බනින්න එනවා, එතකොට ඌ ඒකට logical explanation එකක් දෙනවා financial literacy ගැන උගන්වන්නේ නැති හින්දා ඉස්කෝල ගොබ්බයි කියලා. උගේ ට්‍රයි එක ඔක්කොම convince කරගන්න නෙවේ. කීප දෙනෙක් convince කරගන්න විතරයි. ඊට පස්සේ ඔය convince උන ටික දෙනා ඉස්කෝල ගොබ්බයි කියන මතවාදය කර උඩ තියාගෙන පිලිගන්නවා. ඉතින් උන් "ඉස්කෝලේ යන්නේ මෝඩයෝ" "සිද්ධාලේප වේද මහත්තයා ඉස්කෝලේ ගිහින්ද දියුණු උනේ" වගේ ටෝක් දිදී අර මතවාදය පවත්වාගෙන යනවා. කියෝසාකි පට්ට වැඩ්ඩේක් වෙනවා මුන් අතරේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    Motivational kathaa balala loke goda giya ekake na bung

    goda giya hama ekama anith unge life balanne nathuwa mahansi wecha un

    oya Dilina la, Lasantha lath Motivational balala newe bung goda giyee. godak ma 2000n passe un thama oya seen walata ahu wenne
    අනික හාර්ඩ් වර්ක් තියෙන්නෙ .උදෙ හවහා නොබලා වැඩ තමන්ගෙ සාර්ථකත්වය වෙනුවෙන්.
    වෙලාවකට නිදාගන්නෙත් ඔෆිස් එකෙ.
    කියෝසාකිගේ මුල් පොත ඇත්ත, ඌ ඒක ලිව්වේ ප්‍රසිද්දිය බලාගෙන නෙවෙයි. හැබැයි ඒක හිට් උනාට පස්සේ ඌ කරේ ඒක වටේට ලොකු බිස්නස් එකක් හැදුවා. බිස්නස් එකක් පටන් ගත්තම ඉතින් මිනිස්සු ගෙන්නගන්න ඕනෙනේ. එතකොට ඔන්න මූ ඉස්කෝලේ යන්න එපා, ඒවා ගොබ්බයි වගේ ටෝක් දෙන්න පටන් ගත්තා.

    ඔය ගොඩාක් logically හිතනවා වගේ ඉන්න රැඩිකල් ඩයල් ඉන්නවා නේද? උන්ව අල්ලගන්න හරිම ලේසියි. මොකද උන්ට ඕනේ කොහොමත් වෙනස් විදියට හිතන්නනේ. එතකොට මොකක් හරි ගොබ්බ කතාවක් කියලා ඒක සාධාරණීකරණය කරන්න Logical explanation එකක් දුන්නම උන් ඒකට අහුවෙනවා. ඉස්කෝල කාලකන්නියි කිව්වා ගමන් ඔක්කොම අරූට බනින්න එනවා, එතකොට ඌ ඒකට logical explanation එකක් දෙනවා financial literacy ගැන උගන්වන්නේ නැති හින්දා ඉස්කෝල ගොබ්බයි කියලා. උගේ ට්‍රයි එක ඔක්කොම convince කරගන්න නෙවේ. කීප දෙනෙක් convince කරගන්න විතරයි. ඊට පස්සේ ඔය convince උන ටික දෙනා ඉස්කෝල ගොබ්බයි කියන මතවාදය කර උඩ තියාගෙන පිලිගන්නවා. ඉතින් උන් "ඉස්කෝලේ යන්නේ මෝඩයෝ" "සිද්ධාලේප වේද මහත්තයා ඉස්කෝලේ ගිහින්ද දියුණු උනේ" වගේ ටෝක් දිදී අර මතවාදය පවත්වාගෙන යනවා. කියෝසාකි පට්ට වැඩ්ඩේක් වෙනවා මුන් අතරේ.
    රැඩිකල් වෙන එකෙ අවුලක් නැහැ.
    එත් රැඩිකල් වෙලා තමන් දෙයක් කරලා පෙන්වන එක තමා හොඳම දෙ.
    ගොඩක් වෙලාවට වෙන්නෙ අනික් උන්ව අමාරුවෙ දාන වැඩ .

    හොඳම දෙ ඔය මොටිවෙෂනල් උට්ටවල් අහන්නෙ නැතුව තමන්ගෙ වැඩෙ කරගෙන යන එක සාර්ථක උනා හො නොවුනා.
    මම ඔය මොටිවෙෂනල් ස්පීකර්ස් ලා ට කන් දෙන එක නවත්තලා ගොඩක් කල්.
    ඔය ගොඩක් සෙල්ෆ් හෙල්ප් ,මොටිවෙශනල් පොත් ලියන උන් එක්කො බිස්නස් කරලා කෙලවගත්ත උන් එක්කො ස්කැම් වලට අහුවෙලා හිරෙ ගිහින් ආපු උන්.

    කියොසාකිත් බිස්නස් කරලා කෙලවගත්ත එකෙක්.
    එතකොට නැපොලියන් හිල් ,එතකොට අර වුල්ෆ් ඔෆ් ද වොල්ස් ස්ට්‍රීට් පොර එහෙම
    ගොඩක් උන් ඔහොම තමා.
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    "ඩොලර් එකකින් ඩොලර් 100ක් හොයන හැටි" පොත ගත්තු එකෙක් මතක් උනා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනික හාර්ඩ් වර්ක් තියෙන්නෙ .උදෙ හවහා නොබලා වැඩ තමන්ගෙ සාර්ථකත්වය වෙනුවෙන්.
    වෙලාවකට නිදාගන්නෙත් ඔෆිස් එකෙ.

    රැඩිකල් වෙන එකෙ අවුලක් නැහැ.
    එත් රැඩිකල් වෙලා තමන් දෙයක් කරලා පෙන්වන එක තමා හොඳම දෙ.
    ගොඩක් වෙලාවට වෙන්නෙ අනික් උන්ව අමාරුවෙ දාන වැඩ .

    හොඳම දෙ ඔය මොටිවෙෂනල් උට්ටවල් අහන්නෙ නැතුව තමන්ගෙ වැඩෙ කරගෙන යන එක සාර්ථක උනා හො නොවුනා.
    මම ඔය මොටිවෙෂනල් ස්පීකර්ස් ලා ට කන් දෙන එක නවත්තලා ගොඩක් කල්.
    ඔය ගොඩක් සෙල්ෆ් හෙල්ප් ,මොටිවෙශනල් පොත් ලියන උන් එක්කො බිස්නස් කරලා කෙලවගත්ත උන් එක්කො ස්කැම් වලට අහුවෙලා හිරෙ ගිහින් ආපු උන්.

    කියොසාකිත් බිස්නස් කරලා කෙලවගත්ත එකෙක්.
    එතකොට නැපොලියන් හිල් ,එතකොට අර වුල්ෆ් ඔෆ් ද වොල්ස් ස්ට්‍රීට් පොර එහෙම
    ගොඩක් උන් ඔහොම තමා.
    Success කියන දේ ගොඩාක් කරුණු මත රඳා පවතිනවා. මහන්සිය, timing, විශේෂයෙන්ම වාසනාව කියනදේ මතත්. හැබැයි ගොඩක් අය ඒ වාසනාව වගේ දේවල් අතාරලා මහන්සිය තමයි හැමදේම කියලා පෙන්නන්න හදනවා. දැන් Elon musk උනත් තව එක රොකට් එකක් කඩා වටුනනනම් හබක්වෙලා යනවා. අවසාන මොහොතේ Nasaඑකෙන් contract එක දුන්න නිසා ගොඩගියා. ඒක දුන්නේ නැත්තන් SpaceX කියලා එකක් නෑ. හැබැයි අපි වාසනාවන්ත වෙන්නනම් අපි ගොඩක් දේවල් උත්සහ කරන්න ඕනේ. එතකොට එකක් හරි හරියනවා. එහෙම නැත්තන් හුකස් තමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ගොඩාක් logically හිතනවා වගේ ඉන්න රැඩිකල් ඩයල් ඉන්නවා නේද? උන්ව අල්ලගන්න හරිම ලේසියි. මොකද උන්ට ඕනේ කොහොමත් වෙනස් විදියට හිතන්නනේ. එතකොට මොකක් හරි ගොබ්බ කතාවක් කියලා ඒක සාධාරණීකරණය කරන්න Logical explanation එකක් දුන්නම උන් ඒකට අහුවෙනවා.
    හරියට "මහින්ද හොරාකෑවේ නෑ" වගේ එකක් නේද :rolleyes:
     
    • Like
    Reactions: hodakolla