එහෙම දන්නේ නෑ.
@greenthunder ගෙන් අහමු.
කොහොමත් නවතින්න කියල දෙන විෂයක් නේ එතකොට සමහර අපි පවතින්න කරන වැඩ valid නැතිව ඇති.
හෙළයෙක් දෙන්න ඕනෙ පිලිතුර දීල තියෙනවා. බුදුදහම නැවැත්ම උදෙසා ඇති දහමක්. එහෙමයි කියලා ඒක ඇතුළේ ගිහි බෞද්ධ සංස්කෘතියක්, බෞද්ධ ගිහි ජීවිතයක් කියන එකට බාධාවක් නැහැ. නමුත්, ස්ට්‍රික්ට් විදිහට මෙන්න මෙහෙමයි ගිහියා ජීවත්විය යුතු මෙන්න මෙහෙමයි කරන්නෙ ආදී "ෆෝමල්" නීති පද්ධතියක්, උපදෙස් පද්ධතියක් ඇතැයි කියලා හිතන්න අපහසුයි. සමහර කාරණා නිර්වාණගාමී ප්‍රතිපදාවට විරුද්ධ වුනත් ඒවා
ගිහියන් විසින් කරන දෑ විදිහට දැකලා බුදුන් නිශ්ශබ්ද වෙන්න ඇති කියලා පිටකය දෙස බැලුවාම හිතන්න පුලුවන්. බුදුන් වැඩිමනක් බණ කිව්වෙ ශ්‍රමණයන්ට. ශ්‍රමණ - ගිහි කියන ස්පෙක්ට්‍රම් එකේ තමන් ඉන්න තැන අනුව ධර්මය අදාල කරගන්න පුලුවන්.
ඒ බණ ගිහි සමාජයට කියනකොට පරිස්සමට දේශනාව ගලපලා කරන්න ඕනෙ. සිංහයෙක් වගේ "යනවානම් යන්න" කියන එක යම් කිසි දරුවෙක්ගෙ සිදුවීමක් මුල් කරගෙන එයාටම උපදෙසක් විදිහට කිව්වාද පොදුවේ සාධාරණ හේතු ඇතුව කිව්වාද කියන එක ගැන දන්නැතිව කියන්න අපහසුයි.
බෞද්ධ ගිහි ජීවිතය තුල ආදරය, මෙත්‍රීය, කරූණාව, මුදිතාව සහ උපේක්ෂාව කියන ගුණාංග
පිලිවෙලින් පුරුදු පුහුණු කරන්න
සිදුවෙන සහ
සිදුකලයුතු ගුණාංග විදිහට දකින්න පුලුවන්.