කවුරු හරි තමාව අත්හරිනවා නම් , අත්හැරලම දාන්න .... 🙏🌸

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මහින්ද මහත්තය අපි ඔක්කොටම ඇරල ගියා

    ඒත් අපි කොහොමද එතුමාට යන්න දෙන්නෙ

    යුද්දේ දින්න එතුමාට එහෙම යන්න දෙන්න බෑ. රට ජාතිය ආගම රැකගන්න එතුමා ඉන්න ඕන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.
     
    • Haha
    Reactions: Voldemort Bro

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිංහයා කියන්නෙ පරපන නසන තිරිසන්ලෝකෙ ලෝකෙ ඉන්න සතෙක්
     
    • Like
    Reactions: Candid-B

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    ආදරේ කරන ඒක වැරැද්දක් ද සාදු එතකොට?? එතකොට අපි මොකද්ද කරන්න ඕනි? :eek:

    කෙනෙක්ව අතැරළම දාන්න කියන්නේ ego එක නේද? ඒ ප්‍රහාණය කළ යුතු සක්කාය දිට්ඨිය නේද?

    මේක බුද්ධාගමේ එන මතයක්ද? @හෙළයෙක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ආදරේ කරන ඒක වැරැද්දක් ද සාදු එතකොට?? එතකොට අපි මොකද්ද කරන්න ඕනි? :eek:

    කෙනෙක්ව අතැරළම දාන්න කියන්නේ ego එක නේද? ඒ ප්‍රහාණය කළ යුතු සක්කාය දිට්ඨිය නේද?

    මේක බුද්ධාගමේ එන මතයක්ද? @හෙළයෙක්
    එහෙම දන්නේ නෑ. @greenthunder ගෙන් අහමු.

    කොහොමත් නවතින්න කියල දෙන විෂයක් නේ එතකොට සමහර අපි පවතින්න කරන වැඩ valid නැතිව ඇති.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එහෙම දන්නේ නෑ. @greenthunder ගෙන් අහමු.

    කොහොමත් නවතින්න කියල දෙන විෂයක් නේ එතකොට සමහර අපි පවතින්න කරන වැඩ valid නැතිව ඇති.

    හෙළයෙක් දෙන්න ඕනෙ පිලිතුර දීල තියෙනවා. බුදුදහම නැවැත්ම උදෙසා ඇති දහමක්. එහෙමයි කියලා ඒක ඇතුළේ ගිහි බෞද්ධ සංස්කෘතියක්, බෞද්ධ ගිහි ජීවිතයක් කියන එකට බාධාවක් නැහැ. නමුත්, ස්ට්‍රික්ට් විදිහට මෙන්න මෙහෙමයි ගිහියා ජීවත්විය යුතු මෙන්න මෙහෙමයි කරන්නෙ ආදී "ෆෝමල්" නීති පද්ධතියක්, උපදෙස් පද්ධතියක් ඇතැයි කියලා හිතන්න අපහසුයි. සමහර කාරණා නිර්වාණගාමී ප්‍රතිපදාවට විරුද්ධ වුනත් ඒවා ගිහියන් විසින් කරන දෑ විදිහට දැකලා බුදුන් නිශ්ශබ්ද වෙන්න ඇති කියලා පිටකය දෙස බැලුවාම හිතන්න පුලුවන්. බුදුන් වැඩිමනක් බණ කිව්වෙ ශ්‍රමණයන්ට. ශ්‍රමණ - ගිහි කියන ස්පෙක්ට්‍රම් එකේ තමන් ඉන්න තැන අනුව ධර්මය අදාල කරගන්න පුලුවන්.

    ඒ බණ ගිහි සමාජයට කියනකොට පරිස්සමට දේශනාව ගලපලා කරන්න ඕනෙ. සිංහයෙක් වගේ "යනවානම් යන්න" කියන එක යම් කිසි දරුවෙක්ගෙ සිදුවීමක් මුල් කරගෙන එයාටම උපදෙසක් විදිහට කිව්වාද පොදුවේ සාධාරණ හේතු ඇතුව කිව්වාද කියන එක ගැන දන්නැතිව කියන්න අපහසුයි.

    බෞද්ධ ගිහි ජීවිතය තුල ආදරය, මෙත්‍රීය, කරූණාව, මුදිතාව සහ උපේක්ෂාව කියන ගුණාංග පිලිවෙලින් පුරුදු පුහුණු කරන්න සිදුවෙන සහ සිදුකලයුතු ගුණාංග විදිහට දකින්න පුලුවන්.