ඊට කලින් නිතර නිතර උණ හැදිලා ඩොක්කුන්ගෙ බේත් ගිල ගිල ඉන්න ඇති.අපේ ස්කෝලේ හිටපු ගෑනු ළමයෙකුට මෙහෙම ලෙඩක් හැදිලා ළඟදි නැති වුනා. උබලා මේ ලෙඩේ ගැන දන්න දේවල් මොනවද. පවුලේ අය කියපු විදිහට ලෙඩේ නම IG4 වගේ නමක් තමයි මට මතක. සෑහෙන මානසික කායික පීඩාවක් විඳලා මැරිලා තියෙන්නේ? හමේ කොර පොතු වගේ ආවාලු හම ගැලවිලා යන මට්ටමටම.
බේත් තියෙනවා , ඩොක්කු ලඟ නෑදොස්තරලා මුලින් මුලින් කියලා තියෙන්නේ ලියුකේමියා කියලා. ඒක කියන්නත් සෑහෙන කාලයක් ගිහින් තියෙනවා. පස්සේ තමයි හොයාගෙන තියෙන්නේ ඒ ලියුකේමියා නෙමේ අර කියපු ලෙඩේ කියලා. ඇයි බන් මෙච්චර තාක්ෂණය දියුනු ලෝකේක ඔය වගේ ලෙඩ, පිළිකා වගේ ඒවාට තාම බෙහෙත් නැත්තේ.
එයාල ඔක්කොම අර මුලින් කියපු දේම කරපු අය වෙන්න ඇති.හතුරෙක්ටවත් මෙහෙම ලෙඩනම් හැදෙන්න එපා. කලාතුරකින් මිලියන ගානකින් එක්කෙනෙක්ට හැදෙන ලෙඩක් කිව්වාට මන් දන්න දෙන්නෙක්ටම හැදුනා එක්කෙනෙක්ට 2005 දි වගේ හැදිලා නැති වුනා.ඊට අමතරව ඒ ලෙඩේ තිබිලා මැරුනා කියලා අහල තියෙන දෙන්නෙක් ඉන්නවා