කළුකුමාරයා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කළුකුමාර යක්ෂයා

    කළු යකා,රට යකා,කළුයක් ආදී විවිධ වූ නම් ගොන්නකින් හදුන්වනු ලබන්නේද මෙම කළුකුමාර යක්ෂයාමය.යැකැදුරන් විසින් රට යක් යාගය,කළුකුමාර යාදිනි පුද දෙන්නේ මෙම යකු උදෙසාය.මෙම කළුකුමාර යක්ෂයා වැඩි වශයෙන් ඇල්ම බැල්ම හෙලන්නේ කාන්තාවන්ටය.විශේෂයෙන්ම අළුතෙන් වැඩිවියට පත් තරුණියන් මොහුගේ බැල්මට හසුවේ.

    කළුකුමාර යක්ෂයා ඉතා පෘෂ්ටිමත් දේහදාරී ලස්සන යකෙක් ලෙස හැදින්වේ.නාන තොටක,තුං මංසලක,දෙමංසලක,ලිදක් අසල,රදා තොටුපොල,පනින පිම්මකදී,බෙර සද්දයකදී පුළුටු මාංශ ආදිය කා හො ඇදුම් මාරු කරන අවස්ථාවලදී ගොම්මන් යාමයේ කාන්තාවන් තනි වූ කල්හි මොහුගේ බැල්ම ඔවුනට වැටේ. කළු කුමාරයාගේ ගමන කළු ගොනෙක් පිට වෙයි.කළුකුමාර යක්ෂයා දුටු විට කාන්තාවන් රාගයෙන් ඔහු කෙරේ බැදෙන බව කියවේ.විශේෂයෙන්ම කළු ලක්ෂණ ඇති කාන්තාවන්ට මොහු වඩාත් ප්‍රිය කරන බව පොත පත වල කියැවේ.මේ අනුව ඔහුගේ සිත් ඇද ගන්නා කාන්තාවට ඔහුගේ බැල්ම නිසා අණවින කරවන බවද,ඇයගේ බැල්ම කළුකුමාර යක්ෂයා වෙත බැදීම නිසා ඇය ලෙඩ වෙන බවද යකැදුරන්ගේ මතයයි.

    මොහුගේ බැල්මක්‌ දිෂ්ටියක්‌ ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, ආදී රෝග ලක්‍ෂණයන් ඇතිවේ.නිවසින් පිටව යන විටදී යකඩ කැබැල්ලක්‌, ගිරයක්‌ අත තබාගෙන යන්නේද මේ යක්‍ෂයාගේ බැල්මෙන් වළකින්ටය. තමද ස්‌නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම් ආදියද කාන්තාවන්ට එතරම් සුභ දායක නොවේ......

    එසේම මෙම යකුන් නිසා කාන්තාවන්ගේ වද බව සිදුවන බවටද විස්වාස කෙරේ.එම නිසා දරුඵල නොමැති කාන්තාවන්ට යාගහෝම කරද්දී යකැදුරන් කළුකුමාර බලියක් අඹා පිදේනියක් දෙනු ලබයි.පුරාණ ජනප්‍රවාද වලට අනුව කළුකුමාර යක්ෂයා ගැහැනුන් වද කිරීමට බොහෝ ප්‍රසිද්ධය..

    මොහුගේ අතීත උප්පත්ති කතාව ගැන විවිධ වූ අදහස් පොත්පත් වල සදහන් වේ.ඉන් එකක් පහත දැක්වේ.

    රුහුනු පුරවරයේ මානාවුළු පුර නම් රාජ්‍යයක් පාලනය කරගෙන කළු රජු නම් රජ කෙනෙක් විසීය.හදිසියේ ඇතිවූ සතුරු ආක්‍රමණයක් හේතුවෙන් කළු රජු හට යුධ කිරීමට දුර රටකට යාමට අවශය්‍ය විය.ඉතින් තම සෙන්පතියා සමග නැව් නගින අවස්ථාවේ කළු රජු තම බිසෝවරු හට ප්‍රකාශ කර සිටියේ තමන් යුද්ධය ජයග්‍රහණය කලහොත් ආපසු එන අවස්ථාවේ නැවේ කුඹ ගසෙහි සුදු කොඩියක් දමන බවත්,පරාජ වුවහොත් කළු කොඩියක් දමන බවත්ය.

    කෙසේ හෝ කළු රජු යුද්ධයෙන් ජයග්‍රහණය කලේය.ආපසු එන ගමනේදී ජයග්‍රහණයේ සතුට සමරමින් සියල්ලෝම ජයපැන් පානය කරන්නට විය.සිරිලකට ලංවෙත්ම තමන් ජයග්‍රහණය කල බව බිසෝවරුන්ට දැන්වීමට සුදු කොඩි ඔසවන ලෙස කළු රජු තම මිත්‍ර සෙන්පතියාට අණ කලේය.මත් පැනින් මත්වී සිටි සෙන්පතියා බිසෝවරුන් හට විහිළුවක් කරමි යැයි සිතා නැවේ කළු කොඩි එසවීය..
    මාලිගාවේ සිට පැමිනෙන නැව් දෙස බලා සිටි බිසෝවරුන් හට මෙම කළු කොඩි දැකගන්නට හැකි විය.එයින් මහත් ශෝකයට පත් ඔවුන් තමන්ගේ සියළු රාජාභරණ උනා දමා වලව්වේ ගං ඇල්ලට පැන දිවි නසා ගත්හ.සිරිලකට ගොඩ බැස විගස තම බිසෝවරුන්ට වූ මේ විපතින් කම්පාවට පත්වූ කළු රජුද එකී ඇල්ලෙන්ම පැන දිවි නසා ගත්තේය.

    මෙසේ ඇල්ලෙන් පැන මිය ගිය බිසොවරුන් මුදුන්මාල,ධර්මපාල,ගිරිමේඛල,ඕන්කාර,රනකපාල,කොණ්ඩමාල,එර්දි
    යන නම් වලින් රිද්දි යකින්නියන් ලෙස උපත්තිය ලැබීය.තවද මෙකී ඇල්ලෙන්ම පැන මියගිය කළු රජු කළු කුමාරයා ලෙසින්ද උපත ලැබීය.

    කළු කුමාර උප්පත්තිය පිලිබද මෙවන් විවිධ වූ අදහස් ඇත එම නිසා නිශ්චිත වූ තර්කයක් ගොඩ නැගීමට නුපුළුවන.


    බස්ම අසුරා දැවූ සොහොනේ උපන්නේද ඇති දේවතා
    තොස්ව කළුවත සැරසෙමින් සිට සුරත මුගුරක් ලෙලවතා
    ලස්ස ගණනක් දුන්නු දොල පුද බලා උවදුරු දුරලතා
    තොස්ව මෙරගට වරෙන් සැණෙකින් සිද්ද කළුයක් දේවතා

    වරෙක උපන්නයි කළු ගල් ඇල් ලේ
    සැණෙක මෙලක තුළ බලේ ලවුල් ලේ
    රුවෙක එ අගනන් දැක සිත ලොල් ලේ
    සැණෙක වරෙන් කළු යකු නර බිල් ලේ

    කළුකුමාර යක්ෂයාගේ බිසව “රිද්දි“ නැමැත්තියෙකි.ඇයට දූ වරුන් සත්දෙනෙකි.රිද්දි බිසොවට මෙම දූ වරුන් ලැබී ඇත්තේ මහා බ්‍රහ්මයා සමග වාසය කිරීමෙන් යැයි කියවේ.මහා බ්‍රහ්මයා ඇය අතහැර පසු ඇය යකුන් වාසය කරන මහාමේරු පරිවතයට ගොස් ඇත.රිද්දි බිසොව ඉන්පසු වාසය කලේ යකුන් සමගය.එහිදී ඇයට කළුකුමාර යක්ෂයා හමුවී ඇත.ඉන් පසු කළුයකු ඇය සරණ පාවා ගෙන ඇත.ඉන් අනතුරුව යක් නායක වෙසමුණි ලගට ගොස් කළුකුමාර යක්ෂයා ජීවත්වීම සදහා වරයක් ඉල්ලා සිටියේය.වෙසමුණිගෙන් ඔහුට ලැබුන වරය නම් ගැහැනුන්ට හා දරුවන්ට ලෙඩ කිරීමයි.එයින් පසු ලෙඩ සුවකර ගැනීමට ආතුරයන් විසින් දෙනු ලබන දොල පිදේනි ගෙන ඔහුට ජීවත් විය හැක.

    කළුකුමාර යක්ෂයා සමහරක් අවස්ථාවල ලබාදුන් බලයට වඩා බලය ඉක්මවා කටයුතු කරන්නට වූයේය.එවැනි අවස්ථාවල ඔහු මර්ධනය කිරීමට වෙසමුණි යක් රජ කළුකුමාර යක්ෂයාව යකුන්ට දඩුවම් පමුනුවන තැන වන “අසුරගිරි“ කොටුවේ හිර මැදිරියක සිර කරන ලදී.එම දඩුවම ඉතා බරපතල වූයේ කෑමට කිසිම ආහාරයකි නොදුන් නිසාය.කළුකුමාරයා වසර 12 ක් දඩුවම් විද එයින් නිදහස් විය.

    කළු යක් යාගයේදී යකැදුරන් ස්ත්‍රී ඇදුමෙන් සැරසී දීපංකර බුදුන්ගෙන් අචසර ගනු දක්නය ලැබේ.වරම් ගැනීමෙන් පසු ඔවුන් “දොලොස් පාළියකට“ සූදානම් වෙයි.එහිදී නානුගෑම,හිස සේදීම,දත් මැදීම,හවරිය බැදීම ආදිය විදහා දක්වයි.එය ඉතා විනෝදබර අංගයක් වේ.
    කළුකුමාර යාගයේදී මෙවැනි යාග කවි අසන්නට ලැබේ......

    “හමන මද නල සදුන් - සිහිල් ගිනි සේ දැනේ
    සුවද මල් පෙති අතුළ - යහන කටුසේ දැනේ
    සමද නද කොවුල් රැව් - කණත යවු ලෙව් ඇනේ
    මදන රූ යුදට දැන් - දැනෙයි සැර පසු ගෙනේ“


    සූනියම් දේවතාව


    http://wahipodak.blogspot.com/2011/11/blog-post_20.html
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    10456242_643021259124807_8853320931072206716_n.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    අර පලවෙනි කතාව වෙන රටක වෙච්ච එකක් වගේ අහලා පුරුදුයි