ගයාන් ලක්මාල්;19984502 said:Ane Manda ban. Monawa wishwasa karannada kiyala.
බෝධිසත්ත්වයෝ තුසිතයෙන් චුත වෙලා මිනිස් මවු කුසක පිළිසිඳ ගන්න කලින් පස්මහා බැලුම් බැලුවා. අපි කවුරුත් දන්න තරමින් ඉතිහාසෙ කොහේවත් ලංකාව දිහා බැලුවයි කියලා සඳහන් නෑ. මහමායා දේවියවත්, සුද්ධෝදන රඡතුමාවත් ලංකා රඡ පරපුරට අයිතියි කියලා කොහේවත් කියලා නෑ. විඩූඨභ රඡතුමා ගැනවත්, අඡාසත්ත රඡතුමා ගැනවත්, කොසොළ් රඡතුමා ගැනවත් ලංකා රාඡාවලියෙ කොහේවත් සඳහන් නෑ. ලංකාවට අයත් රඡවරු කියලා කොහේවත් සඳහන් නෑ. තථාගතයන් වහන්සේ ලංකාවෙයි වැඩ හිටියෙ කියලා කියනවා නම් මේ ඇත්තොත් හිටියෙ ලංකාවෙයි කියලා කියන්න වෙනවා. තථාගතයන් වහන්සේ මාතෘ දිව්‍ය රාඡයාට හත්වන වස්සානෙ අභිධර්මය දේශනා කරලා ආපහු වැඩියෙ සංකස්ස පුරයට. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවෙ, උන්වහන්සේගෙ ධාතු බෙදාගත්තෙ කුසිනාරා නුවර. මේ කිසිම ප්‍රදේශයක් ලංකාවට අයිතියි, ලංකාවෙ වුනයි කියලා සඳහන් නෑ. ලංකාව ගැන සඳහන් අවස්ථා වෙනම තියෙනවා. උන්වහන්සේගෙ ලංකා තුන්ආගමනය ගැන හොඳින් සඳහන් වෙනවා. උන්වහන්සේගෙ එක්තරා බෝධිසත්ත්ව ආත්ත්ම භවයක සියළු ධන සම්පත් හැරපියා ලංකාද්වීපයෙ උතුරු දූපතක කරකොළ වළඳමින් බණ භාවනා කරයි කියලා වදාරලා තියෙනවා. ලංකාවට ගොඩ බැහැපු විඡය කුමාරයාව ආරක්ෂා කරන්නයි කියලා උන්වහන්සෙ පරිනිර්වාණ මංචකයෙ සැතපී හිඳිද්දියි සක්‍ර දේවේන්ද්‍රයට උපදෙස් දුන්නෙ. මේ වගේ පැහැදිළි කරුණුවලින් අපි තේරුම් ගන්න ඕන ලංකාවයි ඉන්දියාවයි පටල නොගන්න. උන්වහන්සෙ ලංකාවෙ වැඩ හිටියා නං මාගේ ධර්මය පවතින්නේ ලංකා ද්වීපයේ කියලා වෙනම වදාරන්න අවශ්‍ය වෙන්නෙත් නෑනෙ.

අනික අභිඥාලාභී අප්‍රමාණ රහතන්වහන්සේලා ලංකාවේ වැඩ හිටියා. තථාගතයන් වහන්සේගෙ උප්පත්ති ස්ථානය ලංකාවෙ පිහිටුවා තිබුනා නම් ලක්ෂ, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත රහතන්වහන්සේලා ඒ වගේ උතුම් කාරණයක් මග හරීද? පස්සෙ කාලෙක රුවන්වැලි සෑය ඉදිවෙන තැනට මහින්ද මහ රහතන් වහන්සේ සපුමල් ඉහලා මේ තැන පින් බිමක්ය, මෙතැන පෙර බුදුවරයන් වහන්සේලා තුන් නමකගේම පහස ලැබුනු තැනක්ය, අනාගතයෙ ද්‍රෝණියක් තරම් සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත් කර මහා චෛත්‍යයක් ඉදිවෙන තැනක්ය වැදෑරුවා. තුන්කාලයම දන්න උන්වහන්සේ පවා එහෙනං තථාගතයන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා නොකියා ඉඳියිද? දුටුගැමුණු වගේ ශ්රද්ධාවත් රඡෙක් ලංකාවෙ බුදුන් උපන් තැනක් වගේ වටිනා දෙයක් නොසළකා හරීද? මචං මේවට කියන්නෙ මාන්නෙයි කියලා. අපිට ඕන තථාගතයන් වහන්සේ ඉපදුනේ මෙහේ කියලා අපේ උසස්කමම පෙන්න ගන්න. ඇත්ත තත්ත්වය තේරුම් ගන්න අප්‍රමාණ කරුණු තියෙද්දි අපි පරණ නටබුන් පෙරළ පෙරළ අපේ හිත් අස්වස්ස ගන්න උත්සාහ කරනවා.