සාමාන්‍යෙන් මන්දක කරන්නෙ හිරවෙන්න මලයක්(තොන්ඩුවක්) හදලා ඒක ගැටගහනවා හයිය ලීයක, නිකන් මෝල්ගහක් වගේ එකක. එහෙම ගැටගහලා සත්තු යන පාරේ දාල තියනවා, එතකොට සතා මන්ද ඇතුලෙන් යද්දි උගේ බෙල්ලෙ(ඌරා, මුවා, මීමින්නා වගේ සත්තුන්ගෙ) හරි බඩ මැදින් හරි(කොටියා, බල්ලා වගේ) අහුවෙනවා, මෙහෙම අහු උනාම සතාට අර ලීයත් ඇදගෙන යනවා එතකොට ගස් අස්සෙන් ඇදගෙන යද්දි ටික ටක මන්ද තදවෙනවා පස්සෙ කොහේ හරි ගස් දෙකක හරි ගලක හරි අර ලීය පැටලෙනවා එතනින් සතාට තේරුමක් නැහැ ආපස්සට ගිහින් පැටලුම ඇරගන්න, ඉස්සරහටම යන්න හදන නිසා මන්ද තව තදවෙනවා
මේ මන්ද හදන්නෙ මෝටර් බයිසිකලේක/ත්‍රීවිල් එකක වගේ බ්‍රේක්, ඇක්සලරේටර් කේබල් වලින්, මන්ද තදවෙන්න තද වෙන්න මේ කේබල් එකට මස කැපිලා ඇග ඇතුලට බහිනවා
ඒක නිසා ගොඩක් වෙලාවට මන්දට හිරඋනු සතෙක් බේර ගත්තත් පන තිබුනත් බඩ මැදින් එහෙම කැපුනු තුවාලෙ නිසා මැරෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
සමහර වෙලාවට බෙල්ල හිරවෙලා මැරෙනවා, ඌරො වගේ නම් අර කේබල් එකෙන් පිට හම සම්පූර්ණයෙන්ම කැපිලා ඇතුලට බැස්සත් මැරෙන්නෙ නැහැ, මිනිස්සු ගිහින් පොරවකින් කොටලා, උදැල්ලකින්රි ගහලා හරි ඉල්ලම් කූරක් වගේ එකකින් ඇනල තමයි මරන්නෙ
අපේ පැත්තෙ තේ වතු වල ඔව තියල නිතර බල්ලො එහෙම අහුවෙනවා, බල්ල අහු උනාම, ඒ තරම් තදවෙන්න කලින් මහ හයියෙන් විලාප තියනව එතකොට කවුරුහරි ගිහින් බේරනවා, අපි එහෙම එකපාරක් බේරපු බල්ලෙක් ටිකක් කල් අපේ ගෙදර නතර වෙලත් හිටියා
සමහර වෙලාවට පොඩි සත්තුන්ගෙ කකුල් වලින් එහෙම අහුවෙනවා, මම දැකල තියනව ඉත්තෑවෙක් දගලලා කකුල කැඩිලා ඒ කකුල් කෑල්ල මන්දෙ ඉතුරුවලා තියදේදි සතා පැනල ගිහන් තියනවා
හාවන්ට මීමින්නන්ටත් මේකම කරනවා, එතකොට මන්ද හදන්නෙ බකට් කම්බි වලින්, බකට් කම්බි වලින් මන්ද වල් 10ක් විතර හදලා වෙන දිග බයින්ඩින් කම්බියක වගේ ලගින් ලගින් ඒ මන්දවල් ටික එල්ලනවා, ඒල්ලලා ඒක සත්තු යන පාර හරහා අදිනවා, එතකොට හාවො එහෙම අහුවුනු ගමන් උඩ පනින නිසා ගොඩක් වෙලාවට බෙල්ල හිරවෙලා එතනම මැරෙනවා
මම මේව ලිවුවට කවදාවත් උගුල් අටවලා හරි වෙන මොකක් හරි මගුලක් කරලා හරි සත්තු මරලා නැහැ.
සත්තු මැරෙන්නෙ නැති වෙන පොඩි පොඩි හබකවල් මුට්ටි වලින් එහෙම අටවලා මීයො එහෙම නම් අලල්ලා තියනවා