== කළු පෙට්ටිය ==

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කළු පෙට්ටිය

    SSFDR_800x800.jpg


    ලෝකයේ පළමු ‍ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ‍ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැ‍ටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... “කළු පෙට්ටිය”නිම වන ලදි.

    කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටි‍ටියකි.මේ පෙ‍ටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද?කාලතුවක්කුවක දමා කොන්ක්රීනට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත...ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්ටිාය ක්රි,යා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටි‍ටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට “කළු පෙට්ටිය” කියා කියයි.

    pin07_lpb9pznc.jpg

    මුල් කා‍ලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.

    2915.gif


    ගුවන් අනතුරක් යනු ජිවිත විශා‍ල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අ ත්හැර දමන්නක් නොවේ. එය‍ට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ “කළු පෙට්ටිය” මනා වු සේවයක් ඉටු කරයි. මේ මනා වු සේවයක් ඉටු කරන “කළු පෙට්ටිය” අවුරුදු 3 ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්රෙවලියානු සිඩ්නි විශ්ව විද්යාපලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්රේනලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්යාදඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි.

    Dr David Warren

    Dave_Warren_with_BlackBox_Prototype.jpg

    Warren with a prototype of a black box

    20VYSFj.jpg


    ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය‍.මේ සෑම “කළු පෙට්ටියකම” ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත.

    එනම්, “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යන්න යි.

    “කළු පෙට්ටිය” සොයගන්නා ලද ඕස්ට්රෙයලියානු විද්යාවඥ ඩේවිඩ් වොරන් ජුලි 19 (2010 ජුලි 19 වැනිදා)අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර , ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි.

    එනම්, (Flight RecorderInventor ; Do not Open) යන්නයි‍.


    blckbox.gif


    :cool:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉක්මනටම් කොටු 11 පුරවගන්න ලැබෙන්න කියල සුභ පතනවා.. ;)
    හොද ලිපියක්..
    ජය වේවා..
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔන්න මමනං කලුපෙට්ටි හයි කරල තියෙන ප්ලේන් වල යන්නෙ නෑ :angry:
    මටනං මැරෙන්ඩ බැරියෝ...... :no:
     
    • Haha
    Reactions: NRTG