ක්ලේ ජෙන්සන් [ TV Series වල පට්ට චරිත- 03 තුන ]

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Clay Jensen

    13-reasons-why-clay-jensen-1-1526390006-view-0.jpg


    13 Reasons Why කියල ටිකක් අමුතුම තාලේ සීරිස් එකක් පටන් ගන්නව 2017 මාර්තු වල.මේ කතාවට තේමා වෙන්නේ සියදිවි නසාගත්ත එහෙමත් නැත්නම් තමා විසින් තමන්ව සුඛ මරණයට පත් කරන්න ගත්ත හෑනා බේකර් කියන කෙල්ලෙක් තමන්ගේ මැරෙන්න කලින් තමන්ගේ සියදිවි නසාගැනීමට හේතු දක්වන්න පටිගත කරපු හඩපටි 13ක් පාසලේ යාලුවන් අතරේ බෙදා හැරීමෙන්.

    මෙතනදී කතාව කියන්නේ හැනා උනාට කතාව ගොඩනැගෙන්නේ ක්ලේ වටා.මොකද කියනව නම් හැනාට හිතින් ගොඩක් ආදරය කරපු ඒත් ඒක කියාගන්න බැරි පරාද වෙච්ච පෙම්වතෙක් තමයි ක්ලේ ජෙන්සන් කියන්නේ.කතාව පුරවටම ඉතින් මේ ක්ලේ ඒ හරහා විදවන හැටි බලාගන්න පුලුවන්.ක්ලේට මේ හඩපටි හම්බෙන්නේ එයාට කලින් කීප දෙනෙක් මේව ඇහුවට පස්සේ.කොහොම උනත් හෑනාගේ වියෝවෙන් එයාගේ දෙමව්පියන්ට පස්සේ වැඩියෙන්ම දුක් වෙන්නේ ක්ලේ කීවොත් නිවැරදී.

    ක්ලේ කියන්නේ කතාවේ විදිහට ඉගෙනීමට ගොඩක් දක්ශ කෙනෙක්.ඒ හින්දම සාමාන්‍ය හැගීම් දැනීම් වලදී ඒවට ප්‍රතිචාර දක්වන්න ක්ලේ ගොඩක් ප්‍රමාද වෙනව.ක්ලේ ගේ අම්මා නීතිඥ වරියක්.තාත්තා ඉංග්‍රීසි සාහිත්‍ය පිලිබද ආචාර්‍යවරයෙක්.

    කතාව පුරාවටම හෑනා ගේ මරණය ගැන වද වෙමින් ඒකෙන් හැනාට යුක්තිය ඉටු කරන්න මහන්සි වෙන්නේ ක්ලේ.එතනදී ඉස්කොලේ ගොඩ දෙනෙක් ක්ලේගේ මේ ක්‍රියාකලාපට බය වෙනව.මොකද එතන අයගෙන් බාගෙට භාගයක්ම (ක්ලේ හැරුනම ) ඇයගේ මරණයට වගකියන්න ඔනේ නිසා.

    ක්ලේ ජෙන්සන්ගේ චරිතයක් ට පණපොවන්නේ Dylan Minnette කියන ඇමරිකන් නලුවා. Dylan Minnette කියන්නේ ඉතින් පොඩි කාලේඉදන්ම රගපෑම අතින් අරන් ආපු කෙනෙක්. Goosebumps, Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day වගේ චිත්‍රපටි ගනනාවකම එයා රගපාලා තියෙනව.

    876ef6ff684b9b6f8c94ea271243e112.jpg


    fec7bcde07870f70d95cfeeb48a63122.jpg


    maxresdefault.jpg


    Dylan-Minnette-Katherine-Langford-Cute-Moments.jpg


    2540076170001_5474825255001_5384582374001-vs.jpg


    13-reasons-why-netflix-selena-gomez-08.jpg


    l2-1.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මචන් උබ මේවා කොහෙන් හරි ඉන්ග්ලිශ් තියෙන එකක් බලලද ලියන්නෙ?
     
    • Love
    Reactions: dolag2010

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මචන් උබ මේවා කොහෙන් හරි ඉන්ග්ලිශ් තියෙන එකක් බලලද ලියන්නෙ?

    වැඩිහරියක් මම සීරිස් එක බලල ලියන්නේ...
    පොඩි පොඩි දේවල් නෙට් එකෙන් ගන්නව...
    කන්සෙප්ට් එක මගේ
     
    • Like
    Reactions: NK123 and visalbro

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    නියමයි මචං... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.....
     
    • Love
    Reactions: dolag2010

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පට්ට මචං ❤️

    එකක් කියන්න ඕන. උඹලා මෙහෙම ලස්සනට දාන threads මේකේ ඉන්න සමහර එවුන් උස්සලා Facebook page වල දානවා උන් හදපු එවා වගේ. පරෙස්සමෙන්.
     
    • Love
    Reactions: dolag2010

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    පට්ට මචං ❤

    එකක් කියන්න ඕන. උඹලා මෙහෙම ලස්සනට දාන threads මේකේ ඉන්න සමහර එවුන් උස්සලා Facebook page වල දානවා උන් හදපු එවා වගේ. පරෙස්සමෙන්.
    ow bn .. ekanan ehema thama
    anyway thanks bro !