ක්‍රමවත් ආකාරයට හැදි ගෑරුප්පු හසුරවමු - 2
වැස්සත් එක්ක කම්මැලිකම
තිබුනත් පලවෙනි thread එකට ලැබුන නොනවතින ප්‍රතිචාරත් එක්ක කල්පනා කළා කොහොම වුනත් පොරොන්දු වුන විදියට Formal Table එකකදී වැඩේ ගොඩ දාගන්න ක්‍රමය සරලවම කියලා දෙන්න.
මුලින්ම අපි දැන ගමු කොයි වගේ තැන් වලදීද මේ Formal Table Arrangement එකක් දකින්න ලැබෙන්නේ කියලා. මොකද මේ වගේ Table arrangements සාමාන්‍ය උත්සවවලදී හෝ රෙස්ටුරන්ට් වලදී දකින්න අමාරුයි. ගොඩාක් තැන් වල තියෙන්නේ අපි මුල්ම Thread එකේදී කතා කරපු basic එහෙම නැත්නම් Informal Table Arrangement එකයි.
එහෙනම් කොහේද මේක දකින්න ලැබෙන්නේ. මේවගේ Formal Table Arrangements අපිට දකින්න ලැබෙන්නේ Fine Dining Restaurants වලදී.
ගලධාරි හෝටලයේ California Grill රෙස්ටුරන්ට් එක, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ London Grill රෙස්ටුරන්ට් එක, ගල්කිස්ස මහ හෝටලයේ Governess's රෙස්ටුරන්ට් එක වගේ එවුවා තමයි Fine Dining Restaurants විදියට සලකන්නේ. මීට අමතරව කොළඹ අවට තියන බොහොමයක් ප්‍රධාන හෝටල් වලට එයාලගෙම මේ Fine Dining රෙස්ටුරන්ට් තියනවා
.
මේ රෙස්ටුරන්ට් අනික් එවුවාගෙන් වෙනස් වෙන්නේ බොහොමයක් දුරට එවුවාගේ පිළිගන්වන කරන ආහාර වල විශේෂත්වය, සේවාවේ අනර්ගත්වය, ඒවා කරා ඇදෙන පිරිසගේ සමාජ තරාතිරම හා අපිට වැදගත්ම අධික මිල නිසයි. සාමාන්‍යයෙන් අනික් රෙස්ටුරන්ට්වලට වෙනස් Dress code එකක් පවා මේ රෙස්ටුරන්ට් වලදී සලකා බැලෙනවා. ඒ කියන්නේ කොයි තරම් සල්ලි වියදම් කලත් යාළුවො සෙට් එකක් එක්ක ගිහින් කාලා බීලා වින්දවෙන්න මේ තැන් ඒ තරම්ම ගැලපෙන්නේ නෑ
. ඒ වගේ දෙයකින් ඒ තැනට යන අපිත්, රෙස්ටුරන්ට් එකේ සේවක පිරිසත්, රෙස්ටුරන්ට් එකේ ඉන්න අනිත් අමුත්තනුත් සේරම අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්.
හරි දැන් අපි බලමු මේ වගේ රෙස්ටුරන්ට් එකකට අපිට යන්න වුනොත් කොහොමද අපි එතනදී හැසිරෙන්න ඕනේ කියලා.
මේ Fine Dining රෙස්ටුරන්ට් එකක බොහෝ දුරට දකින්න ලැබෙන දෙයක් තමයි "a la carte menu" එක. මේ a la carte menu එකේ බොහොමයක් දුරට අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ අපේ meal එක ප්‍රධාන කොටස් කීපයකට බෙදලයි. සම්ප්‍රධාය හැටියට ඕක seven course menu එකක්, ඒ කියන්නේ කොටස් 7 කින් යුක්ත කෑම වේලක් වුනාට ලංකාව වගේ රටක අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්ත කෑම වේලක් තෝරා ගන්න. ඉතින් ඔය a la carte menu එකේ තියනවා ඔය එක එක කොටසට අපිට තෝරා ගන්න පුළුවන් කෑම වර්ගය.
මේ තියෙන්නේ ඔය 7 course meal එකක ඇතුලත් මුලික අංග
1. Light Starter (Appetizers) - eg. prawns, salad
2. Soup
3. Starter - pasta or veg. dish / Salad
4. Fish Dish
5. Main course - Meat dish
6. Desert
7. Cheese Board / coffee
ඔය මම ඇතුලත් කලේ seven course menu එකක එක විදියක සංස්කරණයක්. බොහොමයක් රෙස්ටුරන්ට් වලදී මේ පිළිවෙල හා ඇතුලත් අංග වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි ලංකාවේ අපිටනම් ඔය seven course වැඩේ ඒ තරමට ගැලපෙන්නේ නෑ
. ඒ නිසා අපිට පුළුවන් ඔය menu එකෙන් 4 course කෑම වේලක් තෝරා ගන්න. මෙන්න මේ වගේ
1. Salad
2. Soup
3. Main Dish
4. Dessert
බලන්න කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද කියලා
. තමන්ට අවශ්‍ය නැත්නම් ඔතනින් එකක් අයින් කෙරුවට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපි කන්න ඕනේ අපේ බඩට ගැලපෙන විදියට මිස සම්ප්‍රධාය රකින්න නෙමෙයිනේ
.
හරි දැන් අවශ්‍ය කෑමවෙලත් තෝරා ගත්තනේ. දැන් අපි බලමු කොහොමද ඔය තෝරා ගත්තු කෑම කන්නේ කියලා.
මෙන්න කෑම මේසේ උඩ අවි ආවුධ ලෝකයයි
. දැන් කොහොමද ඒ ඒ කෑම වර්ගයට අදාළ දේ තෝරා ගන්නේ. 
තෝරා ගන්නේ මෙන්න මේ අංක දාලා තියන පිළිවෙලටයි
දැන් ඔයාලට මේ පින්තුරේ බලපුවාම තේරෙනවා ඇති කෑම ටිකට පිළිවෙලකට වග කියන ක්‍රමය. අයෙත් මතක් කරොත්
1. වම් අත පැත්තේ ඈතින්ම තියන පුංචි ගෑරුප්පුව තමයි අපි salad ආහාර ගැනීම සදහා පාවිච්චියට ගත යුත්තේ.
2. දකුණු අත පැත්තට වෙන්න තියන ලොකු රවුමක් තියන හැන්ද තමයි අපි soup බොන්න යොදා ගන්නේ.
3. කෑම පිගානට ලගින්ම දෙපැත්තෙන් තියෙන්නේ අපේ ප්‍රධාන කෑමට අදාළ පිහිය හා ගෑරුප්පුවයි (කෝ දැන් එතකොට ඔතන අපි වෙනදා දකින හැන්ද, හරි සාමාන්‍යයෙන් ඔය වගේ fine dining රෙස්ටුරන්ට් වල බත් වගේ ආහාර භාවිතය අඩු නිසා main course එකට හැන්ද භාවිතා වෙනවා අඩුයි. ඒත් ඔයාලට හැන්දක් අඅවශ්‍ය නම් කිසිම අපහසුතාවයකින් තොරව waiter කෙනෙක් හරහා ඒක ලබා ගන්න පුළුවන්)
4. අවසානයට අපේ ප්‍රධාන කෑම අවසන් වුනාට පස්සේ (මෙතනදී ප්‍රධාන කෑම ගත්තු පිගාන මේසයෙන් ඉවත් කෙරෙනවා) Dessert එක ගෙනවිත් තබනවා. මෙතනදී Dessert එකේ ස්වභාවය අනුව අපිට ඔය උඩින්ම තියලා තියන හැන්ද හෝ ගෑරුප්පුව පාවිච්චියට ගන්න පුළුවන්. ඒ කියන්නේ වටලප්පම්, චොකලට් මූස් වගේ දෙයක් නම් හැන්දත්, කේක් වගේ දෙයක් නම් ගෑරුප්පුවත් විදියට.
*අනික් දේ තමයි අපි order කලේ නැත්නම් මෙතනදී Wine ලැබෙන්නේ නෑ
. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ වතුර වීදුරුව විතරයි. අමතක වෙනවානම් මතක තියාගන්න වතුර වීදුරුව තමයි ඔය අතරින් උඩින්ම එහෙම නැත්නම් මැදට කිට්ටු වෙන්නම තියලා තියන වීදුරුව කියලා.
ඔන්න එහෙනම් ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා. හැමදාම අපිට මුණ නොගහෙන දෙයක් වුනත් කොතනකදී හරි මේ වගේ දෙකට ඔයාලා මුහුණ දුන්නොත් 100% හරි ක්‍රමයට නැතත් වැඩේ ගොඩින් බේරා ගන්න විදිය තමයි මම මේ කියලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී යම්කිසි වැරද්දක් සිදුවෙලා තියනවානම් මම ඒ ගැන කණගාටු
වෙන අතරම ඒ දේ පෙන්නලා දෙන්න කියලත් ඔයාලගෙන් ඉල්ලා ඉන්නවා.
වැස්සත් එක්ක කම්මැලිකම
තිබුනත් පලවෙනි thread එකට ලැබුන නොනවතින ප්‍රතිචාරත් එක්ක කල්පනා කළා කොහොම වුනත් පොරොන්දු වුන විදියට Formal Table එකකදී වැඩේ ගොඩ දාගන්න ක්‍රමය සරලවම කියලා දෙන්න.මුලින්ම අපි දැන ගමු කොයි වගේ තැන් වලදීද මේ Formal Table Arrangement එකක් දකින්න ලැබෙන්නේ කියලා. මොකද මේ වගේ Table arrangements සාමාන්‍ය උත්සවවලදී හෝ රෙස්ටුරන්ට් වලදී දකින්න අමාරුයි. ගොඩාක් තැන් වල තියෙන්නේ අපි මුල්ම Thread එකේදී කතා කරපු basic එහෙම නැත්නම් Informal Table Arrangement එකයි.
එහෙනම් කොහේද මේක දකින්න ලැබෙන්නේ. මේවගේ Formal Table Arrangements අපිට දකින්න ලැබෙන්නේ Fine Dining Restaurants වලදී.
ගලධාරි හෝටලයේ California Grill රෙස්ටුරන්ට් එක, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ London Grill රෙස්ටුරන්ට් එක, ගල්කිස්ස මහ හෝටලයේ Governess's රෙස්ටුරන්ට් එක වගේ එවුවා තමයි Fine Dining Restaurants විදියට සලකන්නේ. මීට අමතරව කොළඹ අවට තියන බොහොමයක් ප්‍රධාන හෝටල් වලට එයාලගෙම මේ Fine Dining රෙස්ටුරන්ට් තියනවා
. මේ රෙස්ටුරන්ට් අනික් එවුවාගෙන් වෙනස් වෙන්නේ බොහොමයක් දුරට එවුවාගේ පිළිගන්වන කරන ආහාර වල විශේෂත්වය, සේවාවේ අනර්ගත්වය, ඒවා කරා ඇදෙන පිරිසගේ සමාජ තරාතිරම හා අපිට වැදගත්ම අධික මිල නිසයි. සාමාන්‍යයෙන් අනික් රෙස්ටුරන්ට්වලට වෙනස් Dress code එකක් පවා මේ රෙස්ටුරන්ට් වලදී සලකා බැලෙනවා. ඒ කියන්නේ කොයි තරම් සල්ලි වියදම් කලත් යාළුවො සෙට් එකක් එක්ක ගිහින් කාලා බීලා වින්දවෙන්න මේ තැන් ඒ තරම්ම ගැලපෙන්නේ නෑ

. ඒ වගේ දෙයකින් ඒ තැනට යන අපිත්, රෙස්ටුරන්ට් එකේ සේවක පිරිසත්, රෙස්ටුරන්ට් එකේ ඉන්න අනිත් අමුත්තනුත් සේරම අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ වගේ රෙස්ටුරන්ට් එකකට අපිට යන්න වුනොත් කොහොමද අපි එතනදී හැසිරෙන්න ඕනේ කියලා.
මේ Fine Dining රෙස්ටුරන්ට් එකක බොහෝ දුරට දකින්න ලැබෙන දෙයක් තමයි "a la carte menu" එක. මේ a la carte menu එකේ බොහොමයක් දුරට අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ අපේ meal එක ප්‍රධාන කොටස් කීපයකට බෙදලයි. සම්ප්‍රධාය හැටියට ඕක seven course menu එකක්, ඒ කියන්නේ කොටස් 7 කින් යුක්ත කෑම වේලක් වුනාට ලංකාව වගේ රටක අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්ත කෑම වේලක් තෝරා ගන්න. ඉතින් ඔය a la carte menu එකේ තියනවා ඔය එක එක කොටසට අපිට තෝරා ගන්න පුළුවන් කෑම වර්ගය.
මේ තියෙන්නේ ඔය 7 course meal එකක ඇතුලත් මුලික අංග
1. Light Starter (Appetizers) - eg. prawns, salad
2. Soup
3. Starter - pasta or veg. dish / Salad
4. Fish Dish
5. Main course - Meat dish
6. Desert
7. Cheese Board / coffee
ඔය මම ඇතුලත් කලේ seven course menu එකක එක විදියක සංස්කරණයක්. බොහොමයක් රෙස්ටුරන්ට් වලදී මේ පිළිවෙල හා ඇතුලත් අංග වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි ලංකාවේ අපිටනම් ඔය seven course වැඩේ ඒ තරමට ගැලපෙන්නේ නෑ

. ඒ නිසා අපිට පුළුවන් ඔය menu එකෙන් 4 course කෑම වේලක් තෝරා ගන්න. මෙන්න මේ වගේ1. Salad
2. Soup
3. Main Dish
4. Dessert
බලන්න කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද කියලා
. තමන්ට අවශ්‍ය නැත්නම් ඔතනින් එකක් අයින් කෙරුවට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපි කන්න ඕනේ අපේ බඩට ගැලපෙන විදියට මිස සම්ප්‍රධාය රකින්න නෙමෙයිනේ
.හරි දැන් අවශ්‍ය කෑමවෙලත් තෝරා ගත්තනේ. දැන් අපි බලමු කොහොමද ඔය තෝරා ගත්තු කෑම කන්නේ කියලා.
මෙන්න කෑම මේසේ උඩ අවි ආවුධ ලෝකයයි

. දැන් කොහොමද ඒ ඒ කෑම වර්ගයට අදාළ දේ තෝරා ගන්නේ. 
තෝරා ගන්නේ මෙන්න මේ අංක දාලා තියන පිළිවෙලටයි
දැන් ඔයාලට මේ පින්තුරේ බලපුවාම තේරෙනවා ඇති කෑම ටිකට පිළිවෙලකට වග කියන ක්‍රමය. අයෙත් මතක් කරොත්
1. වම් අත පැත්තේ ඈතින්ම තියන පුංචි ගෑරුප්පුව තමයි අපි salad ආහාර ගැනීම සදහා පාවිච්චියට ගත යුත්තේ.
2. දකුණු අත පැත්තට වෙන්න තියන ලොකු රවුමක් තියන හැන්ද තමයි අපි soup බොන්න යොදා ගන්නේ.
3. කෑම පිගානට ලගින්ම දෙපැත්තෙන් තියෙන්නේ අපේ ප්‍රධාන කෑමට අදාළ පිහිය හා ගෑරුප්පුවයි (කෝ දැන් එතකොට ඔතන අපි වෙනදා දකින හැන්ද, හරි සාමාන්‍යයෙන් ඔය වගේ fine dining රෙස්ටුරන්ට් වල බත් වගේ ආහාර භාවිතය අඩු නිසා main course එකට හැන්ද භාවිතා වෙනවා අඩුයි. ඒත් ඔයාලට හැන්දක් අඅවශ්‍ය නම් කිසිම අපහසුතාවයකින් තොරව waiter කෙනෙක් හරහා ඒක ලබා ගන්න පුළුවන්)
4. අවසානයට අපේ ප්‍රධාන කෑම අවසන් වුනාට පස්සේ (මෙතනදී ප්‍රධාන කෑම ගත්තු පිගාන මේසයෙන් ඉවත් කෙරෙනවා) Dessert එක ගෙනවිත් තබනවා. මෙතනදී Dessert එකේ ස්වභාවය අනුව අපිට ඔය උඩින්ම තියලා තියන හැන්ද හෝ ගෑරුප්පුව පාවිච්චියට ගන්න පුළුවන්. ඒ කියන්නේ වටලප්පම්, චොකලට් මූස් වගේ දෙයක් නම් හැන්දත්, කේක් වගේ දෙයක් නම් ගෑරුප්පුවත් විදියට.
*අනික් දේ තමයි අපි order කලේ නැත්නම් මෙතනදී Wine ලැබෙන්නේ නෑ

. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ වතුර වීදුරුව විතරයි. අමතක වෙනවානම් මතක තියාගන්න වතුර වීදුරුව තමයි ඔය අතරින් උඩින්ම එහෙම නැත්නම් මැදට කිට්ටු වෙන්නම තියලා තියන වීදුරුව කියලා. ඔන්න එහෙනම් ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා. හැමදාම අපිට මුණ නොගහෙන දෙයක් වුනත් කොතනකදී හරි මේ වගේ දෙකට ඔයාලා මුහුණ දුන්නොත් 100% හරි ක්‍රමයට නැතත් වැඩේ ගොඩින් බේරා ගන්න විදිය තමයි මම මේ කියලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී යම්කිසි වැරද්දක් සිදුවෙලා තියනවානම් මම ඒ ගැන කණගාටු

වෙන අතරම ඒ දේ පෙන්නලා දෙන්න කියලත් ඔයාලගෙන් ඉල්ලා ඉන්නවා.
Last edited: