ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    48. සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය (Sardar Patel Stadium)

    ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ මොටෙරා හි පිහිටි මේ පිටිය 1982 පිහිටුවන ලද්දක්.

    Aerial_View_Motera_Stadium.jpg


    ගුජරාට් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්තයන් වන්නේ අදානි පැවිලියන් අන්තය හා GDMC අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1983 නොවැම්බර් 12 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 54,000 කට ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවිකර තිබෙනවා. මේ ක්‍රීඩාංගනය නිම කිරීමට මාස 9 වැනි කෙටි කාලයක් වැය වෙලා තිබෙනවා. ලෝක කුසලාන තරඟාවලි 3 කට මේ ක්‍රීඩාංගනය යොදාගෙන තිබෙනවා. ඒ 1987, 1996 හා 2011 දී. මෙහි ටෙස්ට් තරඟයකදී වැඩිම ඉනිමකදී ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් උනා. ඒ 2009 ඉන්දියාවට එරෙහිව 760/7. එම තරඟයේදී මහේල ජයවර්ධන 275 රැස් කල අතර එය මේ පිටියේ එක් පිතිකරුවකු රැස් කල වැඩිම ලකුණු වාර්තාවද වුනා.


    800px-Sardar_Patel_Stadium.JPG


    800px-SP_Stadium.JPG


    800px-Sardar_Patel_Gujarat_Stadium_Ahmedabad.jpg


    Iron_Bull_Motera_Stadium.jpg

    පිටියේ එළියේ නිම කර ඇති යකඩ ගොනෙකුගේ නිර්මාණයක්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    49. සිංහල ක්‍රීඩා සමාජය (Sinhalese Sports Club / SSC)

    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ටෙස්ට් තරඟ පිටියක් වන මෙය 1952 දී පිහිටුවන ලද්දක්.

    800px-SCC_Ground_Colombo.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද පිහිටන්නේ ද මෙහෙයි. සිංහල ක්‍රීඩා සමාජය මෙය පාලනය කරයි. මෙහි අන්තයන් වන්නේ ටෙනිස් කොර්ට් අන්තය හා දකුණු අන්තයි.

    1899 සිංහල පාසැල් ළමුන් පිරිසක් ශාන්ත.තෝමස්, රාජකීය හා වෙස්ලි පාසැල් එකතුව එවකට කොල්ට්ස් ක්‍රීඩා සමාජය සමග පැවති තියුණු තරඟයකින් ජය වාර්තා කරීමෙන් මේ ක්‍රීඩා සමාජය බිහි කෙරුණා. එවකට විහාරමහා දේවි උද්‍යානයේ කොටසක් කුලියට ගනිමින් පවත්වාගෙන ගිය මේ ක්‍රීඩා සමාජය 1952 මේට්ලන්ඩ් පෙදෙස වෙත ගෙනයන ලදී. එවකට මේ ප්‍රදේශය දෙවන ලෝක යුද්දයේ ගුවන් බටයන් හුවමාරු කරගත් ස්ථානයක් වුනා. මෙහි ක්‍රීඩාගාරය එවකට සිටි කෝටි පති ව්‍යාපාරිකයකු උණු ඩොනවන් අන්ද්‍රේ මහතා මගින් පරිත්‍යාග කෙරුණා. ලකුණු පුවරුව 70 දශකයේ සාදවනු ලැබුවා. පසුව එය අද පවතින පුවරුව ලෙස නිර්මාණය කෙරුණා.

    මෙහි ප්‍රථම තරඟය ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර 1984 මාර්තු 16 වන දින පැවැත්වුනා. එම තරඟය ජය පැරදුමෙන් අවසන් වුන. මෙහි ප්‍රථම එක දින තරඟය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 1982 පෙබරවාරි 13 වන දින පැවැත්වුනා. එහිදී එංගලන්තය ලකුණු 5 කින් ජය වාර්තා කරා. මේ පිටියේ ශ්‍රි ලංකාවේ ටෙස්ට් තරඟ වාර්තාව ඉහල මට්ටමක පවතිනවා. පැවැත්වුණු තරඟ 31 කින් ජය 16, පරාද 6 ක් සහ ජය පැරදුමෙන් තොරව 9 ක් වාර්තා වෙලා තිබෙනවා. මේ පිටියේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන අතර ලකුණු 624 ක සම්බන්දතාවයක් තුන්වන කඩුල්ල සඳහා පැවැත්වුවා දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වර්ෂයේදී. එය අදටත් කඩුළු දෙකක් අතර වාර්තා වුනු වැඩිම ලකුණු ප්‍රමාණය වෙනවා. ප්‍රේක්ෂකයන් 10,000 කට ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟ පවත්වන්නේ නැහැ.


    2.1312744487.sinhalese-sports-club.jpg


    kalpa1971891470.jpg


    P1000192-Scoreboard.gif
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    50. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය (Colombo Cricket Club Grounds / CCC)

    ශ්‍රී ලංකාවේ කොළඹ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි මේ පිටිය අන්තර් ජාතික තරඟ 3 ක් පමණක් පැවැත්වුවා.

    293g55v.jpg


    මෙහි අන්තයන් වන්නේ ප්‍රෙස් බොක්ස් අන්තය හා පැවිලියන් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 1984 මාර්තු 24 වන දින පැවැත්වුනා. දැනට මෙහි සමාජ මට්ටමේ ක්‍රීඩා පැවැත්වෙනවා. මෙහි ප්‍රේක්ෂකයන් 6,000 කට පමණ ඉඩ කඩ පවතිනවා. 1934 මෙහි ක්‍රිකට් සුපිරි පිතිකරුවකු වන ඩග්ලස් ජාර්ඩින් හා ඔහුගේ එංගලන්ත පිල මෙහි ප්‍රථම සමාජ මට්ටමේ තරඟයක් පැවැත්වුවා.


    England_test_team_1928.jpg
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    17. බේසින් රිසර්ව් (Basin Reserve)

    නවසීලන්තයේ, වෙලින්ටන් නගරයේ පිහිටි මේ පිටිය නවසීලන්තයේ පැරණිම ක්‍රිකට් පිටියක් වනවා.

    ACS%20Match_Wellington.jpg


    මෙය ආරම්බ කෙරුනේ 1868 දීය. මෙහි අන්ත වන්නේ වනස් ස්ටෑන්ඩ් අන්තය හා ලකුණු පුවරු අන්තයයි. මෙහි පවතී ප්‍රථම තරඟය නවසීලන්තය හා එංගලන්තය අතර 1930 ජනවාරි 24 වන දින පැවැත්වුවා. ප්‍රේක්ෂකයන් 11,000 ඉඩ කඩ ඇති මෙය 2015 ලෝක කුසලාන තරඟාවලියට සුදානම් කෙරෙනවා.

    34_3.jpg

    1908

    ප්‍රේක්ෂකයන් විසින් ක්‍රිකට් පිටිය අක්‍රමණය කරන අවස්ථා මේ පිටියේ සුලභයි.

    4165301293_eb5afeb512_o.jpg


    3957847.jpg


    4589589_600x400.jpg


    3476602s-19Mar10.jpg


    3476597s-19Mar10.jpg


    3476595s-19Mar10.jpg


    3476590s-19Mar10.jpg


    :shocked::lol:

    :lol::lol::lol::lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    51. ජින්නා ක්‍රීඩාංගනය (Jinnah Stadium)

    පකිස්ථානයේ සියල්කොට් හි පිහිටි මේ ක්‍රීඩාංගනය පකිස්ථානයේ පැරණිතම ක්‍රිකට් පිටියක් වනවා.

    Jinnah%20Stadium,%20Sialkot-1.jpg


    සියල්කොට් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙය ඉදි කිරීමට පටන්ගත්තේ 1979 වන අතර නිම කරේ 1984 දීය. නමුත් 1940 සිට මේ පිටය පැවතුනා. පකිස්ථානයේ නිදහසට පෙර මේ පිටිය කොනලියි පිටිය කියලත් හැඳින් වුවා. මෙහි අන්තයන් වන්නේ දුම්රිය අන්තය හා පැවිලියන් අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1985 ඔක්තෝම්බර් 27 වන දිනයි. මෙහි ප්‍රේක්ෂකයන් 30,000 කට ඉඩ කඩ තිබෙනවා.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    52. බරබාටි ක්‍රීඩාංගනය (Barabati Stadium)

    ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ කුටක් නගරයේ පිහිටි මේ පිටිය 1958 විවුර්ත කරනු ලැබුවා.

    139515.jpg


    ඔරිස්සා ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්තයන් වන්නේ මහනධි ගංගා අන්තය හා පැවිලියන් අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 1984 ජනවාරි 4 වන දින පැවැත්වුනා. මෙහි කපිල් දෙව් ගේ 300 වන විකට්ටුව ලෙස රුමේෂ් රත්නායක දැවී ගියා. මෙහි ප්‍රේක්ෂකයන් 45,000 කට ඉඩ කඩ ඇති අතර ආලෝක කුලුණුද සවිකර තිබෙනවා.


    800px-Barabati_stadium.jpg


    800px-Barabati_Stadium_Entrance.jpg
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ela machan rep++++
    mama asama ground eka M.C.G. patta lassanayi.
    hobart wala pic nedda machan.ekath maru.machan oya thanakola eka eka rata walin kapanne kohomada bn???
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ela machan rep++++
    mama asama ground eka M.C.G. patta lassanayi.
    hobart wala pic nedda machan.ekath maru.machan oya thanakola eka eka rata walin kapanne kohomada bn???

    welcome machan. hobart danawa machan thawa grounds tikak dala.

    eka machan karanne kapana machine eke cutter eke margin eka thiyala. la patata ganne blade eka godakma polawata kittu karala kapala. dark wenne blade eka poddak ground level eke indala wadi karala. eka karanne sahena palapurudu aya. awata giyata karanne naha machan. ewata wenamama grass cutting machine thiyanawa.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    53. සවයි මාන්සින් ක්‍රීඩාංගනය (Sawai Mansingh Stadium)

    ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපුර් හි පිහිටි මේ පිටිය එවකට ජායිපුර් හි සිටි මහරාජා කෙනෙකු වුනු සවයි මාන්සින් II උපහාර වශයෙන් නම තැබුවා.

    sms.jpg


    SMS පිටිය කියලත් හඳුන්වනවා. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා පකිස්ථානය අතර 1987 පෙබරවාරි 21 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 30,000 කට ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟද පැවැත්වෙනවා. ඉන්දියාවේ පැවැත්වුණු ලෝක කුසලාන තරඟ සඳහාද මේ පිටිය යොදා ගැනුනා.
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    welcome machan. hobart danawa machan thawa grounds tikak dala.

    eka machan karanne kapana machine eke cutter eke margin eka thiyala. la patata ganne blade eka godakma polawata kittu karala kapala. dark wenne blade eka poddak ground level eke indala wadi karala. eka karanne sahena palapurudu aya. awata giyata karanne naha machan. ewata wenamama grass cutting machine thiyanawa.
    ela mcn.thanks.lankawe eka ground ekakawath oya widiyata kapanne ne neda?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    54. බෙලරීව් ඕවල් (Bellerive Oval)

    ඕස්ට්‍රේලියාවේ, ටැස්මේනියා හි බෙලරීව් හි 1914 පිහිටුවන ලද්දක්.

    800px-Bellerive_oval_hobart.jpg


    ක්ලැරන්ස් නගර කවුන්සිලයට අයත් වන මේ පිටිය ටැස්මේනියා ක්‍රිකට් සමාජය විසින් පාලනය වෙනවා. මෙහි අන්තයන් වන්නේ චර්ච් ස්ට්‍රීට් අන්තය හා රිවර් අන්තයයි. මෙහි දිග හා පළල මීටර් 175 ක් හා 135.5 වෙනවා. මෙහි ප්‍රථම එක්දින හා ටෙස්ට් තරඟ දෙකම සඳහා ශ්‍රී ලංකාව සහබාගි උනා. 1988 එක්දින තරඟය නවසීලන්තය හා ටෙස්ට් තරඟය 1989 ඔස්ට්‍රේලියාව අතරත් පැවැත්වුන. මෙහි ප්‍රේක්ෂකයන් 16,200 කට ඉඩ කඩ තිබෙනවා. මෙහි ආලෝක කුළුණු සවි කරේ 2009 වර්ෂයේදී.


    800px-One-day_Cricket_Australia_vs_England%2C_Bellerive_Oval%2C_January_2011_%282%29.jpg


    800px-Bellerive_Oval_Hill.JPG
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    55. සෙක්ටර් 16 ක්‍රීඩාංගනය (Sector 16 Stadium)

    ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ චන්දිග්‍රා හි පිහිටි මේ පිටිය හර්යානා ක්‍රිකට් සමාජයට අයිති වනවා. මෙහි ටෙස්ට් තරඟ එකක් හා එක්දින තරඟ 3 ක් පමණක් පැවැත්වුන. මොහාලි හි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමෙන් පසුව මෙහි අන්තර් ජාතික තරඟ සීමා වුනා.


    Picture+069.jpg


    Picture+073.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    56. සේඩොන් පාර්ක් ක්‍රීඩාංගනය (Seddon Park)

    නවසීලන්තයේ හැමිල්ටන් නුවර පිහිටි මේ පිටිය 1950 ආරම්භ කෙරුනා.

    SeddonPark-lg.jpg


    හැමිල්ටන් සිටි කවුන්සිලයට අයත් මෙහි අන්තයන් වන්නේ මෙම්බර්ස් අන්තය හා සිටි අන්තයයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 1991 පෙබරවාරි 22 වන දිනයි. ප්‍රේක්ෂකයන් 10,000 කට ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුලුණුද සවි කර තිබෙනවා.


    61168d1251324528-your-favourite-stadium-world-seddonpark.jpg
     
    • Like
    Reactions: dineshlakshitha

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    54. බෙලරීව් ඕවල් (Bellerive Oval)

    ඕස්ට්‍රේලියාවේ, ටැස්මේනියා හි බෙලරීව් හි 1914 පිහිටුවන ලද්දක්.

    800px-Bellerive_oval_hobart.jpg




    800px-One-day_Cricket_Australia_vs_England%2C_Bellerive_Oval%2C_January_2011_%282%29.jpg


    800px-Bellerive_Oval_Hill.JPG
    පට්ට ලස්සනයි බන්.ඊලග tour එක එනකන් ඉවසිල්ලක් නෑ.