ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    57. ජින්නා ක්‍රීඩාංගනය (Jinnah Cricket Stadium)

    පකිස්ථානයේ ගුජරන්වෙලා හි පිහිටි මේ ක්‍රිකට් පිටිය නගර සභා පිටිය ලෙසත් හැඳින්වෙනවා.

    Jinnah_Stadiumm.jpg


    මේ පිටිය ගුජරන්වලා ක්‍රිකට් සමාජයට අයත්වනවා. මෙහි එක් අන්තර්ජාතික ටෙස්ට් තරඟයක් පමණක් පැවැත්වුනා. ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1991 දෙසැම්බර් 22 වන දිනයි. ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරඟය පකිස්ථානය හා ඉන්දියාව අතර 1982 දෙසැම්බර් 3 වන දින පැවැත්වුනා. ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මේ පිට්යේ තම ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරඟයට සහබාගි වුනා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    58. R . ප්‍රේමදාස ක්‍රීඩාංගනය (R.Premadasa Stadium)

    ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙය මුලින් කෙත්තාරාම ක්‍රීඩාංගනය ලෙස නම් කෙරුණා.

    129098.jpg


    ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙය මුලින් කෙත්තාරාම ක්‍රීඩාංගනය ලෙස නම් කෙරුණා. මෙහි නිර්මාතෘවරයා වන්නේ නැසී ගිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමයි. එතුමාගේ උපදෙස් මත කෙත්තාරාම විහාරස්ථානයට යාබද වගුරු බිම ගොඩ කිරීමෙන් මේ ක්‍රීඩාංගනය සදවනු ලැබුවා. මේ පිටියේ ප්‍රථම තරඟය 1986 පෙබරවාරි 2 වන දින එංගලන්ත B කණ්ඩායම හා ශ්‍රී ලංකා B කණ්ඩායම අතර පැවති තරඟයකින්. මෙහි අන්තයන් වන්නේ කෙත්තාරාම අන්තය හා මාලිගාවත්ත අන්තයයි. මෙහි ප්‍රථම අන්තර්ජාතික ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 1992 අගෝස්තු 28 වන දින පැවැත්වුනා. ප්‍රථම එක් දින තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1986 මාර්තු 9 වෙනිදින පැවැත්වුනා. මුලින් ප්‍රේක්ෂකයන් 14,000 කට ඉඩකඩ පැවති මෙහි 2011 ලෝක කුසලාන තරඟත් සමගම එය ප්‍රේක්ෂකයන් 35,000 කට ඉඩ කඩ වර්ධනය කෙරුණා. මෙහි ආලෝක කුළුණු සවිකර තිබෙනවා.


    R_Premadasa_Stadium.jpg
    [/IMG]

    R-Premadasa-Stadium-Colombo-players-on-field-110226-G600.jpg


    039478.jpg


    R-Premadasa-Stadium-Colombo-sunset-110301-G600.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Thank u මචන්.
    හොද විස්තර ටිකක් දැනගත්ත.

    වෙල්කම් මචන්. තව ගොඩක් මග එනවා. මේ වගේම තව බාගයක් විතර පොස්ට් කරන්න තියනවා. අද හෙටම දාන්නම්.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වෙල්කම් මචන්. තව ගොඩක් මග එනවා. මේ වගේම තව බාගයක් විතර පොස්ට් කරන්න තියනවා. අද හෙටම දාන්නම්.

    එල මචං.
    ඒවා එනකන් බලන් ඉන්නේ.
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Adoooo sirama tread ekak machoo...niyamai niyamai digatama karan palayan ... Gud luck machoo :) P sara oval .... ela elaaazz ape TU club ground eka ganath dala thiyenawa...thanks kolla :D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    59. ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය. (Tyronne Fernando Stadium)

    ද සොයිසා ක්‍රීඩාංගනය කියලත් කියනවා. එවකට මොරටුව ප්‍රදේශයේ විසු ධනවත් පවුලක් වන ද සොයිසා පවුල විසින් 1941 අක්කර 5 ක ඉඩමක් මොරටුව නගර සභාවට පරිත්‍යාග කෙරුණා මේ ක්‍රීඩාංගනය සඳහා.

    5722972568_f5696cc6c2_z.jpg


    මේ ක්‍රීඩාංගනය ද සොයිසා ක්‍රීඩාංගනය කියලා නම පට බැඳුනු අතර මොරටුව ක්‍රීඩා සමාජය මෙහි ක්‍රීඩා තරඟ පැවැත්වුවා. 1952 ප්‍රේක්ෂකාගාරය නිම කිරීමෙන් පසුව 1978 එවකට සිටි නියෝජ්‍ය විදේශ අමාත්‍ය ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීමෙන් මේ පිටිය අන්තර් ජාතික තරඟ පැවැත්වීමට උසස් මට්ටමකට ගෙන ආවා. ඔහුට උපහාර වශයෙන් මේ පිටියට ඔහුගේ නම තැබුවා. මෙහි අන්තයන් වන්නේ මාධ්‍ය අන්තය හා කටුබැද්ද අන්තයයි. මෙහි දිග හා පළල යාර 70 හා 70 වේ. මෙහි නිල නොවන ප්‍රථම තරඟය 1979 බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වුනා. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 1992 සැප්තැම්බර් 8 වන දින පැවැත්වුනා. ප්‍රථම එක දින තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 1984 මාර්තු 31 පැවැත්වුනා. 1993 පසුව මෙහි අන්තර්ජාතික තරඟ සිමවුනා. ප්‍රේක්ෂකයන් 15,000 කට මෙහි ඉඩ කඩ තිබෙන අතර රාත්‍රී තරඟ සඳහා පහසුකම් නැහැ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    60. හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය (Harare Sports Club)

    සිම්බාබ්වේ හී හරාරේ නුවර පිහිටි මේ පිටිය සොල්ස්බරි ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය (Salisbury Sports Club) ලෙසත් හැඳින්වෙනවා.

    gallery22j.jpg

    හිටපු සිම්බාබ්වේ නායක හා වේගපන්දු යවන හීත් ස්ට්‍රික්

    මෙහි අන්තයන් වන්නේ නගර අන්තය හා ක්‍රීඩා සමාජ අන්තයයි. ප්‍රථම ටෙස්ට් තරඟය ඉන්දියාව හා සිම්බාබ්වේ අතර 1992 ඔක්තෝම්බර් 18 වන දින පැවැත්වුනා. ප්‍රථම එක් දින තරඟය ඉන්දියාව හා සිම්බාබ්වේ අතර 1992 ඔක්තෝම්බර් 25 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 10,000 කට ඉඩ කඩ ඇති මෙහි දිව රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවි කරේ 2011 වසරේදී.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    61. රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනය (Rawalpindi Cricket Stadium)

    පකිස්ථානයේ, රාවල්පින්ඩි නුවර පිහිටි මේ පිටිය 1992 ජනවාරි 19 වන දින ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර එක්දින තරඟයෙන් විවුර්ත කෙරුණා.

    5220844776_c99e68babb_b.jpg


    පකිස්ථාන ක්‍රිකට් ආයතනය සතු මේ පිටිය රාවල්පින්ඩි ක්‍රිකට් සමාජය විසින් මෙහෙයවනු ලබනවා. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා ෂෙල් අන්තයයි. මෙහි ප්‍රේක්ෂකයන් 15,000 කට ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවි කෙරුනේ 2001 වසරේදී.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    62. කේ. ඩී. සිං බාබු ක්‍රීඩාංගනය (K.D Singh Babu Stadium)

    ඉන්දියාවේ, උත්තරප් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් හි පිහිටි මේ පිටිය 1957 දි ඉදි කරන ලද්දක්.

    799px-K_D_Singh_Babu_Stadium.jpg


    මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා ගොමාටි අන්තයයි. මෙහි එකම ටෙස්ට් තරඟයක් හා එකම එක දින ජාත්‍යන්තර තරඟයක් පමණක් පැවැත්වුනා. ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 1994 ජනවාරි 18 වන දින හා එක දින තරඟය 1989 ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    63. කුවීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය (Queens Sports Club)

    සිම්බාබ්වේ, බුලවායෝ හි පිහිටි මේ පිටිය සිම්බාබ්වේ රාජ්‍යයේ දෙවනි ප්‍රධාන පෙලේ ක්‍රිකට් පිටියක් වෙනවා.

    138681.jpg


    1893 සාදා පිහිටවුනු මේ පිටියේ අන්තයන් වන්නේ සිටි අන්තය හා එයාර් පොර්ට් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර 1994 ඔක්තෝම්බර් 20 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 9,000 කට ඉඩ කඩ තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    64. පන්ජාබ් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය (Punjab Cricket Association Stadium Mohali)

    ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මොහාලි හි පිහිටි මේ පිටිය පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය වනවා.

    Attractive-view-of-Mohali-Cricket-Stadium-India.jpg


    මෙය ආරම්බ කෙරුනේ 1993 දීය. මේ පිටිය සැදීමට අවුරුදු 3 ක් ගත වුනා. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා සිටි අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1994 දෙසැම්බර් 10 වෙනි දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 28,000 කට ඉඩ කඩ ඇති අතර මෙහි ආලෝක කුළුණු විශේෂ විදියකට සකස් කර තිබෙනවා. වැඩි උසට ආලෝක කුළුණු සාදන නොලද්දේ මේ ක්‍රීඩාංගනය ළඟ පිහිටි ගුවන් තොටුපල නිසාවෙනුයි. ඉන්දියාවේ පවතී සැම ලෝක කුසලාන තරඟයක් සඳහාම මේ ක්‍රීඩාංගනය යොදවාගනු ලැබුවා.


    2692-266-Punjab-Cricket-Stadium-Mohali.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    65. අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය (Arbab Niyaz Stadium)

    පකිස්ථානයේ, පෙෂාවර් හි පිහිටි මේ පිටිය 1985 ආරම්භ කරන ලද්දක්.

    paksports.jpg


    මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා කොලේජ් අන්තයයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1995 සැප්තැම්බර් 8 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 20,000 කට ඉඩ කඩ තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    66. සුපර් ස්පෝර්ට්ස් පාර්ක් (Super Sports Park / Centurion)

    දකුණු අප්‍රිකාවේ, ගවුටෙන් ප්‍රාන්තයේ සෙන්චුරියන් හි පිහිටි මේ පිටිය දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පෙලේ ක්‍රිකට් පිටියක්.

    1807392-centurion-park-492097.jpg


    සෙන්චුරියන් පිටිය කියලත් හැඳින් වෙන මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා හෙනොප්ස් රිවර් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර 1995 නොවැම්බර් 16 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 20,000 කට ඉඩ කඩ ඇති අතර මෙහි දිව රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවිකර තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    67. ශික්පුර ක්‍රීඩාංගනය (Sheikhupura Stadium)

    පකිස්ථානයේ ශික්පුර් හි පිහිටි මේ පිටිය අන්තර් ජාතික තරඟ තුනක් සඳහා බාවිතා කෙරුණා. මෙහි 15,000 කට ඉඩ කඩ තිබෙනවා.


    Stadium.jpg


    2217889724_174271b3e0.jpg