ක්‍රිකට් කෙළිය

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ක්‍රිකට් කෙළිය

    ක්‍රිකට් කෙළිය නැරඹීමට, ජනපති බොම්බෙ යෑමට සූදානම්
    2317_1AP.jpg


    මුරලි හා මැතිව්ස් වෙනුවට වාස් හා සුරාජ් යොදවයිද ?

    ලබන සෙනසුරාදා බොම්බායේ වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි යෑමට සූදානම් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී, බන්දුල ජයසේකර පවසන්නේ මුත්තයියා මුරලිදරන්ට ගෞරව පිණිස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය පතා ශ්‍රී ලාංකික කණ්ඩායම වටා එක් රොක්වන ලෙස ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

    ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව තරග වැදුණු 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහාද ජනාධිපති මහින්ද රාජපක්ෂ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ගියේය.

    මේ අතර, වාර්තා වන්නේ ආබාධයන්ට ලක්ව සිටින මුත්තයියා මුරලිදරන් හා ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවෙන් සුරාජ් රන්දිව් හා චමින්ද වාස් අවශ්‍ය වුවහොත් යෙදවීමට සූදානම් කර සිටින බවයි.

    ඡායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා පසුගියදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර අර්ධ අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා එක්ව සිටි අයුරුයි.
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    හෆොයි බං මේකටවත් දේශපාලනේ ගාවාගන්නේ නැතුව ශ්‍රී ලාංකිකයෝ විදිහට හිතපල්ලකෝ... 2011 WORLD CUP එක කවුරු මොනවා කිව්වත් අපි තමයි අනිවා දිනන්නේ....