ක්‍රිකට් ගැන භයානක ගොසිප් එකක්
හිටපු නායකන් දෙදෙනක් හදලා ගිය නායකයා ආයෙත් ඇතුලට ගන්න පුහුණුකරු එලවන්න ගේමක් ගහනවලු. එකම මැනේජර්ගේ සංගා මහේල ඇන්ජලෝ එකතුව හතුරු එලවන්නද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තීරණාත්මක සහ ප්‍රධානතම පුහුණුකරුවෙක් කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු කෙරෙන සැලසුමක් පිළිබදව වාර්තා වෙනවා.
මෙම සැලසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්රබලතම චරිත ද්විත්වයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙදෙනෙක් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ කණ්ඩායමෙන් මෑතක දී ඉවත් කළ හිටපු නායකයෙක් යළි කණ්ඩායමට ඇතුලත් කර ගැනීම සදහායි. මෙම ක්‍රීඩකයා කණ්ඩාමෙන් ඉවත් කිරීමේ තීරණය ඉහත කී පුහුණුකරු විසින් ලබා ගෙන තිබෙන බවත් ඒ සදහා බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු හේතු වී තිබෙන බවත් කියවෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් ඉන්දීය බුකිකරුවන් සමග එක්ව තරග පාවාදීමේ කටයුතු වල නියැලුනු බවට බොහෝ චෝදනා එල්ල වූ අතර එම ඉවත් කළ ක්‍රීඩකයාගේද ක්‍රීඩා රටාව සැක සහිත බවට කණ්ඩායම් අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වී තිබෙනවා.
කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රීඩකයා, හිටපු නායකයන් දෙදෙනාගේ සමීපතම සගයා ලෙසින් කණ්ඩායම නියෝජනය කළ අතර, ඉවත් කළ ක්‍රීඩකයා හිටපු නායකයන් දෙදෙනාගේ ව්‍යාපාරික සහකරුවෙක්ද වනවා. මෙම ක්‍රීඩකයා කණ්ඩායමෙන් ඉවත් වීම නිසා හිටපු නායකයන් දෙදෙනාට කණ්ඩායම තුල තිබු බලය සහ ඒකාධිකාරිය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙන බවද කියවෙනවා.
මේ අතර කණ්ඩායමේ දැනට තීරණාත්මක සාධකයක් වන මෙම පුහුණුකරු ඉවත් කරමින් හෝ සිය හිතවත් ක්‍රීඩකයා කණ්ඩායමට එක් කර ගැනීමට මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති අතර සිය සබදතා හරහා ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ සහය මෙම හිටපු නායකයන් දෙදෙනා විසින් ඉල්ලා තිබෙන බව කියවේ.
2019 ලෝක කුසලාන සංචිතයට එම ඉවත් කළ ක්‍රීඩකයා අත්‍යවශ්‍ය බව කියමින් සමාජජාලා මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමටද, තරග පරාජය වුවහොත් එහි වගකීමද ඉහත කී පුහුණුකරු වෙත පැවරීමටද සැලසුම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
source nethfm
මෙම කාරනා කොතරම් දුරට සත්‍යද යන්න තහවුරු කරගැනීමට නොහැකි වුනත් මෙය සත්‍යක් විය හැක යන්නට සාධක කිහිපයක් ඇත. එනම් සංගා මහේල දෙදෙනා නිර්මාණය කල නායකා අන්ජලෝයි. ඒ ඩිල්ශාන්ගෙන් නායකත්වය ඉවත් වන තෙක්ම යම් යම් අළු යට ගිනි තිබු බව ප්‍රසිද්ද රහසක්.
අනෙක් කාරණය සංගා මහේල යන දෙදෙනාගේ කළමනාකරු ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා යයි පසුගිය දිනක ආන්දෝලනයට තුඩු දුන් අතර මේ තිදෙනාම එකී එකම කළමනාකරුවන්ගේ ක්‍රීඩකයන්.
ආසන්නම සැකයට තුඩු දෙන සාධකය වන්නේ දැනට දින දෙකකට කලින් ජාතන්තර ක්‍රිකට් වෙබ් අඩවිය වන ක්‍රීක් ඉන්ෆෝ වෙත හිටි හැටියේ සංගා සාකච්චාවක් ලබා දී ඇන්ජලෝ අනිවාරෙන් කණ්ඩායමට පැමිණිය යුතු අතර චන්දික හා මැතිව්ගේ විරසකය අවසන් කල යුතු යන්න ප්‍රසිද්ධියේම කියා සිටීමයි.
අතීතය හා වර්තමානය සසදා බලන විට මෙම කාරණය බොහෝ දුරට විය හැකියාව වැඩි එකකි. නමුත් මෙසේ සිද්දියක් සිදුවනවානම් මේ රටේ ක්‍රිකට් 2015 පසු අද තත්වයට කඩා වැටීමට එකම හේතුව මුදල් පසුපස හබා ගිය මොවුන් දෙදෙනා රටට සියට පනහක් වග කිව යුතුයි. රටේ ක්‍රිකට් බල්ලටම වැටි ඇති අවස්තාවකත් තමන්ගේ කළමනාකරුගේ ක්‍රීඩකයා තමන්ගේ කුක්කා වෙනුවෙන් දක්ෂ පුහුණුකරුවකු ඉවත් කරන්න කුමන්ත්‍රණ කරනවානම් මොවුන්ට පමණක් නොවේ තම දරු පවුල් වලටද පව් මෙලොවම පඩිසන් දිය යුතු වෙයි.
එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ අහුමුලු හොයන ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රීක් එජ් අලුත්ම පුවතක් වාර්තා කරන අතර එහි සදහන් කරන්නේ හතුරුසිංහ බෞද්ධයකු නොවන බවත් ඔහු ආගමට ගරු නොකරන බවත් බෞද්ධ විරෝධී මනසක් ඇත්තෙක් ලෙස එම වෙබ් අඩවියේ සදහන් කරනවා. නමුත් ඔවුන්ම වාර්තා කරන්නේ විදෙස් පුහුණුකරුවන් බෞද්ධ නොවුවත් ඔවුන් ආගමික වතාවත් වලට සහභාගී වූ බවයි. ලංකාවේ බෞද්ධ විරෝධියකු ලෙස හංවඩු ගැසීමෙන් ඕනෑම පුද්ගලයකු රටින් පන්නා දැමිය හැකි යන්න මේ රටේ කුමන්ත්රන කරුවන් දන්නා හොදම අවියයි.
කෙසේවෙතත් මෙම කාරනා සමග සංගා මහේල ඇන්ජලෝ සහ ඔවුන්ගේ කලමනාකරුවගේ මෙම කුමන්ත්‍රණය සත්‍යක්නම් සංගක්කාරගේ මහේලගේ ක්‍රිකට් කොතරම්ද යන්න අපට අදාළ නොවන අතර ජයග්‍රහණ පිපාසෙන් දුක් විදින ලාංකිකයන් විදියට මේ වෙස්මුණු දාගත් ඊනියා සල්ලි පෙරේත මහත්වරුන් ගැන අප්පිරියාවක් දැනෙයි.
ඇත්තනම් මේක හෙනම කේස් එකක් වෙනව