ක්‍රිකට් පිටිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Untitled-126.jpg

    මැයි මස 31දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අසුන සඳහා වූ සටනට වර්තමාන සභාපති තිලංග සුමතිපාල,ජයන්ත ධර්මපාල,මොහාන්ද සිල්වා සහ නිශාන්ත රණතුංග සහභාගි වේ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලකුණු 8 පහරකට යෝජනාවක්

    sssss(18).jpg

    ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ඩීන් ජෝන්ස් මහතා ‘ස්ටාර් ස්පෝර්ට්ස්’හී වැඩ සටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ, මිටර 85 වඩා දුරකට පන්දුව යන පරිදි එල්ල කෙරෙන ලබන පහරක් සඳහා ලකුණු 6ක් නොව ලකුණු 8ක් පිරිනැමිය යුතු බවයි.

    විස්සයි 20 තරග රටාව වර්තමානයේ විප්ලවයකට මුලපුරා ඇති අතර සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රීඩාවට වඩා විස්සයි 20 තරග සඳහා ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතී.

    ඩීන් ජෝන්ස් මහතා පවසන ආකාරයට වර්තමානයේ ක්‍රීඩාවට වඩාත් ගැලපෙන ආකාරයට නීති රීති වෙනස් විය යුතය.

    “8 පහර කදිමයි. ඔවුන් ක්‍රිස් ගේල්ට සහ සියලුම ප්‍රහාරකයන්ට ආදරය කරනවා. හරියට ගෝල්ෆ් වලදී ටයිගර් වුඞ්ස් සහ රොරි මැක්ලෝරි මිටර 350 වඩා ඈතට යන්න පහර දෙනවා වගේ” යැයි ජෝන්ස් මහතා පවසා සිටියේය.

    “තරගය තියෙන්නේ උච්චතම අවස්ථාවේ නම්, ඔවුන්ට අවශ්‍ය ලකුණු 8ක් නම්, මිටර 85 වඩා දුරකට පන්දුව යැව්වානම් හරි. ඔබ හිතන විදියට ක්‍රිස් ගේල් වෙන්න පුඑවන්, ඔන්ඩි්‍ර රසල් හරි කිරන් පොලාඞ් වෙන්න පුඑවන්. ඔවුන් එවිට එය ලබා ගනීවී” යැයි ජෝන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

    33333(10).jpg

    ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ජෝ ඩාලින් 1898 දී ප්‍රථම හයේ පහර එල්ල කරද, එය නීතියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තුළ භාවිතා කරනු ලැබුවේ 1910 වසරින් පසුවයි. එවකට හතරේ සීමාව පසු කරමින් ඉහළින් ඇදී යන පහරක් සඳහා ලකුණු 6ක් පිරිනැමීමට තීරණය කළේය. එලෙසින් ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ නීති රීති සමුදායක් ඔස්සේ ඉදිරියට ගලා යමින් තිබේ. විස්සයි 20 ක්‍රිකට් තරග පැමිණීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ සෙයින් වෙනත් මාවතකට ගෙන ගොස් ඇත.

    වර්තමානයේ සියලුම තරග නීති රීති වෙනස්වී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණු වැඩසටහන් සහ විස්තර විචාරක කටයුතු සඳහා ලෝකයේ සෑම තැනකම සංචාරය කර ඇති බවත් එහිදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය විශේෂ තැනක් ගන්නා බවත් එහිදී ක්‍රීඩකයන්ට සරිලන මුදලක් උපයා ගැනීමට හැකියාව ඇති බවත් ජෝන්ස් මහතා පවසා සිටියේය.

    ඩීන් ජෝන්ස් මහතා මෙම තොරතුරු අනාවරණය කළේ විස්තර විචාරකයකු වශයෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වෙමිණි.

    ජෝන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ එංගලන්ත ප්‍රීමියර් (පාපන්දු) ලීග් තරගාවලිය සහ ඇමරිකාවේ ජාතික (පාපන්දු) ලීග් තරගාවලියෙන් පසු ලොව වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩාව මෙය බවයි.

    මිනිසුන්ගේ කාර්ය බහුලත්වයත් සමග ටෙස්ට් තරගයක් පැය 6ක් හෝ 7ක් නරඹනවාට වඩා සීමිත ඕවර තරගයක් නැරඹීමට ඔවුහූ ප්‍රිය කරති. එසේම වර්තමානයේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින්නේද විස්සයි 20 තරග සඳහාය.

    ඔහොම නීති වෙනස් කරන්න උනොත් ක්‍රිකට් ඉතුරු වෙන්නෙ නෑ. හරිනම් සම්මත පිටියේ ප්‍රමාණයකුත් තියෙන්න ඕනෙ. ඉන්දියන් කාරයො Flat පිච් එකක් චූටි Ground එකක්මැ මැද්දදට දාගෙන 200 ඒව ගහනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1(382).jpg


    වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාක කණ්ඩායම සමත් විය.

    තරගයේ සිවුවැනි දිනය වූ 27 වැනිදා ජයග්‍රහණය සඳහා ලකුණු 63 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් (නොදැවී 18) සහ හාරිස් සොහේල් (නොදැවී 39) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

    පාකිස්තාන කණ්ඩායමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට ජේම්ස් ඇන්ඩසන් සමත් වූ අතර ඔහුගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට ආරම්භක පිතිකරු අසාර් අලී ලබා සිටියේ ලකුණු 4 ක් පමණි.

    එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 242 කට සීමා කිරීමට මොහොමඞ් අමීර් සහ මොහොමඞ් අබ්බාස් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අමීර් සහ අබ්බාස් කඩුලු 4 බැගින් බිඳ දමමින් එංගලන්ත දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.

    ලකුණු 67 ක් ලබා සිටි ජොස් බට්ලර්, දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මොහොමඩම් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. එම දැවීයාමත් සමග එංගලන්ත ඉනිමේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් බට්ලර් සහ ඩොමිනික් බේස් (57) අතර පැවැති ලකුණු 126 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

    මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට ඩොමිනික් බේස් සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. කලකට පසු එංගලන්තය ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ බට්ලර්, හතරේ පහර 6 ක් සමග සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේ 48.55 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවා ගනිමිනි.

    ආරම්භක පිතිකරුවන් දෙදෙනාද සමගින් පිතිකරුවන් හය දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවීයෑම එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය.

    එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 184
    (ඇලිස්ටෙයාර් කුක් 70, ජොනි බෙයාස්ට්‍රෝ 27, බෙන් ස්ටෝක්ස් 38, මොහොමඞ් අබ්බාස් 23/4, හසන් අලී 51/4)

    පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 363
    (අසාර් අලී 50, හාරිස් සොහේල් 39, අසාද් ශෆීක් 59, බාබර් අසාම් 68, ශඩාබ් ඛාන් 52, ෆාහීම් අෂ්රෆ් 37, මොහොමඞ් අමීර් නොදැවී 24, බෙන් ස්ටෝක්ස් 73/3, ජේම්ස් ඇන්ඩසන් 82/3, මාර්ක් වුඞ් 74/2)

    එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 242
    (ජෝ රූට් 68, ජොස් බට්ලර් නොදැවී 67, ඩොමිනික් බේස් 57, මොහොමඞ් අමීර් 35/2, මොහොමඞ් අබ්බාස් 36/4, මොහොමඞ් අමීර් 41/4, ශඩාබ් ඛාන් 63/2)

    පාකිස්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 66
    (ඉමාම් උල් හක් නොදැවී 18, හාරිස් සොහේල් නොදැවී 39)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    p16-1.jpg


    ඉදිරි දෙවසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නිලධාරී මණ්‌ඩලය පත් කිරීමේ නිලවරණය අද (31දා) දහවල් 12.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, අධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය මත එය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ.

    ඒ අනුව ලබන 14 වැනිදා නැවතත් අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබෙන අතර එදිනට ප්‍රධාන දෙපාර්ශ්වයටම පෙනී සිටින ලෙස අධිකරණය මගින් නියෝග කර තිබේ.

    අතුරු කමිටු තීන්දුව ජනපති සාකච්ඡාවෙන් පසු

    ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා මෙසේ කීය. මම අධිකරණ තීන්දුව තවම දැක්‌කේ නැහැ. අධිකරණය දෙන ඕනෑම තීන්දුවකට හිස නමනවා. ජනපතිතුමා මට ලොකු වගකීමක්‌ පවරලා තියෙනවා. ඒ නිසා ජනපතිතුමන් සමඟ සාකච්ඡා කරලා රටට හොඳ තීන්දුවක්‌ ගන්නවා. දැනට තියෙන තත්ත්වය අනුව අතුරු කමිටුවක්‌ පත්කරන්න පුළුවන් දින දාහතරකට හෝ කෙටි කාලයකට පමණයි. අධිකරණය ක්‍රිකට්‌ නිලවරණය පැවැත්වීමට ලබාදෙන දිනය වනතෙක්‌ පමණක්‌ අතුරු කමිටුවක්‌ පත්කරන්න පුළුවන්. අතුරු කමිටුව ගැන මම ජනපතිතුමා එක්‌ක සාකච්ඡා කරනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයට වාරණ නියෝගයක්‌ ගෙන ඒමට නිශාන්ත රණතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගය පනවන ලදී.

    මෙවර ක්‍රිකට්‌ නිලවරණයට ඡන්ද 147 ක්‌ තිබුණද, වාර්තා වන පරිදි ඡන්ද 144 ක්‌ පමණක්‌ වලංගුව ඇති බවට 'දිවයින' ට අනාවරණය විය. ගාලු දිස්‌ත්‍රික්‌කයට අයත් ඡන්ද තුනක්‌ සම්බන්ධයෙන් පවතින ගැටලුවක්‌ හේතුවෙන් එය 144 ක්‌ දක්‌වා අඩු වී තිබිණි.

    මෙවර නිලවරණයේදී ප්‍රධාන තනතුරු ලෙස සභාපති, උප සභාපති ධූර දෙකක්‌, ලේකම් ධුරයක්‌, උප ලේකම් ධුර දෙකක්‌, භාණ්‌ඩාගාරික ධුරයක්‌, උප භාණ්‌ඩාගාරික ධුරයක්‌ ආදි වශයෙන් ප්‍රධාන තනතුරු වෙන්වී තිබිණි.

    මීට අමතරව විනිසුරු කමිටුවට ජාත්‍යන්තර තරග සංවිධායක කමිටුවට ඇතුළුව විධායක කමිටු සාමාජිකයින් පත් කිරීමටද ඡන්ද විමසීමක්‌ සිදුවේ.

    මෙවර නිලවරණයේ සභාපති ධුරයට තරග වදින ප්‍රබලම අපේක්‌ෂකයා වන තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට නිශාන්ත රණතුංග මහතා පත්ව තිබිණි. මීට අමතරව මොහාන් ද සිල්වා සහ කේ. මතිවානන් උප සභාපති ධුර සඳහා තරග වැදීමට නාමයෝජනා භාර දී තිබුණි. භාණ්‌ඩාගාරික ධුරය සඳහා ශම්මි සිල්වා මහතා තරග වදින අතර ඔහු සභාපති ධුරයටද නාම යෝජනා භාර දී තිබුණේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග අද (31දා) පැවැත්වෙන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගයේදී ලෝක කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම පාකිස්‌තානයේ ශහීඩ් අෆ්රිඩී වෙත පැවරී තිබේ.

    නිත්‍ය නායක එංගලන්තයේ ඔයින් මෝගන්ගේ ඇඟිල්ලක අස්‌ථි බිදීමකට ලක්‌ව ලෝක කණ්‌ඩායමෙන් ඉවත් වීම මත අෆ්රිඩිට අදාළ අවස්‌ථාව හිමි විය.

    මීට ඉහතදී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික්‌ පාණ්‌ඩ්‍යාද සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ලෝක කණ්‌ඩායමෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ශාමි එම සංචිතයට ඇතුළත් කරන ලදී.

    මෙම තරගයේදී ලෝක කණ්‌ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරාද තරග වැදීමට නියමිතව තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    893666-01-02.jpg



    දිනේෂ් චන්දිමාල් ලබාගත් ශතකය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ පළමු දිනය (30 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටියේය.

    දිනයේ අවසන් ඕවරයේ පළමු පන්දුවේදී ඩිල්රුවන් පෙරේරා දැවී යෑමත් සමග තරගය පළමු දිනය සඳහා නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

    වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ජොමෙල් වැරිකන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඩිල්රුවන් ලබා සිටියේ ලකුණු 17 ක් පමණි. තරගය නතර කරන විට අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් තරගයේ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක නොවීය.

    කෙසේ වුවත් සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ කුසල් පෙරේරා (65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් (108) ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර මට්ටමකට රැගෙන ආවේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග සිය ශතකය සම්පූර්ණ කළේ 50.00 ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි.

    රකීම් කෝන්වෝල්ගේ පන්දුවක් හමුවේ කිරන් පවෙල් අතට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරා දැවීයාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව නිමාවට පත්විය. කුසල් රැස්කළ ලකුණු 65 න් 46 ක්ම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් රැස්කළ ලකුණු විය.

    කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් (41) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් විය. රේමන් රීෆර්ගේ පන්දුවක් හමුවේ ශෙමර් බෲක්ස් අතට උඩපන්දුවක් දෙමින් චන්දිමාල් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.

    අර්ධ ශතකයට ලකුණු 9 ක් පසුපසින් සිටියදී රකීම් කෝන්වෝල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ට පිටියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ වන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත වී තිබිණ. හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක් ලබා සිටි රොෂේන් සිල්වා දැවී ගියේ ජොමෙල් වැරිකන්ගේ පන්දුවක් හමුවේ රකීම් කෝන්වෝල් අතට උඩපන්දුවක් දෙමිනි.

    ලකුණු පුවරුව

    ශ්‍රී ලංකා කණ්ඩායම

    කුසල් මෙන්ඩිස් - ප.කමින්ස් 0
    කුසල් පෙරේරා - ඇ.පවෙල් ප.කොන්වෙල් 65
    දිනේෂ් චන්දිමාල් - ඇ.බ්‍රෝක්ස් ප.රීෆර් 108
    ඇන්ජලෝ මැතිව්ස් - ක.මුූ.කළා ප.කොන්වෝල් 41
    රොෂේන් සිල්වා - ඇ.කොන්වෝල් ප.වැරිකන් 28
    නිරෝෂන් දික්වැල්ල - නොදැවී 26
    ඩිල්රුවන් පෙරේරා - ක.මූ.කළා ප.වැරිකන් 17
    අතිරේක 33
    එකතුව ඕවර 89.1 කදී කඩුලු 6 ක් දැවී 318

    පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
    ළහිරු ගමගේ, අකිල ධනංජය, කසුන් රාජිත සහ ළහිරු කුමාර

    කඩුලු වැටීම:
    1-0(මෙන්ඩිස්), 2-130(කුසල් පෙරේරා), 3-244(චන්දිමාල්), 4-263(මැතිව්ස්), 5-288(රොෂේන්), 6-318(ඩිල්රුවන්)

    පන්දු යැවීම:
    මිගෙල් කමින්ස් : 15-5-47-1, රේමන් රීෆර් : 13-1-51-1, කියොන් ජෝශප් : 12-1-49-0, ජොමෙල් වැරිකන් : 23.1-1-5-67-2, රකීම් කොන්වෝල් : 26-6-88-2
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේදී සිය කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා වන ජොෂ් හෙසල්වුඞ්ගේ සේවය අහිමි වීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

    පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටීම නිසා හෙසල්වුඞ්ට එංගලන්ත තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇති අතර එම තරගාවලියේදී ඔහුගේ හිඩැස පිරවීම සඳහා කූවීන්ස්ලෑන්ඞ් ප්‍රාන්තයේ මයිකල් නේසර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා සිටියි.

    “කාලයක් තිස්සෙ ඉදන් ජොෂ් තුනටියේ අස්ථියක සියුම් පිපිරීමක් නිසා පීඩා වින්ඳා.” යයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කරන ඬේවිඞ් බේක්ලි මහතා පවසයි.

    “අද ඔහු නැවත වරක් ස්කෑන් පරීක්ෂණයකට පෙනී සිටියා. නමුත් ඒ පරීක්ෂණයෙන් ඔහුගේ අස්ථි පිපුරුම පිළිබඳව හරියටම බලාගන්න පුළුවන් වුණේ නෑ. තවමත් ඔහු තරමක වේදනාවකින් පෙළෙනවා”

    “මේ හේතු කාරණා සැළකිල්ලට ගැනීමෙන් පසුව ඔහුව එංගලන්ත සංචාරයට රැගෙන නොයන්න අපි තීරණය කළා.” යැයිද බේක්ලි මහතා සඳහන් කළේය.

    තවමත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් ලබා නොමැති මයිකල් නේසර්, කූවීන්ස්ලෑන්ඞ් ප්‍රාන්තය නියෝජනය කරමින් කඩුලු 41 ක් දවාගෙන පසුගිය පළමු පෙළ තරගවාරයේ වැඩිම කඩුලු ලාභියා බවටද පත් විය.

    හෙසල්වුඞ්ගේ අහිමිවීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවන්නේ අළු බඳුන තරගාවලියේදී තම කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නන් තිදෙනාම නොමැතිවය. මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස්ද විවිධ ආබාධවලට ලක්වී මේ දිනවල කණ්ඩායමෙන් ඉවත්ව සිටිම ඊට හේතුවයි.

    පන්දුව පළුඳු කිරීමේ සිදුවීමට සම්බන්ධ වීම නිසා තරග තහනමකට ලක්ව සිටින හිටපු නායක ස්ටීවන් ස්මිත්ගේ සහ උප නායක ඬේවිඞ් වෝනර්ගේ සහායද මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අහිමිවන අතර අබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ද එංගලන්ත තරගාවලියට එක් නොවනු ඇත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    main-dikwalla.jpg


    කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක ලබාගත් නමුත් ලකුණු 28 ක් ඇතුළත මැද පෙළ පිතිකරුවන් හයදෙනකු දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම හේතුවෙන් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ට්‍රිනිඩෑඞ්හිදී පැවැත්වෙන තුන්දින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (31 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම හිස ඔසවාගෙන සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 428 ට පිළිතුරු වශයෙන් දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ පිලට ලබාගත හැකිව තිබුණේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් පමණි.



    තරෝබාහි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සත්කාරක කණ්ඩායම තවත් ලකුණු 223 ක් පසුපසින් සිටී.

    පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ජෝන් කැම්බෙල් (62) සහ කිරන් පවෙල් සමත් වූ නමුත් කැම්බල් දැවී යන විට පවෙල් ලබා සිටියේ ලකුණු 34 ක් පමණි. ෂෙමාර් බෲක්ස් සමග එක්ව පවෙල් ඉදිරියට ගියද සියල්ල වෙනස්වූයේ ඇන්ජලෝ මැතිව්ස් විසින් කිරන් පවෙල් දුවද්දී දවාැනීමෙනි.

    පන්දුව අහුළා ගත් මැතිව්ස් එය කඩුල්ලට දමාගැසීමත් අකිල ධනංජය විසින් ජමාර් හැමිල්ටන් දවාගැනීමත් අතර කෙදෙව් පිතිකරුවෝ හය දෙනෙක් එකා පසුපස එකා ආපසු ක්‍රීඩාගාරයට ගියහ. පසුව රකීම් කොන්වෝල් සහ ජොමෙල් වැරිකන් දෙදෙනා එක්ව ලකුණු 200 න් එපිටට තම පිල කැඳවාගෙන ගිය නමුත් මේ වන විට ඉතිරිව ඇත්තේ කොදෙව් සභාපතිගේ පිලේ පසුපෙළ පිතිකරුවන් පමණි.

    තරගයේ විසඳුම කෙසේ වෙතත් මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීම නිසා කලකට පසුව ක්‍රිකට් පිටියට බට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳ පුහුණුවක යෙදීමේ අවස්ථාව ලැබිණ.

    ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් පළමු දිනයේ පුවත්පත් ශීර්ෂ පාඨ සැරසූ නමුත් දෙවැනි දිනයේදී වැඩිදෙනාගේ අවධානය දිනාගත්තේ නිරෝෂන් දික්වැල්ලයි. පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ කොදෙව් පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් දික්වැල්ල පන්දු 117 කදී ලකුණු 74 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කරමිනි.

    කඩුලු 4 බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි කඩුලු රකින්නා, නිරෝෂන් දික්වැල්ල, සිය යුතුකම කදිමට ඉටුකරමින් පසුපෙළ පිතිකරුවන් වූ අකිල ධනංජය සහ ළහිරු ගමගේ සමග එක්ව අපහසුවකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400 කඩයිමෙන් එපිටට කැඳවාගෙන ගියේය. ටෙස්ට් තරගාවලියකට සහාගිවීමට පොරතුව පැවැත්වෙන පළමු පුහුණු තරගයේ පළමු ඉනිමේදීම ලකුණු 400 සීමාව ඉක්මවා යාම සංචාරක කණ්ඩායමේ පිතිකරුවන්ගේ හිත සුව පිණිස වන්නකි.

    කොදෙව් පන්දු යවන්නන් අතර යන්තමින් හෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් වූයේ වමතින් දඟ පන්දු යවන ජොමෙල් වැරිකන් පමණි. ලකුණු 81 කට කඩුලු 4 ක් දවාගත් වැරිකන්ට මනා සහයක් දුන් රකීම් කොන්වෝල් කඩුලු 3 ක් දවාගත්තේය.


    SL-v-WIPXI-Scoreboard-D2-EEE.jpg