::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::


ඔයගොල්ලොන්ට මතක ඇතිනෙ මම පල කරපු ::::...ක්‍රිකට්,,,,මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද????...:::: කියන ලිපිය...:D:D:D

ගොඩ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුනා ඒ සිදුවීම් පුලුවන්නම් සිංහලට පරිවර්තනය කරලම දාන්න කියලා...ඉතින් මම උත්සාහ කරන්නම් වෙලාව තියෙන විදියට සිංහල පරිවර්තන ඉදිරිපත් කරන්න....

ඔන්න ඉතින් ක්‍රිකට් වලට ආදරේ කරන හැමෝම වෙනුවෙන් තමයි මගේ මේ ප්‍රයත්නය...:):):)

ඔයාලා හැමෝම දිගටම මේ thread එකත් එක්ක එකතු වෙලා ඉඳියි කියලා මම විශ්වාස කරනවා...

ඔයාලා හැමෝගෙම අදහස්, උදහස් සතුටින් බාරගන්නවා...:yes::yes::yes:



 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

1) W.G. Grace (Eng)



W.G. Grace තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස සැළකෙන්නේ...මෙයා කවදාවත්ම out වෙන්න කැමති කෙනෙක්නම් නෙමෙයිලු...මෙයා ඉතින් ඒ දවස් වල හැටියට මාර batsman නේ...මෙයානෙ පියා...ඉතින් ඒ දවස් වල උනත් හැමෝම මෙයාට බයයි ලු...
Umpire out එක දුන්නත් යන ජාතියේ කෙනෙක් නෙමයි...

එක වතාවක් නවක ක්‍රීඩකයෙක් ගේ පන්දුවකට clean LBW out එකක් දුන්නම මෙයා මොකද දන්නවද කියලා තියෙන්නේ...?

" Not out. They came to watch
me bat . . . not you bowl... "

" පිස්සුද..? ඒක out නැහැ...
මිනිස්සු ඇවිත් ඉන්නේ මම bat කරනවා බලන්න...
නැතුව ඔහේ bowl කරනවා බලන්න නෙමෙයි...
"


 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
2) W.G. Grace (Eng)


තව වතාවක් මේයාට මරු වැඩක් වෙලා තියෙනවා...එදා කොහොමහරි එකම bowler තුන් හතර වතාවක්ම close calls appeal කරත් මෙයා umpire ට බලපෑම් කරපු නිසා out දීලා නෑ...
කොහොමහරි පස්සේ මේ bowler ම යවපු පන්දුවකට මෙයා bowled වෙලා (පොලු දෙකක්ම ගැලවිලා ගිහින්).
එතකොට ඉතින් නොයා බැහැනෙ නේද...? දැන් මේ bowler ත් සෑහෙන්න වෙලාවක ඉඳන් මල විකසිත වෙලා ඉඳලා තියෙන්නෙ...
ඉතින් batsman මෙයාව පහු කරගෙන යද්දි bowler කියලා,


" Surely you’re not going, doctor?
There’s still one stump standing...! "

" ඇයි මොකෝ ඔය යන්නේ...?
තව පොල්ලක් ඉතුරුයි නේ...ඒකත් ගැලවුනාම ම යමු.... "



 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

3) W.G. Grace (Eng)


තව දවසක් හැබැයි මෙයා ට umpire ගෙනුත් නෝන්ඩි වෙන්න උනා....
එක වතාවක් bat කරද්දි බොලේ කොහොමහරි අස්සෙන් රිංගලා ගිහින් යන්තම් bail එකේ වැදිලා එක bail එකක් විතරක් බිම වැටුනා...

ඕක ඉතින් නිකන් බලද්දි ඕනි කෙනෙක්ට පේනවානේ...ඒ උනාට අපේ වීරයා මොකද දන්නවද කරේ...? මිනිහා කිසි ගානක් නැතුව ආපහු bail එක අහුලගෙන wicket එක උඩින් තියලා umpire දිහා කෙලින්ම බලලා කිව්වාලු,

" Twas the wind which took thy bail off, good sir... "

" බලන්නකෝ Sir...මේ හුළඟත් එක්ක බෑ නේ...
Bail එකත් වැටුනා... "

Umpire දන්නෙ නැද්ද ඉතින් අපේ ගොයියගේ හැටි...Umpire ගත් කටටම කිව්වලු,

" Indeed, and let us hope thy wind helps you back to the pavilion... "

" ඔව් ඔව්...මම දැක්කා...අපි හිතමු ඔය හුළඟටවත් ඔහේව ආපහු pavilion එකට යවන්න පුලුවන් වෙන්න කියලා...


 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

4) Glenn McGrath (Aus) vs Eddo Brandes (Zim)


එක වතාවක් කොහොමහරි McGrath ගෙ පන්දු සෑහෙන්න miss කර කර, Brandes ගොඩාක් වෙලා යන්තම් ජාමෙ බේරගෙන out වෙන්නෙත් නැතුව wicket එකේ හිටියලු...
McGrath ට ඉතින් දැන් හොඳටම තද වෙලා...මේකා ගහන්නෙත් නෑ, out වෙන්නෙත් නෑ...

Brandes කියන්නෙ number 11 batsman නේ
...ඒ වගේම Brandes ටිකක් මහත කෙනෙක්...
ඉතින් එක පාරක් McGrath follow through එකේදි batsman ලඟට ගිහින් ඇහුවලු,

" Oi Brandes, why are you so fat? "

" ඒයි...Brandes...!
මොකද ඔහේ ඔච්චරම මහත...? "


ගත් කටටම Brandes කිව්වලු,


" Because every time I f**k your wife she gives me a biscuit...! "

" මම මෙච්චර මහත ද...?
මොකද මම ඔහේගෙ wife එක්ක නිදාගන්න හැම සැරේටම එයා මට දෙනවා
නේ බිස්කට් එකක්... "


 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

5) Sir Viv Richards (WI) vs Greg Thomas (Eng)


1986 පැවැත් වූ English County Championship තරගාවලියේ Glamorgan සහ Somerset අතර තරගයේ දී තමයි මෙන්න මේ සිද්දිය ඇති උනේ.


Sir Viv Richards ගැන ඉතින් මම අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනෙ...? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති විශිෂ්ට පිතිකරුවෙක්. සමහරවිට ඔයාලා පරණ videos එහෙම දැකලා ඇති මෙයා fast bowlers ලට මුහුණ දෙන්නෙත් head gears නැතුව නිකම්ම cap තොප්පිය දාගෙන.

ඉතින් කොහොමහරි මේ කියන දවසේ Sir Richards දෙවතාවක් විතර කවදාවත් නැති විදියට ඔහේ bat එක වනලා ලොකු පාරවල් කිහිපයක් ගහන්න හදලා තියෙනවා. හැබැයි ඉතින් බෝලෙට ගහගන්න නම් බැරි වෙලා.

ඉතින් මේක දැකපු අපේ bowler Greg Thomas ට මාර ආතල් එකක් ගිහිල්ලා.

මිනිහා කරපු වැඩේ ලඟට ගිහින් Sir Richards ට නෝන්ඩිය දාලා කිව්වලු,

" It’s round, red and weighs about five ounces... "


" අඩුමගානේ දන්නවද ඔහේ ඔය මොකට ගහගන්න බැරුවද පිත්ත වනන්නේ කියලා...?
ඒක රවුම්...රතු පාටයි...රාත්තල් පහක් විතර බරයි... "​


Sir Richards වචනයක්වත් කිව්වෙ නැහැලු. හැබැයි ඊ ළඟ බෝලෙට රම්පෙට පොරි හැලෙන්න අලි හයේ එකක් ගැහුවලු. ගහලා ඉවර වෙලා bat එකෙන් බොලේ ගිය පැත්තත්
පෙන්නලා bowler ට කිව්වලු,​

" You know what it looks like, now go fetch it... "

" ඔහේ හොඳට දන්නවානේ ඒක මොන වගේද කියලා...අන්න අර පැත්තට ගියේ...
යනවා...ගිහින් හොයාගෙනම එනවා... "​



 
Last edited:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
6) Ian Healy (Aus) vs Arjuna Ranatunga (Sri)


ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ ශරීර ප්‍රමාණය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...මේ හේතුව නිසාම ප්‍රතිවාදී ක්‍රීඩකයන් ගේ හාස්‍යයට ලක් වීමට මොහුට සිදු වූ වාර අනන්තයි.

කොහොමහරි මේ සිද්ධිය වෙලාවේ අර්ජුණ තමයි bat කරන්නේ...Bowl කරන්නේ Shane Warne...Wicket Keeper ඉතින් Ian Healy (The හික් මීයා...hikz).
සෑහෙන්න වෙලාවක ඉඳන් Warne ගෙ try එක කොහොමහරි අර්ජුණව wicket එකෙන් ඉස්සරහට ඇවිත් ගහන්න පොළඹවගෙන stump එකක් ගන්නලු...
මිනිහා ඉතින් ලස්සනට බෝලෙ උඩ දාලා දෙනවලු...දන්න සෙල්ලම් ඔක්කොම දැම්මලු...ඒත් අර්ජුණ නෙමෙයිලු එක අඩියක් ඉස්සරහට එන්නේ...

දැන් ඉතින් Warne ට විතරක් නෙමෙයි පිටිපස්සෙ ඉන්න Healy ටත් එපාම වෙලා...බැරිම තැන Healy, Warne ට මෙහෙම suggest කරාලු,


" Put a Mars Bar at a good length...That should do it... "

" ඔය ඔතන ඉස්සරහට ලස්සනට උඩ දාලා Mars Chocolate එකක් දාන්නෝ...
මිනිහා ඒකටනම් sure අහු වෙනවා... "


 

bhashi2

Active member
  • Jul 20, 2009
    295
    39
    28
    නියමයි මචො නියමයි...........හොඳ වැඩක්.........:yes::yes::yes::yes::yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    6) Ian Healy (Aus) vs Arjuna Ranatunga (Sri)


    ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ ශරීර ප්‍රමාණය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...මේ හේතුව නිසාම ප්‍රතිවාදී ක්‍රීඩකයන් ගේ හාස්‍යයට ලක් වීමට මොහුට සිදු වූ වාර අනන්තයි.

    කොහොමහරි මේ සිද්ධිය වෙලාවේ අර්ජුණ තමයි bat කරන්නේ...Bowl කරන්නේ Shane Warne...Wicket Keeper ඉතින් Ian Healy (The හික් මීයා...hikz).
    සෑහෙන්න වෙලාවක ඉඳන් Warne ගෙ try එක කොහොමහරි අර්ජුණව wicket එකෙන් ඉස්සරහට ඇවිත් ගහන්න පොළඹවගෙන stump එකක් ගන්නලු...
    මිනිහා ඉතින් ලස්සනට බෝලෙ උඩ දාලා දෙනවලු...දන්න සෙල්ලම් ඔක්කොම දැම්මලු...ඒත් අර්ජුණ නෙමෙයිලු එක අඩියක් ඉස්සරහට එන්නේ...

    දැන් ඉතින් Warne ට විතරක් නෙමෙයි පිටිපස්සෙ ඉන්න Healy ටත් එපාම වෙලා...බැරිම තැන Healy, Warne ට මෙහෙම suggest කරාලු,


    " Put a Mars Bar at a good length...That should do it... "

    " ඔය ඔතන ඉස්සරහට ලස්සනට උඩ දාලා Mars Chocolate එකක් දාන්නෝ...
    මිනිහා ඒකටනම් sure අහු වෙනවා... "



    :lol::lol::lol::lol::growl::growl::growl: