ක්‍රිස්තුනී ! කරුණා කළ මැනව
රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇඟවීම් ලිපි ලැබී තිබුණ ද මෛත්‍රීපාල සිරිසේන ; රනිල් වික්‍රමසිංහ ප්රමුඛ යහපාලන රජය එයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ජනපතිවරයා රටේවත් නොසිට පළා ගිය අතර ලිපිය ලද එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂ භේදයකින් තොරව මහජනතාව වෙත අනතුරු ඇඟවීමේ වගකීම ගත්තේ නැත. හරීන් ප්‍රනාන්දුගේ තාත්තා රෝහලේ ලෙඩ ඇඳේ සිට පුතාට අමතා පාස්කු ඉරිදා පල්ලි නොයන්නැයි කියා ඇත. සාතන්ගේ පුත්‍රයින් සියල්ලන්ම බේරෙද්දී අහිංසක සිවිල් වැසියන්ගේ රුධිරය අහේතුකව වැගිරිණ.
පසුගිය ඉරිදා දේව මෙහෙය රූපවාහිනිය හරහා සජීවී ව පැවැත්වූ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ලබන ඉරිදා ද දේවස්ථාන තුළ දේව මෙහෙය නොපවත්වන්නට උපදෙස් දුන්නේ ය. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති බැවින් පෞද්ගලික කතෝලික පාසල් දැනුම්දෙන තුරු විවෘත නොකරන්නට උපදෙස් දුන්නේ ය.
මේ ප්‍රකාශ හරහා කාඩිනල් වරයා රට අස්ථාවර බවට ඉඟි කරමින් රාජපක්ෂ පිලේ බලය ඇල්ලීමේ මෙහෙයුමට වක්‍රව දායක වන බවට මේ වනවිට චෝදනා නැගෙමින් පවතී.
රාජපක්ෂ පිල බලයට පත්වීම පිළිබඳ ඔබගේ පුද්ගලික මතවාද සහ විවේචන පසෙක ලා මේ මොහොත පිළිබඳව මදක් කල්පනා කරන්න. බලයේ සිටින යහපාලන රජය ප්රමුඛ ජනපතිවරයා ; බලය අතේ ඇති මොහොතේ දී පවා මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ නොතකා හැරියේය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා , ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ දැන සිටි නුමුදු එය මෙතරම් බරපතල වෙනු ඇතැයි නොසිතූ බව පැවසීය. මාධ්‍ය හමුවක් පැවැත්වූ රජයේ ඇමතිවරු මළමිනී අමතක කර රටක් ඉදිරියේ විනෝදයෙන් සිනාසුණහ. යහපාලන රජයේ කිසිදු වගකිවයුත්තෙක් ඛේදවාචකයේ වගකීම සුළුවෙන් හෝ භාර නොගත්හ.
මිත්‍රවරුනි ;
කාඩිනල් තුමා තම බැතිමතුන් උදෙසා නිකුත් කළ ආරක්ෂිත උපදෙස් විවේචනය කර අප ආරක්ෂා කළ යුත්තේ පූර්ව දැනුම් දීම පවා හෙළිදරව් නොකර ; තමා ආරක්ෂා වී රටවැසියන් බල්ලන් බළලුන් සේ මැරෙන්නට ඉඩ හළ ; තම වගකීම පැහැර හැරි යහපාලන තක්කඩි බලවතුන්ද ?
මිත්‍රවරුනි ;
අඩුම තරමින් කතෝලික ප්‍රජාවට බැණුම් අසමින් හෝ බෝම්බ බිය ට පල්ලි ; පාසල් වසා දමන්නට කියන අගරදගුරු කෙනෙක් ඇත.
අපට සිටින්නේ පෝය දිනයට කඩ වැසිය යුතු බවට ලිපි ලියා කදුරුවෙල ධම්මපාල සහ යුධ රහස් දන්නා බවට අත්තුකංසනයෙන් ප්රමෝදයට පත් බෙංගමුවේ නාලක වැන්නන් ය.
ක්‍රිස්තුනී ! කරුණා කළ මැනව
- සහන් කසීර වික්‍රමසිංහ -