ක්‍රිස්තුනී ! කරුණා කළ මැනව

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ක්‍රිස්තුනී ! කරුණා කළ මැනව

    රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇඟවීම් ලිපි ලැබී තිබුණ ද මෛත්‍රීපාල සිරිසේන ; රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය එයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ජනපතිවරයා රටේවත් නොසිට පළා ගිය අතර ලිපිය ලද එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂ භේදයකින් තොරව මහජනතාව වෙත අනතුරු ඇඟවීමේ වගකීම ගත්තේ නැත. හරීන් ප්‍රනාන්දුගේ තාත්තා රෝහලේ ලෙඩ ඇඳේ සිට පුතාට අමතා පාස්කු ඉරිදා පල්ලි නොයන්නැයි කියා ඇත. සාතන්ගේ පුත්‍රයින් සියල්ලන්ම බේරෙද්දී අහිංසක සිවිල් වැසියන්ගේ රුධිරය අහේතුකව වැගිරිණ.

    පසුගිය ඉරිදා දේව මෙහෙය රූපවාහිනිය හරහා සජීවී ව පැවැත්වූ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ලබන ඉරිදා ද දේවස්ථාන තුළ දේව මෙහෙය නොපවත්වන්නට උපදෙස් දුන්නේ ය. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති බැවින් පෞද්ගලික කතෝලික පාසල් දැනුම්දෙන තුරු විවෘත නොකරන්නට උපදෙස් දුන්නේ ය.

    මේ ප්‍රකාශ හරහා කාඩිනල් වරයා රට අස්ථාවර බවට ඉඟි කරමින් රාජපක්ෂ පිලේ බලය ඇල්ලීමේ මෙහෙයුමට වක්‍රව දායක වන බවට මේ වනවිට චෝදනා නැගෙමින් පවතී.

    රාජපක්ෂ පිල බලයට පත්වීම පිළිබඳ ඔබගේ පුද්ගලික මතවාද සහ විවේචන පසෙක ලා මේ මොහොත පිළිබඳව මදක් කල්පනා කරන්න. බලයේ සිටින යහපාලන රජය ප්‍රමුඛ ජනපතිවරයා ; බලය අතේ ඇති මොහොතේ දී පවා මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ නොතකා හැරියේය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා , ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ දැන සිටි නුමුදු එය මෙතරම් බරපතල වෙනු ඇතැයි නොසිතූ බව පැවසීය. මාධ්‍ය හමුවක් පැවැත්වූ රජයේ ඇමතිවරු මළමිනී අමතක කර රටක් ඉදිරියේ විනෝදයෙන් සිනාසුණහ. යහපාලන රජයේ කිසිදු වගකිවයුත්තෙක් ඛේදවාචකයේ වගකීම සුළුවෙන් හෝ භාර නොගත්හ.

    මිත්‍රවරුනි ;
    කාඩිනල් තුමා තම බැතිමතුන් උදෙසා නිකුත් කළ ආරක්ෂිත උපදෙස් විවේචනය කර අප ආරක්ෂා කළ යුත්තේ පූර්ව දැනුම් දීම පවා හෙළිදරව් නොකර ; තමා ආරක්ෂා වී රටවැසියන් බල්ලන් බළලුන් සේ මැරෙන්නට ඉඩ හළ ; තම වගකීම පැහැර හැරි යහපාලන තක්කඩි බලවතුන්ද ?

    මිත්‍රවරුනි ;
    අඩුම තරමින් කතෝලික ප්‍රජාවට බැණුම් අසමින් හෝ බෝම්බ බිය ට පල්ලි ; පාසල් වසා දමන්නට කියන අගරදගුරු කෙනෙක් ඇත.

    අපට සිටින්නේ පෝය දිනයට කඩ වැසිය යුතු බවට ලිපි ලියා කදුරුවෙල ධම්මපාල සහ යුධ රහස් දන්නා බවට අත්තුකංසනයෙන් ප්‍රමෝදයට පත් බෙංගමුවේ නාලක වැන්නන්‍ ය.

    ක්‍රිස්තුනී ! කරුණා කළ මැනව

    - සහන් කසීර වික්‍රමසිංහ -
     
    • Like
    Reactions: skymicro

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ සිදුවීම සිදුවන තෙක් පාලකයා, මහ නායක හිමි, අගරදගුරු සියල්ලෝම නිහඩව උන්නා.... තමන්ගේ ඉස්තෝප්පුවට ත‍්‍රස්තවාදියා එනකං මූන්වහන්සේලා සිරි යහනේ යහතින් සැතපුණහ.... එක බෝම්බ හඩට නැගිට හීනෙන් මෙන් ඇවිදින්නෝය.... අද මොනව කලත් මළවුන්ට පණ දිය නොහැකිය.... පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක සුවපත් කළ නොහැක... ඔ්නෑම දෙයක් තමන්ට වෙන තෙක් එය අපට අදාල නැත කියන මානසිකත්වයේ සිටින්නවුන් සිටින රටක අප අසරණයි....​
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    <b>

    </b>

    මහ නායක හිමි, අගරදගුරු ද බන් රටේ ආරක්ෂාව බාරව ඉන්නේ? :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Maha naayaka ganayo denna nam mata pennanna ba. Budda sasane nathi wenna waga kiyanna ona fonnayo denna.
    Hama horagenma santhosam aragena innawa.
    Simhalaya wenuwen karapu labbak na
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    avatar44472_76.gif

    පව් කාරයෙක් බං උඹ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහ නායක හිමි, අගරදගුරු ද බන් රටේ ආරක්ෂාව බාරව ඉන්නේ? :lol:

    ඕන්න තේරුම්ගත්ත හැටි.... දේශපාලකයෙකුට වඩා ආගමික නායකයන්ට කරන්න පුලූවන් දේවල් ගොඩාක් තියෙනවා බං... ඒක මේ සිද්ධියෙන් වුණත් පේනවා.... ඒ ගොල්ලන්ට ආරක්‍ෂාව භාරව නැති වුණත් සමාජයෙන් එන හඩට ඇහුම්කන් දීලා පාලකයන්ට බලපෑම් කරන්න පුලූවන්.... ආගමික නායකයෙක් කියන්නේ තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන් පෙනී ඉන්න, ඔවුන්ට එල්ලවන තර්ජන ගැන අවදානයෙන් ඉන්න අය... නැත්තං ඉතිං ආගමික නායකයෙක් මක්කටැයි නේද...?​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>
    ඕන්න තේරුම්ගත්ත හැටි.... දේශපාලකයෙකුට වඩා ආගමික නායකයන්ට කරන්න පුලූවන් දේවල් ගොඩාක් තියෙනවා බං... ඒක මේ සිද්ධියෙන් වුණත් පේනවා.... ඒ ගොල්ලන්ට ආරක්‍ෂාව භාරව නැති වුණත් සමාජයෙන් එන හඩට ඇහුම්කන් දීලා පාලකයන්ට බලපෑම් කරන්න පුලූවන්.... ආගමික නායකයෙක් කියන්නේ තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන් පෙනී ඉන්න, ඔවුන්ට එල්ලවන තර්ජන ගැන අවදානයෙන් ඉන්න අය... නැත්තං ඉතිං ආගමික නායකයෙක් මක්කටැයි නේද...?​
    </b>

    එහෙම කිව්වහම අහන පාලකයො හිටිය රජ කාලෙ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    <b>
    ඕන්න තේරුම්ගත්ත හැටි.... දේශපාලකයෙකුට වඩා ආගමික නායකයන්ට කරන්න පුලූවන් දේවල් ගොඩාක් තියෙනවා බං... ඒක මේ සිද්ධියෙන් වුණත් පේනවා.... ඒ ගොල්ලන්ට ආරක්‍ෂාව භාරව නැති වුණත් සමාජයෙන් එන හඩට ඇහුම්කන් දීලා පාලකයන්ට බලපෑම් කරන්න පුලූවන්.... ආගමික නායකයෙක් කියන්නේ තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන් පෙනී ඉන්න, ඔවුන්ට එල්ලවන තර්ජන ගැන අවදානයෙන් ඉන්න අය... නැත්තං ඉතිං ආගමික නායකයෙක් මක්කටැයි නේද...?​
    </b>

    උඹ කියන කතාව හරි . ඒත් උඹම කියනවා මේ සිදුවීම සිදුවන තෙක් පාලකයා, මහ නායක හිමි, අගරදගුරු සියල්ලෝම නිහඩව උන්නා.... තමන්ගේ ඉස්තෝප්පුවට ත‍්‍රස්තවාදියා එනකං' කියලා . ඒ කතාවට එකග වෙන්න බැහැනේ බන්. උඹ හිතනවද දේසපාලුවෝ වගේ නිහඩව ඉදි කියල එහෙම දෙයක් කලින් දැනගත්තා නම් තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ඕන දෙයක් ඒ මිනිස්සු කරනවා බන්. තමන් විතරක් රැකිලා ඉන්නේ නැහැ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ කියන කතාව හරි . ඒත් උඹම කියනවා මේ සිදුවීම සිදුවන තෙක් පාලකයා, මහ නායක හිමි, අගරදගුරු සියල්ලෝම නිහඩව උන්නා.... තමන්ගේ ඉස්තෝප්පුවට ත‍්‍රස්තවාදියා එනකං' කියලා . ඒ කතාවට එකග වෙන්න බැහැනේ බන්. උඹ හිතනවද දේසපාලුවෝ වගේ නිහඩව ඉදි කියල එහෙම දෙයක් කලින් දැනගත්තා නම් තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ඕන දෙයක් ඒ මිනිස්සු කරනවා බන්. තමන් විතරක් රැකිලා ඉන්නේ නැහැ.

    මචං නිහඩව ඉන්නවා කියන්නේ මෙහෙමයි.... ගොඩාක් හාමුදුරුවරු සහ මේ දේ අනතුරක් විදියට දැකපු මිනිස්සු පාරට ඇවිල්ල අරගල කරල මේ ගැන කිව්වා.... ඒ වෙලාවේ අඩුම තරමේ මේවා ඇත්තද නැත්තද කියල බලන්න ඔය එක ආගමික නායකයෙක්වත් උත්සහා කළේ නෑ.... අපිට වැඩක් නෑ... අපිට අදාල නෑ... අපිට මොකද වගේ බකංනිලාගෙන හිටියා.... නැත්තං ඔය දේශපාලන වාසියකට කරන චෝදනා කියල නිකං හිටියා... තමන්ගේ ඉස්තෝප්පුවට එනකං නිකං හිටියේ කියල කිව්වේ ඒ නිසයි... උන්වහන්සේලා නිහඩව හිටියා.... තමන්ට හෙණය පාත් වුනාම තමයි දැනගත්තේ වැඩේ කෙළවිලා කියල... උඹ කියපංකෝ අගරදගුරු ජාතික ආරක්‍ෂාව ගැන මේ සිද්ධියට කලින් කියපු තැනක්... තමන්ගේ එකාට ඇවිත් ගැහුවට පස්සේ තමයි ඇස් ඇරුණේ... මහ නායක හිමිවරුන් නම් සත පහකට වැඩක් නෑ... මේ වෙලාවෙත් උන්වහන්සේලා සැතපිලා එන එකාගේ පළතුරු වට්ටියට අත ගහන එක විතරයි...​
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    ඇත්ත! ඒක පිලිගන්නවා .. උඹ ඔය ටික මුලින්ම කිව්වා නම් හරිනේ ;)