ක්‍රීකට් ක්‍රීඩාවේ ඔටුනු නොපලන් රජූ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ක්‍රීකට් ක්‍රීඩාවේ ඔටුනු නොපලන් රජූ

    ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවේ ඔටුනු නොපලන් රජූ
    "කණ්ඩායමට නායකයෙක් නෑ !. ඔයා ඇවිත් නායකයා වෙන්න" !.
    "ඔයාගෙ නායකත්වය හරි නෑ !. අපි ඔයාව අයින් කරනවා"
    "මිඩල් ඔර්ඩර් එකට අලුත් අය ගන්න ඕනෙ. ඔයාට තැනක් නෑ. ගිහින් සනත් එක්ක ඕපන් කරන්න, ෆේල් උනොත් එලියේ තමා"
    "හෙට සංගා ගහන්නෙ නැ ලූ. ඔයා කීප් කරන්න හෙට"
    "බොලර් කෙනෙක් අඩුවෙන් අඩුවෙන්නෙ ගහන්නෙ, ඔයා ඕවර් ටිකක් පාස් කරලා දෙන්න"
    ඒ පුහුණුකරුවන් , කලමණාකරුවන් විටින් විට ඔහුගෙන් කල, කරන ඉල්ලීම්ය. ඒ හැම ඉල්ලීමකටම ඔහුගේ පිලිතුර සරල ය. ඒ "හරි" යන්නය. ඔහු වෙන කව්රුත් නොවේ, වසර ගණනක සිට කණ්ඩායමේ ගැලවුම්කරු තිලකරත්න දිල්ශාන්.
    මෑත කාලයේ කණ්ඩායමට වැඩියෙන්ම ආදරය කල , කණ්ඩායම වෙනුවෙන් කැප කීරිම් කල ක්‍රීඩකයාත් ඔහු !.
    නවකයන්ට තැන දීමට ඔහු ඔහුගේ නියමිත ස්ථානය කැප කලේ සතුටුන්. ඒ කණ්ඩායම වෙනුවෙන්. ඔහු එසේ කලේ බොහො ජේෂ්ට ක්‍රීඩකයො තමන්ගේ ස්ථානය වෙනස් කීරීම ප්‍රතීක්ෂේප ඔහුව මැද පෙලෙන් එලවා, ආරම්භක පිතිකරු කර කණ්ඩායමෙන්ම එලවා දැමීමට උත්සාහ කල අයට ඔහු පිලිතුරු දුන්නෙ එක පිට එක ශතක වලින් !.
    නායකයෙක් නොමැතිව අයාලෙ ගිය කණ්ඩායමට නායකත්වය දෙන්න ඔහු ඉදිරිපත් උනේ තමන් පැලැද සිටි කරාබු ආදිය ඉවත් කරලා. ඒත් අනෙක් ජේෂ්ට ක්‍රීඩකයන්ගෙන් ඔහුට සහය ලැබුනේ නැ. අසාධාරණ ලෙස ඔහුව නායකත්වයෙන් ඉවත් කලත් නව තරුණ නායකයාට ඔහු උපරිම සහයෝගය දුන්නෙ රට වෙනුවෙන්.
    නිතරම ශතකයක් රැස් කල පසු මේ ක්‍රීඩකයා එය සමරන්නෙ සිය හිස් වැස්මෙ ජාතික ධජය සිබිමින්. ඒ ඔහුගේ දේශප්‍රේමිත්වය.
    කණ්ඩායම ඇතුලේ නිහතමානී උනත් ක්‍රීඩා පිටිය ඇතුලදි කිසි ලෙසකින් වත් පරාජය පිළි ගැනීමට සුදානම් නැති මේ ක්‍රීඩකයාගේ සටන්කාමීත්වය නිසාම ඔහුට "මහත්මයා" කියන්න අපේ රසිකයන්ම අදි මදී කරනවා.
    කව්රුන් කෙසෙ කීවාත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලෝක කුසලානයට යන ගමනේ තවමත කොදු නාරටිය වන්නේ කණ්ඩායමේ ඔටුනු නොපලන් රජු තිලකරත්න දිල්ශාන්
    ජය වේවා :nerd:

    10354675_809904779093412_1189088050884387351_n.jpg

     
    • Like
    Reactions: jkdtharindu

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    api sanga mahelata adare karana tharam dilashanta adare na okkoma mn withrak neme... anika dilshan 100 gahala match ekak dinna data fb ekke post wadiya watenneth na sanga 100 k gahala dinana tharam... api mai ape kiridakayanwa haluwata path karanne... api hemoma ape kandayame inne hema kridakayektama adare karanda one...... mn kiyanne dilshan tath gdak post danda sanga mahelata danawa wage..... ethakota thama minnisuunta adareyak athi wenne
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Dilashan tamai lankawe pahu giya tikema match winner..so underrated !! dilshan oya katat wada runs gahala thiyenawa...
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    මෙවන් ක්‍රීඩකයන් අපේ රටට මහත් ආශීර්වාදයක් ,,,,,,,,, ඉදිරි තරඟ වලදීත් සාර්ථක වේවා යන්න අපේ පැතුමයි ශක්තිය දිරිය ලැබේවා !!!!!!!!!!!!!!!!!!!
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇත්තටම ලංකාවෙ හැම දේම නැගල යන්නෙ trend එකට. Dilshan කියල trend එකක් ආවෙ නෑ මෙතෙක් කල්. අපි හදල ගමු ද? හැමෝම මේක facebook එකේ දාන්න. ඔය අනන් මනන් facebook pages වලට යවන්න උන් දායි.
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ඇත්තටම ලංකාවෙ හැම දේම නැගල යන්නෙ trend එකට. Dilshan කියල trend එකක් ආවෙ නෑ මෙතෙක් කල්. අපි හදල ගමු ද? හැමෝම මේක facebook එකේ දාන්න. ඔය අනන් මනන් facebook pages වලට යවන්න උන් දායි.

    :yes::yes::yes::yes::yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඇත්තටම ලංකාවෙ හැම දේම නැගල යන්නෙ trend එකට. Dilshan කියල trend එකක් ආවෙ නෑ මෙතෙක් කල්. අපි හදල ගමු ද? හැමෝම මේක facebook එකේ දාන්න. ඔය අනන් මනන් facebook pages වලට යවන්න උන් දායි.

    Ow bn.. Dilshan thawa form wei mewa dakala :lol: