ක්‍රෙඩිට් කාඩ්,රත්රන් උගස් කර අවුරුදු කෑ
කුසගින්නට රෙදි කෑ මිනිස්සු
2012 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවී අදට (15 වැනිදා) හරියටම දවසක් ගෙවී ඇත. අවුරුද්ද පිළිගන්නට පසුගිය දිනවල ජනතාව මහත් උනන්දුවෙන් සැරසෙනු අපි දුටුවෙමු. වෙනදා මෙන් මෙවරත් පාරිභෝගික ජනතාව පිරී ඉතිරී ගොස් සිටියේ ඇඳුම් පැළඳුම් කඩ සාප්පුවලය.
අම්මාට තාත්තාට, දුවට පුතාට අක්කාට අයියාට නැන්දාට මාමාට ලෙසින් මෙකී නොකී සියලු නෑදැ හිතවතුන්ට අවුරුද්දට තෑගි දෙන්නට අලුත් ඇඳුම් පැළඳුම් ගන්න පැමිණ සිටි පිරිස නිසා ඇතැම් කඩසාප්පුවල තිබූ තදබදය පාලනය කරන්නට පොලිසියේ සහාය පවා ලබාගත් අවස්ථා අපට අසන්නට දකින්නට ලැබිණි.
මෙලෙස සෙනඟ දකින විට අපට සිතුණේ ඩීසල් පෙට්‍රල් මිල ඉහළ යැම නිසා බස් ගාස්තු වැඩිවීම නිසා ජනතාවට දැඩි ජීවන බරක් මතුව ඇතිය කියා පසුගිය දිනවල රට පුරා පැවති උද්ඝෝෂණ දේශපාලන පක්ෂවල උප්පරවැට්ටියක් දෝ කියාය. රුපියල් දෙදහසක් පන්සියයකින් පවුලකට මාසයක් කාලා බීලා ජීවත්වන්න පුළුවන් කියා පැවසුවේ මෙවැනි ජනතාවක් හමුවේදෝ කියා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට යාන්තමට හෝ වැටහුණේ නම් සරම පිටින්ම ඔළුවෙන් හිටගන්නවා නියතය. මන්දයත් මේ ඇඳුම් පැළඳුම් කඩවලින් පිටව එන බහුතරයකගේ දැත්හි තිබූ ඇඳුම් පැළඳුම් මලුවල වටිනාකම අඩුම තරමේ රුපියල් තුන්දහසකට වැඩිය.
අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගන්න මෙතරම් මුදලක් වැය කරන්න පුළුවන් ජනතාවට රුපියල් දෙදහස් පන්සියයකින් ජීවත් වෙන්න කීම කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ජලයේ ගසාගෙන යන තරම්වත් නොදැනෙනු ඇත. එහෙත් දිලිසෙන සියල්ල රත්තරන් නොවේ යෑයි කියා පවසනවා මෙන් අපි මේ මතුපිටින් දකින්නේ යථාර්ථය නොවිය හැකිය. එබැවින් ලොකු පොඩි කා සමගත් ගනුදෙනු කරන ත්‍රිරෝද රථ රියෑදුරෙකුගෙන් මේ ගැන පොඩි විමසීමක් කළෙමි.
කොහොමද මේ දවස්වල සරු ඇති නේද? බරටම හයර් ඇති.... ඔහු මගේ පැනයට අවඥසහගත ලෙස සිනාසී මෙසේ පැවැසීය. අවුරුදු සීසන් එක පටන්ගත්තෙ අප්‍රේල් 07 වැනිදා ඉඳලා. රෙදි කඩ සාප්පුවලට සෙනඟ වැහි වැහැලා හිටියා. හැබැයි ඔය අතින් කටින් ඇඳුම් මලු අරගෙන යන කිසි කෙනෙක් ත්‍රීවීල් එකක යන්න ආවේ නැහැ. අපිට තිබුණේ සුපුරුදු හයර් ටික විතරයි.
එහෙමනම් එයාලා තමුන්ගෙ වාහනවල ආපු අය වෙන්න ඇති මම ඔහුට පැවැසුවෙමි.
පිස්සුද? ඔය වැඩි දෙනෙක් ඇඳුම් පැළඳුම් ගන්නේ වැඩකරන ආයතනයෙන් අවුරුද්දට දෙන බෝනස් එකෙන්. එහෙමත් නැත්නම් ණයට සල්ලි අරගෙන. සමහරු ඇඳුම් ගන්නෙ ගිය අවුරුද්දෙ සිංහල අවුරුද්දට ඇඳුම් ගත්තට පස්සෙ. තවත් සමහරු ඇඳුම් ගන්නෙ ළමයින්ගෙන් බේරෙන්න බැරි නිසා. බඩට නැතත් ඇඟට සලකන්නනෙ අපි අද හුරුවෙලා ඉන්නෙ. ඒ හින්දා ඔය හුඟාක් දෙනෙක් ඇඳුම් පැළඳුම් ගත්තට බඩ හිස්. එහෙම මිනිසුන්ට ත්‍රීවීල් එකක යන්න වත්කමක් නැහැනෙ මහත්තයො.
ඔහුගේ කථාවේ ඇත්ත නැත්ත දැනගන්න මම සිල්ලර බඩු කඩයකට ගොඩවුණෙමි. කොහොමද? අවුරුදු සරුද? මුදලාලි මහතා මා දන්නා හඳුනන කෙනෙකු නිසා සැකයකින් බියකින් තොරව කථා බහ කළේය. මන්ද අවුරුද්ද සරු නැහැ යෑයි කියා පැවසුවහොත් ඇතැම්විට ඔහු රාජ්‍ය විරෝධී ප්‍රකාශයක් කළ අයෙකු ලෙස සුදු වෑන් රථයකින් රාත්‍රියට පැමිණ රැගෙන යැමටද පිළිවන.
කෙසෙල්කැන්වලටයි. පොල්තෙල්, සුදුහාල්වලටයි බිස්නස් එකක් තිබුණා. සීනි, තේ කොළ අල, පරිප්පු, කිරිපිටි, සබන් වැනි එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ නම් වෙනදා තරම්වත් පසුගිය ටිකේ අලෙවි වුණේ නැහැ.
ණයට ගන්න අයගෙ පොත්වල තව ණය වැඩිවුණා මිසක් ණය ගෙවීම වැඩිවුණේ නැහැ. සමහරු ඇවිත් කිව්වා ළමයින්ට අවුරුද්දට ඇඳුමක් අරන් දෙන්න ඕනෙ නිසා ලබන මාසේ ණය ගෙවනකම් සහනයක් දෙන්න කියලා. එයාලා අපේ හැමදාම ඉන්න කස්ටමස්ලා නිසා මුකුත් කියන්නත් බැහැ. අනෙක අපිත් අවුරුදු කන මිනිස්සුනෙ. සිල්ලර කඩ මුදලාලි සැබෑ අවුරුදු අත්දැකීම් පැවැසුවේ එලෙසිනි.
වෘත්තියෙන් විදුලි උපකරණ අලුත්වැඩියා කරන තරුණයෙකු වන චතුරංග මට හමුවූයේ මාගේ නිවසේ ශීතකරණය අලුත්වැඩියා කිරීම සඳහා ඉකුත් 08 වැනිදා මාගේ නිවසට පැමිණි මොහොතේදියි.
දැන් හුඟක් දවසක් වෙනවද µs්රඡ් එක කැඩිලා. ඔහු මගෙන් විමසීය. නැහැ දැන් දවසක් දෙකක් පමණ වෙනවා. සමාවෙන්න එහෙම ඇහැව්වට මොකද මේ දවස්වල අපිට ටිකක් වැඩ තියෙනවා. බෝනස් එහෙම ලැබිලා අතේ සල්ලි තියෙන නිසා බොහෝ දෙනා තම තමුන්ගේ ගෙවල් වල කැඩී බිඳී තිබෙන විදුල උපකරණ අලුත්වැඩියා කරගන්නවා.ඒත් ඉතින් රුපියල් තුන් හාරදහසක් යන වැඩක්නම් කරගන්නෙ නැහැ. පස්සෙ බලමු කියනවා. සමහරු අලුත් අමතර කොටස් වෙනුවට පාවිච්චි කරපුවා දාලා අඩු ගාණටත් හදාගන්න කැමැතියි.
එහෙනම් චතුරංග අවුරුදු සරු ඇති නේද?
ඔව්. මේ මාසෙ හොඳයි. ඊට පස්සෙ වැඩ අඩුයි. ඒත් දැන් යුද්දෙ නැති නිසා බය නැතිව ඕනෑම තැනක යන්න පුළුවන් ඒ සැනසිල්ල විතරයි. අපි ජීවත්වන්නේ රිම් එකෙන්. ආර්ථිකයෙන් නැට්ටටම වැටිලා. අපි තවම කසාද බැඳලා නැති නිසා හොඳයි. සමහර දාට වැඩක් ආවහම මෝටර් බයිසිකලේ යන්න පෙට්‍රල් ගහගන්න තාත්තගෙන් සල්ලි ඉල්ල ගන්නවා. නැත්නම් යාළුවෙකුගෙන් ණයට ඉල්ලා ගෙන වැඩ කුලියෙන් ඒ ණය ගෙවනවා.
මේ උදාවූ සිංහල අලුත් අවුරුද්දේ යථාර්ථයයි. ඉතිං මේ අලුත් අවුරුද්ද සුබ කරගන්නට හෙට (16 වැනිදා) සිට සුපුරුදු පරිදි අපි ජීවන බර නමැති ගැල ඇදගෙන යා යුතු වෙමු.
ඊට පෙර මම උකස් බඩු කඩයට ගොඩවී ලද අත්දැකීමකින් ලිපිය අවසන් කරමි.
කොහොමද අලුත් අවුරුද්ද? මම එහි සේවකයෙකුගෙන් විමසුවෙමි. හොඳයි. රත්තරන් බඩුවලින් සේප්පු පිරිලා තියෙන්නෙ.
ඒ ඇයි?
අලුත් අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගන්න සල්ලි හොයාගන්න ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බොහෝ දෙනෙක් ඇවිත් රත්තරන් බඩු උකස් තිබ්බා.
එතකොට අලුත් අලුත් ඇඳුම් පැළඳුම් ඇඳලා ඉමිටේෂන් මාල පළඳිනවා. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ යෑයි කියන්නේ ඇත්ත තමයි.
උපාලි ද සේරම්