කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2436171-6925160508-funny-gifs-bubble-buddies.gif%253Fw%253D400
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉන්නේ ලංකාවෙන් පිට හින්ද චන්දය දෙන්න විදිහක් නැහැ. එත් ලංකාවේ ඉන්න හැම දෙනාටම කියල තියෙන්නේ මහින්ද තව දුරටත් රටේ නායකකම කිරීමෙන් රටට වෙන සෙතක්නම් නැහැ කියල. මෛත්‍රී ඇරුනාම අනික් සන්දානගත පුද්ගලයින් ගැන ඉතිහාසේ ඉඳන් ගත්තාම හැම කෙනාගෙම ටික ටික කුණු තියනව. ලංකාවේ දේශපාලකයින්ගෙන් 99% ක් ම පෙන්නන්නේ රටට ජනතාවට හරිම ආදරෙයි කියල. එත් අභ්‍යන්තරයේ එහෙම දෙයක් නැහැ. ලංකාවේ දැනට ඉන්න ප්‍රසිද්ධම දේශපාලකයෙක් ළඟ මම රස්සාවක් කරලා තියනවා දැන් කාලෙකට කලින්. ඒ හින්ද මම එයාලගේ අභ්‍යන්තරය ගැන හුඟක් දේවල් දන්නවා. ඒ හින්ද ආණ්ඩු පක්ෂයේ හෝ පොදු අපේක්ෂකයාගේ වටේ ඉන්න කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න කොහෙත්ම බැහැ . එත් මේ වෙලාවේ මහින්ද පරාජය කල යුතුයි නිසා පොදු අපේක්ෂකයාට චන්දය දිය යුතුයි.

    එත් අවන්කවම හිතට තියන එකම සහනය JVP එක පාර්ලිමේන්තුවේ ඉන්න එක විතරයි. පොදු අපේක්ෂකයා ජනාධිපති වෙලා රනිල් අගමැති උනත් සරත් ෆොන්සේකා කියන මනුස්සය ජීවත්ව ඉන්නකම් රටනම් කොටින්ට දෙන්න ඉඩ දෙන එකක් නැහැ කියන බලවත් විශ්වාසය තියනවා. පුද්ගලිකව දේශපාල පක්ෂයක් විදිහට විශ්වාස කරන්නේ JVP එක විතරයි. රට වෙනුවෙන් විශ්වාස කරන්නේ JVP + සරත් ෆොන්සේකා විතරයි.

    ඒ මගේ පුද්ගලික අදහස්.. මේ වෙලාවේ මහින්ද පරාජය කල යුතුයි... කියන්න කනගාටුයි මමත් හොඳ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙක්... එත් ඉදිරියේදී පක්ෂ පාට නොබලා රටේ අනාගතය වෙනුවෙන් පක්ෂය පාට වෙනස් කරන්න දෙවරක් හිතන්නේ නැහැ. එහෙම නොවුනොත් අපේ දරුවන්ට කන්න තණකොළ ගහක්වත් මේ කාලකන්නි ඉතුරු කරන්නේ නැහැ අපේ රටේ...
     

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මො&#34

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක චම්පික දැනටමත් කියල ඉවරයි,ඊයෙ සටනෙදි පොර කිවුවා මයිත්‍රී චන්දෙ දිනුවම නාමල් මන්ත්‍රීතුමා ඇරුනම අනිත් ඔක්කොම සන්ධානෙ මන්ත්‍රීවරු ටික ආයෙත් මයිත්‍රී එක්ක කියලා... :rofl:

    ඊළඟ මහ මැතිවරණෙදි හොඳ මිනිස්සු ටිකක් පත් කරල යවන එක ජනතාවගෙ වගකීමක් :)

    මම ටැට්ටරේ හාමුදුරුවන්ට දෙන්න බැලුවෙ. අඩු ගානෙ ටැට්ටරයක් හරි හම්බවෙයිනේ :D:D

    ලොල් ... උඹ මහින්දව පරාද කරන්න කතා කරන්නෙ ට්‍රැක්ටරෙට ඡන්දෙ දීලද ... ඔයිට වඩා හොඳයි මහින්දටම කතිරෙ ගහපන් :dull:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හරිම සරලයි.

    - ඔබ ඍනාත්මකව ඔබ ගැන හෝ ඔබගේ රට ජාතිය ගැන සිතනවා නම්, සතුරු බලවේගයන්ට බියේ එක තැනම පල්වෙමින් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් පිරිහෙමින් යන්නට ඉඩ හැර, ශ්‍රී ලංකාව කියන රටට මෙතනින් එහා ගමනක් නැති බවත්, ඔබ මුහුණ දෙන පොදු සමාජයීය ප්‍රශ්ණ පවා ඔබගේම අකුසල කර්මයන් නිසා සිදු වන බවත් විශ්වාස කරන්නේ නම් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙන්න.

    - ඔබ ධනාත්මකව ඔබ ගැන සහ ඔබගේ රට ජාතිය ගැන සිතනවා නම්, සතුරු බලවේගයන්ට එරෙහි වන්නට මේ රටේ සිටින්නේ එක්තරා අවස්ථාවාදී බල ලෝභී කල්ලියක් පමණක් නොවන බවත්, ශ්‍රී ලංකාව කියන රටට වර්තමානයට වඩා සුභ වූ ඉදිරි ගමනක් තිබිය යුතු බවත් විශ්වාස කරන්නේ නම් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.

    - විකල්පයක් ගැනද සැක සිතේ නම් පහත වීඩියෝව බලන්න,
    https://www.facebook.com/slupfa/posts/10152852856411259
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හිතන්න දේකුත් නෑ ඇත්තටම මහින්ද ලොක්කා පරද්දන්න තමයි තියෙන්නෙ.
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
    තණ්හාව නසා විමුක්තිය පතා
    නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

    ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
    ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්

    ''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
    ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන
    එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත

    බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
    ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා
    කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

    ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
    නොඒසේනම් එය සිතත් නැති කයත් නැති
    කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''

    මෙය ඇසූ හිමිසද
    හෝරා ගණනක් වැඩහිද නිසලව
    කීවේ මෙලෙසය

    ''ඔබ ඇසූ පැණයට
    පිළිතුරු නැත මට''

    එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
    බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා
    පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු
    එහි සිටි සෙසු දන සැම අමතාලා
    දෙසූහ මේ සුලු කතාව උපමා

    ''දවසක් මම ගෙයක් දුටිමි
    එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැගත් ගිනි ජාලා
    එහි පියසෙන් උසට නැගුණි

    එහි තුල මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට හඩගා
    පිටවන්නැයි මම කීවෙමි

    එහෙත් එදන සැලුණේ නැත
    හදිසි බවක් පෙන්වුවේ නැත
    එක් අයෙකුගේ රවුල පවා
    පිලිස්සෙද්දි ඔහු ඇසුවේ

    'ගෙයින් පිටත මිට හොදද
    වැසි වසීද සුළග තදද
    දැවෙන නිවස දමා ගොසින්
    ඉන්න ගෙයක් තියෙනවාද'
    මෙවැනි ප‍්‍රශ්න රාශියක්ය

    මම පිළිතුරු නොදී ඔහුට
    නැවත වරක් වුණෙමි නිහඩ
    මට හිතුනා මේ දරුවන්
    නගන ප‍්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුණාම කියා

    සත්තකින්ම ප‍්‍රිය දරුවනි
    යම් මිනිසකු පොලෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න
    බණක් නැතිය මට කියන්න''

    එළෙසයි අප හිමි ගෞතම
    පිළිතුරු දුන්නේ පෙරකල

    got from fb.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(:(:(

    joke ekak kale :dull::dull:

    මාර සීන් එක කියන්නෙ ඔය මතයෙ ඉන්න ගොඩක් අය ඉන්නව බන් ... ඕකෙන් වාසි වෙන්නෙ මහින්දට :( ... අපි බලන්න ඕන මිනිහ කරන හොර වැඩ, උප්පර වැට්ටි ඔක්කොටමත් ඉඩක් තියල තව වැඩි ඡන්ද ගානකින් පරද්දන්න
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
    තණ්හාව නසා විමුක්තිය පතා
    නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

    ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
    ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්

    ''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
    ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන
    එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත

    බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
    ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා
    කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

    ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
    නොඒසේනම් එය සිතත් නැති කයත් නැති
    කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''

    මෙය ඇසූ හිමිසද
    හෝරා ගණනක් වැඩහිද නිසලව
    කීවේ මෙලෙසය

    ''ඔබ ඇසූ පැණයට
    පිළිතුරු නැත මට''

    එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
    බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා
    පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු
    එහි සිටි සෙසු දන සැම අමතාලා
    දෙසූහ මේ සුලු කතාව උපමා

    ''දවසක් මම ගෙයක් දුටිමි
    එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැගත් ගිනි ජාලා
    එහි පියසෙන් උසට නැගුණි

    එහි තුල මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට හඩගා
    පිටවන්නැයි මම කීවෙමි

    එහෙත් එදන සැලුණේ නැත
    හදිසි බවක් පෙන්වුවේ නැත
    එක් අයෙකුගේ රවුල පවා
    පිලිස්සෙද්දි ඔහු ඇසුවේ

    'ගෙයින් පිටත මිට හොදද
    වැසි වසීද සුළග තදද
    දැවෙන නිවස දමා ගොසින්
    ඉන්න ගෙයක් තියෙනවාද'
    මෙවැනි ප‍්‍රශ්න රාශියක්ය

    මම පිළිතුරු නොදී ඔහුට
    නැවත වරක් වුණෙමි නිහඩ
    මට හිතුනා මේ දරුවන්
    නගන ප‍්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුණාම කියා

    සත්තකින්ම ප‍්‍රිය දරුවනි
    යම් මිනිසකු පොලෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න
    බණක් නැතිය මට කියන්න''

    එළෙසයි අප හිමි ගෞතම
    පිළිතුරු දුන්නේ පෙරකල

    got from fb.

    my3 දින්නට පස්සේ ඔය කියපුව කරයිද කියල අහන උන්ට හොද පිළිතුරක්... TFS :):)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චම්පිකලා එකතු වෙලා ඉන්නෙ හොඳ දේකට,මහින්දත් එක්කත් එකතු උනේ එහෙමයි,ඒත් මහින්දගෙ වැරදි වැඩ නිසා අන්තිමට කඩාගෙන ආව,මයිත්‍රී දිනලා පොරත් වඩේ අවුල් කරගත්තොත් චම්පිකලට කරන්න වෙන එකම දේ තමයි ඒකට විරෝදය පාල ඉවත් වෙන එක,ඕක තමයි තිත්ත ඇත්ත,ඔය චම්පික ලොක්කා ඇරෙන්න මයිත්‍රී එක්ක ඉන්න එක ගොබිලෙක්වත් සුවර් නැහැ,හැබැයි මහින්දත් දැන් පිරිහිලා ඉන්නෙ අන්තෙටම,ඇඬෙනව සින්හලු...
    සිරා මචන්. හිතාගන්න බැ ඇත්තටම රටේ අනාගතේ කොයි පැත්තට යයිද කියල.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් මචන් අපි අහුවෙනවා. :baffled::baffled:
    ඒත් මේ වෙලාවෙ අනිවා හිතන්න ඕන අඩු නරක තියන කෙනා කවුද කියලා. ඊට පස්සෙ එන මැතිවරණෙදි අපි බලමු ඔය දෙපැත්තටම පාඩමක් උගන්නන්න.
    :cool:
    well said machan
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!

    දෙමළ සන්ධානය...
    මනෝ ගනේෂන්..
    දෙමළ ඩයස්පෝරාව..
    ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්...
    එක පෙළකට... එක පිලකය...

    ඊළාම ප්‍රතිශේප කරන... ඊළාම්වාදීන්ගේ පරම හතුරන් බවට පත්වී ඇති..
    කුමාරන් පද්මනාදන් හෙවත් කේ පී.. මෙන්ම
    මානුශීය මෙහෙයුමේදී එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සෘජුව ඉදිරිපත් වූ...
    කරුණා අම්මාන්...
    පිල්ලෙයාන්...
    දේවානන්ද ඇතුළු ඊපීඩීපීය.. එක පෙලකට එක පිලකය...

    දැන් මව්බිමට සැබෑ ලෙසම ආදරය කරන..
    එහි විනාශය කිසි දින අපේක්ෂා නොකරන..
    සැබෑ ලාංකිකයන්ට..
    තමා සිටගත යුතු පෙල හෝ පිල ගැන දෙගිඩියාවක් තිබිය නොහැකිය..
    රටේ ඇති දරුණුම මෙන්ම මාරාන්තික ගැටළුව....
    'බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයට නැවත හිස ඔසවන්නට දෙනවාද... නැද්ද...' යන ගැටළුව පමණි...
    ඊණියා සමාජ ක්‍රියාකාරීන්.. එන් ජී ඕ ඩොලර් කපුටන්... අවස්ථාවාදීන්... ජානමය පරගැත්තන්... වෙනත් අවශේෂ ප්‍රශ්ණ සහ රටේ ඉරණමට සෘජු බලපෑම් නොකරන ගැටළු උළුප්පමින්.. මතුකරමින්.. ''දරුණම ගැටළුව සහ ප්‍රශ්ණය'' සැගවීමේ 'කුහක සහ කාළකණ්නි' උත්සහය දරන්නේ...
    ඔවුන්ගේ මෝඩකම හෝ නොදැනුවත්කම හෝ නිසා නොව...
    කුහකකම.. ද්‍රෝහීකම.. අවස්ථාවාදී කාළකණ්නිකම නිසා බව
    තේරුම් ගන්නට කිලෝ ග්‍රෑම් දහයක් බර මොළයක් උවමනා නැත...

    බෙදුම්වාදීන් සමග යහන් ගත වුවත්...
    මෛත්‍රී නම් පොදු සිරිසේනයන්...
    බෙදුම්වාදය පෝශණය නොකරනු ඇතැයි යමෙකුට සිතිය හැකිය.. කිව හැකිය..
    අනාගතය හරියටම දැකීමේ 'ප්‍රඥාවක්' නැතත්.. කෙනෙකුගේ අතීත හැසිරීමෙන් සතා කවුදැයි හඳුනාගැනීමට සාමාන්‍ය මොළයක් ප්‍රමාණවත්ය..

    පොඳු සිරිසේන නම් 'රූකඩය' නටවන පෙඩරල්වාදී සුදු නෙළුම් චන්ද්‍රිකා නම් කුප්‍රකට ගැහැණියගේ හෝ..
    රටද හමුදාවද ඇස් පනා පිට මහ දවාලේ පාවා දුන් 'දොන් ජුවන් පෙරිය බන්ඩාර වික්‍රමසිංහ' ගේ.. අතීතය...
    අමුතුවෙන් මතක් කරන්නට දෙයක් නැත...
    ඒ වෙනුවට... පොදු සිරිසේනගේ 'නිද්‍රාශීලී' අතීත දේශපාලන ජීවිතයේ මතක හිටින අවස්ථා අතලොස්ස අතර...
    'සතා කවුදැයි...' හදුනා ගැනීමට අදාල සිද්ධි අපූරුවට ඇත...
    සිරිසේන චරිතය මුලින්ම සමාජයේ කතාබහට ලක්වෙන්නේ ශ්‍රීලනිප මහ ලේකම්කමට තරග කරන්නට ගොස් එස් බීට පරාජය වූ අවස්ථාවේය...
    ඉන් පසු යලිත් සුපුරුදු නින්දට වැටුනු සිරිසේන..
    යලිත් සමාජයේ කුප්‍රකට වන්නේ... 'බම්බු මහත්තයා' ලෙසය...
    එදා ''ආණ්ඩුව වැටුනත්.. කෙසේ හෝ සුනාමි සහන මණ්ඩලය කොටින්ට දෙනවාමැයි.."
    මහා ගර්ජනාවක් කලේ...
    තමන් වැටුනු වලෙන් ගොඩ එන්නට අත පෑ...
    ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොව...
    සිය මාතෘභූමියටද සිය පශ්චාත් භාගය හරවමිනි...
    මව්බිම පාවාදී හෝ තම තනතුරු රැකගත් සිරිසේන කිසිදු විටෙක මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යයක් කල බවක් මතක නැත...
    මතක කෙනෙක් ඉන්නවා නම් පෙන්වා දෙනු මැන...

    අවසාන වශයෙන් තවත් වැදගත් කරුණක් දෙකක් කියා මේ හෑල්ල හමාර කරමි...
    අමතක කරන්න එපා.. සිරිසේනගේ අංග විකල ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඔහු රටේ ඒකීයභාවය පිළිගන්නා බවට වචනයක් නැත.. එය කපටිකමින්ම හලා ගොස්ය..
    උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවට කිසිදු සඳහනක් නැත...
    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු අද ලෙසම තබා ගන්නා බව නොකියයි...
    13 වැනි ව්‍යවස්ථාව මත ඉඩම් පොලිස් බලතල කිසිදු දිනක විමධ්‍යගත නොකරන බවට සදහන් නැත..
    නමුත්...මේවා ගැන සිය මතය තහවුරු කොට ලියන්නට පණක් නැති සිරිසේන...
    ත්‍රස්ථවාදීන්ට විරුද්ධව කල අභීත සටනේදී යුධ අපරාධ කලා යැයි බෙදුම්වාදීන් සහ ත්‍රස්ථවාදීන් නගන චෝදනා ගැන වහා පරික්ෂණයක් කරන බව කියා සිය බළලා මල්ලෙන් එළියටම ඇද පෙන්වා ඇත...
    මේ සියල්ල දෑස් අභිමුව පෙනි පෙනිත්..
    ඔබ පාවාදෙන්නන් තුරුලටම යන්නේ නම්...
    ඔබ පිටුපාන්නේ රටට ජාතියට පමණක් නොව,
    ඔබේ දරුවන්ගේ අනාගත ලෝකයට බව හිතට ගන්න...
    පෙනෙන... ඇසෙන... දකින...
    සියළු සුබ නිමිති පසක් කරන්නේ...
    මේ බෙදුම්වාදී දේශද්‍රෝහී 'රූකඩ' සහ ඒ නටවන අවතාර...
    නැවත වටයකින් තීරණාත්මකව පරාජය කිරීමට
    දේශප්‍රේමී බලවේග රොද බැඳ සූදානම් බවයි...
    මැදිහත්ව සිතා... ඒ විජයග්‍රහණය සමග එක්වීමට තවමත් ඔබ ප්‍රමාද නැත...