QR code එකට හුරු වෙන්නත් එපා නම්, එහෙනම් මොකක්ද කරන්න කියන්නේ?
1. අපි හොඳටම දන්නවා ආණ්ඩුවේ මුල්‍ය පරිපාලන දුර්වලත නිසා සහ හොරකන් නිසා මේ තත්වය ඇති වෙලා ඇති බව
2.. අපි අරගල කළා, දිගටමත් කරගෙන යනවා. අරගලයෙන් අපි තෙරුන් ගත්ත දේ නම්, චන්දයකින් නව පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ, එකට තව අවුරුදු 2.5 ඉන්න ඕනේ.
දැන් තියෙන තත්වය ගත්තොත්
1. ඇති තරම් තෙල් ගෙන්න අපිට dollars නැ
2. පෙට්රෝල්, disel හිගය නිසා මිනිස්සුන්ට වැඩට යන්න බෑ, අත්‍යවශ්‍ය වියාපාරික කටයුතු කර ගන්න බැ. කෙටියෙන්ම කිව්වොත් Dollars හොයන ගොඩක් මාර්ග ඇනහිටලා තියෙන්නේ
3. අපේ මිනිස්සු බහුතරයක් දේශපාලුවෝ වගේමයි, chance එකක් අවොත් හොරකමක් කරන්න ම තම බලන්නේ
මට හිතෙන විදිහට නම්, තියෙන තෙල් ටික සාදාරන ව බෙදා දෙන්න මේ වගේ system එකක් ඕනේ.
අපි කල යුතු දේ
1. මේ අවුරුදු දෙක හමාර ඇතුලත පුළුවන් තරම් මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ, විනය හදන්න ඕනේ නැතිනම් දැන් තියෙන වගේ පාර්ලිමේන්තුවක් තම 2025 දීත් එන්නේ.
2. ආණ්ඩුවට බල කරන්න ඕනේ, පුළුවන් තරම් රාජ්‍ය ආයතන පවුද්ගලීකරණය කරන්න. CEPETCO, CTB, Railway
3. කිසිම දෙයක් නිකන් දෙන්න ඕනේ නැ. පොඩි ගානක් හරි අය කරන්න ඕනේ, පාසල් වලට පවා, term එකකට 5000/- වගේ, එත්කොටට තමා අපේ එවුන්ට වටිනාකමක් තේරෙන්නේ