................
2. මම අභියෝග කරනවා කරුණකරල පෙන්වන්න කොහේද, කුමන සුත්‍රයේද බුදු පියාණන් දේශනා කලේ මේ කියන ලෞකික ආශ්වාදය අවිද්‍යාව බව? අවිද්‍යාව යනු චතු සත්‍ය අවබෝදයෙන් නොදැකීමයි!
.......................
.................... පලවෙනි හේතුව, යමෙක් යම් දෙයක් වැරදියි කියනවනං ඒ කොහොමද කියන එක පැහැදිලි කරන්න ඕන හැමෝටම තේරෙන්න. එහෙම නැතිව නිකම්ම නිකන් ස්වාමින් වහන්සේ කෙනෙක් quote කරල පොතක් quote කරල හරි යන්නෙ නැහැ. අනිත් හේතුව, මට කාලයක් තිස්සෙ හැඟුණු විදිහට ඔය කියපු පුද්ගලයගේ තියෙන්නෙ ධර්මය මුවාවෙන් ගෙනියන වෙනම agenda එකක්. මොකද කිව්වොත්, දැනට අවුරුදු කීපයක ඉඳල සත්‍ය ධර්මය මතු වෙලා එනකොට ඒකෙන් ගොඩක් පහර වැදුණු කණ්ඩායම් කීපයක් ඉන්නවා. කිරිබත්ගොඩ සහ ලබුනොරුව කියන්නෙ ඒවගෙන් ප්‍රසිද්ධම ඒවා. පහර වැදුණේ කොහොමද? බුද්දිමත් මිනිස්සු ඒවගේ තිබුන නිෂ්පල කම තේරුම් අරගෙන නිවැරදි මාර්ගෙට ගියා. ..............
අවුළුවන්නට නොව නිවන්නට ....
උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න
සංයුත්ත නිකාය > නිදාන වර්ගය > අභිසමය සංයුක්තය > විභංග සූත්‍රය
https://www.thripitakaya.org/tipitakaya/Index/105?s=772
https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/
කතමා ච භික්ඛවේ අවිජ්ජා? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවේ අවිජ්ජා.
මහණෙනි, අවිද්‍යාව කවරේ ද? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛසමුදයසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරොධසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරොධගාමිනීප්රතිපදාසත්යයෙහි යම් නො දැනීමෙක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යා ය යි කියනු ලැබේ.