කාමයෙන් නිවනට

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ................
    2. මම අභියෝග කරනවා කරුණකරල පෙන්වන්න කොහේද, කුමන සුත්‍රයේද බුදු පියාණන් දේශනා කලේ මේ කියන ලෞකික ආශ්වාදය අවිද්‍යාව බව? අවිද්‍යාව යනු චතු සත්‍ය අවබෝදයෙන් නොදැකීමයි!
    .......................

    .................... පලවෙනි හේතුව, යමෙක් යම් දෙයක් වැරදියි කියනවනං ඒ කොහොමද කියන එක පැහැදිලි කරන්න ඕන හැමෝටම තේරෙන්න. එහෙම නැතිව නිකම්ම නිකන් ස්වාමින් වහන්සේ කෙනෙක් quote කරල පොතක් quote කරල හරි යන්නෙ නැහැ. අනිත් හේතුව, මට කාලයක් තිස්සෙ හැඟුණු විදිහට ඔය කියපු පුද්ගලයගේ තියෙන්නෙ ධර්මය මුවාවෙන් ගෙනියන වෙනම agenda එකක්. මොකද කිව්වොත්, දැනට අවුරුදු කීපයක ඉඳල සත්‍ය ධර්මය මතු වෙලා එනකොට ඒකෙන් ගොඩක් පහර වැදුණු කණ්ඩායම් කීපයක් ඉන්නවා. කිරිබත්ගොඩ සහ ලබුනොරුව කියන්නෙ ඒවගෙන් ප්‍රසිද්ධම ඒවා. පහර වැදුණේ කොහොමද? බුද්දිමත් මිනිස්සු ඒවගේ තිබුන නිෂ්පල කම තේරුම් අරගෙන නිවැරදි මාර්ගෙට ගියා. ..............

    අවුළුවන්නට නොව නිවන්නට ....
    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න
    🙏

    සංයුත්ත නිකාය > නිදාන වර්ගය > අභිසමය සංයුක්තය > විභංග සූත්‍රය
    https://www.thripitakaya.org/tipitakaya/Index/105?s=772
    https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/

    කතමා ච භික්ඛවේ අවිජ්‌ජා? යං ඛෝ භික්ඛවේ දුක්‌ඛේ අඤ්‌ඤාණං, දුක්‌ඛසමුදයේ අඤ්‌ඤාණං, දුක්‌ඛනිරෝධේ අඤ්‌ඤාණං, දුක්‌ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්‌ඤාණං. අයං වුච්‌චති භික්ඛවේ අවිජ්‌ජා.
    මහණෙනි, අවිද්‍යාව කවරේ ද? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛසමුදයසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරොධසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි යම් නො දැනීමෙක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යා ය යි කියනු ලැබේ.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    119789023_3510013662417629_834529362981846711_o.jpg



    එතුලිනුත් තමන් විඳින්නේ සසරටම කොටුවන ආශ්වාදයක් බව ආඥානයා නොදනී.


    119816517_1455640157961086_5634127464554108625_o.jpg



    සරලයි නමුත් ආඥානයාට නොතේරේ


    119617963_3510373242381671_5784069531780456857_n.jpg



    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏
    [/QUOTE]

    මචන් ඔයා කරගෙන ආපු post එක බොහොම කැමැත්තෙන් දිනපතා follow කලෙමි. ඒ මක්නිසාද යත් කරුණු කාරණා තේරුම් ගන්න පහසු ලෙස විස්තර කර තිබුන නිසාය. කෙනෙක් දෙන්නෙක් පිස්සු කෙළියට මේක නවත්තන්න එපා. ඕනෑම දෙයක් කරද්දී ඔය වගේ දේවල් වෙනවා. බොහෝ පිරිසකගේ හිත සුව පිණිස මේක උපකාරී වන බව පැහැදිලියි. එමනිසා ඔබතුමා එදිරියට යන්න. තව තව දහම් කරුණු දැනගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රාගය කියන්නෙ යම් යම් අරමුණු අග්‍ර කරගෙන එහෙම නැත්තන් මුලික කරගෙන ඒ අරමුණු වල සැරි සරණ එක. අපි කතාවට කියන්නෙ එයාව ලොකු කරගෙන ඉන්නෙ, සල්ලි ලොකු කරගෙන ඉන්නෙ, ඌට ඒකෙන් එහා දෙයක් නෑ වගේ කතා. අන්න ඒ තේරුමෙන්. රාගයෙන් අරමුණු කලේ බාහිර ලෝකෙ "මන වඩන" රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ නං ඒකට කියනව කාමය නැත්තන් කාම රාගය කියල. වෙන විදිහකට කිව්වොත්, යම් කිසි "මන වඩන" රූපයක් තියෙනවනන් ඒ රූපය පිළිබඳව එයින් ආශ්වාද විඳින්න ඇත්නම්, ඒක පරිහරණය කරන්න ඇත්නම්, ඒක හරි හොඳයි සුවයි කියල අවිද්‍යා සහගත සංකල්පනාවක් ගොඩනගනවනන් ඒකට කියනව කාමය කියල. කාම රාගයට එහෙම නැත්තන් "මන වඩන" රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ ලොකු කරගත්ත එකෙක්ගෙන් (මීට අවුරුදු හතර පහකට කලින් මාත් එහෙමයි) ඇහුවොත් ඕව අත් ඇරල නිවන් මග පාදගත්තොත් නරකද කියල, ගොඩක් වෙලාවට අහන්න වෙන්නෙ "පිස්සුද බන් මේ දේවල් අත ඇරල මොන නිවන් යාමක්ද", "මේව කොච්චර ආතල්ද", "ආයේ මේවා කවද විඳින්නද මේ ජිවත් වෙලා ඉන්න ටිකේ විතරනෙ", "හැමදාටම මේවා විඳගෙන ඉන්න තියෙනවනන් මරු" වගේ කතන්දර ටිකක්. මොනව කරන්නද අනවබෝදයනේ. ඔය මට්ටමේ ඉන්නකොට නිවන් දකින්න කිව්වට ඒවා අහන්න හිතෙන්නෙ නෑ. කාම රාගයට අමතරව තව රූප රාග, අරූප රාග කියලත් තියෙනවා. ඒ රාගයට මුලික උන අරමුණ අනුව නම් දීල තියෙන්නෙ.

    පොඩි දෙයක් කියන්න ඕන, මම ගොඩක් වෙලාවට උදේ වරුව තමයි පොස්ට් කරන්නෙ, රිප්ලයි කරන්නෙ. හේතුව එක ළඟ පෝස්ට් දෙකක් දාන්න බැරි කම නිසා. බැරි වෙලාවත් කලින් දවසෙ අන්තිම පෝස්ට් එක මගේ නං, පහුවදා උදේට පෝස්ට් කරන්න බැරි වෙනව.

    තෙරුවන් සරණයි බම්ප් කරන රිප්ලයි කරන, අගය කරන, ෆොලෝ කරන හැම දෙනාටම. සහයෝගෙන් මේ ව්‍යායාමය දිගටම ඉස්සරහට ගෙනියමු. සියලු දෙනාට වහ වහා නිවන් අවබෝදය වේවා කියන එකයි ප්‍රාර්ථනය.


    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    ජිවිතේ වෙනස් කරපු ඡේදයක්.. ❤ වැඩි වැඩියෙන් කුසලයටම මග පෑදේවා
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    මචන් ඔයා කරගෙන ආපු post එක බොහොම කැමැත්තෙන් දිනපතා follow කලෙමි. ඒ මක්නිසාද යත් කරුණු කාරණා තේරුම් ගන්න පහසු ලෙස විස්තර කර තිබුන නිසාය. කෙනෙක් දෙන්නෙක් පිස්සු කෙළියට මේක නවත්තන්න එපා. ඕනෑම දෙයක් කරද්දී ඔය වගේ දේවල් වෙනවා. බොහෝ පිරිසකගේ හිත සුව පිණිස මේක උපකාරී වන බව පැහැදිලියි. එමනිසා ඔබතුමා එදිරියට යන්න. තව තව දහම් කරුණු දැනගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි.
    [/QUOTE]

    ජිවිතේ වෙනස් කරපු ඡේදයක්.. ❤ වැඩි වැඩියෙන් කුසලයටම මග පෑදේවා

    ගොඩක් සතුටුයි මචන්. පොස්ට් කරන්න බැරි උනේ උඹල රිප්ලයි කරන්න කලින් අන්තිමට තිබුන පොස්ට් මගෙ එකක් නිසා. නැත්තන් වෙන බාහිර බාදාවක් නොතිබුනොත් අනිවාර්යෙන් හැම දවසකම උදේට thread එක අප්ඩේට් කරනව. තෙරුවන් සරණයි.


    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    120114006_795260891273987_5970342322527970059_o.jpg


    104705109_730697724396971_168470643845819832_o.jpg


    82260294_711331719666905_9202424106962649088_o.jpg


    103190571_714487456017998_81608879813775735_o.jpg


    මොහොතක් නැවතිලා සිතන්න. මේ යුද්ධ, මේ තරඟ, අසීමිත ඉදිකිරීම්, මේ සියලු දිවීම් කුමක් වෙනුවෙන්ද? හයපොල පිනවා ගැනීමට නොවෙයිද? ආශ්වාදය ඉෂ්ට කරගැනීම වෙනුවෙන් නොවෙයිද? මොන දේ කලත් පිනවීම තුල තෘප්තිමත් වීමක් වෙලා තියෙනවද? ලබපු ආශ්වාදය ගෙවිල ගියා නොවෙයිද? නැවත ලබාගන්න නම් නැවත දුවන්න වෙනව නේද? නැවත යුධ වදින්න වෙනව නේද? නැවත ගොඩනගන්න වෙනව නේද? පවත්වාගන්න මහන්සි වෙනව නේද? මේ තුල දුක නැද්ද? මේ තුල දාහයක් නැද්ද? ලෝකය අල්ලාගෙන බදාගෙන ආශ්වාද සෙවීමේ ආදීනවය දැන් පැහැදිලියි නේද? එහෙනං අන්තිම පින්තුරයේ අදහස දැන් පැහැදිලියි නේද?

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    මෙය දකින අර්ථය වටහාගත් පින්වතෙක් ඉන්නවනං බම්ප් කරගෙන යන්න. තෙරුවන් සරණයි.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    119127459_788498521950224_2002540219632845653_o.jpg


    අනන්ත සංසාරයක් තිස්සේත් බැලුව. මේ භවයේ ඉපදුනු දවසෙ ඉඳලත් බැලුව. ඒත් තාමත් මේ බැලිල්ලෙ ඉවරයක් තියෙනවද? බලල බලල ඇති උනාද? තව බලන්න ඕන නේද? ඒ ඇයි කියල මොහොතකට නැවතිලා සිතුවාද?



    84111741_1423148781214399_5055383814771367968_o.jpg


    බාහිර අරමුණු තුල ආශ්වාදයක් නැහැ කියන්නෙ ඇයි කියල නිදහස් වෙලාවක හිතල බලන්න. ඔබ අලුතින්ම මිලදී ගත්ත ෆෝන් එකෙන් ලොකු ආශ්වාදයක් විඳිනව නේද? දැන් ඒක බිම වැටිල කැඩුනොත් ආශ්වාදයට මොකද වෙන්නෙ? ඔබේ දෘෂ්ටිය, අලුත් ෆෝන් එක හොඳයි, වටිනව, සාරයි, කැඩුන ෆෝන් එක වැඩක් නෑ, වටින්නෙ නැහැ කියන එක නොවේද? ඔබ කැමති සිංදුවකට තවකෙන් අකමැති වන්නෙ ඇයි කියල නිකමට හිතුවද? තවකෙන් කැමති දෙකට ඔබ අකමැති ඇයි කියල නිකමට හිතල බැලුවද? ඒ සියල්ල ඔබගේ දෘෂ්ටියයන් නොවේද? හොඳ දේ අල්ල ගෙන තියාගන්නව. නරක දේ විසි කරනව. ප්‍රතික්ෂේප කරනව. ඕක නෙමෙයිද වෙන්නෙ? එතකොට හොඳ නරක දැන් තිබිල තියෙන්නෙ බාහිර දේකද? ඔබගේම සිත තුලද? හිතල බලන්න.



    100850440_708495146617229_2336675823517433856_o.jpg


    ලෝකයේ සැපයි, සාරයි, වටිනව කියල බැඳෙන්න සුදුසු දෙයක් නෑ, ඒ වටිනාකම් සියල්ල තමන් අවිද්‍යා සහගතව ගොඩනගාගත් දෘෂ්ටි කියන දේ අවබෝධ කරගත් කෙනෙක්ට දස අකුසල් කරන්න අවශ්‍යතාවක් නැහැ. මොකද ආස්වාදය වටිනව කියල ආස්වාදයන්ට පොර කරන්න යාම නිසයි තව කෙනෙක්ගෙ දේවල් කඩා වඩා ගන්න හොර කම් කරන්න සත්තු මරන්න සුරා සූදු දුරාචාර කරන්න දස අකුසලයම කරන්න ඕන වෙන්නෙ. ලෝකයේ අසාරත්වය අවබෝධ වුනාම මේ අසාර ලෝකෙ මොකට දස අකුසල් කරන්නද මොකක්ද ඇති හරේ කියල දස අකුසල් කිරීම කිසි හරයක් නැති හිස් දෙයක් කියන අවබෝධය ඇවිල්ල නිරායාසයෙන්ම අතහැරෙනව.


    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    මෙය දකින අර්ථය වටහාගත් පින්වතෙක් ඉන්නවනං බම්ප් කරගෙන යන්න. තෙරුවන් සරණයි.
     

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    mulinma math meka dakala me wage pissu yakek kiyala hithuwa machan..muta baninna oona nisama muge pissu kathawal ahannath oona kiyala hithuwa. habai kaagewath keemakatanam nemei. e ahanakota theruna methana sampradayata wada wenas deyak thiyanawa kiyala. oya 4to eka base nokara man dapu link eka puluwannam free eke ahala balapan..etapasse banina nobanina eka uba theeranaya karapan.
     
    • Like
    Reactions: mr90486

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    අපි නිවන දන්නවා
    නිවන් දකින්න ඕන විදිහ දන්නවා
    චතුරාර්ය සත්‍ය දන්නවා
    මේ ඔක්කොම දැනගෙන අපි තවමත් එකම තැන ඉන්නවා
    ඒ තණ්හාව නිසා නේද
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අපි නිවන දන්නවා
    නිවන් දකින්න ඕන විදිහ දන්නවා
    චතුරාර්ය සත්‍ය දන්නවා
    මේ ඔක්කොම දැනගෙන අපි තවමත් එකම තැන ඉන්නවා
    ඒ තණ්හාව නිසා නේද

    ඔක්කොම දැනගෙනත් මාර්ගය වැඩෙන්නෙ නැත්තන් එතන මොකක් හරි ප්‍රශ්නයක්. අපේ ගොඩ දෙනෙක්ට වෙලා තියෙන්නෙත් ඒකමනෙ. දන්න දේ හරියටම හරිද කියල බැලුවද? කොහොමද හරි කියල වැටහුනේ? හරි කියල සැක හැර දැනගත්තනන් ඒ මාර්ගයෙ නොයන්නෙ ඇයි? ඔය ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. තමන්ගෙන් ප්‍රශ්න කරන්න. නිවැරදි මග සොයන්න. ඒ මග වඩන්න.


    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    92223388_2900008956733074_4386856618059366400_n.jpg


    94495424_552071042349138_3823638340851204096_o.jpg


    99127070_703959513737459_56949140336148480_o.jpg


    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    මෙය දකින අර්ථය වටහාගත් පින්වතෙක් ඉන්නවනං බම්ප් කරගෙන යන්න. තෙරුවන් සරණයි.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇත්තටම ජීවිතයේ එකතු කරන දැනුම (න්‍යායාත්මක හා ප්‍රායෝගික) නිවනට මගක් නෙවෙයි. ඒක පැහැදිලියි. නිවනට යන මග අපි සාමාන්‍යයෙන් ඉගෙනගන්න දැනුම තුල නැහැ. ඒවා ලෞකික ජීවිතයට පමණක් ප්‍රයෝජණවත් වන දේවල්.

    ඒ වගේම තමයි දහම් දැනුම. ධර්මය ගැන පරතෙරට දැනුම තිබුණත් ඉන් නිවනට ප්‍රයෝජණවත් වෙන්නෙ නැහැ. ත්‍රිපිටකය කට පාඩමින් මතකයේ තිබුනත් ඒක හුදු දැනුමක් මතකයක් පමණයි. දැනුමින් අගතැන් වූ අය අතර වාද විවාද වැඩියි. මොකද ඒ අය නිවනට සිත පුහුණු නොකර තම දැනුම විදහා දක්වමින් තර්ක විතර්ක වලට යොමු වී හරි වැරදි ගැන ජීවිතය පුරාවට වාද කරනවා විනා තම සිත නිවනට පුහුණු කරවීමක් ගැන හිතන්නෙ නැහැ. බොහෝ විට ජීවිතයෙන් නික්ම යන තෙක්ම. දැනුම එකතු කරමින් සිටියා කියා පලක් නැහැ. ඉන් වැඩිම වුනොත් ධර්මයේ ඇති ගැඹුර ගැන වැටහීමක් ලැබිය හැකියි. ධර්මය කෙතරම් විශාල දැනුම් සම්භාරයක් ද කියා වැටහීමක් ලැබිය හැකියි. නමුත් අවබෝධයකට යා නොහැකියි.

    නිවන් මගට යොමු වීමට නම් පැහැදිලිවම ඒ සඳහා වැඩපිලිවෙලක් කල යුතුයි. ඒ සඳහා සිත පුහුණු කල යුතුමයි. පුහුණුව හරහා නිවැරදි අවබෝධයකට යා යුතුමයි.

    කාමය පිරි අද ලෝකයේ වටපිටාව නිවනට ඇති සියළු මග අවහිර කර තියෙන්නෙ. ස්ත්‍රිය තමයි ප්‍රධාන මාතෘකාව. කාමයටම ඇලෙන සිත් ඇති මිනිසුන් අතර නිවනට කවර කතා ද? නිවනට වඩා දේ ගැන පණ්ඩිත වදන් කියන අය ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. එතරම් දැනුමැති අය සිටිනව. කොටින්ම කිව්වොත් ඔය කෙල්ලො කවුරුත් එකයි කිය කිය ගැහැණිය පසුපසම යනව. කාමයට සිත ඇදෙන එක ගැන අවධානයක් නැහැ. පොඩි කාලයේ සිටම ආදරෙන් බැඳිලා වෙන් නොවෙන තරම් ආත්මීය බැඳීමකින් විවාහ වෙලා කාලයක් ගිහිං දික්කසාද වෙනව. ඒ වෙලා වෙන කෙනෙක් එක්ක නැවත ආදරය පටන් අරන් විවාහ වෙනව. නිතර වෙනස් වෙන සුළු කාමයට බැඳි සිත් ඇති මිනිසුන් එක්ක නිවනට කවර කතාද? ඇහුවොත් කියාවි හේතු පිට හේතු ඇති තරම්. නමුත් සැබෑවට නිවනට සිත පුහුණු කරන්නේ කීයෙන් කී දෙනා ද?

    මුලදි කාමයටම දිව්වද ටිකින් ටික මේවායේ තියෙන ගැටළුව තේරුම් යන්නට පටන් ගත් කල ලෝකයට විවෘත වෙනවා වෙනුවට ලෝකය ගැන හොයනවා වෙනුවට තම හිත ගැනම හොයන්න ඕනෙ කියන උවමනාව එන තැන සිට නිවනට පාර කපා ගන්නට ටික ටික හරි පුහුණු වෙන්න පටන් ගන්නව. වැඩි දෙයක් ඕනෙ නැහැ. යම් ස්ත්‍රී රුවක් දැක හිතට රාගයක් ආ විට... ඒ අනුව හිත මෙහෙයවනවා වෙනුවට දැන් මගේ හිත රාගයෙන් පිරිල තියෙන්නේ කියන දේ තේරෙනවා නම්.... ඒදේ දකින්න පුළුවන් නම් එතනත් යම් පුහුණුවක් ඇති වෙනව. සිත තුළ කාම සිතිවිලි දුවන්නේ ඇසිල්ලක වේගයෙන්. එතකොට රාගයක් හටගෙන යමක් සිද්ධ උනා කියල තේරෙන්නෙ වෙන්න ඕනෙ දේවල් ඔක්කොම උනාට පස්සෙ. ඒක තමයි දුර්වලකම. හිත පුහුණු නැතිකම. එවැනි සිත් ඇති මිනිසුන් එක්ක නිවනට කවර කතා ද?

    රාගය මෙන්ම කේන්තිය, ආශාව, ඊර්ෂ්‍යාව, අයිති කර ගැනීමේ උවමනාව, අකමැත්ත, කැමති දේ නොලැබීමේ දුක, නොලැබුණාම දුක, නැතිවුණාම දුක, ආදරය කරන කෙනා දාලා ගියාම තියෙන දුක මේවාට විසඳුම් නැති දුර්වල අයට තියෙන එකම විසඳුම ජීවිතයෙන් නික්ම යාම පමණි. නමුත් ඒක තව ප්‍රශ්න වැඩි කරගැනීමක් කියන එකවත් තේරෙන්න තරම් අවබෝධයක් ප්‍රඥාවක් නැහැ. එවන් මිනිසුන් එක්ක නිවනට කවර කතාද?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    mulinma math meka dakala me wage pissu yakek kiyala hithuwa machan..muta baninna oona nisama muge pissu kathawal ahannath oona kiyala hithuwa. habai kaagewath keemakatanam nemei. e ahanakota theruna methana sampradayata wada wenas deyak thiyanawa kiyala. oya 4to eka base nokara man dapu link eka puluwannam free eke ahala balapan..etapasse banina nobanina eka uba theeranaya karapan.
    මං එයාගෙ දේශන 2-3ක් සම්පූර්ණයෙන්ම වගේ අහලා තියෙනවා. Brain wash කිරීමක් තමයි තියෙන්නෙ.

    "පිටිදූවේ සිරිධම්ම" කියලා හිටපු හාමුදුරුවොන්ට ධර්මය ගැන, ත්‍රිපිටකයේ සඳහන් කරුණු ගැන හොඳ දැනුමක් තියෙනවානෙ. ඉතින් දැන් එයා කරන දේශන වලදි බුද්ධ දේශනා වල තියෙන කරුණුත් කියනවා. හැබැයි ඒවත් එක්ක පටලවලා එයාගෙ මතවාද ටිකත් දානවා. ඒ එයාගෙ මතවාද ටික අපේ හිතට හොඳට වැදෙන විදිහට කියනවා. ඒකෙන් අපේ හිතට යනවා "ඔව්නෙ, එහෙනම් මේක තමයි ඇත්ත" කියලා.

    ත්‍රිපිටක දැනුමයි, එයාගෙ අමුතු මතවාදයි එකට අමුණලා තමයි ඔය වචන හරඹ ටික කරන්නෙ.
    ත්‍රිපිටකයේ තියෙන කරුණුත් දැන් එයා කියන්නෙ එයාම අවබෝධ කරගත්ත දේවල් විදිහටනෙ.

    සමහර අවස්ථා වලදි ත්‍රිපිටකයේ සඳහන් කරුණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දේවලුත් කියනවා.
    එකම දේශනයේදි එකිනෙකට පරස්පර විරෝධී කරුණු කියපු අවස්ථාත් තියෙනවා.
    ඒ ඔක්කොටමත් වැඩිය අර photo එකෙන් පැහැදිලි පණිවිඩයක් ලැබෙනවා. ඔය photo එක ගත්ත කාලෙම තමයි එයාට මාරයා වැහිලා තියෙන්න

    එයාගෙ දේශන වලින් නිවන් මාර්ගය නම් වැහෙනවා.
     
    Last edited:

    nihal413

    Member
    Jan 30, 2008
    1
    3
    3
    මචන් පොඩි උදව්වක් ඕනෙ. මටත් ධර්මය ගැන අවබෝධයක් තියෙනවා යම්තාක් දුරකට මගෙ වයසෙ ඉන්න අනිත් යාලුවො එක්ක බලද්දි. මම දන්නවා අපි මේ කාමාෂාවන් පස්සෙන් ගිහින් බොරුවක් කරන්නෙ කියලත්. ඒ වුනාට මචන් කාම සිතුවිලි ඇතිවෙන එක නවත්තගන්න බෑ. පාරක ගියත් කෙල්ලෙක් දැක්කත් කාම සිතුවිලි තමයි එන්නෙ. Porn නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. මගෙ හිතටම මේක වදයක්. කොච්චර ධර්මය ගැන අවබෝධයක් තිබුනත් වැඩක් නෑ එක ප්‍රායෝගිකව අපේ ජීවිතේට ගලපගන්න බැරි නම්. මං කොහොමද මෙතනින් එලියට එන්නෙ? මේක මට ලොකු ප්‍රශ්නයක්
    මේක මුල ඉදලා අහන්න. පිරිසිදු බුදුදහම.
    https://www.youtube.com/channel/UCECxFbMfVCRX-Pt2ReOaxrg/videos
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    112797019_2728241347501933_951131332376036410_o.jpg



    89406713_908886529532219_404138405165793280_n.jpg



    87484470_649884685811609_55985719042113536_o.jpg


    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    මෙය දකින අර්ථය වටහාගත් පින්වතෙක් ඉන්නවනං බම්ප් කරගෙන යන්න. තෙරුවන් සරණයි.
     

    Attachments

    • 87484470_649884685811609_55985719042113536_o.jpg
      87484470_649884685811609_55985719042113536_o.jpg
      54.4 KB · Views: 75

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏

    88180777_1329155720613706_4942608970796761088_o.jpg


    87387307_643507646449313_5787260829820780544_o.jpg


    88104706_2603626449963424_3810949929422028800_n.jpg



    ඉරිදා උදෑසන උතුම් ආර්ය සද්ධර්ම දේශනය. අති පූජ්‍ය මීමුරේ ධම්මවංස හිමි





    සාදු සාදු සාදු !!!

    අවුළුවන්නට නොව නිවන්නට ....

    උදෑසනම වීත රාග, වීත දෝස, වීත මෝහ සිතුවිලි සමග දවස ආරම්බ කරන්න 🙏


    මෙය දකින අර්ථය වටහාගත් පින්වතෙක් ඉන්නවනං බම්ප් කරගෙන යන්න. තෙරුවන් සරණයි.
     
    Last edited: