’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, ඉවසයිද, එය බලාපොරොත්තු වේද, එයින් සතුටට පත්වේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද, ක්‍රීඩා කෙරේද, කෙළිකවටකම් කෙරේද, සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, එසේ නමුදු ස්ත්‍රියගේ ඇසින් ඇස බලාද, දකීද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, එසේ නමුදු පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද, එසේ නමුදු එක්තරා දේව නිකායක් ප්රාර්ථනාකොට බඹසර හැසිරේද, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපස් චරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමියි කියාය. හෙතෙම එය ආශ්වාදය කරයි. එය ආශා කරයි. එයින් ප්රීතිවෙයි. බ්‍රාහ්මණය, මෙයද බඹසර කැඩීමය, සිදුරුවීමය, පුල්ලි වැටීමය, කිළුටු වීමයයි කියනු ලැබේ.
’’බ්‍රාහ්මණය, මෙය මෛථුන සංයෝගයෙන් යුක්තවූ අපිරිසිදු බඹසර යයි කියයි. ඉපදීමෙන් නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකක්ඛයන්ගෙන් නොමිදේයයි කියමි.
’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මේ සප්ත මෛථුනයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි මනාකොට දැක්කෙම්ද, බ්‍රාහ්මණය, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි නොම ප්‍රතිඥා කළෙමි.
’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මම මේ සප්ත මෛථුන සංයෝගයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි නොදැක්කෙම්ද, බ්‍රාහ්මණය, එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්ශන ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙළවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත.’’