කාමයේ වරදවා හැසිරීමේ විපාක

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරුණාකරලා මුල ඉඳල ත්‍රෙඩ් එක කියවන්න. උඹටම තේරෙයි විකාර කියවන්නේ කවුද කියල. මගෙන් වෙච්ච එකම වරද තමා එකම පිලිතුරකදී අසම්පූර්ණ උත්තරයක් දීපු එක. හතර වටින් පහර වැදිලා කලන්තෙන් හිටපු උඹට මගේ අසම්පූර්ණ පිළිතුර ලොකු පන්නරයක් උනා.

    සොරි මචං... මම මේක දැම්මේ උඹට නෙමෙයි. සහන් සහෝදරයට. වැරදීමකින් මේක උඹට ආවේ. සොරි.
    මම අහන්න ඕන ප්‍රශ්නේ උගෙන් ඇහුවා. උෟ කියන දේ ඌම නෑ කියන මට්ටමට ආවා. සමාජ සම්මත ලිංගික වැඩ මට අදාලවන දේවල් නෙමෙයි. මම කෙරැවේ තර්කයක් විතරයි. ඌ ගෙනාපු තර්කයට අන්තිමට ඌටම මූණ දෙන්න බැරි උනා. මිනිහා එක එක විකාර කියවනවා. මේක හුදෙක්ම තර්කයක් විතරයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කතා කලේ බුද්ධාගමේ එන කාම මිත්‍යාචාරය ගැන. උඹට ඕක විතරක් ලොකු උනාට ඕක විතරක් නෙමෙයි අපි සැහෙන්න පව් කරනව. ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ හිස ගිනිගත්ත මිනිහෙක් හිසේ ගින්න නිවන්න ගන්න උත්සාහය වගේ උනන්දුවකින් නිවන හොයන්න කියල. මගේ පවුද්ගලික අදහස නම් විවාහයට පෙර යුවලක් තම තමන්ගේ ලිංගික ශක්තීන් සහ රුචිකත්වයන් පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි කියන එක. මොකද මිනිහෙක් අවුරුදු 30-35 විරුද්ධ ලිංගික පහසක් නැතුව ඉන්නවා කියන්නේ අපරාධයක්. ඒ වගේම විවාහයට පෙර ලිංගිකව හැසුරුනේ නැහැ කියල උඹට සෝතාපන්න වෙන්න බැහැ.

    මම මෙච්චර වෙලා උඹෙන් ගන්න දැගලුවේ මේක තමයි සහෝ. මම කතා කලේ අපේ රට සහා කාම මිත්‍යාචාරය ගැන විතරයි.

    "හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ."
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කරුණාකරලා මුල ඉඳල ත්‍රෙඩ් එක කියවන්න. උඹටම තේරෙයි විකාර කියවන්නේ කවුද කියල. මගෙන් වෙච්ච එකම වරද තමා එකම පිලිතුරකදී අසම්පූර්ණ උත්තරයක් දීපු එක. හතර වටින් පහර වැදිලා කලන්තෙන් හිටපු උඹට මගේ අසම්පූර්ණ පිළිතුර ලොකු පන්නරයක් උනා.

    ඒක තමයි මචන් කියන්නේ එක වචනයකින් සේරම කණපිට පෙරලෙන්න පුලුවන්. ගනන් ගන්න එපා.

    මෙන්න මේ ටික ගැන දන්න කෙනෙක්ගෙන් තව දුරටත් අහන්න. මමත් අහනනවා

    ප්‍රාණගතයක් සිදුවීමට අවශ්‍යම සාධක මොනවාද? ( ඔබ කලින් කිව්වා පන ඇති සතෙක් වෙන්නම ඕන නැහැ කියලා )

    දැන් මම කියන්න යන දේ තර්කයක් සදහා නොවෙයි. දැනුම වර්ධනයටම පමණයි
    මා දන්නා තරමට බෞද්ධ දර්ශනය විශ්ව දර්ශනයක්. එය සර්ව කාලීනයි. විශ්ව දර්ශනයක් කිවුවම ඒක මේ විශ්වයේ හැම තැනටම පොදුයි. ඇමරිකාව, ජපානය, ලංකාව ආදා ආදි ආදි වශයෙන්. තවත් මේ විශ්වයෙන් පිටතටත් ඒක පොදුයි. අපි ජීවත් වෙන සමස්ථ පෘතුවියටත් එය එසේමයි. ( මා දන්නා තරමට ). මේක ගැනත් පොඩ්ඩක් දන්න කියන කෙනෙක්ගෙන් අහලා අපිවත් කැමතිනම් දැනුවත් කරන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මචන් කර්මය කියන දේ මම ගොඩාක් තදින්ම විශ්වාස කරන කෙනෙක්. අපේ කලින් මිත්‍රයා කියපු දෙයක් ගැනයි මම දිගින් දිගටම අහන්නේ. එයාට ඒකට උත්තර දීගන්න බැරැව කැරකෙනවා. උඹත් පුලුවන්නම් බලපන් මම අහන්නේ මොකක්ද කියලා
    මඡ්ජධිම නිකාය චුලමාළුක්‌ඛ සූත්‍රය

    “සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක්‌ ඇති කර ගැනීම අතිදුෂ්කරය.” එය හැකිවෙතොත් හැකිවන්නේ පැවිද්දෙකුටය. සියලු පැවිද්දන්ට එය කළ නොහැකිය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ පිළිබඳ සිඛපද නොපනවන ලදී. යමෙකුට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කළ හැකි වුවහොත් දුකෙන් මිදීමට අන් කළ යුත්තක්‌ ඉතිරි නොවේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාලුක්‌ඛපුත්‍ර භික්‌ෂුවට සහ භාහියධාරුචියටත් ඇසෙන් රූප දැක, දැකීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, කණින් ශබ්ද අසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, කයින් ස්‌පර්ශ දැන, සිතින් ධර්මයන් දැක දැනීම් මාත්‍රයෙහි සිටින්නේ නම් නුඹ මෙලොවත් නොවේය, පරලොවත් නොවේය, දෙලොවේම නොවේය, එයම දුක්‌ කෙළවර වන්නෙහි” වදාළ සේක.

    “ශ්‍රමණ ප්‍රතිපදාව දක්‌වන සූත්‍රවල මිස ගෘහස්‌ත ප්‍රතිපදාව දක්‌වන සූත්‍රවල ඉන්ද්‍රිය සංවරය දක්‌වා නැත. එහෙත් ගිහියන් විසින්ද එක්‌තරා ප්‍රමාණයකින් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත යුතුයි. එසේ නොවුණහොත් මිනිසා තිරිසන් ගණයට වැටෙන්නේය.”

    මෙතැන තියෙන්නේ පව සහ පින අතර ගැටුමක්‌. යම්කිසි ක්‍රියාදාමයක්‌ තුළින් අකුසලයක්‌ සිදුවේ නම්, එය තමන්ටත් අහිතකර නම්, අනුන්ටත් අහිතකර නම්, දෙපාර්ශ්වයටම අහිතකර නම් එය පවක්‌. යම්කිසි ක්‍රියාදාමයක්‌ තමන්ට මෙන්ම අන් අයටද හිතකර නම් එය පිනක්‌.

    ඔය උඩ තියෙන එකෙන් ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනව නේද? එතකොට බාලවයස්කාර කෙනෙක් එක්ක දෙන්නගෙම කැමැත්තෙන් ලිංගික කටයුත්තක් සිදු උනත් ඒකෙන් බාලවයස්කාරයාට මානසික වශයෙන් අහිතකර බව පර්යේශකයින් පිළි අරන් තියෙනව. ඒතකොට ඒක පවක් වෙනව.

    කාමය වරදවා හැසිරීමේදී අනියම් පුරුෂයකු, අනියම් බිරියක චර්යා ධර්මයන්හි හැසිරෙන්නේ ඉතාමත් කැමැත්තෙන්. මේ නිසා එතැනදී කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැතැයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ. මෙම ස්‌ත්‍රියකට විවාහ වුණු පුරුෂයෙක්‌ සිටිනවා. පුරුෂයාටත් විවාහ වුණු බිරිඳක්‌ සිටිනවා. මෙම අනියම් ඇසුර නිසා මෙම පාර්ශ්වයන් අතර ගැටුම් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. සමාජ සදාචාරය බිඳ වැටෙනවා. මේවා පවත්වාගෙන යැමේදී නිතරම පසුවන්නේ සැකෙන්, බියෙන්. අප රටට අනුව සමාජ සම්මතයන් බිඳ දමා සිදුකරන මෙම ක්‍රියාවලිය නිසා ඊට පෙළඹෙන්නන්ද සිටින්නේ දෙගිඩියාවකින්, නොසන්සුන් සිතකින්. මේවා දිගින් දිගටම සිදුවන විට එයම අකුසලයට හේතුවක්‌ වෙනවා.

    අප සමාජයේත් සමාජ අන් සමාජවලත් ගණිකා වෘත්තිය පවතිනවා. ගණිකා වෘත්තියේ යෙදීම පවක්‌ද? කාමයේ වරදවා හැසිරීමක්‌ද?

    සිරිමා යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත්වුණු ප්‍රසිද්ධ ගණිකාවක්‌. ඇය තමන්ගේ සේවය ලබාදීම සඳහා විශාල මුදලක්‌ අය කළා. ඇය ගණිකාවක්‌ ලෙස තමා ළඟට පැමිණෙන අයට සේවය ලබාදීම කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැහැ. ඉන්දීය සමාජයේ ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ නිසා ඇය කළේ ඊට අදාළ වෘත්තියේ යෙදීම විතරයි.
    නමුත් ඇයගේ පහස ලබන්න යන්නේ විවාහක පුරුෂයෙක්‌ නම් එකී ක්‍රියාවලිය තුළ ඔහුගේ පවුල් සංස්‌ථාව බිඳ වැටීමට හේතු වේ නම් එතැනදී පවක්‌ සිදුවීම වැළැක්‌වීමට නොහැකියි. එම පව සිදුවන්නේ එම පුරුෂයාටයි.
    එහෙත් ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා.
    ජපානය, තායිලන්තය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ තුළ එම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට අදාළ සේවය සැපයීමට සිදුවෙනවා.

    අප සෑම විටම කල්පනා කළ යුත්තේ යම්කිසි ක්‍රියාවක්‌ සිදු කිරීමේදී එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස වේ නම් එය අකුසලයක්‌ වන බවයි.
    එනිසා කවුරුන්ට හෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව පමණක්‌ හැසිරෙන්න අයිතියක්‌ නැහැ. තමන් සිදුකරන ක්‍රියාවන් නිසා සමාජයට සිදුවන්නේ යහපතක්‌ද? අයහපතක්‌ද? කියා නිතරම කල්පනා කළ යුතුයි. සමාජ සදාචාරයට සහ සමාජ සම්මුතීන්වලට පිටුපා ක්‍රියාකිරීමට අපට අයිතියක්‌ නැහැ.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    සිරිමා යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත්වුණු ප්‍රසිද්ධ ගණිකාවක්‌. ඇය තමන්ගේ සේවය ලබාදීම සඳහා විශාල මුදලක්‌ අය කළා. ඇය ගණිකාවක්‌ ලෙස තමා ළඟට පැමිණෙන අයට සේවය ලබාදීම කාමයේ වරදවා හැසිරීමක්‌ වන්නේ නැහැ. ඉන්දීය සමාජයේ ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ නිසා ඇය කළේ ඊට අදාළ වෘත්තියේ යෙදීම විතරයි.
    නමුත් ඇයගේ පහස ලබන්න යන්නේ විවාහක පුරුෂයෙක්‌ නම් එකී ක්‍රියාවලිය තුළ ඔහුගේ පවුල් සංස්‌ථාව බිඳ වැටීමට හේතු වේ නම් එතැනදී පවක්‌ සිදුවීම වැළැක්‌වීමට නොහැකියි. එම පව සිදුවන්නේ එම පුරුෂයාටයි.
    එහෙත් ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක්‌ යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා.
    ජපානය, තායිලන්තය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. එවැනි තත්ත්වයක්‌ තුළ එම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට අදාළ සේවය සැපයීමට සිදුවෙනවා.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම කතා කලේ බුද්ධාගමේ එන කාම මිත්‍යාචාරය ගැන. උඹට ඕක විතරක් ලොකු උනාට ඕක විතරක් නෙමෙයි අපි සැහෙන්න පව් කරනව. ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ හිස ගිනිගත්ත මිනිහෙක් හිසේ ගින්න නිවන්න ගන්න උත්සාහය වගේ උනන්දුවකින් නිවන හොයන්න කියල. මගේ පවුද්ගලික අදහස නම් විවාහයට පෙර යුවලක් තම තමන්ගේ ලිංගික ශක්තීන් සහ රුචිකත්වයන් පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි කියන එක. මොකද මිනිහෙක් අවුරුදු 30-35 විරුද්ධ ලිංගික පහසක් නැතුව ඉන්නවා කියන්නේ අපරාධයක්. ඒ වගේම විවාහයට පෙර ලිංගිකව හැසුරුනේ නැහැ කියල උඹට සෝතාපන්න වෙන්න බැහැ.

    මම කලේ ඔයාගේ තර්කය කඩපු එක විතරයි. කාම මිත්‍යාචාරය ගැන විතරක් නෙමෙයි ප්‍රාණඝාතය ගැනත් ඔයා කියන දේවල් වල යම් ගැටලු තියෙනවා. උදා- මරන්න පන නැති සතෙක් උනත් පුලුවන් කියන කතා.

    මම මගේ පෞද්ගලික අදහසක් උඹට කියන්නම්. උඹ ඒක පිළිගන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ.

    මම බෞද්ධයෙක්, නමුත් මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ ඉතාම ඉතාම චුට්ටයි. ඒක තර්ක කරන්න ප්‍රමාණවත් නැහැ. මම බෞද්ධ දර්ශනය ඈදාගෙන තර්ක කරන්න, විග්‍රහ කරන්න බයයි. මොකද මම ප්‍රසිද්ධියේ යම් වැරදි මතයක් වැපුරැවොත් ඒකේ සමාජ ගත වෙන්නේ මිත්‍යා දෘෂ්ඨියක්. මිත්‍යා දෘෂ්ඨිය ආනන්තරීය පාපකර්මයටත් වඩා දරැනුයි කියලා සමහරැ කියනවා මම අහලා තියෙනවා ( ඇත්ත නැත්ත නොදනිමි ) ආනන්තරීය පාපකර්මයට ලැබෙන විපාක මම අහලා තියෙනවා. මම ඒවට බොහෝම බයයි.

    ඒක නිසා ආගමක් ගැන යමක් ප්‍රකාශ කිරීමේදී ඒකේ නිවරද්‍යතාවය ගැන අපට හොද දැනුමක් තියෙන්න ඕන. නැත්නම් සමහරවිට අපිටත් මිත්‍යා දෘෂ්ඨිකයෝ වෙන්න පුලුවන්.

    දැන් අපි කතා කරපු දේවල්වලත් ගොඩක් ගැටලු තැන් තිබුණා. ‍ උදා - කාමසුමිච්චාරය ගැන, ප්‍රාණ ඝාතය ගැන වගේ දේවල්.

    ඒක නිසා ඒවා ගැන කතා කිරීමට කලින් ඒවා ගැන හොදට දැනුවත් වෙන එකතමයි නුවනට හුරැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    මෙන්න මේ ටික ගැන දන්න කෙනෙක්ගෙන් තව දුරටත් අහන්න. මමත් අහනනවා

    ප්‍රාණගතයක් සිදුවීමට අවශ්‍යම සාධක මොනවාද? ( ඔබ කලින් කිව්වා පන ඇති සතෙක් වෙන්නම ඕන නැහැ කියලා )

    මෙතනදි මේක කියපු කෙනාට පොඩ්ඩක් වැරදිලා තියෙනව.

    ප්‍රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය.

    “පාණෝ භවේ පාණ සඤ්ඤි
    වධක චිත්ත මුපක්කමො
    තේන ජීවිතනාසොච
    අංගා පඤ්ච වධස්සිමෙ”

    01. පණ ඇති සතෙකු වීමය.
    02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.
    03. මරණය සිදු කිරීමට කැමැති සිත.
    04. මරන්නට උපක්‍රම යෙදීම.
    05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.

    මෙම අංග පස සම්පූර්ණ විය යුතු ය. මෙම අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාත කර්මය සිදු නොවේ.

    ප්‍රාණඝාතය සම්පූර්ණ වීමේ අංග පසට අමතරව ප්‍රාණඝාතයෙහි ප්‍රයෝග 06 කි. මෙහිදී ප්‍රයෝග යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රාණඝාතය සිදු කිරීමට කරනු ලබන්නා වූ උත්සාහයයි.
    සත්වයාගේ දිවි තොර කිරීමේ ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුවේ.

    “සාහත්ථිකො ආනත්තිකො – නිස්සග්ගියොච තාවරො
    විජ්ජාමයො ඉද්ධිමයො – පසොගා ඡබ්බිධා මතා”

    01. ස්වාහස්තික ප්‍රයෝගය – (මරණු පිණිස ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සිය අතින්ම කරන්නා වූ උත්සාහය ස්වහස්තික ප්‍රයෝග නම් වේ.)
    02. ආඥා ප්‍රයෝගය – (සිය අතින් නොමරා අනෙකකු ලවා මැරවීම ආඥා ප්‍රයෝග නම්)
    03. නිස්සර්ගික ප්‍රයෝගය – (ගල් ගැසීම්, වෙඩි තැබීම්, ආයුධ දමා ගැසීම් ආදී තමා අතින් මුදා හැර යම් සත්ත්වයකුගේ දිවිතොර කිරීමට ගන්නා උත්සාහය නිස්සරගික ප්‍රයෝගය නම් වේ.)
    04. ස්ථාවර ප්‍රයෝගය – (ස්ථාවර ප්‍රයෝග යනු වලවල් හාරා තැබීම්,(උගුල් ඇටවීම්) උල් සිටුවා තැබීම්, තුවක්කු බැඳීම් ආදියෙන් දිවිතොර කිරීමට ගන්නා උත්සාහයයි.
    05. විද්‍යාමය ප්‍රයෝගය – (අංගම් පිඹීම්, සූනියම් කිරීම් ආදී විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම්)
    06. සෘද්ධිමය ප්‍රයෝගය – (ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන්ම පිහිටයි. බොහෝ සෙයින් එබඳු වූ සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. එබඳු ආකාරයෙන් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.)

    මෙම ප්‍රයෝග හයෙන් එකක දී සත්ත්වයකුගේ දිවිතොර කිරීම සිදුවන අතර මෙහිදී ආඥා ප්‍රයෝගය තවත් ආකාර 06 ක් යටතේ බෙදී යයි. මෙය වෙනකෙකු ලවා කරවීමක් බැවින් ප්‍රභේද කිහිපයකට විහිදී පවතී.

    “චත්ථු කාලොච මකාසො – ආයුධං ඉරියාපථං
    කිරියා විසෙසොතිමෙ – ඡ ආණත්ති නියාමකො”

    01. වස්තුව – මෙහි වස්තුව යනු මරනු ලබන සත්වයායි. මරන්නට අණ කරන පුද්ගලයා කිසියම් සත්වයකු මරන්නට අණ කළ කල්හි අණ කිරීම ලද තැනැත්තා නොවරදවාම එම සත්වයා මරණයට පත් කළේ ද අණ කරන්නා සහ ලබන්නා යන දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    02. කාලය – රාත්‍රී කාල හෝ දිවා කාලාදියි කාලය වශයෙන් ගැනේ. අණ කරන්නා රාත්‍රියේ දී මරන්නට අණදුන් කල්හි අණ ලබන්නා රාත්‍රී කාලයේදීම මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාතය වේ.

    03. අවකාශය – මැරීම සිදු කරන ස්ථානය අවකාශ නම් වේ. යම් තැනක සිටින සතකු මැරීමට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එම තැනදීම මරණයට පත් කරන්නේ ද එයින් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    04. ආයුධය – මැරීමට උපයෝගී කරගන්නේ යමක් ද එය ආයුධයයි. යම් ආයුධයකින් මැරීමට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළ විට ප්‍රාණඝාතය දෙදෙනාටම සිදුවේ.

    05. ඉරියව්ව – මරනු ලබන සත්වයා සිටින ඉරියව්ව මෙහිදී කියැවේ. අණකළ පරිදිම කළහොත් දෙදෙනාටම කර්මය වේ.

    06. ක්‍රියා විශේෂණය – මරනු සඳහා කරන උපක්‍රමය ක්‍රියා විශේෂණයයි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත සිදු වෙයි. මෙම ආඥා ප්‍රයෝගයෙහි විශේෂත්වය වන්නේ අණ කරන්නා වස්තුව, කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂණය යන ප්‍රයෝග තුළ දී මේ ආකාරයෙන් මරණය සිදු කළ යුතුය වශයෙන් අණ කළ විට අණ ලබන්නා අණ කරන්නාගේ කීමට පිටින් මරණය සිදු කළහොත් මරන්නාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. උදාහරණයක් ලෙස වෙඩිතබා මැරීමට අණ කළ විට අණ ලබන්නා වෙනත් අයුරකින් මැරුවහොත් ඔවුන් දෙදෙනාගෙන් මරන්නාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    මීට අමතරව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් දෙයාකාර වේ. මරණයට පත් කරන්නාගේ ගුණාගුණ වශයෙන් අල්ප සාවද්‍ය හා මහාසාවද්‍ය වේ. මව හෝ පියා හෝ රහතුන් මරන්නේ මහා සාවද්‍ය ගණයට අයත් වේ. එය ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ ඔවුන්ගේ ගුණ පක්‍ෂය ඉතා බලවත් බැවිනි. මරනු ලබන සත්වයාගේ ගුණ පක්‍ෂය හීන නම් අගුණ පක්‍ෂය බලවත් නම් එය අල්ප සාවද්‍ය වේ. මරනු ලබන සත්වයන් ගුණ පක්‍ෂයෙන් සම වූ කල්හි ශරීරයෙහි විශාලත්වය මත අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බවට පත්වේ. ශරීරයෙන් විශාල සත්වයකු මරණයට පත් කරන විට මහත් වෙහෙසක් ගත යුතු බැවිනි. ක්‍රෝධයෙන් බලවත් සේ සිත දූෂිත වීමෙන් මහාසාවද්‍ය වේ. ප්‍රාණඝාත කර්මයාගේ විපාකය ඉතා මහත් ය. කටුක වූ දුකකට ප්‍රාණඝාතය කළ තැනැත්තා පත්වේ. ඔවුන් නරකයෙහි ද ප්‍රේත යෝනියෙහි ද තිරිසන් යෝනියෙහි ද උපදවයි. එහිදී බොහෝ වූ දුක් විඳ මනුෂ්‍ය ආත්මයක් ලදහොත් නිතර නිතර රෝගාබාධයන්ට ලක් වේ. අවලක්‍ෂණ ශරීරාවයව ඇතිව උපත සිදුවේ. අපි‍්‍රය වූ පුද්ගලයෙක් වේ. සමාජයෙහි නින්දාවට ලක් වේ. සතුරන් ඇතිවේ. අකාරණයෙහි බියට පත්වේ. අල්පායුෂ ඇත්තෙක් වේ. පරොපක්‍රමයන්ගෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. ප්‍රාණඝාතයෙහි විපාකය මෙපරිදි වේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    මම මගේ පෞද්ගලික අදහසක් උඹට කියන්නම්. උඹ ඒක පිළිගන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ.

    මම බෞද්ධයෙක්, නමුත් මම බෞද්ධ දර්ශනය ගැන දන්නේ ඉතාම ඉතාම චුට්ටයි. ඒක තර්ක කරන්න ප්‍රමාණවත් නැහැ. මම බෞද්ධ දර්ශනය ඈදාගෙන තර්ක කරන්න, විග්‍රහ කරන්න බයයි. මොකද මම ප්‍රසිද්ධියේ යම් වැරදි මතයක් වැපුරැවොත් ඒකේ සමාජ ගත වෙන්නේ මිත්‍යා දෘෂ්ඨියක්. මිත්‍යා දෘෂ්ඨිය ආනන්තරීය පාපකර්මයටත් වඩා දරැනුයි කියලා සමහරැ කියනවා මම අහලා තියෙනවා ( ඇත්ත නැත්ත නොදනිමි ) ආනන්තරීය පාපකර්මයට ලැබෙන විපාක මම අහලා තියෙනවා. මම ඒවට බොහෝම බයයි.
    ප්‍රාණඝාතයේ හොද කතාවක් තියෙනව. ඒ තමා දුනු හීතල වලින් මස් වැද්දෙකුට මුවෙකු මරන්න තම බිරිඳ දුනු හීතල දුන්නත් ඇයට ප්‍රාණඝාත අකුසලය සිදු උනේ නැති. හම්බුනොත් දාන්නම්..

    ------------------------------------------------------------

    බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. වචන පාවිච්චිය පරිස්සමින්. ප්‍රාණ ඝාත අකුසලය කියන්නේ cycle එක සම්පූර්ණ වෙච්ච පවට. එතැනදී පන ඇති සතෙක් සිටිය යුතුයි. මම කිව්වේ පන තියෙනවා කියල හිතාගෙන මැරිච්ච එකෙක්ගේ බෙල්ල කැපුවත් පව් කියල මිසක් එතැනදී ප්‍රාණ ඝාත අකුසලය වෙනවා කියල නෙමෙයි.

    2. ඔතනදි වැරදිලා තියෙන්නේ අපිට, ඔව් බුද්ධ දර්ශනය සර්ව කාලීනයි. හැබැයි යම් යම් කරුණු සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රශ්න නිරාකරණයට බුදුන් දුන් පිළිතුරු සර්කාලීනයි කියල අද අපිට කියල දෙන ධර්මයෙන් නම් පිළිතුරු හොයන්න බැහැ. එක්කෝ එතන අපිට නොපෙනෙන බුදු ඇසට පමණක් පෙනෙන හේතුවක් ඇති. එහෙම නැත්නම් පසුවට වැරදි අර්ථකතන දීල, එහෙමත් නැත්නම් එම කරුණු අදට අදාළ නැහැ.

    උදාහරණ: විනය පිටකයේ කියල තියෙන බික්ශූන්ට වලදන්න අවසර නැති මස් විදියට එන එකක් තමයි සිංහ මස්. ඒකට හේතුව හැටියට මම අහල තියෙන්නේ සිංහ මස් වැලදුවම එම මස් වලට සිංහයන්ගේ ආකර්ෂණය ඇවිත් එම වනගත බික්ශූන්ට සිංහයන්ගෙන් කරදර සිද්ධ වෙන නිසා එපා කිව්වා කියල. (මම වැරදි නම් නිවරදි කරන්න)...

    දැන් ඕක අදට අදාලද ??? නැහැ. අපි හිතමු සිංහයෝ ෆාම් වල හදල සිංහ මස් මිනිසුන්ට කන්න දුන්න කියල සිංහයෝන්ගෙන් කරදර වෙනවද අද අපි ජීවත් වෙන සමාජයේ. ?

    ඒක තමයි මචන් කියන්නේ එක වචනයකින් සේරම කණපිට පෙරලෙන්න පුලුවන්. ගනන් ගන්න එපා.

    මෙන්න මේ ටික ගැන දන්න කෙනෙක්ගෙන් තව දුරටත් අහන්න. මමත් අහනනවා

    ප්‍රාණගතයක් සිදුවීමට අවශ්‍යම සාධක මොනවාද? ( ඔබ කලින් කිව්වා පන ඇති සතෙක් වෙන්නම ඕන නැහැ කියලා )

    දැන් මම කියන්න යන දේ තර්කයක් සදහා නොවෙයි. දැනුම වර්ධනයටම පමණයි
    මා දන්නා තරමට බෞද්ධ දර්ශනය විශ්ව දර්ශනයක්. එය සර්ව කාලීනයි. විශ්ව දර්ශනයක් කිවුවම ඒක මේ විශ්වයේ හැම තැනටම පොදුයි. ඇමරිකාව, ජපානය, ලංකාව ආදා ආදි ආදි වශයෙන්. තවත් මේ විශ්වයෙන් පිටතටත් ඒක පොදුයි. අපි ජීවත් වෙන සමස්ථ පෘතුවියටත් එය එසේමයි. ( මා දන්නා තරමට ). මේක ගැනත් පොඩ්ඩක් දන්න කියන කෙනෙක්ගෙන් අහලා අපිවත් කැමතිනම් දැනුවත් කරන්න.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මෙතනදි මේක කියපු කෙනාට පොඩ්ඩක් වැරදිලා තියෙනව.

    ප්‍රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය.

    “පාණෝ භවේ පාණ සඤ්ඤි
    වධක චිත්ත මුපක්කමො
    තේන ජීවිතනාසොච
    අංගා පඤ්ච වධස්සිමෙ”

    01. පණ ඇති සතෙකු වීමය.
    02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.
    03. මරණය සිදු කිරීමට කැමැති සිත.
    04. මරන්නට උපක්‍රම යෙදීම.
    05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.

    මෙම අංග පස සම්පූර්ණ විය යුතු ය. මෙම අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාත කර්මය සිදු නොවේ.

    ප්‍රාණඝාතය සම්පූර්ණ වීමේ අංග පසට අමතරව ප්‍රාණඝාතයෙහි ප්‍රයෝග 06 කි. මෙහිදී ප්‍රයෝග යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රාණඝාතය සිදු කිරීමට කරනු ලබන්නා වූ උත්සාහයයි.
    සත්වයාගේ දිවි තොර කිරීමේ ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුවේ.

    “සාහත්ථිකො ආනත්තිකො – නිස්සග්ගියොච තාවරො
    විජ්ජාමයො ඉද්ධිමයො – පසොගා ඡබ්බිධා මතා”

    01. ස්වාහස්තික ප්‍රයෝගය – (මරණු පිණිස ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සිය අතින්ම කරන්නා වූ උත්සාහය ස්වහස්තික ප්‍රයෝග නම් වේ.)
    02. ආඥා ප්‍රයෝගය – (සිය අතින් නොමරා අනෙකකු ලවා මැරවීම ආඥා ප්‍රයෝග නම්)
    03. නිස්සර්ගික ප්‍රයෝගය – (ගල් ගැසීම්, වෙඩි තැබීම්, ආයුධ දමා ගැසීම් ආදී තමා අතින් මුදා හැර යම් සත්ත්වයකුගේ දිවිතොර කිරීමට ගන්නා උත්සාහය නිස්සරගික ප්‍රයෝගය නම් වේ.)
    04. ස්ථාවර ප්‍රයෝගය – (ස්ථාවර ප්‍රයෝග යනු වලවල් හාරා තැබීම්,(උගුල් ඇටවීම්) උල් සිටුවා තැබීම්, තුවක්කු බැඳීම් ආදියෙන් දිවිතොර කිරීමට ගන්නා උත්සාහයයි.
    05. විද්‍යාමය ප්‍රයෝගය – (අංගම් පිඹීම්, සූනියම් කිරීම් ආදී විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම්)
    06. සෘද්ධිමය ප්‍රයෝගය – (ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන්ම පිහිටයි. බොහෝ සෙයින් එබඳු වූ සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. එබඳු ආකාරයෙන් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.)

    මෙම ප්‍රයෝග හයෙන් එකක දී සත්ත්වයකුගේ දිවිතොර කිරීම සිදුවන අතර මෙහිදී ආඥා ප්‍රයෝගය තවත් ආකාර 06 ක් යටතේ බෙදී යයි. මෙය වෙනකෙකු ලවා කරවීමක් බැවින් ප්‍රභේද කිහිපයකට විහිදී පවතී.

    “චත්ථු කාලොච මකාසො – ආයුධං ඉරියාපථං
    කිරියා විසෙසොතිමෙ – ඡ ආණත්ති නියාමකො”

    01. වස්තුව – මෙහි වස්තුව යනු මරනු ලබන සත්වයායි. මරන්නට අණ කරන පුද්ගලයා කිසියම් සත්වයකු මරන්නට අණ කළ කල්හි අණ කිරීම ලද තැනැත්තා නොවරදවාම එම සත්වයා මරණයට පත් කළේ ද අණ කරන්නා සහ ලබන්නා යන දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    02. කාලය – රාත්‍රී කාල හෝ දිවා කාලාදියි කාලය වශයෙන් ගැනේ. අණ කරන්නා රාත්‍රියේ දී මරන්නට අණදුන් කල්හි අණ ලබන්නා රාත්‍රී කාලයේදීම මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාතය වේ.

    03. අවකාශය – මැරීම සිදු කරන ස්ථානය අවකාශ නම් වේ. යම් තැනක සිටින සතකු මැරීමට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එම තැනදීම මරණයට පත් කරන්නේ ද එයින් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    04. ආයුධය – මැරීමට උපයෝගී කරගන්නේ යමක් ද එය ආයුධයයි. යම් ආයුධයකින් මැරීමට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළ විට ප්‍රාණඝාතය දෙදෙනාටම සිදුවේ.

    05. ඉරියව්ව – මරනු ලබන සත්වයා සිටින ඉරියව්ව මෙහිදී කියැවේ. අණකළ පරිදිම කළහොත් දෙදෙනාටම කර්මය වේ.

    06. ක්‍රියා විශේෂණය – මරනු සඳහා කරන උපක්‍රමය ක්‍රියා විශේෂණයයි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලබන්නා එලෙසම කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත සිදු වෙයි. මෙම ආඥා ප්‍රයෝගයෙහි විශේෂත්වය වන්නේ අණ කරන්නා වස්තුව, කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂණය යන ප්‍රයෝග තුළ දී මේ ආකාරයෙන් මරණය සිදු කළ යුතුය වශයෙන් අණ කළ විට අණ ලබන්නා අණ කරන්නාගේ කීමට පිටින් මරණය සිදු කළහොත් මරන්නාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. උදාහරණයක් ලෙස වෙඩිතබා මැරීමට අණ කළ විට අණ ලබන්නා වෙනත් අයුරකින් මැරුවහොත් ඔවුන් දෙදෙනාගෙන් මරන්නාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවේ.

    මීට අමතරව ප්‍රාණඝාත කර්මය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් දෙයාකාර වේ. මරණයට පත් කරන්නාගේ ගුණාගුණ වශයෙන් අල්ප සාවද්‍ය හා මහාසාවද්‍ය වේ. මව හෝ පියා හෝ රහතුන් මරන්නේ මහා සාවද්‍ය ගණයට අයත් වේ. එය ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ ඔවුන්ගේ ගුණ පක්‍ෂය ඉතා බලවත් බැවිනි. මරනු ලබන සත්වයාගේ ගුණ පක්‍ෂය හීන නම් අගුණ පක්‍ෂය බලවත් නම් එය අල්ප සාවද්‍ය වේ. මරනු ලබන සත්වයන් ගුණ පක්‍ෂයෙන් සම වූ කල්හි ශරීරයෙහි විශාලත්වය මත අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බවට පත්වේ. ශරීරයෙන් විශාල සත්වයකු මරණයට පත් කරන විට මහත් වෙහෙසක් ගත යුතු බැවිනි. ක්‍රෝධයෙන් බලවත් සේ සිත දූෂිත වීමෙන් මහාසාවද්‍ය වේ. ප්‍රාණඝාත කර්මයාගේ විපාකය ඉතා මහත් ය. කටුක වූ දුකකට ප්‍රාණඝාතය කළ තැනැත්තා පත්වේ. ඔවුන් නරකයෙහි ද ප්‍රේත යෝනියෙහි ද තිරිසන් යෝනියෙහි ද උපදවයි. එහිදී බොහෝ වූ දුක් විඳ මනුෂ්‍ය ආත්මයක් ලදහොත් නිතර නිතර රෝගාබාධයන්ට ලක් වේ. අවලක්‍ෂණ ශරීරාවයව ඇතිව උපත සිදුවේ. අපි‍්‍රය වූ පුද්ගලයෙක් වේ. සමාජයෙහි නින්දාවට ලක් වේ. සතුරන් ඇතිවේ. අකාරණයෙහි බියට පත්වේ. අල්පායුෂ ඇත්තෙක් වේ. පරොපක්‍රමයන්ගෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. ප්‍රාණඝාතයෙහි විපාකය මෙපරිදි වේ.

    ඕවා ගැන තමයි මචං මම මෙතන තර්ක කලේ. උඹ දන්න දහම් කරනු තියෙනවනම් තව දාපන්. අපි ඕවා දැනගන්න ඕන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    MihiCherub & Mr.Rodrigoo

    ප්‍රාණ ඝාත අකුසලය සිද්ධ වෙන්න පන ඇති සතෙක් සිටිය යුතුම නැහැ කියල මම කොහෙවත් කියල නැහැ. මම කිව්වේ මැරිච්ච සතෙක් උනත් පන ඇතැයි කියල හිතල මැරුවොත් (හිස ගසා දැමීමක් වගේ) පව් කියල. පව් සහ ධර්මයේ සඳහන් ප්‍රාණඝාත අකුසලය කියන්නේ දෙකක්.
    http://www.elakiri.com/forum/member.php?u=238676
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන අපි නම් තර්ක කලේ කාම මිත්‍යාචාරය ගැන. හැබැයි දැන් ප්රානඝාතයක් දිහාට ගිහින්. :rolleyes:

    ඕවා ගැන තමයි මචං මම මෙතන තර්ක කලේ. උඹ දන්න දහම් කරනු තියෙනවනම් තව දාපන්. අපි ඕවා දැනගන්න ඕන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරුණා කරලා පිළිතුර හරියට කියවන්න. සම්පූර්ණ වූ ප්‍රාණඝාත අකුසලය සහ පව් කියන වචන දෙකේ බර තැබීම් වෙනස් ධර්මයට අනුව. .

    මම හිතන්නේ නැහැ පන තියෙනවා කියලා හිතාගෙන පන නැති සතෙකුගේ බෙල්ල කැපුවට ප්‍රණගාත පවක් වෙනවා කියලා. ( මගේ දැනුමේ හැටියට ). මොකද එතනදී ප්‍රාණගාත අකුසලය සම්පූර්ණවීමට කරැණු සම්පූර්ණ වෙලා නැහැ.

    MihiCherub තව පොඩ්ඩක් පැහැදිලි කරන්න

    “පාණෝ භවේ පාණ සඤ්ඤි
    වධක චිත්ත මුපක්කමො
    තේන ජීවිතනාසොච
    අංගා පඤ්ච වධස්සිමෙ”

    01. පණ ඇති සතෙකු වීමය.
    02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.

    03. මරණය සිදු කිරීමට කැමැති සිත.
    04. මරන්නට උපක්‍රම යෙදීම.
    05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කරුණා කරලා පිළිතුර හරියට කියවන්න. සම්පූර්ණ වූ ප්‍රාණඝාත අකුසලය සහ පව් කියන වචන දෙකේ බර තැබීම් වෙනස් ධර්මයට අනුව. .

    සොරි මට පොඩ්ඩක් වැරදුනා...

    නමුත් උඩ සහන් වෙන්නේ මෙහෙමයි.

    "උඹ මරන්න හිතාගෙන already මැරිච්ච එකෙක් මැරුවත් පවක්."

    මැරිච්ච එකෙක් කොහෙමද නැවත මරන්නේ. මෙන්න මෙතනින් තමයි අවුල් උනේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොරි මට පොඩ්ඩක් වැරදුනා...

    නමුත් උඩ සහන් වෙන්නේ මෙහෙමයි.

    "උඹ මරන්න හිතාගෙන already මැරිච්ච එකෙක් මැරුවත් පවක්."

    මැරිච්ච එකෙක් කොහෙමද නැවත මරන්නේ. මෙන්න මෙතනින් තමයි අවුල් උනේ.

    ඕකේ අවුල් වෙන්න දෙයක් නෑ නේ.
    මැරිච්ච සතෙක්ව ඌ මැරුනා කියලා දන්නේ නැතුව දෙන්නම් මූට වැඩේ කියලා ඒ සතාව මරණ සිතුවිල්ලක් හිතට ඇතිකරගන්න එකත් පවක් තමා.
    චේතනා හම් බික්ක වේ , කම්මන් වදාමි කිව්වේ ඒකයි.
    චේතනාවම තමයි කර්මය වෙන්නේ.
     
    tharuwamax

    Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    යම් කෙනෙක් හිතන්න පුළුවන් ස්වයං වින්දනය පාපයක්ද කියලා. තව දෙයක් තමයි මගේ යාළුවෙක් දවසක් ප්‍රශ්නයක් ඇහුවා බදින්න කලින් කෙල්ල එක්ක එක්වුනාට අවුලක් නැද්ද කියලා. මොකද එයාගෙ තර්කය වුනේ මම එයාව බදින්න පොරොන්දුවක් දීල තියෙන්නේ කියලා.

    ඔය දෙකටම උත්තරයක් දෙන්නම්,
    1. ස්වයං වින්දනය කිසිවිටෙක පාපයක් නොවන නමුත් බරපතල අකුසල මූලයන් රැස්වීමට හේතුවක්. පුංචි පින් රැස් වෙලා ලොකු පිනක් රැස් වෙනවා වගේ පොඩි හෝ අකුසල කර්ම රැස් වෙලා ලොකු පවක් නිර්මානය වෙනවා. එම නිස එයිනුත් වැලකෙන්න පුළුවන්නම් වටිනවා. ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නව නම් කරන්න තියෙන එකම දේ ටික ටික හරි එතැනින් ඉවත් වෙන එක, මොකද සමහර දේවල් වලට අපි හාවෙක් වගේ වෙන්න ඕනේ. තව ඒවා ඉබ්බෙක් වගේ වෙන්නත් ඕනේ. අසභ්‍ය චිත්‍රපටි රූපයන් නැරඹීමෙන් වලකින්න. එවැනි ජායාරූප සමාජ ජාල ඇතුළු වෙබ් අඩවි වල දැමීමෙන් වලකින්න. මොකද මේ කියන මම උනත් එවැනි දෙයක් දුටුවහොත් ඇස් වලින් පින්විය හැකි නිසා. තව කෙනෙකු පාපයට ඇබ්බැහි කිරීමත් පවක්.

    2. විවාහය කියන්නේ නීත්‍යානූකූලව සිදුවන දෙයක්. විවාහයකට කලින් පෙම්වතිය යනු දෙමාපියන් විසින් රක්නා තැනැත්තියක්. එවැනි කිසිවෙකු විසින් රක්නා ලද අයෙකු සමග මුඛ, ගුද සහ යෝනි ආදියෙන් අබ ඇටයක තරම් හෝ ප්‍රමාණයක් ඇතුළු කිරීම, සංසර්ගික ක්‍රියාවක නිරත විම පවක් ලෙසයි ධර්මයේ සදහන්

    ඔබට තර්ක කල හැකිය. තර්කයෙන් කිසිදා දිනිය නොහැක.
     
    ධර්මයේ කිව්වේ මොකේද ඔහොම තියෙන්නේ ?
    සදහන් කරලා තියන තැනත් දැම්මානම් තමා හොද.

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ’’බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. එසේ නමුදු ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, ඉවසයිද, එය බලාපොරොත්තු වේද, එයින් සතුටට පත්වේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, එසේ නමුදු ස්ත්‍රිය සමග ගැටේද, ක්‍රීඩා කෙරේද, කෙළිකවටකම් කෙරේද, සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, එසේ නමුදු ස්ත්‍රියගේ ඇසින් ඇස බලාද, දකීද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, එසේ නමුදු බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය අසාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, එසේ නමුදු ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි කෙරේද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, එසේ නමුදු පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ බලාද, බ්‍රාහ්මණය, මෙයද වනාහි බඹසරට කැඩුන, සිදුරුවූ, කබර සහිත කිලිටි වූවයයි කියනු ලැබේ. බ්‍රාහ්මණය, මෙය අපිරිසිදු බඹසර හැසිරීමයයි කියයි. මෛථුන සංයෝගයෙන් යුක්තවූයේ ජාති (ඉපදීමෙන්) නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකින්ද නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනාසේ බඹසර හැසිරෙන්නේයයි පිළිගනු ලබන්නේ, ස්ත්‍රියක් සමග එක්ව යහනක නොසිටීද. ස්ත්‍රියගේ ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම්, නොඉවසයිද, එය බලාපොරොත්තු නොවේද, එයින් සතුටට පත්නොවේද, ස්ත්‍රිය සමග නොගැටේද, ක්‍රීඩා නොකෙරේද, කෙළිකවටකම් නොකෙරේද, සිහි නොකෙරේද, ස්ත්‍රියගේ ඇසින් ඇස නොබලාද, නොදකීද, බිත්තියෙන් පිටත සිට හෝ, ප්‍රාකාරයෙන් පිටත සිට හෝ සිනහ වෙන්නාවූ හෝ, කථා කරන්නාවූ හෝ, ගායනා කරන්නාවූ හෝ, හඬන්නාවූ හෝ ස්ත්‍රියගේ ශබ්දය නොඅසාද, ඔහු පෙර ස්ත්‍රිය සමග සිනහවුන, ක්‍රීඩාකළ, කෙලිකවටකම් කළ, දේ සිහි නොකෙරේද, පස්කම් සැප අනුභව කරන්නාවූ එයින් පිරිවැරූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොබලාද, එසේ නමුදු එක්තරා දේව නිකායක් ප්‍රාර්ථනාකොට බඹසර හැසිරේද, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපස් චරණයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් වන්නෙමියි කියාය. හෙතෙම එය ආශ්වාදය කරයි. එය ආශා කරයි. එයින් ප්‍රීතිවෙයි. බ්‍රාහ්මණය, මෙයද බඹසර කැඩීමය, සිදුරුවීමය, පුල්ලි වැටීමය, කිළුටු වීමයයි කියනු ලැබේ.
    ’’බ්‍රාහ්මණය, මෙය මෛථුන සංයෝගයෙන් යුක්තවූ අපිරිසිදු බඹසර යයි කියයි. ඉපදීමෙන් නොමිදේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස දුකක්ඛයන්ගෙන් නොමිදේයයි කියමි.
    ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මේ සප්ත මෛථුනයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි මනාකොට දැක්කෙම්ද, බ්‍රාහ්මණය, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි නොම ප්‍රතිඥා කළෙමි.
    ’’බ්‍රාහ්මණය, යම්තාක් වනාහි මම මේ සප්ත මෛථුන සංයෝගයන්ගෙන් එක්තරා මෛථුන සංයෝගයක් තමා කෙරෙහි දුරු නොකෙළේයයි නොදැක්කෙම්ද, බ්‍රාහ්මණය, එහෙයින් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේයයි මනාකොට ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්‍ශන ඥානය පහළවිය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස්ය. මේ කෙළවර ආත්ම භාවයයි. දැන් මතු භවයක් නැත.’’
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.

    එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මූ හැමැ බුද්ධාගමේ ත්‍රෙඩ් එකකට ඇවිත් හීන් නූලෙන් ගේම දෙනව.. මූට බුද්ධාගම වැඩක් නැත්නම් අහවල් ප$#%ද ඒ වගේ ත්‍රෙඩ් වලට එන්නෙ.. කට්ටිය මේවගේ උන් අදුනගෙන කමෙන්ට් රිජෙක්ට් කලා නම් වටිනව.

    මෙයාගේ පහුගිය ත්‍රෙඩ් සහ පෝස්ට් බලන්න..

    එක එක ගොන් ටෝක් දාල රෙප් ටිකක් එකතු කරන් දැන් හීන් නූලෙන් බුද්ධාගම විකෘති කරන්න ගේමක් දෙන්නෙ..

    ubata pixxu ban u ahana karunu hari vimaana eken budu dahama nathi wenne naha

    ane manda ubala eka thanaka hari viwurthayi hamadema pasna karalaa harima uththaraya hoyanawa anith eka ehema karanakota apahasa karanawa kiyalaa kon karanawaa nathnam e wage pasna athi unwath nihada karanawaa:no: