කාමය_සුරාව_සංගීතය...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කාමය_සුරාව_සංගීතය...

    ඉන්දීය නව සභ්‍යත්වයේ පදනම වනුයේ ආර්යයන්ගේ ආගම හා සාහිත්‍ය බව අවිවාදයෙන් පිළිගැනෙන්නකි. ආර්යයන්ගේ ආගම වූයේ වේදයයි. වේදය ක්‍රි.පූ. 7 වන සියවස දක්‌වා කටපාඩමෙන් ආවක්‌ වන අතර අදත් එය උගන්වනුයේ පොතපතින් නොව භාවිතයෙන් වීම ලොව ඇති තවත් පුදුමයකි.

    වේද සාහිත්‍යයේ මූලික ග්‍රන්ථ හයකි. සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් යන සිවු කොටසද කල්ප හා ශික්‍ෂා යන දෙකද ඇතුළත් වූ විශාල උප ග්‍රන්ථ සමූහයකින්ද එය සමන්විතය.
    සෘග්, යජුර්, සාම, අතර්වන් යන සංහිතා හතර අතුරෙන් සෘග් වේදය අවුරුදු ලක්‍ෂයක්‌ තරම් පැරණි බවට විශ්වාස කෙරේ. මේ පිළිබඳ පර්යේෂණයෙහි යෙදුන අයකු වන මැක්‌ස්‌ මුලර් පවසන්නේ වේද සමය ක්‍රි.පූ. 2500 - 2000 අතර කාලය බවයි. තවත් වියතුන්ගේ මතයනට අනුව ක්‍රි.පූ. 1900 දී ආරම්භවී 1300 දී අවසන්වී ඇතැයි සැලකේ.
    ක්‍රි.පූ. 3000 පමණ ඇරඹි මිසපොතේමියානු සභ්‍යත්වයට සමාන ලක්‍ෂණ මෙකල පෙන්නුම් කෙරෙන අතර මෙම වේද සංහිතා එවක භාවිතයට පත්ව තිබී ඒවා අභාවයට යැමෙන් අනතුරුව සූත්‍ර 1028 කින් සමන්විත සංහිතාවක්‌ පමණක්‌ ඉතිරිවී යෑයිද අනුමාන කෙරේ.
    සෘග්වේදය සියවස්‌ ගණනාවක්‌ පුරාවට විවිධ කාලවල මුනිවරයන් විසින් තන්ත්‍ර වශයෙන් සකස්‌කරනු ලදුව පවත්වාගෙන ආවකි.

    ඉතිහාසය ගැන ඉහත විස්තර ටික මම උපුටා ගත්තෙ දිවයින වට මඩල අතිරේකයෙන්...

    මේ වේද ග්‍රන්ථ වල තියන රසවත් විවාදාත්මක දෙයක් ගැන මේ ලියන්නෙ....

    වේද සාහිත්‍යයේ කියන විදියට ලෝකෙ මවල තියෙන්නෙ මහා බ්‍රහ්මයා... එතකොට ලෝකෙ කෙනෙක් විදින උපරිමසැප විදින කෙනා තමයි මහා බ්‍රහ්මයා.... ඔහු විදින සැප කාටවත් මෙහෙමයි කියන්න බැහැ....
    ඔහු විදින සැප ඕනම මිනිහෙකුට විදින්න ලැබෙන අවස්ථා 3ක් තියනවා...ඒ යම් යම් වූ සමාන තත්ව යටතේ...

    1.සංගීතය...
    2. කාමය...
    3.සුරාව...

    හැබැයි මේ තුන ලද පමනින් සියලුම දෙනාට සැප විදින්න බෑ ලු... සංගීත භාන්ඩයක් අරගෙන හිතුමනාපෙට ගැසූ පමනින් ඒකෙ කිසිම මිහිරක් සැපතක් නෑනෙ..

    සංගීතය තුල ඉතා දැඩි විනයක් සහ පාලනයක් සහිතව ඉතා ඕන කමින් සුසර කරලා ක්‍රමානුකූල රටාවකට පිලිවෙලකට හදාගෙන වයන සංගීතය කින් මහා බ්‍රහ්මයා විදින සැපය ලැබෙනවලු.....
    ඒත් ලෝකෙ ශ්‍රේෂ්ඨ සංගීත කාරයො මහ ගොඩක් නෑ...ඒ කියන්නෙ හැමෝටම ඒ මහා සැපත විදින්න බෑ කියන එක...

    කාමය සහ සුරාව තුලිනුත් මහා බ්‍රහ්මයා විදින ලෝකෙ උපරිම සැපත විදින්න නම් අර විදියටම කරන්න ඕනලු....
    ඔන්න කතන්දරේ...
    පිලිගන්න එක නැති එක තමන්ගෙ වැඩක්...
    ජයවේවා.......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: