කාමරංගා අර්බුදය 2

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    කාමරංගා අර්බුදය 2

    කාමරංගා අර්බුදය
    kamaranga.jpg

    ලංකාවේ කලින් කලට එන විවිධ ආහාර විරෝධී රැලි තිබේ. මෙම රැළි හමුවේ කලින් කල පොල්තෙල්, බිත්තර, ජපන් බටු හෙවත් සිංගප්පූරු, කතුරු මුරුංගා, නෙළුම් අල ආදිය විෂ යයි ප්‍රචාරය විය.

    ලංකාව වනාහි ගර්හිත දේශීය වෙදකම් නිසා විකාර වී සිටින රටකි. මේ රටේ මානසික රෝගවලින් පෙළෙන රෝගීහු බොහෝ දෙනෙක් තමන් වෙද්දු යයි සිතති. එසේම, ඇතැම් කපටි කෛරාටිකයෝ ද පහසුවෙන් ධනවත් වීම සඳහා දේශීය වෙද්දු වෙති. ඔවුන් බොහෝ දෙනෙකු රටේ වෙද්දු ය.

    කෙසේ වෙතත්, කාමරංගා භීතිකාව නිර්මානය වූයේ මෙවැනි හොර වෙදුන් නිසා නොවේ. එහි සත්‍ය පසුබිමක් තිබේ. එහෙත්, එය සන්නිවේදනය කළ ආකාරය නිවැරදි යයි අපි නො සිතමු.

    ඕනෑම ආහාරයක්, කිසියම් අයෙකුට විෂ විය හැකි ය. ජලය පවා අසාත්මික අය ලෝකයේ සිටිති. මහදැනමුත්තා ළඟ සිටි වෙද ගෝලයා වූ පොල්බෑමූණා ගමනක් යන අතර රෑට කන්නට කෑම ගෙන එන්නට ගොස් වා, පිත්, සෙම්වලට අකැප ආහාර බැහැර කර අවසානයේදී කන්නට ගෙනාවේ ඉඟුරු පමණකි.

    වකුගඩු ආශ්‍රිත ආබාධ ඇති අයට කාමරංගා අගුණ වන පළියට එය කාටත් අගුණ ද?

    Averrhoa carambola යන විද්‍යාත්මක නමින් හඳුන්වන කාමරංගා අයිති වන්නේ Oxalidaceae පවුලටයි. එය නිවර්තන කලාපීය පලතුරක්. ඉංග්‍රීසියෙන් carambola හෝ starfruit හෝ ලෙසත් හැඳින්වෙනවා. බිලිං කියන්නේත් මේ පවුලට ම අයිති ශාඛයක්. රට නෙල්ලි නමින් හැඳින්වෙන, කඳේ ගෙඩි හැදෙන පලතුරත් මේ පවුලට අයිතියි.

    කාමරංගා භීතිකාව පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමක් මැයෙන් ලිපියක් පසුගියදා ‘මුහුණු පොතෙන් විදු පුවත්' ෆේස්බුක් පිටුවෙහි පළ විය. පහත උපුටා දක්වන්නේ එම ඉතා තුලනාත්මක විග්‍රහයයි.
    දිනකිහිපයකට ඉහත ජාතික තලයේ පුවත්පතක පළවී තිබූ ලිපියක් නිසා කාමරංගා නම් වූ අපි කවුරුත් ආසා කරන සහ කාලයක් තිස්සේ ඖෂධයක් ලෙස භාවිතා කරපු කාමරංගා ගැන කවුරුත් කතාවෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත පැතිරුනේ කාමරංගා පිළිබඳ විශාල බියක් ජනතාව තුල ඇතිකරමින්. ඉතින් මුහුණුපොතෙන් විදු පුවත් අපි මේ ගැන විද්‍යාත්මක සොයාබැලීමක් සිදුකලා.

    ජාතික රෝහලේ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතාට අනුව කාමරංගා අපේ ශරීරයට ඉතාම අහිතකර පලතුරක් වනුයේ ඒවායේ ඇති ඔක්සලික් අම්ලය අපේ වකුගඩු වලට හානි ගෙන දෙනු නිසාවෙන් බවයි පැවසුනේ.
    මොනවද මේ ඔක්සලින් අම්ලය කියන්නේ.
    අපි ගන්න ගොඩාක් ආහාර වල අඩංගු වෙන ඒ වගේම අපේ සිරුරට අත්‍යවශ්‍ය කාබනික අම්ලයක් විදිහට ඔක්සලික් අම්ලය හඳුන්වන්න පුළුවන්. අපේ සිරුරේ සිදුවෙන පරිවෘත්තීය ක්‍රියා ගනනාවකට ඔක්සලික් අම්ලය උදව් වෙනවා. මේ නිසා ඔක්සලික් අම්ලය සෑම නිරෝගී පුද්ගලයෙකුගේම රුධිරයේ යම් පමණකට අඩංගු වෙනවා. අපේ රුධිරයේ තියෙන මුළු ඔක්සලික් අම්ල ප්‍රමාණයෙන් 20% ත් 40%ත් අතර ප්‍රමාණයක් තමයි අපි ගන්න ආහාරවලින් අවශෝෂණය වුනු ඒවා වෙන්නේ. ඉතිරි 80% - 69% කපමණ ප්‍රමාණය අපේ සිරුර තුලදීම නිපදවෙන බවයි පැවසෙන්නේ. පහතින් දැක්වෙන්නේ ඒ ආකාරයට අපේ සිරුරේ ඔක්සලික් අම්ලය නිපදවෙන ආකාර කිහිපයක්,
    1. හයිඩ්‍රොක්සි ප්‍රෝලීන් වැනි ඇමයිනෝ අම්ල ඇසුරින් අපගේ අක්මාව තුලදී නිපදවේ.
    2. අප ගන්නා ආහාරයේ ඇති විටමින් C අවශෝෂණයෙන් පසුව ඔක්සලික් අම්ලය බවට හැරවීම.
    3. රුධිර සෛල තුල අඩංගු ග්ලයොක්සිලේට් ඇසුරින් ඔක්සලික් අම්ලය නිපදවීම.
    ඉතින් මේ විදිහට බලපුවාම අපි ගන්නා ආහාරවලින් අපිට ලැබෙන්නේ සිරුරේ අඩංගු ඔක්සලික් අම්ල ප්‍රමාණයෙන් සුළුකොටසක් විතරයි.
    අපේ ආහාරයේ ප්‍රෝටීන වැඩි නම් රුධිරයේ ඔක්සලික් අම්ලය වැඩිවෙන්න පුළුවන්?
    ඔව් ඉසසරවෙලා පැහැදිලි කරපු විදිහට අපි ගන්න ආහාරවල අඩංගු වන ප්‍රෝටීන වල අඩංගු ඇතැම් ඇමයිනෝ අම්ල ඔක්සලික් අම්ලය නිපදවීමට කෙලාන්ම දායක වෙනවා. මේ නිසා ප්‍රෝටීන වැඩියෙන් ආහාරයට එක්කරගන්න පුද්ගලයෙකුගේ රුධිරගත් ඔක්සලික් ඇසිඩ් සාන්ද්‍රනය ඉහල අගයක් ගන්න පුළුවන්.
    එතකොට වැඩියෙන්ම ඔක්සලික් අම්ලය අඩංගු වෙන ආහාර වර්ග මොනවාද?
    සාමාන්‍යෙයන් අපි ගන්න එළවළු පලතුරු බොහොමයක ඔක්සලික් අම්ලය අඩංගු වෙන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඒ වගේ වැඩි ප්‍රතිශත වලින් ඔක්සලික් අම්ලය අඩංගු වෙන ආහාර කිහිපයක් සහා ඒවා ග්‍රෑම් 100 ක අඩංගු වෙන ඔක්සලික් අම්ල ග්‍රෑම් ගනනයි.
    1. තම්පලා - 1.09
    2. නිවිති - 0.65 – 1.03
    3. මඤ්ඤොක්කා -1.26
    4. අසමෝදගම් - 1.7
    5. චොකලට් - 0.5
    එතකොට කාමරංගාවල කොච්චරක් ඔක්සලික් අම්ලය තියෙනවාද?
    වැඩිම ප්‍රමාණයක් ඔක්සලික් අම්ලය අඩංගු වෙන්නේ අමු කාමරංගා වල ඇඹුල් ප්‍රභේදයේයි. එම අගය කාමරංගා ග්‍රෑම් 100 ක ඔක්සලික් අම්ල ග්‍රෑම් 0.5 ක් පමණ වනවා(වෙනත් විදිහකට කියනවනම් චොකලට් වලත් මේ ප්‍රමාණයෙන්ම ඔක්සලික් අම්ලය අඩංගු වෙනවා).
    මේ අනුව අපිට පේනවා කාමරංගා වල අඩංගු ඔක්සලික් අම්ල ප්‍රමාණය අපි ගන්න සමහර ආහාර වලට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව. හැබැයි මෙතනදී අපි මේ එක් එක් ආහාර වර්ග ආහාරයට ගන්නා ප්‍රමාණය අනුව ශරීරගතවෙන ඔක්සලික් අම්ල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අවසානයේ ඔක්සලික් අම්ලය කියන සාධකය කාමරංගා ගැන බයවෙන්න හේතුවක් නෙමෙයි කියන එකනම් මෙතනදි පැහැදිලි වෙනවා.
    එතකොට ඔක්සලික් අම්ලය අපේ සිරුරට අහිතකරවෙන්නෙ මොන විදිහටද?
    ආහාරවල ඔක්සලික් අම්ල ප්‍රමාණය ඉහල යාම ආකාර කිහිපයකට අපේ සිරුරට බලපාන්න පුළුවන්,
    1. ඔක්සලික් අම්ලය කැල්සියම් අයන හා පහසුවෙන් බැඳෙන්න පුළුවන්, එවිට අපේ සිරුරට අවශෝෂණය වෙන කැල්සියම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්.
    2. වකුගඩු ආශ්‍රිතව ගල් හටගැනීමේ අවදානම වැඩිවෙන්න පුළුවන්.
    3. වකුගඩු රෝගවලින් පෙලෙන රෝගීන්ට ඔක්සලික් අම්ලය වැඩිපුර ශරීර ගත වීම මාරාන්තික වෙන්න පුළුවන්. එම නිසා වකුගඩු රෝගීන්ට කාමරංගා තහනම් පලතුරක් ලෙස සැලකෙනවා.මෙයට හේතුව කාමරංගා වල අඩංගු වෙන මාරාන්තික ස්නායුක විශ වර්ගයක්. මේ විශ වර්ගය නිරෝගී වකුගඩු වලින් පෙරල ඉවත් කලත් රෝගී වකුගඩු වලින් පෙරීයාමක් සිදු නොවන නිසා මේ විශෙහි බලපෑමෙන් මරණය පවා ඇතිවෙන්න පුළුවන්.
    එතකොට කාමරංගා නිරෝගී අයගේ වකුගඩු වලට හානි කරන්නේම නැද්ද?
    අපිට එකපාරටම කෙලින් නිගමනයකට එන්න තරම් දැනට තියෙන දත්ත ප්‍රමාණවත් මදි කියලා තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. විශේශයෙන්ම අන්තර්ජාතිකවත් ලංකාව ඇතුලෙන් වත් එහෙම බයවෙන්න තරම් සාධක දැනට නැහැ.
    ලංකාවේ දැනට පලවෙලා තියෙන එක් පර්යේශණ පත්‍රිකාවක මේ වාගේ සිද්ධි දෙකක් ගැන කරපු අධ්‍යනයක් අඩංගු වෙලා තියෙනවා. ඒත් ඒ සිද්ධි දෙකේදිම වාර්තාවුන වකුගඩු හානිය සෘජුවම කාමරංගා නිසාම ඇතිවූවක් කියල කියන්න තරම් සාධක මදි කියලයි බැලූ බැල්මට පේන්නේ. පහල තියෙන්නේ ඒ පර්යේශන වාර්ථාව -
    [URL="https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4683968/"]https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4683968/[/URL]
    මේ තියෙන්නේ වකුගඩු රෝගීන්ට කාමරංගා විශ සහිත බව දක්වමින් ඇමරිකාවේ ජාතික වකුගඩු ආයතනය නිකුත් කල නිවේදනය-
    https://www.kidney.org/…/why-you-should-avoid-eating-starfr…
    ඔක්සලික් අම්ලය පිළීබඳ වැඩිදුර තොරතුරු-
    http://whfoods.org/genpage.php?tname=george&dbid=48
    අවසානයේ කාමරංගා කන්න එපා කියපු ලක්බිම ලිපිය
    http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/6571-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F


    SOURCE http://www.w3lanka.com/2017/09/blog-post_35.html?spref=fb
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Village vala aya , Ona tharam , ova kala thiyenava, Ath oya kidney upset giye naha. Oya kidney upset yanne , Visha Rasayanika , Vagavata use karanna patan gatthu time eke idala. Plants valata, Sathhunta visa nam, Human life ekatath ema chemical visa venava.