කාම සූත්‍රය සිංහලෙන් – දෙවෙනි කොටස

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඔන්න ඔබ මෙතෙක් පුල පුලා බලා සිටි කාම සූත්‍රය සිංහලෙන් දෙවැනි කොටස අපි මෙන්න ගෙනාවා. මේ කොටස සඳහා වත්ස්‍යාන භාවිතා කරලා තියෙන්නේ ත්‍රිවර්ග ප්‍රතිපත්ති ප්‍රකරණය කියලා.



    මෙතනදි ත්‍රිවර්ගය කියලා අදහස් කරන්නේ අපි කලින් සඳහන් කරපු ධර්මය අර්ථ සහ කාම කියන ධර්මතා තුන. ත්‍රිවර්ග සැපත ළඟා කර ගන්නා ආකාරය ප්‍රභේද තුනකින් වත්ස්‍යාන විස්තර කරලා තියෙනවා.



    1.ප්‍රයත්නය : ධර්ම, අර්ථ, කාම ලබා ගැනීම සඳහා භාවිතා කරන උපාය.

    2.අවබෝධය : ඉහත කී කාරණා තුන නිසි අයුරින් තේරුම් ගැනීම.

    3.සම්ප්‍රයුක්තිය: අවබෝධය සහ උපාය මනාව භාවිතා කිරීම.

    kamasutra-series-part-2-1.jpg


    මිනිස් ජීවිතය කොටස් තුනකට බෙදුවොත් බාල කාලයේදී මනුෂ්‍යයෙක් ඉගෙනීම කරන්න අවශ්‍ය වෙනවා. තරුණ කාලයේදී සහ මැදියම් වයසේදී අර්ථය වෙනුවෙනුත් කාමය වෙනුවෙනුත් තමන්ගේ කාලය වැය කරන්න අවශ්‍ය වනවා. මහලු කාලයේදී ධර්මය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

    ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා වන තෙක් බඹසර රකින්න ඕන කියලා වත්ස්‍යාන අපිට කියනවා.



    ධර්මයේ ප්‍රතිඵල මෙලොවදීම අපිට දකින්න ලැබෙන්නේ නැති හින්දා සාමාන්‍යයෙන් සිරිතක් විදිහට ගුණධර්ම ආරක්ෂා කරගෙන එන එක කළ යුතු වෙනවා. ඒ වගේම ධර්මය ඉගෙන ගැනීමට ආගමික පූජකවරු ආශ්‍රය කළ යුතු වෙනවා.

    ඒ වගේම ජීවත් වීමට අවශ්‍ය ධනය ඉපයීමට අදාළ අර්ථ පිළිබඳ සිද්ධාන්ත වෙළඳුන් ඇසුරෙන් හෝ වෙනත් රැකියා කරන්නන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්.

    kamasutra-series-part-2-2.jpg




    පංචේන්ද්‍රයන් ආශ්‍රිතව විඳින ආස්වාදයන් කාමය විදිහට හැඳින්වෙනවා. කාමය ඉගෙනගන්න වත්ස්‍යාන කියන්නේ කාමසූත්‍රය භාවිතා කිරීම වගේ ම ඒ ගැන දැනුමක් තියන පුද්ගලයන් ආශ්‍රයෙන් වුණත් කරන්න පුළුවන් කියලා.

    ඒවගේම ධර්මය, අර්ථ සහ කාමය අතර තියෙන්නෙ සංකීර්ණ සම්බන්ධයක්. මේ ත්‍රිවර්ගයෙන් අවස්ථානුකූලව එක් එක් වර්ගය ප්‍රධානත්වය ගන්නවා.

    kamasutra-series-part-2-3.jpg






    මෙන්න මේ විදිහට කාම සූත්‍රයේ දෙවන කොටස නිම වෙනවා. හැබැයි මේ කොටසේ බොහොමයක් පුනරුක්ති තියනවා. ඒ නිසා මේ ලිපිය ලියද්දී පුනරුක්ති කොටස් ඉවත් කරලා සාරය පමණක් මීට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟ කොටසින් කාම සූත්‍රයේ විද්‍යාව සමුද්දේශ ප්‍රකරණය ගැන දැන කියාගමු.