කාම_මිථ්‍යාචාරය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාම_මිථ්‍යාචාරය

    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය
    ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.

    කාම මිථ්‍යාචාරයේ විපාක
    කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    A discourse by Markandeya in the Mahabharata identifies some of the attributes of Kali Yuga.

    In relation to rulers, it lists:

    Rulers will become unreasonable: they will levy taxes unfairly.

    Rulers will no longer see it as their duty to promote spirituality, or to protect their subjects: they will become a danger to the world.

    People will start migrating, seeking countries where wheat and barley form the staple food source.

    "At the end of Kali-yuga, when there exist no topics on the subject of God, even at the residences of so-called saints and respectable gentlemen of the three higher varnas (guna or temperament) and when nothing is known of the techniques of sacrifice, even by word, at that time the Lord will appear as the supreme chastiser." (Srimad-Bhagavatam (2.7)

    With regard to human relationships, Markandeya's discourse says:

    Avarice and wrath will be common. Humans will openly display animosity towards each other. Ignorance of dharma will occur.

    People will have thoughts of murder with no justification and will see nothing wrong in that.

    Lust will be viewed as socially acceptable and sexual intercourse will be seen as the central requirement of life.

    Sin will increase exponentially, while virtue will fade and cease to flourish.
    People will become addicted to intoxicating drinks and drugs.

    Gurus will no longer be respected and their students will attempt to injure them. Their teachings will be insulted, and followers of Kama will wrest control of the mind from all human beings.

    Women will no longer get married.
     
    • Like
    Reactions: ElaBaba

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති
    :yes: