''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

AnuradhaRa

Well-known member
  • එතකොට kings landing වල 99% කටම ඒක පවක විපාකයක් වෙද්දි සර්සිටයි තව කීප දෙනෙකුටයි විතරක් පිනක විපාකයක් උනා?:shocked:

    එතකොට ඒ event එක සර්සිගෙ පිනෙන් වෙච්ච event එකක්ද නැත්තං city එකේ උන්ගෙ පවට වෙච්ච event එකක්ද?
    :shocked:;)

    පවයි පිනයි කියන්ඩ එපා බං...

    කුසලයයි අකුසලයයි කියපං...

    කොල්ලට අර මාජරිව මැරුණම දුක හිතුණෙ, මාජරි ගැන ලෝභ මූලික අකුසල් සිතක් කොල්ල ගාව තිබුණ නිසා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරනය කියන්නෙ අමුතු සංසිද්දියක් නෙමේ. ඒකත් නිකම්ම නිකම් සැප දුක වගේ අපි හදාගත්තු දෙයක්. නලීන්ද සිල්වට අනුවනම් 'වාස්තවික යථාර්තයක්'.

    සත්‍ය වශයෙන් ගත්තොත් අපි ජීවත් වෙන්නෙත් නෑ. ඒ නිසා අපිව කාටවත් මරන්නත් බෑ. මැරුව කියල අපේ විඥ්ඥානය නැති වෙන්නෙ නෑනෙ.
    සර්සි කරපු එකම දේ high sparrow කියන නිර්මිත දෙය නැති කරල දාපු එක විතරයි. හරියට අපි ගහක් කපල දැම්ම වගේ.
    ඒත් ඒක සර්සි දන්නෙ නැති නිසා සර්සි තමන්ගෙ සිත අනවශ්‍ය ලෙස පල්ලෙහා තත්වයකට ඇදල දා ගත්ත. ඒක තමා මෝහය..:D

    උඹ වාස්තවික යථාර්තය කියන දේ වැරදි විදිහටයි තේරුම් අරං ඉන්නෙ. වාස්තවික යථාර්තය (objective reality) කියන්නෙ මගෙන් තොරව යමක් පවතිනව කියල ගැනීම. නලීන් ද සිල්ව කියන්නෙ සියල්ල නිර්මාණය කරන්නෙ මම, ඒ නිසා මගෙන් තොරව ගන්න දෙයක් නෑ, වාස්තවික යථාර්තයක් නෑ කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක චුට්ටක් බලපල්ල. මටත් මේක හරියට තේරුම් ගන්ඩ ඕන.. :D

    https://abhidharmaya.files.wordpress.com/2014/12/008-tute-chittha-veethi.jpg

    View attachment 70580

    මේං මේ වගේ චිත්ත චෛතසික යාකරපු image එකක් නැද්ද බං හොයාගන්න ? :D මං එකක් හදන්න හිටියෙ කවුරු හරි හදපු එකක් තියෙනවනං ලේසියිනෙ :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පවයි පිනයි කියන්ඩ එපා බං...

    කුසලයයි අකුසලයයි කියපං...

    කොල්ලට අර මාජරිව මැරුණම දුක හිතුණෙ, මාජරි ගැන ලෝභ මූලික අකුසල් සිතක් කොල්ල ගාව තිබුණ නිසා

    උඹ අභිධර්මය පොත් මොනාද බං කියෙව්වෙ ? :) මං තාම අභිධර්මයේ මූලික කරුණු වල චෛතසික සම්ප්‍රයෝග හරිය යන්නෙ :sorry:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සෝමනස්ස දෝමනස්ස සහගත චක්ඛු විඤ්ඤානය කියල සිතක් නෑනෙ :confused:

    මෙතන තියෙන ඔක්කොම විඤ්ඤානයවල් උපේක්ඛා සහගතයි.

    කාය විඤ්ඤානය විතරයි සෝමනස්ස දෝමනස්ස කියල දෙකක් තියෙන්නෙ

    අභිධර්මයට අනුවනම් ඔතනදි විඳීම විඳින්නෙ ජවන් සිත් වලින්.
    ඒ නිසා චිත්ත්වීථියෙ එන ජවන් සිත් 7 තමයි වැදගත් වෙන්නෙ. ආයෙ සන්තීරණය ත් විපාක සිතක්. ඒකත් ද්වාර 6 න් ම එන සිත් වල චිත්තවීථි වල යෙදෙනව. ඒ නිසා සෝමනස්ස හෝ දෝමනස්ස සහගත් වීම චක්ඛු විඥ්ඥානයට අවශ්‍ය නෑ.. ඊට පස්සෙ අරමුන විඳින චිත්ත්වීථියෙ ජවන් සිත් තමා වැදගත්..

    ඔව් කාය විඥ්ඥානයෙ එහෙම 2 ක් තියනව තමා. ඔය කෑල්ල තමා මටත් පොඩි පරහකට තියෙන්නෙ.

    ඕක හොඳ point එකක්, :yes:
    කාමයන්ගේ සත්‍ය වශයෙන් පවතින සැපක් ගැන කොහෙවත් කියනවද? බුදු හාමුදුරුවො කම්සැප වර්ණනා කරල නෑනෙ.
    ඒත් මෙතන සුඛ සහගත කාය විඥ්ඥානයකුත් තියනව. ඒත් ඒක absolute කියල අපිට ගන්න පුලුවන්ද?. ඇත්තටම සුවපහසුවක් තියනවද කාය විඥ්ඥානයෙ?
    ඔය සිත් ඔක්කොම බුදුහාමුදුරුවො අපිට දර්මය අවබෝද කරවීමට පහසු වෙන්න හදල දීපු reference Objects. ඒව සත්‍ය වශයෙන් පවහිනව කියල ගන්න හොඳ නෑ.
    බුදුහාමුදුරුවොම කියනවනෙ ඇස කියන්නෙ සතර මහා දාතු ටිකක් මිසක් ඇත්තටම 'ඇස' ක් නෑ කියල. ඉතින් චක්ඛු විඥ්ඥානයත් ඒ වගේ තමයි..
    :D
     
    AnuradhaRa

    Well-known member
  • මේං මේ වගේ චිත්ත චෛතසික යාකරපු image එකක් නැද්ද බං හොයාගන්න ? :D මං එකක් හදන්න හිටියෙ කවුරු හරි හදපු එකක් තියෙනවනං ලේසියිනෙ :D

    ඔය තියෙන්නෙ ලින්ක් එක. බලහං බලහං.. උඹට පටස් ගාල තේරුම් යයි.

    https://abhidharmaya.files.wordpress.com/2014/12/008-tute-chittha-veethi.jpg

    සිතයි චෛතසිකයි කියන්නෙ දෙකක්ලු
    මේ පෙන්නල තියෙන්නෙ සිත් විතරයි..
    සිතක් චිත්තක්ෂණ එකක කාලයක් පවතිනව
    චිත්ත වීතියකට සිත් 17ක් තියෙනව
    ඔය උදාහරෙණෙ තියෙන්නෙ මලක් දැක්කම ඇහෙන් මල දැකල හිතට ඒ ගැන අදහසක් යනකං තියෙන සිත් පරම්පරාව
    හොඳ පොතක් තියෙනව ඒකත් කියවපං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අභිධර්මයට අනුවනම් ඔතනදි විඳීම විඳින්නෙ ජවන් සිත් වලින්.
    ඒ නිසා චිත්ත්වීථියෙ එන ජවන් සිත් 7 තමයි වැදගත් වෙන්නෙ. ආයෙ සන්තීරණය ත් විපාක සිතක්. ඒකත් ද්වාර 6 න් ම එන සිත් වල චිත්තවීථි වල යෙදෙනව. ඒ නිසා සෝමනස්ස හෝ දෝමනස්ස සහගත් වීම චක්ඛු විඥ්ඥානයට අවශ්‍ය නෑ.. ඊට පස්සෙ අරමුන විඳින චිත්ත්වීථියෙ ජවන් සිත් තමා වැදගත්..

    ඔව් කාය විඥ්ඥානයෙ එහෙම 2 ක් තියනව තමා. ඔය කෑල්ල තමා මටත් පොඩි පරහකට තියෙන්නෙ.

    ඕක හොඳ point එකක්, :yes:
    කාමයන්ගේ සත්‍ය වශයෙන් පවතින සැපක් ගැන කොහෙවත් කියනවද? බුදු හාමුදුරුවො කම්සැප වර්ණනා කරල නෑනෙ.
    ඒත් මෙතන සුඛ සහගත කාය විඥ්ඥානයකුත් තියනව. ඒත් ඒක absolute කියල අපිට ගන්න පුලුවන්ද?. ඇත්තටම සුවපහසුවක් තියනවද කාය විඥ්ඥානයෙ?
    ඔය සිත් ඔක්කොම බුදුහාමුදුරුවො අපිට දර්මය අවබෝද කරවීමට පහසු වෙන්න හදල දීපු reference Objects. ඒව සත්‍ය වශයෙන් පවහිනව කියල ගන්න හොඳ නෑ.
    බුදුහාමුදුරුවොම කියනවනෙ ඇස කියන්නෙ සතර මහා දාතු ටිකක් මිසක් ඇත්තටම 'ඇස' ක් නෑ කියල. ඉතින් චක්ඛු විඥ්ඥානයත් ඒ වගේ තමයි..
    :D

    ඇයි බං ගෑනියෙක්ට හේත්තු වුණාම මාර කායික සැපක් (හමට දැනෙන සැපක්) නෙ තියෙන්නෙ :D
     
    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය තියෙන්නෙ ලින්ක් එක. බලහං බලහං.. උඹට පටස් ගාල තේරුම් යයි.

    සිතයි චෛතසිකයි කියන්නෙ දෙකක්ලු
    මේ පෙන්නල තියෙන්නෙ සිත් විතරයි..
    සිතක් චිත්තක්ෂණ එකක කාලයක් පවතිනව
    චිත්ත වීතියකට සිත් 17ක් තියෙනව
    ඔය උදාහරෙණෙ තියෙන්නෙ මලක් දැක්කම ඇහෙන් මල දැකල හිතට ඒ ගැන අදහසක් යනකං තියෙන සිත් පරම්පරාව
    හොඳ පොතක් තියෙනව ඒකත් කියවපං

    මට ඒකෙ අවුලක් තියෙනවනෙ :confused:
    ඒකෙ මල දැකල උපදින අවස්ථාවෙ ඉඳන් චිත්තක්ශන 2 ගතවූ අවස්ථාව වෙනකං තියෙන්නෙ,
    (අතීත භවාංගය → භවාංග චලනය → භවාංගයගුපච්ඡේදය) ටික සඟල වරහනක් දාල ඉරි තුනක් ගහල තියෙනවනෙ.
    ඒ ඉරි තුනම යන්නෙ (අකුශල විපාක සිත්, අහේතුක කුශල විපාක සිත්, සහේතුක කාමාවචර විපාක සිත්) වලටනෙ බං :confused:
    ඒ කියන්නෙ දෙයක් දකිනව කියන්නෙ හැමතිස්සෙම කුසලයක හෝ අකුසලයක විපාකයක් කියන එකද ? :confused:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උඹ වාස්තවික යථාර්තය කියන දේ වැරදි විදිහටයි තේරුම් අරං ඉන්නෙ. වාස්තවික යථාර්තය (objective reality) කියන්නෙ මගෙන් තොරව යමක් පවතිනව කියල ගැනීම. නලීන් ද සිල්ව කියන්නෙ සියල්ල නිර්මාණය කරන්නෙ මම, ඒ නිසා මගෙන් තොරව ගන්න දෙයක් නෑ, වාස්තවික යථාර්තයක් නෑ කියල.

    ආ එහෙමද?:sorry::baffled: කොහම හරි නලින් ද සිල්ව කියන්නෙ වාස්තවික යථාර්ථයක් නෑ කියල නේද?

    මම කියන්නෙ සත්‍ය වශයෙන් පවතින එකම දේ නිර්වානය විතරයි කියල. මම යමක් නිර්මාණය කරන්නෙත් නෑ, මගෙන් පිට යමක් ඇත්තෙත් නෑ. මම එහෙම හිතන තාක් කල් මගෙ මෝහය තියනව. ඒ නිසා කර්ම රැස් වෙනව.
    ඇත්තටම ගත්තොත් මම කියල කෙනෙකුත් නෑ.
    මේකනම් මට හරියට තේරෙන්නෙ නෑ. අන්දය ගල් ගැහුව වගේ තමා ඔය ටික කිව්වෙ. අවබෝධයෙන් නෙමේ..:D
     
    AnuradhaRa

    Well-known member
  • අභිධර්මයට අනුවනම් ඔතනදි විඳීම විඳින්නෙ ජවන් සිත් වලින්.
    ඒ නිසා චිත්ත්වීථියෙ එන ජවන් සිත් 7 තමයි වැදගත් වෙන්නෙ. ආයෙ සන්තීරණය ත් විපාක සිතක්. ඒකත් ද්වාර 6 න් ම එන සිත් වල චිත්තවීථි වල යෙදෙනව. ඒ නිසා සෝමනස්ස හෝ දෝමනස්ස සහගත් වීම චක්ඛු විඥ්ඥානයට අවශ්‍ය නෑ.. ඊට පස්සෙ අරමුන විඳින චිත්ත්වීථියෙ ජවන් සිත් තමා වැදගත්..

    :D

    තැන්කියු මචං මොළේට දෙයක් ගියා :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ එහෙමද?:sorry::baffled: කොහම හරි නලින් ද සිල්ව කියන්නෙ වාස්තවික යථාර්ථයක් නෑ කියල නේද?

    මම කියන්නෙ සත්‍ය වශයෙන් පවතින එකම දේ නිර්වානය විතරයි කියල. මම යමක් නිර්මාණය කරන්නෙත් නෑ, මගෙන් පිට යමක් ඇත්තෙත් නෑ. මම එහෙම හිතන තාක් කල් මගෙ මෝහය තියනව. ඒ නිසා කර්ම රැස් වෙනව.
    ඇත්තටම ගත්තොත් මම කියල කෙනෙකුත් නෑ.
    මේකනම් මට හරියට තේරෙන්නෙ නෑ. අන්දය ගල් ගැහුව වගේ තමා ඔය ටික කිව්වෙ. අවබෝධයෙන් නෙමේ..:D

    ඔව් වාස්තවික යථාර්තයක් නෑ කියල කියන්නෙ :yes:

    නලීන් ද සිල්වත් මුලින් ඔය සත්‍ය වශයෙන්ම පවතින දේ නිර්වානය කියන අදහස දැරුව වගේ මට මතක විදිහට. පස්සෙ වෙනස් වුනා :yes: දැන් කියන්නෙ නිවන කියන්නෙත් අපි නිර්මාණය කරගත්තු සංකල්පයක් විතරයි කියල. නිවන කියන්නෙ සත්‍යාවබෝධය. එතනිං එහා වාස්තවිකව ගන්න පුලුවන් නිවන කියල දෙයක් නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • මට ඒකෙ අවුලක් තියෙනවනෙ :confused:
    ඒකෙ මල දැකල උපදින අවස්ථාවෙ ඉඳන් චිත්තක්ශන 2 ගතවූ අවස්ථාව වෙනකං තියෙන්නෙ,
    (අතීත භවාංගය → භවාංග චලනය → භවාංගයගුපච්ඡේදය) ටික සඟල වරහනක් දාල ඉරි තුනක් ගහල තියෙනවනෙ.
    ඒ ඉරි තුනම යන්නෙ (අකුශල විපාක සිත්, අහේතුක කුශල විපාක සිත්, සහේතුක කාමාවචර විපාක සිත්) වලටනෙ බං :confused:
    ඒ කියන්නෙ දෙයක් දකිනව කියන්නෙ හැමතිස්සෙම කුසලයක හෝ අකුසලයක විපාකයක් කියන එකද ? :confused:

    නෑ නෑ එක උදාහරණයකට එක අවස්ථාවයි...
    ඔතන අරන් තියෙන්නෙ මලක් දැකීම. වම් පැත්තෙ තියෙන ගොඩවල් වලින් එක ගාණෙ තමා එන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ නෑ එක උදාහරණයකට එක අවස්ථාවයි...
    ඔතන අරන් තියෙන්නෙ මලක් දැකීම. වම් පැත්තෙ තියෙන ගොඩවල් වලින් එක ගාණෙ තමා එන්නෙ

    නෑ බං මම කියන්නෙ මේන් මේක.

    abidhamma.png

    ඔක්කොම යන්නෙ කුසල හෝ අකුසල විපාක සිත් වලට :confused:

    ඒ කියන්නෙ දකින්න මුල් වෙන භවාංග චලනය සිද්ධ වෙන්නෙ අනිවාර්යයෙන්ම පෙර කරපු කුසල් අකුසල් අනුව කියලද ?:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • අභිධර්මයට අනුවනම් ඔතනදි විඳීම විඳින්නෙ ජවන් සිත් වලින්.
    ඒ නිසා චිත්ත්වීථියෙ එන ජවන් සිත් 7 තමයි වැදගත් වෙන්නෙ. ආයෙ සන්තීරණය ත් විපාක සිතක්. ඒකත් ද්වාර 6 න් ම එන සිත් වල චිත්තවීථි වල යෙදෙනව. ඒ නිසා සෝමනස්ස හෝ දෝමනස්ස සහගත් වීම චක්ඛු විඥ්ඥානයට අවශ්‍ය නෑ.. ඊට පස්සෙ අරමුන විඳින චිත්ත්වීථියෙ ජවන් සිත් තමා වැදගත්..

    ඔව් කාය විඥ්ඥානයෙ එහෙම 2 ක් තියනව තමා. ඔය කෑල්ල තමා මටත් පොඩි පරහකට තියෙන්නෙ.

    ඕක හොඳ point එකක්, :yes:
    කාමයන්ගේ සත්‍ය වශයෙන් පවතින සැපක් ගැන කොහෙවත් කියනවද? බුදු හාමුදුරුවො කම්සැප වර්ණනා කරල නෑනෙ.
    ඒත් මෙතන සුඛ සහගත කාය විඥ්ඥානයකුත් තියනව. ඒත් ඒක absolute කියල අපිට ගන්න පුලුවන්ද?. ඇත්තටම සුවපහසුවක් තියනවද කාය විඥ්ඥානයෙ?
    ඔය සිත් ඔක්කොම බුදුහාමුදුරුවො අපිට දර්මය අවබෝද කරවීමට පහසු වෙන්න හදල දීපු reference Objects. ඒව සත්‍ය වශයෙන් පවහිනව කියල ගන්න හොඳ නෑ.
    බුදුහාමුදුරුවොම කියනවනෙ ඇස කියන්නෙ සතර මහා දාතු ටිකක් මිසක් ඇත්තටම 'ඇස' ක් නෑ කියල. ඉතින් චක්ඛු විඥ්ඥානයත් ඒ වගේ තමයි..
    :D

    සිත් (චිත්ත), චෛතසික කියන්නෙ දෙකක්
    සිතක අනු කොටස් චෛතසික කියල ගන්ඩ. මටත් මුලදි මේවයි චිත්ත වීථියි හෙනට පැටලුන

    චිත්ත වීථියකට එක පෙලට සිත් 18ක් ඇතිවෙනව.
    එක සිතකට මෙහෙම තව කොටස් 7කුත් තියෙනව. සමහරක් සිත් වලට 7ට වැඩියෙන්. ඒවට තමා චෛතසික කියන්නෙ. සිත් නෙමේ
    1.පස්ස
    2.වේදනා
    3.සංඥා
    4.චේතනා
    5.ඒකාග්‍රතා
    6.ජීවිතින්ද්‍රිය
    7.මනසිකාර

    චක්කු විඤ්ඤානයටය කියන සිතටත් මේ චෛතසික 7ම තියෙනව.
    ච්චකු විඥානය උපේක්ඛා කිව්වට වේදනා කියන චෛතසිකය තියෙනවනෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • නෑ බං මම කියන්නෙ මේන් මේක.
    ‍ෙඔක්කොම යන්නෙ කුසල හෝ අකුසල විපාක සිත් වලට :confused:

    ඒ කියන්නෙ දකින්න මුල් වෙන භවාංග චලනය සිද්ධ වෙන්නෙ අනිවාර්යයෙන්ම පෙර කරපු කුසල් අකුසල් අනුව කියලද ?:sorry:

    ඒක චුට්ටක් බලන්ඩ ඕන බං. මටත් එකපාරට හිතා ගන්ඩ බෑ
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මට ඒකෙ අවුලක් තියෙනවනෙ :confused:
    ඒකෙ මල දැකල උපදින අවස්ථාවෙ ඉඳන් චිත්තක්ශන 2 ගතවූ අවස්ථාව වෙනකං තියෙන්නෙ,
    (අතීත භවාංගය → භවාංග චලනය → භවාංගයගුපච්ඡේදය) ටික සඟල වරහනක් දාල ඉරි තුනක් ගහල තියෙනවනෙ.
    ඒ ඉරි තුනම යන්නෙ (අකුශල විපාක සිත්, අහේතුක කුශල විපාක සිත්, සහේතුක කාමාවචර විපාක සිත්) වලටනෙ බං :confused:
    ඒ කියන්නෙ දෙයක් දකිනව කියන්නෙ හැමතිස්සෙම කුසලයක හෝ අකුසලයක විපාකයක් කියන එකද ? :confused:

    ඕකත් ටිකක් අවුල් තැනක්..:rolleyes:
    ඒත් මට මතක හැටියට අපි අරමුනක් ගන්නෙ නැති වෙලාවට එන්නෙ භවාංග සිත් පෙලක්. ඔය භවාංග සිත කියන්නෙ විපාක සිතක්.. ඒ නිසා අපි අරමුනු නොගන්න වෙලාවටත් අපිට තියෙන සිත විපාක සිතක්.

    ඉතින් අරමුණු ගන්නකොට විපාක සිතක් නොවෙනව කියන්නෙ කොහොමද? හරියටමනම් දන්නෙ නෑ.

    හැබැයි කර්මය කියන්නෙත් සංකල්පයක් පමණක් නිසා, නිවන් දකිනකම්ම භාහිර අරමුනු වලින් අපිට අනිවාර්යයෙන්ම විපාක සිත් ලබාදෙනව කියන්න පුලුවන්.

    don'k know exactly..:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක චුට්ටක් බලන්ඩ ඕන බං. මටත් එකපාරට හිතා ගන්ඩ බෑ

    මටත් පේන විදිහට ඒ වගේ බං. කුසල අකුසල ඇරුනාම වෙන විපාක සිත් නෑනෙ :sorry: ඒ කියන්නෙ අපි හැම දෙයක්ම දකින්න අහන්න විඳින්න කුසලයක් හරි අකුසලයක් හරි පාවිච්චි කරනව :sorry: