අවුල තියෙන්නේ EFI එකේ. EFI ගැන හොඳ දැනුමක් තියන කෙනෙකුට පෙන්නන්න. කොතන හරි සෙන්සර් එකක අවුලක් තියෙන්නේ. බලන්නේ නැතුව කොයි එකද කියල හරියටම කියන්න බැහැ .
වෙලා තියෙන්නේ මේකයි. පරණ වාහනවල කාබියුරේටර් තියෙද්දී එකේ එනවා එක කොටසක් ඔටෝ චෝක් කියල. එකෙන් වෙන්නේ එන්ජෝම සීතල අවස්ථාවේ එන්ජිමට දෙන ඉන්දන පරිමාව වැඩිකරලා දෙන එකයි. මේක සිද්දවෙන්නේ idle අවස්ථාවේදී. ඒ සිද්දිය හින්ද තමයි උදේට වාහනේ start කරාම ටික වෙලාවක් යනකම් රේස් වෙලා තියෙන්නේ.
ලෝකෙට EFI හඳුන්වල දෙනකොට මේ චෝක් එක වෙනුවට යොදපු විසඳුම තමයි සෙන්සර් වලින් එන්ජිමේ උෂ්ණත්වය මැනල එන්ජිම සීතලනම් පරිගණකයෙන් එන්ජිමට දෙන ඉන්දන ප්‍රමාණය වැඩි කරන එක. මේ දේ සිද්දවෙන්නේ idle අවස්ථාවේ විතරයි .
ඔයාගේ වාහනේ තියන ප්රශ්නය නම් කොම්පියුටරයට දත්ත ලැබෙන්නේ නැහැ එන්ජිම සීතල අවස්ථාවේ තියෙන්නේ කියල. ඒ හින්ද එයා එන්ජිමට දෙන්නේ සාමාන්‍ය ඉන්දන ප්‍රමාණයක් විතරයි. ඒ ඉන්දන පරිමාව මදි හින්ද තමයි එන්ජිම ගැහෙන්නේ. එත් එන්ජිම රත්වෙද්දි එයාට idle එක තියාගන්න ඒ ඉන්දන පරිමාව ඇති. එකයි ටික වෙලාවක් යදී ලෙඩේ සනීප වෙන්නේ.
පරීක්ෂා කරලා බලන්න ඕනෙනම් උදේ start කරන්න කලින් ඕනෙනම් Air cleaner එකට petrol අරක්කු බෝතල් මුඩියකින් එකක් වක්කරල start කරන්න. පුරුද්දක් විදිහට දවසගානේනම් මේක කරන්න එපා. පරික්ෂාවට විතරක් කරලා බලන්න. එන්ජිම ගැහෙන එකක් නැහැ air cleaner එකේ තියන petrol ටිකේ වාෂ්ප ඉවර වෙනකම්.
හොඳ EFI දන්නා කෙනෙකුට පෙන්නන්න. නොදන්නා කෙනෙක් අත තිබ්බොත් කැලි දාල ඉවරයක් නැතිවෙයි.
දැනට මගේ කාර් එකේ Thermostat Valve එක වැඩ කරන්නේ නෑ. Radiator Fan ඒක Direct දීලා තියෙන්නේ, මේක හේතුවක් වෙන්න පුලුවන්ද? මම දන්නේ නෑ Thermostat Valve එක තියෙන්නේ හරියටම කොතැනද කියලා,


