කාර් වල සැප පහසුව ගැන කතාවක්

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කාර් වල සැප පහසුව ගැන කතාවක්

    මචන්..අපිට ලන්කාවේ ගන්න තියන කාර් වලින් සැප පහසු වැඩි ඒවා මොනවද..ඒ කියන්නේ benz..bmw..නෙමෙයි..ගොඩක් අයට ගන්න පුලුවන් රේන්ජ් එකේ තියන ඒවා..

    මගේ අත්දැකීම් ..(මට දැනෙන විදිය)

    මම කාලයක් අපේ මාමා කෙනෙකුගේ toyota premio 2011 එකක් පැද්දා..කියන තරම් මහ ලොකු සැප පහසුවක් නම් ඒකේ නැ ..ගමනම් ගිහින් ආවම ඇගට අමාරුයි ටිකක්..

    සතියක් විතර allion 240 (2002) එකක් පැද්දා අම්මෝ..ඒකනම් පට්ට..හොද සැප පහසුවක් තියනවා.ප්‍රෙමියෝ 2011 එකට වඩා හිත ගියා

    දවසක් prius 2015 එකක ගමනක් ගියා..ඒකත් සුපිරි සැප පහසුයි..ඩ්‍රයිව් කරන්න මාරම පහසුයි..

    හැමදාම පදින්නේ නිසාන් fb15 ..සැප පහසුවක්නම් නැ...ඔහෙ නිකම් පදිනවා..

    ඔය මගේ අත්දැකීම් ...

    ඔයාලත් පදින..පැදලා තියන හොදම සැප පහසුව තියන කාර් කියමු බලන්න..මගේ නම් අදහස ඔය රැල්ලට ගියාට ප්‍රෙමියො එහෙම මහලොකු සැප පහසුවක් නැ කියලා...
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    Mata num machan prius eke sapak na..prius,aqua,grace,fit car hatharama eka wage..not comfortable