කාරුණික දැන ගැනීම පිණිසයි ...
පෙරදිනෙක පස මිතුරු වූ නිළ මැස්සන්ගේ
කාරුණික දැන ගැනීම පිණිසයි ...
මිතුරු නිළ මැස්සනේ , දැන් ඉතින් සැනසියන්
අසුචි කුණු ගඳට ඔරවාපු , මල් සුවඳ විඳ තුටුවුන
අපේ හිත් දැන් සෙල්කුළුය...
රැස් නඟා දහසකුත් දනන් සිත් එළිය කර , සුවඳ දුන්
පියල්ලක් තරම් බර සමන් මල් අතලොස්ස
වියපත්ව පෙති හැලී පරව ගොස්...
සෙනෙහසින් සුවඳ දී පීදෙන්න බලා හුන්
මල් කැකුළු නොපිපීම පරව ගොස්
වැටී සැඟව ඇත - රළු පස් අතර...
නියං සායට සිඳී ගොස් ඇල දොළඳ
නිස්සාර මහ පොළව දෙපළු වී නැඟී එන
මල් නොපිපෙන තුරු ලතා ,
දැන් ඉතින් කවරෙකුට සුපිෂ්පිත කළ හැකිද ...
මල් සුවඳ මද බවම දැන දැනම ලෝකයේ
සිහි නුවණ මදි එවුන් ලෙසිනි - අප සෙල්ලම් කලේ
මෙය තොපේ රජදහන බව දැන් පසක් කරගතිමු ..
අපි අපේ මෝඩකම් පිළිගතිමු...
මිය ඇදුණු ළපැති කා වැඩුණු නිළ මැස්සනේ ,
දයා තෙත් බෝ පිරුණු හිත තලන
පොලු මුගුරු රැගෙන ආපසු යන්න
දැන් , අපි අපේ හිත් ගල් කළා...
තටු සලා ප්රීතියෙන් ඉගිලෙන්න
මල් සුවඳ දැන් ඉතින් අහවරයි
අසුචි කුණු ගඳම විඳ ගන්න
එසේ නම් , දැන් නුඹට අවසරයි ...
කාරුණික දැන ගැනීම පිණිසයි ...
මිතුරු නිළ මැස්සනේ , දැන් ඉතින් සැනසියන්
අසුචි කුණු ගඳට ඔරවාපු , මල් සුවඳ විඳ තුටුවුන
අපේ හිත් දැන් සෙල්කුළුය...
රැස් නඟා දහසකුත් දනන් සිත් එළිය කර , සුවඳ දුන්
පියල්ලක් තරම් බර සමන් මල් අතලොස්ස
වියපත්ව පෙති හැලී පරව ගොස්...
සෙනෙහසින් සුවඳ දී පීදෙන්න බලා හුන්
මල් කැකුළු නොපිපීම පරව ගොස්
වැටී සැඟව ඇත - රළු පස් අතර...
නියං සායට සිඳී ගොස් ඇල දොළඳ
නිස්සාර මහ පොළව දෙපළු වී නැඟී එන
මල් නොපිපෙන තුරු ලතා ,
දැන් ඉතින් කවරෙකුට සුපිෂ්පිත කළ හැකිද ...
මල් සුවඳ මද බවම දැන දැනම ලෝකයේ
සිහි නුවණ මදි එවුන් ලෙසිනි - අප සෙල්ලම් කලේ
මෙය තොපේ රජදහන බව දැන් පසක් කරගතිමු ..
අපි අපේ මෝඩකම් පිළිගතිමු...
මිය ඇදුණු ළපැති කා වැඩුණු නිළ මැස්සනේ ,
දයා තෙත් බෝ පිරුණු හිත තලන
පොලු මුගුරු රැගෙන ආපසු යන්න
දැන් , අපි අපේ හිත් ගල් කළා...
තටු සලා ප්රීතියෙන් ඉගිලෙන්න
මල් සුවඳ දැන් ඉතින් අහවරයි
අසුචි කුණු ගඳම විඳ ගන්න
එසේ නම් , දැන් නුඹට අවසරයි ...
Last edited:


