කාරුණික දැන ගැනීම පිණිසයි ...

sagari

Member
Jan 4, 2008
1,338
2
0
කාරුණික දැන ගැනීම පිණිසයි ...

පෙරදිනෙක පස මිතුරු වූ නිළ මැස්සන්ගේ
කාරුණික දැන ගැනීම පිණිසයි ...

මිතුරු නිළ මැස්සනේ , දැන් ඉතින් සැනසියන්
අසුචි කුණු ගඳට ඔරවාපු , මල් සුවඳ විඳ තුටුවුන
අපේ හිත් දැන් සෙල්කුළුය...

රැස් නඟා දහසකුත් දනන් සිත් එළිය කර , සුවඳ දුන්
පියල්ලක් තරම් බර සමන් මල් අතලොස්ස
වියපත්ව පෙති හැලී පරව ගොස්...

සෙනෙහසින් සුවඳ දී පීදෙන්න බලා හුන්
මල් කැකුළු නොපිපීම පරව ගොස්
වැටී සැඟව ඇත - රළු පස් අතර...

නියං සායට සිඳී ගොස් ඇල දොළඳ
නිස්සාර මහ පොළව දෙපළු වී නැඟී එන
මල් නොපිපෙන තුරු ලතා ,
දැන් ඉතින් කවරෙකුට සුපිෂ්පිත කළ හැකිද ...

මල් සුවඳ මද බවම දැන දැනම ලෝකයේ
සිහි නුවණ මදි එවුන් ලෙසිනි - අප සෙල්ලම් කලේ
මෙය තොපේ රජදහන බව දැන් පසක් කරගතිමු ..
අපි අපේ මෝඩකම් පිළිගතිමු...

මිය ඇදුණු ළපැති කා වැඩුණු නිළ මැස්සනේ ,
දයා තෙත් බෝ පිරුණු හිත තලන
පොලු මුගුරු රැගෙන ආපසු යන්න
දැන් , අපි අපේ හිත් ගල් කළා...

තටු සලා ප්රීතියෙන් ඉගිලෙන්න
මල් සුවඳ දැන් ඉතින් අහවරයි
අසුචි කුණු ගඳම විඳ ගන්න
එසේ නම් , දැන් නුඹට අවසරයි ...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජයේ එක්තරා සෝකාන්තයක් බඳු වු පැතිකඩක් ගැන කතා කරන්න මෙසේ නොබියව ඉදිරිපත්වීම ගැන මුලින්ම ඔබට මගේ සහෝදර ආචාරය...

දෙන දේ කාලා වෙන දේ අත් බැඳගෙන බලා ඉන්නා සමාජයක ඔබට යා හැකි හා කල හැකි දෑ බොහෝයි...

ඔබට ජය!!
 
Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo

ඊයේ ඉඳලා කිසිම කෙනෙක් කිසිම දෙයක් කීවෙ නැති නිසා මම හිතුවා මේක සාර්ථක මදි & තේරුම් ගන්න අමාරු ඇති කියලා .. ගොඩක් ස්තුතියි අය්යා ...:)

ඒත් , මෙහෙම වුනාම අපිත් එක තැන හිර වෙලා , අතරමං වෙන එක තමා වෙන්නේ ...:(
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඊයේ ඉඳලා කිසිම කෙනෙක් කිසිම දෙයක් කීවෙ නැති නිසා මම හිතුවා මේක සාර්ථක මදි & තේරුම් ගන්න අමාරු ඇති කියලා .. ගොඩක් ස්තුතියි අය්යා ...:)

ඒත් , මෙහෙම වුනාම අපිත් එක තැන හිර වෙලා , අතරමං වෙන එක තමා වෙන්නේ ...:(

අපි කල යුත්තේ තේරුම් ගන්න අමාරු දෙයම තව තව ජනතාව තේරුම් ගන්නකම්ම තේරුම් කර දීමයි.... නංගිගේ ප්‍රයත්නය සාර්තකයි.....
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
අපි කල යුත්තේ තේරුම් ගන්න අමාරු දෙයම තව තව ජනතාව තේරුම් ගන්නකම්ම තේරුම් කර දීමයි.... නංගිගේ ප්‍රයත්නය සාර්තකයි.....

මේ වගේ දිරි ගැන්වීම් ගොඩක් වටිනවා අයියා .. ගොඩක් ස්තුතියි...:)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
mama ahala thiyenawa minissunata karanna bari hugak dewal panen liyana wachana walin karanna puluwan kiyala.

a me wage wachana walata wenna athi
Niyamai akkiyo
mama oyage dakapu hodama nirmanayak :yes:
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සමාජ කටෝර සත්‍යයක් සමාජයට නැවත ඉදිරිපත් කිරීමට ගත් උත්සහය ඉතාම වටිනවා.
    සාර්ථක නිර්මාණයක්... තවත් මෙවන් නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ජය !!!!!